Skip to main content

Posts

Showing posts from October, 2008

බෝනික්කාගේ අවතාරය!

ඔබ අතරින් බොහෝ දෙනා අවතාර භූතයන් පිලිබඳ විශ්වාස නොකරනවා විය හැකියි. ඒ හා සමානම පිරිසක් එවා පිළිගන්නවාද විය හැකියි. ‍මේ මාගේ පුද්ගලික අත්දැකීමක්. ‍මෙය භූතයෙක් ද? අවතාරයක් ද? හොල්මනක් ද? නැතිනම් මනෝ විකාරයක් ද? යන්න ඔබම තීරණය කරන්න.

සාමාන්යෙන් බොහෝ දෙනාට කුඩා ව‍යෙසේ සිද්ධීන් මතකයේ නැති වුනත් මට අවු. 2 ‍හෝ ඊට මදක් වැඩි වයසක වූ සිද්ධීන් පවා අදවගේ මතකයි.‍ බෙ‍හෝ අවස්ථාවල ඒ මතකයන් බොහෝම පැහැදිලියි. නමුත් වර්තමායේ දීනම් තත්වය බොහෝමයක් වෙනස්. කෙසේ වුවත් මේ මා හට අවුරුදු 3.5ක් හෝ 4ක් පමණ වයසේදී ලැබුනු අත් දැකීමක්. ඒ වයසේ‍දී භූතයන් අවතාර හෝ හොල්මන් ගැන මා දැන නොසිටයා යැයි මට සහතික විය නොහැකිවුවත් එය එසේ බව මාගේ මතකය යි. මගේ මව සහ පියා අසල මා නිදාගෙන සිටි අතර වෙනදාට වඩා විශේෂත්වයක් එදින නොවුනි. ඒ මගේ කුඩා සොයුරා මවගේ කුස තුල පිළිසිඳගෙන ඇති මුල්කාලයේ ය. එදා මා දුටුවේ සිහිනයක් ඒ අනෙකක් නොව මා නිදාසිටින කාමරයම විය. සිහිනයේදීද මා සාමාන්‍ය පරිදි ඇඳ මත වැතිර සිටි අතර මා බලා සිටියේ කාමරයේ ඇති ඇඳුම් රාක්කය දිහාය. ඒ රාක්කයට ඉදිරියෙන් අඩි 3.5ක පමණ විශාල ප්‍රමානයේ රොදිවලින් සාදන ලද බොනික්කෙකු පඹයෙකුමෙන් දෑත්…

සිංහල වෙබ් ඩිරෙක්ටරිය නැවතත් .....

මතක ඇති සිංහල වෙබ් ඩිරෙක්ටරිය ගැන. මීට වසරකට පමණ පෙර මාවිසින් පිහිටවනු ලැබූ වෙබ් අඩවියක්.. ඒත් මා විසින් භාවිතා කරන ලද්‍ද වෙබ් ඉඩ සපයන්න අන්තරජාතික පොල්ලක්තබා තවත් වසරකට මුදලුත් ගෙන අතුරු දහන් විය. මොනව කරන්නද?. සිංහල වෙබ් ඩිරෙක්ටරිය, පුද්ගලික වෙබ් අඩිවි, සිංහල බ්ලොග්ස්, ලිරික්සිLK.com ආදී සියළුම ‍අඩිව හා එවායේ තිබුනු දත්ත සියල්ල අතුරු දහන් විය. ‍කෙසේ වුවද කාලිංග මහතා විසින් මාහට නෙමිලේ වෙබ් ඉඩ ලබා දීමට තරම් කාරුණික වීම නිසා නැවතත් සිංහල වෙබ් ඩිරෙක්ටරිය අද නැවතත් පිහිටවනු ලැබූවා. ඔබ විසින් කලින් අතුලත් කරන ලද දත්තයන් සියල්ල උපස්ත කර නොතබීම නිසා ඒ සියල්ල මට අහිමිවී ඇත. වරද‍ මගේ සමාවන්න. කරුණාකර නැවතත් ඔබේ සිංහල වෙබ් අඩවි ගැන දත්ත එයට අතුලත් කරන මෙන් ඉල්ලා සිටිමි.

LINK : http://www.sinhalawebdirectory.com/