කාලගුණය හා පාර විද්‍යාවන්

අතීතයේ බටහිර විද්‍යාව භාවිතා නොවූ යුගයන් හී කාලගුණ චන්ද්‍රිකාවන් භාවිතා නොකළ යුගයන් හී කාලගුණය ගැන අනාවැකි පල කිරීම පාර විද්‍යාවන් ඇසුරෙන් හා සතුන්ගේ චර්යා අධ්‍යානය ආදියෙන් දැන ගත් බව ඔබ කවුරුත් වාගේ පිළි ගනු අතැයි මා සිතමි.
පංච තත්වය‍න් (five elements)

ජ්‍යෝතිෂයට අනුව ගත් කල විශ්වයේ සෑදී ඇත්තේ අග්නි(fire/heat) පෘථිවි(earth,planet,rock or hardness) වායූ(air) ජල(water or liquid) හා අවකාෂ (space-සමහර බටහිර ග්‍රන්තවල sky ලෙසද සඳහන්වේ) යන පංච තත්වය‍නගෙනි. ජ්‍යෝතිෂයට නොවන වෙනත් පාරාවිද්‍යාවන් හා පෙරදිග දර්ශණයන් බොහෝමයක මේ බව මේ ආකරයෙන්ම පිළි‍ ගැනෙන කරුණක්. සමහර ග්‍රන්ත වල මෙය චතුර්(4) තත්වයන් ලෙස සඳහන්වී ඇතතේ අවකාෂය හැර අනිකුත් තත්වයන්(අග්නි, පෘථිවි, වායූ, ජල) ගැනය. අවකාෂය මගින් අනිකුත් තත්වයන්(භූතයන්) අතර අන්තර් සම්භන්ද තාවයක්(එකිනෙක සම්භන්ද කිරීමක්) සිදුකරයි. යම් භෟතික තත්වයක දීර්ඝ කාලීන පැවැත්මට අවකාෂය මගින් ඇති කරන මේ සම්භන්දය අත්‍යාවශ්‍ය වන අතර, මෙම භූතයන් ගේ වෙනස් වීම මත ඒක් ‍ස්ව‍රූපයක සිට තවත් ස්‍වරූපයකට මාරුවීම සිදුවෙයි. විශ්වයේ දීර්ඝ කාලීන පැවැත්මට මෙම පංච භූතයන්ගේ සමබර තාවය අත්‍යාවෂ්‍ය කරුණක් වන අතර එසේ නොවන සෑම අවස්තාවකදීම නැවතත් සමබර වීමට මෙම භූතයන් දරන උත්සාහය නිසා විවිද වෙනස් කම් හටගනී. නිර්වාණය හැර සෑම කරුණක්ම උත්පාද(ඇතිවීම) තිති(පැවතීම) භංග(නැතිවීම) යන කරුණු තුනට යටත් ය. අප සැම වෙසෙන පෘතුවියට ද මෙම තත්වය පොදු‍ කරුණක්.
රාශි චක්‍රය හා භූතයෝ
ඉහත සටහනේ දක්වා ඇත්තේ විවිද රාශීන් තුල අග්නි, පෘථිවි, වායූ, ජල යන තත්වයන් පිහිටා ඇති ආකාරයයි. අවකාෂය සඳහා වෙනම රාශික් දක්වා නැත්තේ සෑම රාශියකම අවකාෂ තත්වය නිවේදන කරන අතර සියළුම තත්වයන් අතර සමබර තාව රැකීම අවකාෂ තත්වයේ වගකීමයි.
සන්තෘප්ත වීම, සමබර(බල)තාවය සහ යින් යැන් (Saturation and Balance)
සෑම විටම අග්නි රාශියකට ප්‍රතිවිරුද්දව වායු රාශියක්ද ජල රාශිකට ප්‍රතිවිරුද්දව පෘථිවි රාශික්ද ඇත. අග්නි තත්වය සන්තෘප්ත කිරීමට වායු තත්වයද වායු තත්වය සන්තෘප්ත කිරීමට අගිනි තත්වයද පෘථිවි තත්වයට සන්තෘප්ත ජල තත්වයද ජල තත්වය සන්තෘප්ත කිරීමට පෘථිවි තත්වයද සෑම විටම සැදී පැහැදී සිටී. මේ අකාරයට යමක් එයට විරුද්ධ දෙයක් සමග ඇතිකර ගන්නා සම්බන්දතාවට යින් යැන් යැයි චීන පාර විද්‍යාවන් හී සඳහන් වේ.
ස්වාභාවික විපත් හා භූතයෝ
යම් ආකාරයකින් කිසියම් තත්වයක් අසම්පෘප්ත භාව‍ට හෝ පීඩාවකට පත්වූ විට එයට ප්‍රතිවිරුද්ද තත්වයට ද පීඩාවේ. සාමාන්යෙන් ස්වාභාවික විපත් එක පිට එක ඒමට මෙම ස්වභාවය හේතුවෙන භව සිතිය හැක. ආසන්නතම උදාහරණ වන මියන්මාරයේ සුළි සුළඟක් ඇතිවීම හා ඒ ආසන්න කාලයේ ඉන්දියාවටද සුළි සුළඟක් ඇතිවීම හා ඕස්ට්‍රේලියාව ප්‍රදේශයක් මීදුමෙන් වැසී යාම ආදීය වායු තත්වයේ අසම්පෘප්ත තවය නිසා සිදුවූ අතර ඒ ආසන්න කාලයේම චීනයේ භූමි කම්පාවක් සිදුවිය. මෙය අසම්පෘප්ත වායු තත්වය සන්තෘප්ත කරනු වස් අග්නි තත්වය දක්වන ප්‍රතිචාරය වන අතර සෑම විටම වායු තත්වය පීඩා වීම සමග අග්නි තත්වටද තම සමබර(සහ සමබල) තාවය රැකැ ගැනීමට අපහසු වේ.
පෘථිවියේ අභ්‍යන්තරය අග්නි හා ජල තත්ව ප්‍රබල වේ(ලාවා). ඒ නීසා යම් කිසි අයුරකින් පෘථිවියේ ජල තත්වය පීඩා වීනම් අභ්‍යන්තර ජල තත්වයද පීඩා විය හැකි අතර එය ගිනි කඳු පිපිරීමක් හෝ භූමිකම්පාවක් ලෙස පිටවිය හැක. ඒ අනුව සුනාමි වැනි සොභාවික විපත් ඇතිවීමට මේසේ පෘථිව අභ්‍යන්තර හා භාහිර ජල තත්වයන් පීඩා වීම අත්‍යාවශ්‍යය. සාමාන්යෙන් ගංවතුර හා මහ වර්ෂා ඇදහැලීමට පෘථිවිතත්වය සහ වායු තත්වය පිඩාවිය යුතුය.
ප.ලි.
මීට පෙර ලියූ මියන්මාරයේ (බුරුම‍යේ) සුළිසුළඟ යන ලිපියේ සඳහන්වූ පරිදිම 1/5/2008 - 21/6/2008 කාලය තුල ‍පෘථිවියේ කොතැනකින් හෝ මහාපරිමාණයේ - සුළි සුළං, ටෝනඩෝ, අකල් වැසි, භූමි කම්පාවන් හා ගිනිකඳු පිපිරීම් වාර්තා වියහැකියි. තව දුරටත් පැදිලි කරන්නේ නම් මේ ලිපියේ සඳහන් කල ඇති පරිදි දැනට පීඩා වි ඇති වායු තත්වය හා එය සන්තෘප්ත කිරීමට වෙරදන අග්නි තත්වය නිසා ඇතිවිය හැකි ආකාරයේ ‍සොභාවික විපත් ඇතිවිය හැකි බවයි.

