Skip to main content

Posts

Showing posts from August, 2007

නොමිලේ ජ්‍යෝතිෂ පන්තියක්

නොමිලේ ජ්‍යෝතිෂ පන්තියක් පැවැත්වේ. එයට සම ගාමීව ජාලය හරහා සිංහලෙන් එම ජ්‍යෝතිෂ පාඩම්මාලාව පලකිරී‍මටද නියමිතය. තවද ඔබේ ජ්‍යෝතිෂ ගැටළු විසඳා ගැනී‍මට සමූහයක් ආරම්භ කිරීමට ද අදහස් කරගෙන ඇත.

නොමිලේ tk ඩොමේයිනයක් ලබාගන්න.

මෙය ඔබ සැමට වැදගත් ආරංචියක් වනවාට සැක නැත.
http://www.dot.tk/ මගේ මිතුරෙක් මගින් දැනගන්න ලැබුනු අඩවියක්. මෙම අඩවිය මගින් නොමිලේ ඩොමේයින් ‍නාමයන් ලබාදෙනවා. http://www.100webspace.com/ , http://www.freehostia.com/ හෝ http://www.bravenet.com/ වැනි අඩවියකින් නොමිලේම ‍වෙබ් ඉඩක් ලබාගෙන tk ඩොමේයිනයකුත් ලබාගත්තම ඉතින් ගොඩම තමයි.

නිවැරදි පරාශර ජ්‍යොතිෂය

නිවැරදි පරාශර ජ්‍යොතිෂයමෙම ලිපිය කියවන ඔබ ‍‍ ජ්‍යොතිෂ පළිබඳ විශ්වාස කරන, නොකරන ‍හෝ මධ්‍යස්ත මත දරන්නනෙක් විය හැක. නමුත් ඔබ බොහෝ දෙනාහට ජන්ම පත්‍රයක් ඇතුවාට සැක නැත. මොනවා නැතැත් ලග්නය හෝ මතක ඇතැයි සිතමි. ඒ වගේම බොහෝ දෙනා සති‍ පතා පුවත් පත්වල පලවන ලග්න පලාපල පිටුවේ තමන්ගේ ලග්නයට කි‍යා ඇත්තේ මොනවාද කියා යන්තමින් හෝ කියවා බැලීමට අමතක ‍නොකරයි. නමුත් කනගාටු දායක කරුන නම් අද ලංකාවේ ‍ ජ්‍යොතිෂ මිත්‍යා හා දුර්මතයන්ගේන් පිරුණු එකක් වීමයි. ‍අනික් අතට අද බොහෝ දෙනාගේ කේන්ද්‍රය පවා වැරදියට සකස් කලඒවාය. නිතර නිතර කේද්‍රය පරීක්ෂා නොකලත් ජීවි‍තයේ වැදගත් හැම මොහතකදීම වගේ ජන්ම පත්‍රය ඉදිරියට එයි. විවාහය, ව්‍යාපාර ආරම්භය, නිවසක් ඉදිකිරීම ආදී මෙකීනොකී සියළු දේ සඳහා බොහෝ දෙනා නැකතක් බැලීමට කේද්‍රය පරීක්ෂා කිරීමට අමතක නොකරයි. නමුත් තමන්ගේ ජන්ම පත්‍රය වැරදිනම් මේ සියල්ල වැරදීයයි. අන්තිමට තමන්ට හෙනහුරා වී ඇත්තේ ජන්ම පත්‍රය මයි. අතීතයේ ලංකාවේ බොහෝ දක්ෂ ‍ ජ්‍යොතිෂ වේදීන් සිටි නමුදු නිසිලෙස දැනුම ගමන්නොකිරීම නිසා මෙම තත්වය උදාවී ඇත. උදාහරණයක් ලෙස අතීතයේදී ග්‍රහ වස්තූන්ගේ පිහිටීම ලබා ගැනීමට භාවිතකරණ ලද සූත්ත්‍ර …

අපිනොදන්න ගණිතය

මම පොඩිකාලේ ඉක්මනට ගණන් හදන්න හොයාගත්ත ක්‍රමයක් දාන්න ‍හිතුනා.
1. ඕනෑම සංඛ්‍යාවක(දහයේපාදයේ) එකස්තානයේ අගය 5 වන විට, එම සංඛ්‍යාවේ වර්ගය සොයන ක්‍රමය.
15 x 15 = 225
25 x 25 = 625
35 x 35 = 1225
45 x 45 = 2025
55 x 55 = 3025
65 x65 = 4225
75 x 75 = 5625
85 x 85 = 7225
95 x95 =9025
105 x105 = 11025 .
ඕනෑම සංඛ්‍යාවක(දහයේපාදයේ) එකස්තානයේ අගය 5 වන විට, එම සංඛ්‍යාවේ අනෙක් කොටසේ (උදා 15 නම් 1, 245 නම් 24 ) අගය හා එම අගයට එකක් එකතු කලවිට ලැබෙන අගයන්ගේ ගුණිතය ගන්න. එම අගයේ අවසානයට 25 එකතු කරන්න. එවිට එම සංඛ්‍යාවේ වර්ගය ලැබේ.

උදා
1) දි ඇති සංඛ්‍යාව 35 නම් 3 යන අග පමණක් මුලින් ගන්න.
2) 3 x (3+1) = 12
3) ලැබුණු පිලිතුර අගට 25 එතුකිරීම
4) පිලිතුර 1225.

2. ඔනෑම ගණනක් 11 ගුණ කිරීම
1234 x 11 = 13574
මෙය ඉතාමත් පහසු දෙයකි
උදාහරණයම‍ගෙන බලමු මුලින්ම අගසංක්‍යව ලියන්න(එකස්ථානය). දෙවනුව අග සංක්‍යව හා ඊටපෙරසංක්‍යාවේ එකතුව ලියන්න(එකස්ථානය හා දසස්ථානය) . දෙවනුව දසස්ථානය හා සියස්ථානයයේ එකතුව ලියන්න. එසේ අවසාය තෙක් දිගටම කරන්න.

උදා 1234 x 11

1) පළමුව 4(අග ඉලක්කම/එකස්ථානය) ලියන්න
2) දෙවනුව 3+4 අගය …