Wednesday, January 4, 2012

Apple Mac පරිගණක සඳහා සිංහල යතුරු ලියන පහසුකම (Wijesekara Keylayout))

වසර ගනණක කඩවුනු පොරොන්දුවක් ඉටු කරන්නයි යන්නේ. මේ ඇපල් පරිගණක සඳහා සිංහල යතුරු පොවරුව නිර්මාණයකරලා වසරක් පමණ ගත වුවත් අද තමයි නිලවශයෙන් නිකුත් කරන්නේ. පහුගිය බ්ලොග් කරුවන්ගේ සංසදයේ හමුවේදීත් මෙය ලබාදෙන බවට මම පොරොන්දු වුනත් නිකුත් කරගන්නට හැකියාවක් ලැබුනේ නෑ. පරිගණකයට ස්ථාපනය කරගන්නා ආකාරය හා බාගත කිරීමේ යොමු පහත දක්වා ඇත.

පළමුව sinhala-wije.keylayout ගොනුව මේ යොමුවෙන් බාගත(download) කරන්න. (download නොවේනම් right click කර save link as යන්න තෝරන්න.)


  1. ඉන් පසු ඔබගේ මැකින්ටෝෂ් පරිගණකයේ Finder වැඩසටහනට පිවිසී Go > Computer වෙතට යන්න. මේ මගින් ඔබගේ account එකට අදාල Folder එක විවෘතවේ.
  2. එහි Machintosh HD තුල පිවසී Library & Keyboard layouts යන ෆොල්ඩරයට පිවිසෙන්න.
  3. දැන් බාගත කරන ලද sinhala-wije.keylayout ගොනුව එම ෆොල්ඩරය(Library>Keyboard Layouts) වෙතට කොපි කරගන්න.
  4. දැන් පරිගනකයෙන් Log offවෙන්න නැතිනම් පරිගණකය Restart කරන්න.
  5. ඉන් පසු System Preferences > Language & Text වෙත පිවිස Input Sources ටැබ් එක විවෘත කරන්න.
  6. එහි sinhala-wije යන්න තෝරාන්න (checkbox එක ‍select කරන්න)
  7. අවශ්‍යනම් keboard shortcut එකක් තෝරාගන්න.

නිවැරදිව ස්ථාපනය කලේනම් ඉහත රුපයේ පරිදි තෝරාගැනීමෙන් හෝ shortcut එක මගින් ඔබට කැමති විටක සිංහල වලට මාරුවිය හැක. සාමාන්‍ය සිංහල යුනිකේත විජේසේකර යතුරු පොවරුවට සමානව මෙය ක්‍රියා කරනමුත් Alt Gr(දකුණු පස ඇති Alt යතුර) වෙනුවට Mac යතුරු පොවරුවේ Option යතුර භාවිතා වන බව සලකන්න. (උදාහරණ, සංඥක “ඳ“ සඳහා Option + ද යතුර යොදාගන්න)

Note:
මෙම keylayout එකේ සමහර සිංහල අකුරු යතුරු ලියනකිරීමේ දෝෂ තිබිය හැක. ප්‍රධාන වශයෙන් කොම්බුව සහ රකාරාංෂය දෙකම යෙදන අක්ෂර යතුරු ලියන අපහසුය. ඉදිරියේ දී එය නිවැරදි කර නැවත ලබාදීමට බලපොරොත්තුවේ.

Sunday, August 7, 2011

සෙරෙප්පුව


මල්ලී තවමත් ඊයේ සෑදීමට ආරම්භ කළ සංගීත ඛණ්ඩය පරිගණකයෙන් නිර්මාණය අවසන් කරමින් සිටී. සංගීතය අවසන් කරනවාත් සමඟම අද දිනයේ තමාගේ වම් කකුල දණ හිස උඩින් කපා ඉවත් කිරීමේ ශෛල්‍ය කර්මය සඳහා රෝහල් ගතවිය යුතුව තිබූ බැවින් කඩිනමින් පිටත් වූයේ ය. පියා සමඟ මවත් ත්‍රීරෝද රථයෙන් ගමන් ගන්නා නිසා මා නිවසට වී සිටිය යුතුය යන්න කතා නොකරම සම්මතව තිබූ බැවින් පරිගණකයේ අසුන් ගත්තේ, ඔහුගේ සංගීත ඛණ්ඩය රසවීඳිමේ අරමුණද ඇතිව ය.

මල්ලීට මුලින්ම ගිටාරයක් අරන්දී දැනට අවුරුද්දක් පමණ වුණා. ඔහුට එය අරන් දීමට ප්‍රධානතම හේතුව වූයේ මට ගිටාර් වැයීමට තිබූ ආශාවට වුණත්, මට ගිටාර් ගහන්න ඕනෑය කියා ගිටාර් එකක් ගන්නවාට වඩා මල්ලීට ගිටාරයක් අරන් දෙනවා කියා ගීටරයක් මිලදී ගැනීම වඩා යෝග්‍ය බව මම තීරණය කළා. කෙසේවුවත් ඔහුට සංගීතයට ඉතා ඉහළ දක්ෂතාවයක් අති බව තේරුම් ගන්න සති කිහිපයකට වඩා අපට ගතවූයේ නැත. පාසලේ නවය වසරේදී බටහිර සංගීතයට ලකුණු 87ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවක් ලබා සිටීම නිසා ඔහුට බටහිර සංගීතය හැර වෙනත් විෂයක් තෝරගන්නා ලෙස ගුරුවරිය බලකළ බැවින් ඔහුට සාමාන්‍ය පෙළ සඳහා චිත්‍ර විෂය තෝරගන්නට සිදු වුණා. කෙසේවුවත් ගීත රචනයක් දුන් පමණින් එයට තනුවක් දමා එය පරිගණකයෙන් නිර්මාණය කරන්නට තරම් හැකියාවක් ලබාගන්න ඔහුට අවශ්‍ය වුණේ අවුරුද්දක පමණ ස්වයං අධ්‍යයන කාලයක් පමණ යි.

