Skip to main content

Posts

Showing posts from November, 2008

PIDGIN Facebook plugin

සීමාසහිත භාගත කිරීමක් සහිත අන්තර්ජාල පහසුකම් ඇති අයගේ දැන ගැනීම පිනිස.

ළඟදි මම චැටි කරන්න pidgin භාගත කළා. ‍ඒකේ ෆේස්බුක් චැට් එක නැති නිසා ඒකටත් ඔන්න ගූගල් කොඩ් වල තිබුනු ‍ඕපන් සෝස් ප්ලගින් එකක් දාගත්තා. ඊට පස්සේ කාලිංග ගේ බ්ලොග් එකේ තිබුනු විදියට යුනිකෝඩ් ප්‍රශ්න ටිකත් විසඳ ගත්තා. අවුලක්නෑ. ගින්දර වගේ වැඩ. ඕන්න අද උදේ වෙනකොට මම මේ මාසෙටම ඩවුන්ලෝඩ් කරල තිබ්බේ 1.45GB හවස බලනකොට 2.5GB වෙලා. ඔන්න එතකොටයි තුරු පෙනුනේ. මම භාවිතා කරන්නේ නිතර ලෙඩ දෙන ඩයලොග් HSDPA කනෙක්ෂන් එකක්. ‍මාසේ ඇතුලත කොහොම හරි 5GB වලින් ෂේප් වෙනවා. බැලින්නම් අර pidgin-facebookchat එක තමයි ඔය වැඩේ කරල තියෙන්නේ. දැනට pidgin හා සීමාසහිත භාගත කිරීමක් සහිත අය http://code.google.com/p/pidgin-facebookchat/downloads/list කියන ප්ලගින් එකෙන් ප්‍රා‍වේසම් වුනොත් හොඳා.

zeebra

කළු ඉරි සහිත සුදු සතෙක් ද? සුදු ඉරි සහිත කළු සතෙක් ද?

හොරා

මෑතකදී සිදුවුනු සිද්දීන් දාමයක් නිසා මේ කතාව ලියන්න හිතුනා.

මේ සිද්ධිය වෙනකොට මම හිටියේ ඉසිපතන විද්‍යාලයේ 10 ව‍සරේ. මම පාසලේ බ්‍රයිට් පොරක් නම් නෙවෙයි. යන්තන් වාර විභාගේ ගොඩ යනව විතරයි. කවර දාවත්ම ගෙදරදි පාඩම් වැඩැක් කියල දෙයක් කරන්නේ නෑ. ඕලෙවෙල් ලඟ වුනත් ඒක එච්චර ලොකුවට හිතුවෙ නෑ. කොහොම හරි ඒලෙවල් කරන්න ගොඩ ගියොත් ඇති කියලා තමයි හිතන් හටියේ. එකදු උපකාර පංතියකට වත් ගියේ නෑ. ඕන කමක් තිබුනෙත් නෑ. 10 ශ්‍රේණියේ මැදක ඉඳන් ගණිතයට තියන ආසවට හා දහම් පාසලේ යළුවො සෙට්එක කියපු නිසා උපකාරක පංතියට ගියා.

‍කුඩා කාලේ ඉඳන් මගේ ප්‍රියතමත විෂය තමයි විද්‍යාව සහ ගණිතය. විද්‍යාවට කොච්චර ආසද කියනවනම්. 11 වසර දක්වා විද්‍යාව සඳහා ලැබන මුද්‍රිත පොත් සියල්ල 8 වසරේදිම කියවල හමාරයි. ඒත් ඉතින් පංතියේ විද්‍යාව පාඩම යනකොට මම දන්න දේවල්ම කියවන නිසා පො‍රක් වෙන්න කියලා මම උත්ත‍ර දෙන්න යන්නේ නෑ. කරබාගෙන ඉන්නවා. සාමන්යෙන් විද්‍යාවට වුනත් මම වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්න කෙනක් නෙමෙයි. මොකද විභාගෙට කියලා ලොකුවට හිතන්නේ නැති නිසා ඔහේ විභාගෙට ගිහින් ලියල එනවා. සමහර දවස්වලට විභගෙ ඉක්මනට ලියපු අයට කලින් ගෙදර යන්නත් දෙනවා. විභාගය කි…

FOSS වලින් වෛරස්

FOSS මෘදුකංග සමග ඔබ ‍පරිගණකයට වෛරස.


Ref:
http://ethalaya.com/slt.html
සයිබර් සොරුන්ගෙන් ආරක්ෂා වෙමු කියන අනු මාතෘකාව යටතේ
උපුටා දැකවීම.
-----------------------------------
ඔහු තවදුරටත් පැවසුවේ, නොමිලේ ඉන්ටර්නෙට් තුළින් ලබාගත හැකි මෘදුකාංග (free and open source software) බා ගැනීමේදී ප්‍රවේශම් විය යුතු බවය. එසේ ලබාගත හැකි ඇතැම් මෘදුකාංග සමග අනවශ්‍ය හා හානිකර දෑ තම පරිගණකයට ඇතුළු වීමේ අවස්ථාවක් ද ඇත.
-----------------------------------
උපුටා දැක්වීම අවසන්.

