Skip to main content

Posts

Showing posts from August, 2011

සෙරෙප්පුව

මල්ලී තවමත් ඊයේ සෑදීමට ආරම්භ කළ සංගීත ඛණ්ඩය පරිගණකයෙන් නිර්මාණය අවසන් කරමින් සිටී. සංගීතය අවසන් කරනවාත් සමඟම අද දිනයේ තමාගේ වම් කකුල දණ හිස උඩින් කපා ඉවත් කිරීමේ ශෛල්‍ය කර්මය සඳහා රෝහල් ගතවිය යුතුව තිබූ බැවින් කඩිනමින් පිටත් වූයේ ය. පියා සමඟ මවත් ත්‍රීරෝද රථයෙන් ගමන් ගන්නා නිසා මා නිවසට වී සිටිය යුතුය යන්න කතා නොකරම සම්මතව තිබූ බැවින් පරිගණකයේ අසුන් ගත්තේ, ඔහුගේ සංගීත ඛණ්ඩය රසවීඳිමේ අරමුණද ඇතිව ය.

මල්ලීට මුලින්ම ගිටාරයක් අරන්දී දැනට අවුරුද්දක් පමණ වුණා. ඔහුට එය අරන් දීමට ප්‍රධානතම හේතුව වූයේ මට ගිටාර් වැයීමට තිබූ ආශාවට වුණත්, මට ගිටාර් ගහන්න ඕනෑය කියා ගිටාර් එකක් ගන්නවාට වඩා මල්ලීට ගිටාරයක් අරන් දෙනවා කියා ගීටරයක් මිලදී ගැනීම වඩා යෝග්‍ය බව මම තීරණය කළා. කෙසේවුවත් ඔහුට සංගීතයට ඉතා ඉහළ දක්ෂතාවයක් අති බව තේරුම් ගන්න සති කිහිපයකට වඩා අපට ගතවූයේ නැත. පාසලේ නවය වසරේදී බටහිර සංගීතයට ලකුණු 87ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවක් ලබා සිටීම නිසා ඔහුට බටහිර සංගීතය හැර වෙනත් විෂයක් තෝරගන්නා ලෙස ගුරුවරිය බලකළ බැවින් ඔහුට සාමාන්‍ය පෙළ සඳහා චිත්‍ර විෂය තෝරගන්නට සිදු වුණා. කෙසේවුවත් ගීත රචනයක් දුන්…