මේ වන විට ඔහුට ඔස්ටියෝ සාකෝමා නැමැති කලාතුරකින් ඇතවන රෝගය වැළඳී ඇති බව දැනගෙන මාස 6ක් පමණ වන්නට ඇත. පොතේ සඳහන්ව ඇති පරිදි වෛද්‍යවරුනට කකුල ඉවත් කිරීමේ සැත්කමකට යාමට පෙර බටහිර ධූලක ප්‍රතිකාර ලබා දිය යුතුව තිබුණා. පොතේ සඳහන්ව ඇති ආකාරයට ඒ කාලය තුළ පිළිකාව කුඩා වියයුතුව තිබුණත් ඒ කාලය තුළ රෝගය තවදුරටත් වර්ධනය වූවාමිස අඩුවූයේ නැත. ඒ බව දැන දැන වෛද්‍ය වරු ඔහුට ලබාදීමට නියම කරතිබූ දුම ප්‍රතිකාර වෙනස් නොකළේ ඇයිදැයි මට නොවැටහේ. කේසේ වුවත් ඔහුට දැන් කකුල ඉවත් කිරිමේන් පසුව නැවතත් එම රෝගය වැළඳීමේ හැකියාව 2% වත් නැති බව වෛද්‍ය වරයෙක් වරක් ප්‍රකාශ කර සිටියේ ය.

ශෛල්‍ය කර්මය සිදුකිරීමට නියමිත තිබුණේ රෝහල් ගතවූ දිනට පසු දිනටයි. එදින ද රෝහලට යාම මා මගහැරියේ ඔහු සෛල්‍යාගාරයට ගෙන යන දර්ශනය මට දැකීමට අවශ්‍ය නොවූ නිසයි. කෙසේවුවත් කුමන හෝ හේතුවක් සෛලකර්මය තව දවස් දෙකකට කල්දමා තිබුණේ ය. ඊළඟ දිනයේ ඔහු බැලීමට රෝහලට ගියත් ශෛල්‍ය කර්මය එදින කිරීමට වෛද්‍යවරුන් තෝරා ඇති බව දැනගත්තේ රෝහලට ගිය පසුවයි. මෙතෙක් භාවිතා කළ බස්තම වෙනුවට කිහිලිකරු දෙකක්ද එදිනම මිලදී ගත්තා. ඔහු ප්‍රතිකාර සඳහා නැවතී සිටයේ 54 වාට්ටුවේ වුණත් සෛලකර්මයෙන් පසුව ඔහුට 74 වාට්ටුවට යා යුතුව තිබුණු බැවින් ඔහුගේ සියලුම භාණ්ඩ අපි එකතු කර ඔහුව ට්‍රොළියට දමාගෙන අපි වාට්ටුවෙන් ශෛල්‍යාගාරයට යාමට පිටත්වුණා. වාට්ටුවෙන් එළියට යත්ම එහි සිටි හෙදියක් "මේ ඔයාලගේ සෙරෙප්පුවක් මෙතන දාල යනවා" කියා මොරදෙන්නට වූවාය.

Wednesday, March 23, 2011

කෑලි කෑලි එකතු කරනකොට හැලෙන කෑලි වලට මොකද කරන්නේ?

එකිනෙක වෙන්ව, තැන තැන විසිරී ඇති සාධක එකතු කරලා මුලින් තිබුනා කියලා හිතන්න පුලුවන් දේ නැවතත් ගොඩ නගන්න කොච්චර අමාරුද? මෙහෙම අමාරුවෙන් එකතු හොයාගත්ත කෑලි එකතු කරලා බැලුවම පේන දේට අදාල නොවන කෑලි වලට මොකද කරනනේ? ගොඩක් වෙලාවට ගොඩක් දෙනා කරන්නේ ඒව දැක්කේ නෑ වගේ ඉන්න එක මොකද මෙච්චර අමාරවෙන් ගොඩන නගපු තර්කයට, උපකල්පනයට නැත්තම් ප්‍රවාදය විනාස කරගන්න බැරි නිසා. අද ඒ ගැන පොඩි සටහනක් ලියන්න හිතුවා.

මේ කියන දේ පැහැදිලි නැත්තන් ආයෙමත් මුලටම යමු. මං කිව්වේ මුලටම? මුලක් තියෙන්න පුළුවන්ද? හැම දේටම මුලක් තියෙන්න ඕන? ආරම්භයක් තියෙන්න කවුරු හරි ඒකට මුල පුරන්න ඕන? ඒ වගේම අවාසානයකුත් ඇති නේද? ඔන්න කෑලි එකතු කරන්න පටංගන්න හොඳ තැනක්. දැන් කට්ටියක් එහෙන් මෙහෙන් කෑලි ටිකක් එකතු කරගන්නවා. ඒ අය හිතන ආරම්භයක් ඇත්නම් අවසානයකුත් ඇති කියලා. ඒ වගේම ආර්ම්භ කරපු කෙනෙකුත් ඇති කියලා. තව කෙනෙක් ටිකක් වෙනස් විදියට කියනව නෑ එහෙම ආරම්භයක් නෑ මේව ඔක්කොම ඉබේටම වෙන්න ඇති. එයත් ඉතින් කෑලි එකතු කරනවා. අර කලින් හදාගත්ත ප්‍රවාදය ශක්තිමත් කරන්න. මෙහෙම කාලයක් කරගෙන යනකොට එකතු කරගත්ත කෑලි ටික දිහා බලල හිතනවා අනේ මම හරි. මම විශිෂ්ට සොයාගැනීමක් කරා. මේක තමයි නියම ඇත්ත කියලා. එතකොට තව කෙනෙක් එයා හොයාගත්ත ඇත්ත හරි ගස්සගන්න කෑලි එකතු කරනවා. ඔය අතර අර කලින් හදාගත්ත මොඩලයට ගැලපෙන්නේ නැති ඒව හිමින් හළලා දානව. සමහරු දැක්කේ නෑ වගේ ඉන්නවා, එහෙමත් නැත්තන් ඒව ඒ මොඩලයට අනුගත කරගන්න පොඩ්ඩක් තමංගේ ප්‍රවාදයට ගැලපෙන ලෙස වෙනස් කරල ඈඳා ගන්නව. මෙහෙම කෑලි කෑලි එකතු කරල හදාගත්ත දේ තවත් අයට කියලා දී මේ සත්‍ය තුල ඒ අය සතුටින් ජීවත් වෙනව. මෙයින් සමහරෙක් පශ්චාත් උපාධිධාරී විද්වතෙක් විය හැකි අතර තවකෙක් එක එක නම් කියාගන්නා ආගමික හෝ විවිධ මතවාදී කෙටස් වලට අයිති විය හැකියි. උගත් නූගත් භාවයේ බලපෑමකින් තොරව හැලෙන කෑලි නොදැක්කා වාගේ කවුරුත් හිරිකිතයකින් තොරවම සිටිති.

