Skip to main content

Posts

Showing posts from January, 2010

සිංහල යුනිකේත සහ InDesign

සිංහල යුනිකේත ග්‍රැෆික් සඳහා දක්වන සහය ඉතාමත් අල්පයි. ඒ සඳහා ෆොන්ට් වෙනස් කිරීම මගින් යම් විකල්ප කීපයක් කලින් හඳුන්වා දුන්නා. නමුත් එම විසඳුම Adobe InDesign සහ CorelDraw වැනි මෘදුකාංග සඳහා නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේනෑ. නමුත් Adobe InDesign සඳහා යුනිකේත භාවිතා කළ හැකි විකල්පක්‍රමයක් අද සටහනෙන් ලියන්න හිතුවා. මා මේ අත්හදා බැලීම සිදුකරන්න යොදාගත්තේ InDesign CS4 සංස්කරණයි.

මේ සඳහා ඔබට Windows 7 පද්ධතියක් අවශ්‍යයි. අත්හදා බලා නොමැති වුනත් බොහෝ විට Windows Vista පද්ධතියේද නිවැරදිව ක්‍රියාත්මක විය හැකියි. Windows 7 පද්ධතිය මත පිහිටුවා ඇති Adobe InDesign මගින් නිවැරදිව සියලුම සිංහල යුනිකේත ෆොන්ටයන් දර්ශනය කළ හැකියි. නමුත් එක් දෝශයක් නිසා මෙය භාවිතා කළ නොහැකි වෙලා තියනවා. උදාහරනයක් ලෙස "වන්නේ" යන වදන දිස්වන්නේ "වනේන්"ලෙසයි. මෙය අභ්‍යන්තර රෙන්ඩරින් දෝශයක්. නමුත් මෙය අපිට සුළු සැකසීමකින් නිවැරදි කළ හැකියි. නිවැරදි ක්‍රමයක් නොවුනත් වැඩේ කරගන්න ඇති.

මේ රෙන්ඩරින් දෝෂයට ප්‍රධානතම හේතුව හල් කිරීමට පසුව එන කොම්බුව එක් අක්ෂරයකින් වම්පසට තල්ලු කිරීමයි. අපිට මෙම දෝශය මගහැරවා ගැනීම සඳ…