Skip to main content

Posts

Featured

ඉන්ධන යොදන්න ඕනෑ එකවරයි - රටම ඇන්දූ මහා බොරුව - Free Energy Debunk

විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න නම් විස්මිත නිපැයුම් කරුවෙක් ගැන ප්‍රවෘතියක් Facebook සමාජ මාධ්‍ය ජලාවල පැතිරෙමින් යයි. මේ ලිපිය ලියන විට එම වීඩියෝව නැරඹූ ගණන ලක්ෂය අභිබවා ඇත. මුලින්ම කියන්නට ඕනෑ. ඔහු සැබවින්ම දක්ෂයෙක් බව පෙනෙන්නට ඇති බවයි. නමුත් හරි හතරැස් බොරු නොකියා රටට වැදගත් යමක් කරන්නට කියා ඔහුට ආරාධනා කරනවා. ඔහු මේ වීඩියෝව පුරා කියන ලද තහවුරු කරග හැකි කරුණු ගැන පමණයි මම මෙතනදී කතා කරන්නේ. ඔහු වීඩියෝවේ තැන තැන නිතරම කියන කුණු අඹරන (crush) කරන යන්ත්‍රය ගැන ලොකු ගැටලුවක් නෑ. කුණු නිසි ලෙස වෙන් කරගන්නා ආකාරය ගැන පැහැදිලි අදහසක් ඔහු කියන්නේ නැති මුත් එය කළ නොහැකි අභව්‍ය දෙයක් නොවේ. සැබවින්ම ඔහු එවැනි යන්ත්‍රයක් හදනවාද විය හැක. එවන් දෙයක් ඔහු කරනවානම් එයට සුබ පතන බව මුලින්ම කින්නට ඕනේ. "රසදිය ඉන්ජිමට එන වසරේ නොබෙල් ත්‍යාගය සඳහා ඉදිරිපත් කරන්න බලාපොරාත්තු වෙනවා" නොබෙල් ත්‍යාගය සඳහා නිල වෙබ් අඩවිය ( https://www.nobelprize.org/ ) සඳහන් කරන ආකාරයට මේක පට්ට පල් බොරුවක්. පහත කොටස නොබෙල් ත්‍යාගයේ නිල වෙකබ් පිටුවේන උපුටා ගන්නා ලද්දක්. "No person can nominate herse

Latest Posts

සොනාල ගුණවර්ධන සහ බුදු දහම රාජපක්ෂලාට කඩේ යැවීම.

බෞද්ධයා සහ සංගීතය

කූඹියෝ Season 2 Episode 1 (Fanfiction)

වසර 2061

ශ්‍රී ලංකාවේ commercial Advertisements, උමාරියා සහ තවත් දේ..

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය

ලංකාවෙන් පිට රටට යන සල්ලි නවත්තන්න එටිසෙලාට් සිම් එක කැඩුව නේ ද?