මේක දැක්කම මට හිතා ගන්න බැරුව ගියා මොනාද මේ කියන්නේ කියලා. නිකමට වගේ අන්තර්ජාලයේ සිංහලයා(www.ethalaya.com) අඩවියේ සැරි සරන විට දුවුව කරුණක්. බොහෝ දුරට මේක පරිවර්තන දොෂයක් විය හැකියි. නමුත් නම ගිය මාධ්‍ය ආයතනයක් ලෙස මීට වඩා වගකීමකින් කටයුතු කරන්න ඕන කියල තමයි කියන්න තියෙන්නේ. කොහොම …

ආර්ථික දියුණුව

ලංකාව දුප්පත් රටක් නෑ නෑ දියුණු වෙමින් පවතින රටක්. අනේ මන්දන් නෑ කොහොම වුනත් ලංකාව ආර්ථික වශයිනේ දියුණු රටක් නෙමෙයි. මේකට ‍රට අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති ව‍ල හා රජයේ වගකීමක් තියෙන්න පුළුවන් ඒත් මම දැන් කථා කරන්න ය‍න්නේ ඒ ගැන නෙමෙයි.

මෙතනදී තනි තනි වශයෙන් පුරවැසියෙකුටත් යම් වගකීමක් තියෙනවා. මම දැකල තියෙනවා සමහරු ඉතාමත් කැපවීමෙන් උත්සහ ගන්නවා ආර්ථික දියුණුවක් ලඟා කරගන්න. සමහරු සාර්ථක වෙනවා ඒත් කොච්චර උත්සහ කළත් අසාර්ථක වෙන අයත් ඉන්නවා. ‍කෙටි උත්සාහයකින් විශාල සාර්තක්වයක් ඉක්මනින් ලඟා කරගත් අයත් ඉන්නවා.

මම ඔබ සැමදෙනාටම ආරාධනා කරනවා ආර්ථික දියුණුවක් කරා ලඟාවිමට හැකියැයි ඔබ සිතන දේවල් සිංහල බ්ලොග් අවකාශය නිදහස් කරන ලෙස.

මේ සඳහා ඔබගේ අදහස් ඉතාමත් වටිනවා. මිනිස්සු සක්විති ව‍ගේ වංචා කාරයන්ට යටකරන සල්ලි තමන්ගේම යමකින් විශ්වාසනීය ලෙස ආර්ථික වාසියක් ලබාගන්න යොදව ගන්න යොමු කරවන්න මේක උදව් වෙන්න පුළුවන්. මේ සඳහා ඔබට දායක විය හැකි ආකාර කිපයක් මගේ සිහියට එනවා. අඩු පාඩු තියෙනව නම් කියන්න.

ඔබ අතරින් ‍සමහරෙක් ඉතාමත් කුඩාවට පටන් ගත් ව්‍යාපාරයක් සාර්ථකවූ අන්දම අපට විස්තර කරන්න. ඔබේ අත් දැකීම් ඒ අයට ශක්ත…

ග්‍රහයන්ට මිනිසුන්ට බලපෑමක් ඇති කළ හැකිද?

පෙර සටහනකදී දැක්වූ උදිත ගේ ‍ප්‍රතිචාරය නිසා මෙම සටහන ලියන්නට සිතුනා. මෙහි සඳහන් කරුණු මගේ පුද්ගලික අදහස් බැවින් ඒවා සාවද්‍ය වීමට හෝ ශාස්ත්‍රීය මතයට නොගැලපීමට හෝ ඉඩ ඇත.

ගැටළුව
ග්‍රහයන්ට මිනිසුන්ට බලපෑම් කළ හැකිද? මේ සඳහා විද්‍යාත්මක හෝ තාර්කික පිළිතුරක් ඇතිද?
මම මේ පිළිබඳ විද්‍යානු කූල නොවූවත් තර්කානු කූල අදහසක් ඉදිරිපත් කරමි.

මේ ගැන ඔබ බොහෝ දෙනා තුල අංශුමාත්‍ර හෝ සැකයක් කිසියම් දිනක ඇති වී නොතිබිය නොහැක. සාමාන්යෙන් ජ්‍යෝතිෂයේදී ග්‍රහයන් පිළිබඳ ශාස්ත්‍රීය පැහැදිලි කිරීමක් පෙර ලිපිය මගින් ඔබට ලබා ගත හැක.

පිළිතුර කරා ලඟාවීමට ප්‍රථමයෙන් අවධාරණය කළ යුතු කාරණා කිපයක්ම ඇති බැවින් මුල් කොටස් වලින් ඒ ගැන පැහැදිලි කිරීමට බලපොරොත්තු වෙනවා.

පූර්ව කථනයකට අවසර!
මීට වසර 4කට පමණ පෙර මම ජ්‍යෝතිෂය හෝ කිසිදු පාරා විද්‍යාවක් බිඳකුදු පිලිගත්තේ නෑ. මාගේ මිතුරෙකු මගින් දැන හඳුනා ගත් එක්තරා මහත්මයෙකු ඉතා හොඳින් ජ්‍යෝතිෂය දන්නා බවත් ඔහු ඉතා හොඳින් අනාවැකි පවසන බවත් මා මිතුරා පැවසුවා. ඔහු හමුවු දිනයකදී විනෝදයට මෙන් මගේ උපන් වේලාව දුන්නා. පුදුමයකට මෙන් ඔහු මගේ නිවසො සොභාවය සහොදර සහෝදරියන් ගණන ආදී ඇදහිය නොහැකි කාරණා ක…