Skip to main content

Posts

Showing posts from March, 2017

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය

දැනුම යනු සජීවි දෙයකි. මේ සජීවී දැනුම පරපුරකින් තවත් පරපුරකට සාර්ථකව සංක්‍රමණය කරගැනීමේ ක්‍රමවේදය “අධ්‍යාපනපනය” යි. අධ්‍යාපනය යන වචනය මම භාවිතා කරන්නේ ඒ අර්ථයෙනි. මෙම දැනුම් පද්ධතිය ඉගනගෙන භාවිතා කරන මානවයෝ ද සජීවි වෙති. ඔවුන් එකිනෙකාගෙන් ආකල්පයන්ගෙන් ද බුද්ධියෙන් ද පරිකල්පන ශක්තියෙන් ද සම්පූර්ණයෙන් වෙනස්ම වූ අය වෙති. එවන් පිරිසකට සජීවී දැනුම වැඩි ඵලදායි තාවයකින් ඉදිරි පරපුරට ගෙන යෑම තමා වඩාත් සාර්ථකම අධ්‍යාපනපනය ක්‍රමවේදයකින් සිදුවිය යුත්තේ. අධ්‍යාපන ක්‍රමවේදය සකස් විය යුතු යැයි මා සිතනා කරුණු කිහපයක් ගැන මේ ලිපියේ ඉදිරියට සාකච්චාවට ගැනෙනු ඇත. අදහස් හුවමාරු කර ගැනීමේ පහසුවට මම දැනට අපි භාවිතා කරන පාසැල් අධ්‍යාපන වසර ක්‍රමය සහ පෙර පාසල් ක්‍රමය උදාහරණයට ගන්නවා. ඒ ඒ ක්‍රමයන් වයස් කාන්ඩ තුල දැනට පවතින දුර්වලතා සහ ඒවා වෙනුවට යෝජනා කරන නව වැඩ පිලිවෙල ගැන ද පිලිවෙලින් සඳහන් කරමි. පෙර පාසල් අධ්‍යාපනය වයස අවුරුදු (3/)4/5 කාලයේ දී බොහෝ දරුවන් පළමුව විදිමත් අධ්‍යාපනයකට යොමුවීම ආරම්භ කරන්නේ පෙර පාසල් හරහා ය. ශ්‍රී ලංකාව තුල පෙර පාසල් අධ්‍යාපනය ලැබිය යුතුමය කියා නියමක් නැති වුවත් බොහෝ දෙමා පියන්…