ඔය අතරේ තවත් කොටසක් හැලෙන කෑලි මොනව වුණත් හැදෙන රූපය තමංගේ වාසියට හරවගන්න බලාන ඉන්නව. ඒ ගැන මම මෙතන ලියන්න යන්නේනෑ. තාමත් මේ කියනදේ ගැන වැටහීමක් නැත්තන් තවත් උදාහරණ කිහිපයකට යමු. ඒ වගේම තම තමං මේ වෙනකොට කොච්චර දේවල් හලා ඇත්ද කියලා අවසානයේ හිතල බලමු.

සුගත් හා දමයන්ති

මේ උදාහරණය ඔබට සොයාගැනීමට අපහසු වෙන එකක් නෑ, බොහෝ දුරට ඔබ තුළින්ම එහෙමත් නැත්තන් මිතුරෙකුගෙන් මේ අත්දැකීම ඔබ ලබා ඇතිවාට සැක නැත. එක් තරුණයෙක් තරුණියක් කෙරෙහි ප්‍රේමයක් ඇතිවෙනව, මේ තරුණියට මේ තරුණයාගේ ආදරය විනෝදාස්වාදයක් ගෙන දෙන්නක් වෙනව. නමුත් ඇය ඔහුට ප්‍රේම කරන්නේ නෑ. මේ තරුණියට අවශය වෙනව මේ තරුණයා දිගටම තමා කෙරෙහි රඳවා ගන්නට. නමුත් තරුණයා තරුණිය කෙරෙහි ඇති ආදරය නිසා ඇය තමාට ඇත්තටම ආදරය කරනවා කියා සිතමින් කාලය ගත කරනව.

ඔබටත් මේ ආකාරයේ අත්දැකිමක් ලබා ඇතිනම් ඔබ දැක ඇති, මේ විට අර තරුණයා ක්‍රියා කරන්නේ කොයි ආකාරයටද කියා. ඇය කියන එකිනෙකට නොගැලපෙන බොරු පවා මේ තරුණයා සාධාරණය කරන කරගන්නවා. ඔහුගේ ළඟම මිතුරන් කියන කිසිම දෙයක් ඔහුට අදාල වේන්නේ නෑ, ඔහු පිළිගන්න ඇත්ත ඔහුට අවශ්‍ය කරුණු මත ඔහු ගොනු කරගත්ත ඒවායි.

පරිණාම වාදය ද ? මැවුම් වාදය ද? නැත්තන් වෙනමම මොකක් හරි ද?

cPlus සඟරාව සඳහා “මිනිසාගේ-සම්‌භවය-හා-පරිණාමය“ නමින් කුඩා ලිපියකින් මම මේ ගැන පොඩි සටහනක් ලිව්වත් සඟරාවක තිබිය යුතු ගුණාත්මක භාවය සලකා කතා කළ යුතුව තිබුණු නමුත් අතහරින ලද දේ බොහෝයි. කෙනෙක් ආගමික පසුබිමක් මත, හෝ විද්‍යාත්මකය යැයි පාසෙලන් හෝ විශ්ව විද්‍යාලයකින් ඉගනගන්නා ලද කරුණු වලට පිටින් යන්නට දක්වන්නේ දැඩි අකමැත්තක්. ඔබගේ ආගමික පසුබිම මත සමහර විට පරිණාම වාදය විශ්වාස කරන්නේ නැතිවෙන්නෙ පුළුවන්, ඊට එරෙහිව ඇති සාක්ෂි සාධක සියල්ල නොසලකා හරින්නේ වැඩි දුර හිතන්නටවත් උත්සාහ නොකරමිනි. අනෙක් අන්තය මේ විද්‍යාත්මක යැයි කියන ක්‍රමයේ මොඩලයට නොගැලපෙන සාක්ෂි සාධකද විද්‍යාඥ්ඥයන් විසින් නොදැක්කා සේ සිටිමද පුදුම සහගතය. ඉහත ලිපිය කියවීමේන් ඒ ගැන වැඩි විස්තර ඔබට දැන ගත හැකිවෙනු ඇත.


I WANT TO BELIEVE

කලකට ඉහත ඉතාමත් ජනප්‍රිය වුණු රූපවාහිනී වැඩසටහනක ටැග් ලයින් එකක්. පුද්ගලිකව දැඩිසේ ඇලුම් කරපු වැඩසටහනක්, මේ ටැග් ලයින් එක තුළ ඇති අර්ථය මේ ලිපියේ ප්‍රස්තුතයට ඉතාමත් හොඳින් ගැළපේයැයි සිතුණු බැවින් ඒ ගැනත් ඇතුළත් කරන්න අදහස් කළා. අපි සෑම විටම යමක් විශ්වාස කීරීමට කැමතිවේ. ඒ විශ්වාසය තහවුරු කරන්න, ඒතුළ ජීවත් වෙන්න අපි ඇලුම් කරනව. මේ නිසාම යට යන ඇසනොගැටන සත්‍ය ඉතා විශාලයි.