Comments

Wiz Kun said…
රූප සටහනකින් දැක්වූ විට හොඳින් තේරෙනවා. සෑම දෙයක්ම පවතින්නේ එයට ප්‍රදිවිරුද්ධ ලක්ශනය පවතින නිසාය. මක් නිසාද යත් අප දෙයක් අවබෝධ (ග්‍රහනය) කර ගන්නේ වෙනසක් ඇති විටය.

අපට සීතල යන්න අවබෝධ වන්නේ උණුසුම යන්න අවබෝධ වන නිසාද නැතිනම් උණුසුම යන්න අවබෝධ වන්නේ සීතල යන්න අවබෝධ වන නිසාද නොව ඒ දෙකෙහි ප්‍රතිවිරුද්ධතාවය නිසාය.

Liber Lux පොතේ ඇති පරිදි:
ද්වී තාවය මනුශ්‍ය ස්වභාවය පැහැදිලි කරන ලාක්ශණිකයකි. සතුට පවතින්නේ දුක නිසාය, වේදනාව - සුවය නිසාය, හොඳ - නරක නිසාය, යැංග් - යින් නිසාය. කළු - සුදු නිසාය, උපත - මරණය නිසාය, පැවැත්ම - නොපැවැත්ම නිසාය, සියලු සංසිද්ධීන් යුගල ලෙස පවතී, මක් නිසාද යත් අපගේ සංවේදනයන් හුරු වී ඇත්තේ හඳුනාගැනීමටය. අප සිතන මනසට එයට හසු වන සියල්ල දෙකොටසකට බෙදා විශ්ලේශනය කිරීමේ හැකියාව ඇත, ඒ කෙසේද යත් මනස පවා ද්වීතාවයෙන් යුතුය.

ශාස්ත්‍රීය විකා (Wicca) සහ Witchcraft වලදී අග්නි ධාතුවට ප්‍රතිවිරුද්ධය ලෙස ගැනෙන්නේ ජල ධාතුවයි. නමුත් Enochian magic, Heigher Magick වැනි විශයයන් වලදීනම් අග්නි ධාතුවට ප්‍රතිවිරුද්ධය ලෙස ගැනෙන්නේ වායෝ ධාතුවයි.

පස් වෙනි ධාතුව Aither ලෙසද හැඳින්වේ. තවද තවත් සමහර පොත් වල පස් වෙනි ධාතුව ජීවය ලෙසත් Aither සය වන ධාතුව ලෙස මේ සියල්ල එකට බැඳ තබන බවත් ලියැවී තිබෙනවා.

ජීවය -> වායුව -> ගින්දර -> පොලොව -> ජලය යන දක්ශිනාවර්ත චක්‍රය නිර්මානය වීම ලෙසත්. එහි අනෙක් පැත්ත, එනම් ජලය - පොලොව - ගින්දර - වායුව - ජීවය යන වාමාවර්ත චක්‍රය බිඳ වැටීම ලෙසත් සමහර පොත් වල සඳහන්.
Anonymous said…
ඔබේ අඩවියට ආ පලමු අවස්ථාව මෙය වන අතර එහිදි මා දැන ගත් දැ බොහොයි. මං දැනං හිටියේ නැති කාරණා කීපයක් ගැනම මං දැන ගත්තා. තවදුරටත් ලිපි ලිවිමට හැකි වේවා. :)

Popular Posts