මේ කතාව තුළ, ඒ ඒ අයගේ පිළිගැනීම තුල ගොඩ නැගෙන සත්‍ය ගැන ඉතා හොඳින් පෙන්වා දෙනව. මුල් කොටස්වලදී මොල්ඩර් තම පිලිගැනීම අනුව බොහෝමයක් සිද්ධී අතීන්ද්‍රීය සිද්ධීන් ලෙස දකින්නට පෙළබෙද්දී ඒ හා සමානම අත්දැකීම් ලබන ස්කලි විසින් ඒවා සාමන්‍ය විද්‍යාත්මක සංසිද්ධීන් මගින් පැහැදිලි කරගනී. දෙදෙනාම එකම අත්දැකීම් ලබද්දී වෙනස් නිගමන වලට එළඹීම සඳහා හේතුවුන එකම හේතුව එකිනෙකා තමං විසින් කලින් ගොඩනගාත් ප්‍රතිරූපි සත්‍ය ශක්තිමත් කිරීමට පෙළඹීම නිසායි.

මේ සටහන පුරාවට මම උත්සාහ කළේ මේ අකාරයට අපි පිළිගන්නා අදහස් රටාවට හෝ යම් හේතුවක් නිසා අපට පිළිගැනීමට බල කරන ඇත්ත, සෑම විටම ඇත්ත නොවිය හැකි බව වටහා ගත යුතු බවයි. මේ කියන ආකාරයේ idealistic චරිත අප අතර නොමැති විය හැකියි. නමුත් වටහාගත යුත්තේ තමා තුළද මේ දුර්වලතාවය ඇති විය හැකි බව පමණි. එසේ වූ විට අපට තවත් කෙනෙකුගේ අදහසක්, අවවාදයක් හෝ මතයක් ගැන මැදිහත්ව සිතීමට උදව්වේවි.

Friday, February 4, 2011

සිංහලෙන් ටයිප් කරන්න keyTouch IME නව නිකුතුව (යුනිකේත නොවන සිංහල අක්ෂර සහයද සමග)

keyTouch Sinhala IME
keyTouch යතුරුලියන මෘදුකාංගය නිකුත් කරල දැනට වසරකටත් වැඩියි. මෙහි නව නිකුතුව (version 1.1) දැන් අන්තරජාලයට මුදාහැරියා. http://cplus.lk/downloads/keytouch-ime/ හරහා දැන් ඔබට බාගත කළ හැකියි.

සිංහල යුනිකේතයට අමතරව පැරණි FM මාදිලියේ ෆොන්ට් වල ඇති layout එකට සකසා ඇති සිංහල සඳහාද මෙය භාවිතා කරන්න පුලුවන්. ඔබට අවශ්‍ය FM මාදිලියේ ෆොන්ට් එකක් විජේසේකර ක්‍රමයෙන් ටයිප් කරන්න මේ මෘදුකාංගය භාවිතා කරන්න පුලුවන්. නමුත් මෙහිදී මම යුනිකොඩ් සම්මත යතුරුපොවරුවේ භාවිතා කරන ආකරයේ සමග යම් වෙනස්කම් කිහිපයක් කරා, ඒ අනුව සඤ්ඤක අකුරු සඳහා Alt-gr(දකුණු පස ALT යතුර) භාවිතා කරන්න පුලුවන්. ඒ වගේම මේ මෘදුකාංගය භාවිතා කිරීමේදි දෝෂයක් මතුවුනොත් ඒ ගැන අපට දන්වන්න අමතක කරන්න එපා.

මෙම මෘදුකාංගයේ මූලක කේතයන්(source code) ලඟදීම GPL යටතේ නිකුත් කරන්නට අදහස් කර සිටිනවා.

Sunday, January 9, 2011

සිංහල බෞද්ධයන්ට හින්දු දෙයියෝ

බෞද්ධයන්ට කිසිසේත් අදාල නැති හින්දු දෙවිවරු ඉතා සූක්ෂම ලෙස බෞද්ධ වතාවත් සහ නූගත් නාමික බෞද්ධයන්ගේ ඔළුගෙඩි ඇතුලට රිංගාගෙන හමාරයි. වෙනත් ආගම්වලින් භෞතික මට්ටමෙන් බෞද්ධයන්ව හරවාගැනීමට ගන්නා උත්සාහයන්ට වඩා භයානක වන්නේ මෙයින් බෞද්ධ ධර්මය පිලිබඳ වැරදි මතයක් සමාජගත වීමයි. මේ වාසියද අවසානයේ අනෙක් ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ආගමිකයන් බෞද්ධ ධර්මයේ වැරදි ලෙස පෙන්වා දී බෞද්ධයන්ට පහර ගැසීමට පවා උපයෝගි කරගනිමින් ඉන්නව. මේ ඉන් එක් අවස්ථාවක්.



ඕනෑම පුද්ගලයෙක් දර්ශනයෙක් හෝ ආගමක් විවේචනය කිරීමේ අයිතියක් තිබිය යුතුයි. එය පුද්ගලික මට්ටමේ වෛරයක් නොව බුද්ධිමය වශයෙන් සංවාදයක් පමණක් විය යුතුය. එසේම තමං කතා කරන්නට යන දේ ගැන පැහැදිලි අවබෝධයක් නැතිව යමක් කතා කරනවානම් එයින් පෙන්වන්නේ ඔහුගේ මෝඩකමයි. ඔවුන්ට අපගේ අනුකම්පාව හිමිවිය යුතුය. එසේත් නැතහොත් පැහැදිලිවම තමං කියනා දේ අසත්‍ය බව දැන දැන එය වසං කොට වෙනකක් කියා පායිනම් එයින් කියා පාන්නේ තමාගේ අලුගුත්තේරු කමයි. එවැන්නක් නිරුවත් කිරීමද අපගේ වගකීමකි.

මේ විඩියෝවේ සිටින ඉස්ලාම් භක්තිකයාට බෞද්ධයන් ගැන ඇති අමාරුව මේ දෙකෙන් කොයිකට අයිතිදැයි මම නොදනිමි. නමුත් සමහර ඔළුගෙඩි බෞද්ධයන් පවා බෞද්ධ ධර්මයට හින්දු ආගම පටලවාගෙන ඇති නිසා මෙවැනි දේ කීමේ අවස්ථාව ඔවුන්ට දී ඇත්තේද අපමයි. ඉස්ලාම් ආගමේ ඇති නියම ත්‍රස්ථවාදී ස්වරූපය එළිකිරීම පෙරමුනේ රාල සහ අනෙකුත් අය විසින් ඉතා හොඳින් කරගෙන යන බැවින් ඒ දේවල් ඒ අයටම කරගෙන යන්නට ඉඩ හරිමින් ඔළුගෙඩි බෞද්ධන් හින්දු ආගමෙන් බේරාගැනීමේ අරමුනෙන් ඉතිරි කොටස ලියමි. (එසේම මේ ලිපියේ මගේ පුද්ගලික අදහස්ද ඇතුලත්වී තිබිය හැකි බව සලකන්න.)

ඉතා පැරණි ආගමක් වන හින්දු ආගම කාලයත් එක්ක විවිධ වෙනස්කම් ඇතිවෙලා තියෙනව, මේ නිසාම මෙහි ඇදැහිලි හා විශ්වාස වල විශාල වශයෙන් වෙනස් කම් දැකිය හැකියි. එක් එක් දෙවිවරුන්ගේ උත්පත්ති කතාද එක් එක් ප්‍රදේශන් අනුව වෙනස් වේ.

බ්‍රහ්ම , විෂ්ණු සහ ශිව හින්දු ආගමේ‍ දෙවි වරු ‍තිදෙනායි. මූලික හින්දු දර්ශනය තුල මෙසේ හඳුන්වනු ලබන්නේ සංකල්පයක් මිස ලෝක පාලක දෙවියෙක් ගැන නොවෙයි. මෙහි බ්‍රහ්ම නමින් හැ‍ඳින්වෙන්නේ උත්පාදක ශක්තියයි. එනම් යමක් හට ගැනීමට ඇති විභවය යි. විෂ්ණු නමින් හඳුන්වන්නේ පැවැත්මයි. එසේම ශිව නමින් අඳුන්වන්නේ විනාශයයි. ආත්මය හැර ලොව සෑම දෙයක්ම බ්‍රහ්ම විෂ්ණු සහ ශිව යන ධර්මයට හසුවන බව මූලික හින්දු දර්ශනයේ ඉගැන්වීමයි. එසේම මේ සංකල්ප තුනේ අනුරූප ස්ත්‍රී ස්වරූපයන් වන්නේ සරස්වතී, ලක්ෂමී සහ පාර්වතී යන සංකල්පයි. නමුත් පසුකාලීනව මේවාට දේවත් වයක් ආරූඩ වුනා, මූලික හින්දු දර්ශනය පෝෂණයවුනේ විවිධ ඍෂිවරුන්ගේ දේශනා මත වුනත් ඒ මත යැපෙන වෙනම සමාජයක් විසින් තමන්ට අවශය පරිදි ඒවා වෙනස් කරගත්ත නිසයි.

මූලික දේව සංකල්ප එසේ බිහිවුනත් අනෙකුත් හින්දු දෙවි වරු බිහිවීමත් මේ ආකාරයෙන්ම සංකල්පමය වශයෙන් ඇතිවී පසුව දේවත්වයන් ආරූඩ වූ ඒවාය. උදාහරණයක් ලෙස ඝන දෙවියන් ලෙසින් හැඳින්වෙන්නේ නුවනට අධිපති දෙවියන් බව සෑම දෙනාම දන්නා කාරනාවක්, නමුත් මේ දෙවියට ඇත්තේ අලි ඔළුවකි, එක් උත්පත්ති කතාවට අනුව කන්දස්වාමිට(කතරගම දෙවියන්ට) හොර ගෑනියෙකුව යාලු කරගන්නට ගිහින් වැඩ වරද්දාගැනීම නිසා අලි ඔළුවක් ආව බව කියවේ. නුවනට අධිපති දෙයියොත් කරගත්ත ගොන් වැඩක් නේද? නමුත් මූලික හින්දු දර්ශනයේ ඝන දෙවියන් හඳුන්වා දුන්නේ මේ ආකාරයටයි.


ඝන දෙවියන්ට ඇත්තේ තියුණු ඇස්දෙකකි - හොඳින් බලන්න. විශාල කන්දෙකකි - හොඳින් අසන්න. එසේම වඩා වැදගත් වන්නේ වාහනය වන මීයා පයින් පාගා සිටීමයි. මීයා ඉතාමත් කලබල කාරී සතෙක්, මීයා විසින් නිරූපනය කරන්නේ ඒකාග්‍රතාවයක් නැති සිතුවිලි. දුවන සිතුවිල පාලනයක කරගැනීමට අප ඤානවන්ත විය යුතුයි. මේ ආකාරයේ ඝන දෙවියන් යනු නුවන ගැන සංකල්පය රූපමය ආකාරයකින් නිරූපණයක් පමණයි. නැතිව යැදිය යුතු, පූජා කළ යුතු ගණ දෙවියෙකු ගැන මූලික හින්දු දහමේ උගන්වන්නේ නැත.

කෙසේ වුවත් හින්දු ආගම, ආත්ම වාදය පදනම් කරගෙන නිමවූවකි. ඕනෑම පුද්ගලයෙකු තුල නොවෙනස් ආත්මයක් ඇති බවත් එය පිරිසිදු කිරීමෙන් ශුද්ධාත්මයක් විය හැකි බවත් ඒ ආගමේ උගන්වයි. අනෙකුත් ඇදැහිලි හා අනේක විද පුදපුජා පසුකාලිකව බමුණන් විසින් තම වාසියට ගෙඩනගා ගත් ඒවා පමණි.

ලොව කලින් කලට විවිධ දාර්ශනිකයෝ පහල වෙති, විවිධ අදහස් පළ කෙරෙති. සමහර පැරණි දර්ශනික මත නැවත නැතත් විවිධ පුද්ලයන් විසින් දේශනා කරයි. බුදුන්ගේ සමහර සූත්‍රදේශනාවල චක්‍රාවාට, චක්‍රාවාට පොකුරු සහ වෙනත් සක්වල ජීවින් ගැන සඳහන් කෙරුනත් එවැනිම මත සහ සොයාගැනීම් නැවතත් විද්‍යාඥයින් විසින් සොයාගෙන පලකොට ඇත. එකම සත්‍ය විවිධ අය මගින් නැවත නැවත පුණුරුච්චාරණය වීම සොභාවිකය. එවැනි පුණුරුච්චාරණයන් විවිධ ආගමික ග්‍රන්ථ අතරද දැකිය හැක. බෞද්ධයන් නිතර අවිගත්තෝ අවියෙන් නසති කියා පිරුලක් කියයි. කඩු ගත්තො කඩුවෙන්ම නැසෙති කියා බයිබලයේ සඳහන්ව ඇත. බුදුරදුන් විසින් වරෙක මිත්‍යා දෘෂ්ඨිකයෙකු සරණ යන තවත් අයෙකු අන්දයෙක් තවත් අන්දයෙකුට කන වැල අල්ලනවාට සමාන බව දේශනා කොට ඇත., පසුව බිහිවුනත් The blind leading the blind නමින් බයිබලයේ නව තැස්තමේන්තුවේද ප්‍රසිද්ධ පාටයක් සටහන්ව ඇත. (බයිබලය කලින් කලට සංස්කරණය වූ බැවින් යම්කිසි වැදගත් කමක් ඇති යමක් හදිසියෙන් හෝ සොයාගැනීමට හැකිවුවද, ලිවීමට කීයවීමට වත් නොදත් අයෙකු අතින් බිහිවුණා යැයි සැ‍ලකෙන කුරාණය තුලින් එවැන්නක් බලාපොරොත්තු වීමද උගහටය.)

මෙයින් අදහස් වන්නේ මේ සියලුම ආගම් එකක් කියාද? නැත. කිසීසේත්ම නැත. හින්දු හෝ වෙනත් දර්ශනයක බෞද්ධ අදහස්වලට ආසාන්න අදහස් යම් පමණකින් තිබීමෙන් මේ සියල්ල එකම මූලයෙකින් ඇතිවූ බව හෝ එකම බව ඉන් හැඟවෙන්නේ නැත. බෞද්ධ අභිධර්ම පිටකයෙහි එකදු කොටසක් හො වෙන කිසිදු දර්ශනයකින් හෝ ආගමිකින් උපුටා දැක්වීමට නොහැකවීමෙන්ම එහි ඇති ඒකීය භාවය පැහැදිලි වේ. ආත්මවාදය සහ පුනුරුප්පත්තිය ප්‍රතික්ෂේප කරන බෞද්ධ ධර්මයට හැර අනෙක් දර්ශනයන් හෝ දේව වාදී ආගම් වලට නවීන විද්‍යාවට හෝ වෙනත් ඕනෑම පහරකට ඔරොත්තු දෙන පිට කොන්දක් ද නැත. ඒ නිසා ඔවුනට බෞද්ධ අදහස් මතවාද ණයට ගැනීමට සිදුවීම ගැන අනුකම්පා කළ යුතුය.

Saturday, August 28, 2010

.ලංකා සහ .இலங்கை නොමිලේ

LK domain registry එක මගින් ඔබට .lk ඩොමේන් නේම් එකක් සමගම .ලංකා සහ .இலங்கை නොමිලේ ලබාදේ. දැනටමත් .lk හිමියෙකු .ලංකා සහ .இலங்கை සඳහා ඉල්ලීමක් කළ හැකිය.

Sunday, August 8, 2010

Tissamaharama: The Debunk of "Thissamaharama evidence for Tamil Civilization 2200 years before in Sri Lanka"

(මෙම ලිපියේ සිංහල පරිවර්තනය ඉක්මනින් ඇතුලත් කෙරෙනු ඇත.)
We have been surprised by the Tamilnet article about potsherd found at Tissamaharama premises, which they claim to be evidence for ordinary Tamil speaking people lived in Southern Province of Sri Lanka, 2200 years ago. It is very unprofessional to believe the existence of Tamil speaking civilization in Southern Sri Lanka based on some non-native inscriptions that were found at an ancient harbor. Though we read that article fully to understand what was going on.

We are familiar with ancient Pre-Brahmin scripts which only found at Sri Lanka but not with Tamil scripts. The article says that the letters on the potsherd is read as this “tiraLi (or tirali in ISO 15919)”.

Quoted from Tamilnet article.

Inscribed potsherd from archaeological excavation at Tissamaharama, Hambantota District, Sri Lanka: From left to right the first letter is Li, second one is ra and the third one is ti. From right to left they are read as tiraLi. The fourth and fifth ones are symbols or graffiti marks. The sixth letter is mu and the seventh one is Ri. The last two are read from left to right as muRi. A little away is found a vertical line that perhaps marks the end of the legend. [Image courtesy: Department of Archaeology, Sri Lanka and the academics who sent it]

Did you notice? “The fourth and fifth ones are symbols or graffiti marks.” How likely someone would include an unidentified graffiti within an inscription for no reason? This is the point that increased our doubt about this so called evidence. Let’s take fourth letter. It's quite similar to Pre-Brahmin letter Na or Ni (with vowel symbol ‘i’ it makes “Ni” without sounding like “Na”) with some unwanted stripes at the bottom of the letter. Doesn’t it look strange? We are quite sure that the fifth letter is very similar to Sha or She (with vowel symbol “e” the letter sounds like “she” and without the vowel symbol, it sounds like “sha”) again with some unwanted stripes as before. Other than that, Tamilnet were quite right about other letters as it looks similar to Sinhalese Pre-Brahmin letters. People who are familiar with language Tamil, knows that Tamil alphabet does not have a unique latter for the sound “da”. Tamils use the latter “Ta” for both phonetic sounds “Da” and “Ta”. The last letter in the potsherd is very similar to the Sinhalese latter “da” with unwanted stripes. Remember, the Tamil alphabet does not have a letter for the sound “da”.

To clarify what's really going on, we, Ravana brothers got together to study the inscription even further. Surprisingly, our president Dhammika Hettiarachchi pointed out that inscription had been tampered to prove their desires. According to his findings the potsherd should correct as follows.

The lines with red highlights are from original inscription. But the lines with blue highlights are tampered latterly. This is the interesting part. If you read this inscription now from right to left, it sounds like “DaMaSheNa TeRaHa” (in Sinhalese "ධමශෙන තෙරහ) which means It's belong to Dharmasena Thero(in Sinhalese ධර්මසේන ස්ථවිරයන්ගේ)... It is logical to think that the potsherd is a part of a bowl used by a monk, most probably Dharmasena Thero.

Conclusion

It's so clear. This potsherd has been tampered. If you look clearly you can see new tampered lines are more clear than originals. This is not the first and definitely not the last time that they try to hide true history of Sri Lanka and create evidence to prove a Tamil civilization. Be careful and think twice before believing such fairy tales.

Ref: http://bit.ly/brwNDY
Images and other copyright material belong to their respective owners.
Article is copyrighted for Ravana Bothers.
special thanks to Pavithra

Sunday, June 27, 2010

මස් කාපං පුතේ උඹට පවු නෑ!

(මෙහිදී මස් යන පදය භාවිතයේදී මාළු යන සත්වයාද අඩංගු බව සලකනු මැනවි.)

මේ ලිපිය ලියන්නේ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ නිරිමාංශ ප්‍රශ්නය නම් ග්‍රන්ථය පිලිබඳ මගේ පුද්ගලික අදහස දැක්වීමට. මේ ග්‍රන්ථය ලියා ඇත්තෙ යමෙකු උන් වහන්සේගෙන් ප්‍රශ්න අසා උන් වහන්සේ ඒවාට දෙන පිළිතුරු ආකාරයටයි.

මුලින්ම පෙරවදනේ කියවෙන ආකාරයට උන්වහන්සේ වදාරන්නේ මෙය මාංශ භක්ෂකයන් නිර්මාණයට හෝ නිර්මාංශී අයට ගැරහීමටවත් නොවන බවයි. නමුත් මට හැඟෙන ලෙස මුලු ග්‍රන්ථය පුරාම උන්වහන්සේ පැහැදිලිවම කියන්නේ මස්කෑම මගින් ප්‍රණඝාත අකුසලයක් නොවන බවයි. විනය පිටකයේ භික්ෂූන් සඳහා වැළඳීම තහනම් කරණ ලද මාංශ හැර අනික්වා ගැනීමේ වරදක් නැති බවය. මෙහිදී අතීතයට බලපාන ලෙස කර්ම රැස්වීමක් සිදුනොවන බවක් දක්වා සිටිනවා.

දැන් අපි ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය ගැන සලකා බලමු
න භික්ඛවේ ජානං උද්දිස්ස කතං මංසං පරිභුංජිතබ්බං යො පරිභුඤ්ජිතබ, බං ආපත්ති දුක්කටස්සාතී අනුජානාමි භික්ඛවේ තිකෝටි පාරිශුද්ධ මච්ඡ මංසං අදිට්ඨං අසුතං අපරිසඛිතංති

තමන් වෙනුවෙන් මැරූ බව,
නොදුටු (අදිට්ඨං)
නොඇසූ (අසූතං)
සැකයක් නොමැති (අපරිසංඛිතං)

මේ ආකාරයේ මාශයක් වැළඳීමට පැහැදිලිවම බාධාවක් නොමැත. එය අවිවාදය, නමුත් ගැටලුව ඇත්තේ මේ ආකාරයේ මංශයක් වැළඳිමේන් අපට පවක් සිදුනොවේ, අකුසලයක් සිදු නොවේ කියා මස් කන එකට දිරිදීමය. එසේනම් මාංශ බක්ෂණයට දිරිගන්වමින් පොත් පත්, සහ ලිපි ලියමින් වෙහෙසීමය. මෙය එක් අන්තයකි අනෙක් අන්තය එකල සිටි දේව දත්තයන් කළේය, නමුත් මේ කාරණාවත් තමංගේ මස්කෑමේ කෑදර කමට වාසියට හරවාගැනීමට බොහෝ දෙනා උත්සාහ දරනවා.

මේ දෙව්දත් තෙර බුදු රජාණන් වහන්සේගෙන් ඉල්ලූ ඉල්ලීම් 5යි.

1. දිවි ඇති තෙක් භික්ෂූන් වහන්සේ ආරණ්‍යක ම විය යුතුයි.
2. දිවි ඇති තෙක් භික්ෂූන් වහන්සේ පිණ්ඩපාතික ම විය යුතුයි.
3. දිවි ඇති තෙක් භික්ෂූන් වහන්සේ පාංශුකූලික ම විය යුතුයි.
4. දිවි ඇති තෙක් භික්ෂූන් වහන්සේ වෘක්ෂ මූලික ම විය යුතුයි.
5. දිවි ඇති තෙක් භික්ෂූන් වහන්සේ නිර්මාංශික ම විය යුතුයි.

මොහොතක් හිතන්න? වනගතව වාසය කිරීම භික්ෂුවකට අකැපැ ද? එය වැරදි ද? භාවනායෝගි භික්ෂුවකට වඩාත් යෝග්‍යම වන්නේ ආරණ්‍යක සිටීම නොවේ ද? පිණ්ඩපාතය වැඩීම වැරදි ද ? පාංශුකූලික වීම වැරදි ද? වෘක්ෂ මූලික වීම වැරදි ද? නිර්මාංශී වීම වැරදි ද?

බුදුන් මේවාට එකඟ නොවුනේ ඒවා අනිවාර්යවශයෙන් විනිය නීතියක් කළයුතු දේවල් නොවන බැවිනි.

තව දුරටත් විමසා බලමු, බෞද්ධයාගේ නිත්‍ය පංච සීලයේ තුන්වන සිල්පදය ඔබ තවදරුටත් විමසා බැලුවහොත් අවිවාහක ස්ත්‍රියක් සහ අවිවාහක පුරුෂයෙකු ලිංගිකව හැසිරීම තුන්වන සිල්පදය කැඩීමක් නොවන බව ඔබට වැටහේවී, (http://dahamsewana.blogspot.com/2009/04/blog-post_7962.html) නමුත් එයින් අදහස් වන්නේ, එය කළ යුතු බවද ?

මගේ පුද්ගලික මතය, ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයක් අනුභව කිරීමට බෞද්ධයාට බාධාවක් නැත, නමුත් මස් කෑමේන් මට අකුසලයක් සිදුනොවේ, ඒවා මරණ අයට අකුසලයක් සිදුවූවාට මට අකුසලයක් සිදුනොවේ, කියා සිතමින් මස් කෑමට ඇති ආශාව (කෑදරකම) ට හේතු දක්වමින් කෙනෙක් මාංශ අනුභව කරයිනම්, ඔහුට ප්‍රාණඝාත අකුසල කර්මයක් නොවූවත් සිදුවන්නේ අකුසල කර්මයක්මය. තවදුරටත් බුදුන් මස්කෑම තහනම් නොකරන ලද්දේ බොහෝදුරට එය වෘතයකට සමාන විය හැකි නිසාය. යම් අයෙන් නිර්මාංශී වන්නේ එයින් සත්ව ඝාතනයක් නවතින්නේය යන උතුම් චේතනාවකින් නම් එය කුසල කර්මයක් වන්නේමය.

මේ මොහොතේ තවත් පුංචි කතාවක් හිතට ආවා. බුදුන් භික්ෂුන් අමතා පැන් පානයේදී රෙදි කඩකින් පෙරා පානය කරයුතු බව සැල කරා. භික්ෂුවක් විමසා සිටියා එසේ කරන්නේ කුඩා ජීවීන් සිටින නිසා ද කියා, එසේය ඇවත්නී කුඩාජීවින් සිටින නිසා අපි පැන් පෙරා පානය කරමු කිය, එවිට ඍධිමත් භික්ෂුවක් තම ඍධිය භාවිතා කොට ජලය තුල තවමත් පෙරූපසුවත් කුඩා ජීවින් සිටින බවක් සැල කර සිටියා. මෙවිට බුදුන් වදාරේ මම කිව්වේ පෙරා පැන් පානය කිරීමට මිස ඍධියෙන් කුඩා ජීවීන් සිටීදැයි බලන්නට නොවන බවයි.

෴පසු සටහන෴

ඉහත සටහනෙහි සමහරක් කොටස් මා විසින් පසුව වෙනස් කරන ලද බව කරුණාවෙන් සලකන්න, එයට හේතුව ඤාණානන්ද හිමියන්ට අපහාස වන ආකාරයේ වචන සටහන් ව ඇති බව, සමහරෙකුන් විසින් පෙන්වා දුන් නිසාය. එවැනි අදහසක් මගේ සිතේ නොතිබුනත් වචන භාවිතා කොට තිබු ආකරය අනුව එවැන්නක් කෙනෙකුට සිතිය හැක. අනෙක් කාරනාවනම් බෞද්ධායා මස්කෑම හරිද වැරදිද කියා කියා තරක් කර සිටිනවාට වඩා කළයුතු දේවල් ඇත. මේ කාරනාව මත මට පුද්ගලිකව ලැබෙන හෝ ලබාගන්නා වාසියක් නැත. භව අන්තරාව ගැන නියමව වැටෙහේනම් හිස ගිනිගත්තත් ඒ ගැන නොතැවී නිර්වාණයට යොමුවිය යුතුබව දක්වා ඇති බැවින් මෙවන් කාරනා සම්බන්ධව තර්ක විතර්ක කිරීමට කාලය නාස්ති කිරීමද අනුවන කමකි.

මේ කරුණ පිලිබඳ ලියවුනු වැදගත් ලිපියක් මෙම අඩවියේ ඇත. http://www.dhammikaweb.com/?p=11628[මාංශ ආහාරය ගැන බෞද්ධ විග්‍රහයක්]

Thursday, June 17, 2010

ඇපල් මැක් සඳහා නව සිංහල අකුරු - Sinhala Unicode Font for Apple Mac

ICTA ආයතනය විසින් ඇපල් මැක් සඳහා අලුත් අකුරක් නිර්මාණයක කරල තියෙනවා. මාසතුව ඇපල් මැක් පරිගණකයක් නැති නිසා මම හිතනවා ඇපල් පරිගණක තියෙන අය මේක ස්ථාපනය කර ගුණදොස් කියාවි කියලා. ඔබට ඔබගේ පරිගණකයේ දිස්වීමේදී ඇති වන දෝෂ තිරසටහන් ලබාදිය හැකිනම් වඩාත් පහසු වේවි.

නව ෆොන්ටය

Sunday, June 6, 2010

X-File වල The Truth මතකද? - 2012 Doomsday ගැන සටහන

බොහෝදෙනෙක් ආසාවෙන් නරඹපු රූපවාහිනී වැඩසටහනක්. මේක අන්තිම වෙනකන්ම බැලුව වුනත් මට හොඳටම විශ්වාසයි බොහෝදෙනෙක්ට අන්තිමටම Mulder හොයාගත්ත ඇත්ත මොකක්ද කියලා මතක නැතුව ඇති කියලා. පොඩ්ඩක් ආයෙමත් season 9 එකේ අන්තිම ෂොඑක (19th) The Truth බලන්න. මේ තියෙන්නේ වයිස් මෑන් එහෙමත් නැත්තන් දුම්බොන්නා විසින් Scully ට කියපු ඇත්ත.

It's a scary story. You want to come sit on my lap?
You don't scare me. My story's scared every president since Truman in '47.

You don't have to hear this.

No, I want to hear it, Mulder.

Ten centuries ago... the Mayans were so afraid
that their calendar stopped... on the exact date
that my story begins. December 22, the year 2012.

The date of the final alien invasion.

Mulder can confirm... the date.

He saw it at Mount Weather...

where our own secret government will be hiding...

when it all comes down.
පොඩ්ඩක් වෙනස් විදියේ අදහසක් මේකේ තියෙනවා. නමුත් 2012 ලොක විනාශයක් සිදුවීමේ හැකියාවක් කොහෙත්ම තියෙන්න විදියක් නෑ. ක්ෂීරපතයේ කේන්ද්‍රයට සූර්යා හා පෘථිවිය සමපාත වෙනව කියන කතාවත් 100%ක් ඇත්ත නෙමෙයි. මේ තියෙන්නේ මේ ගැන මම cPlus එකට ලියපු ආටිකල් එකක්. (http://cplus.lk/2010/05/2012-doomsday-සහ-නොස්ත්‍රදාමුස්/)