ඉන්ධන යොදන්න ඕනෑ එකවරයි - රටම ඇන්දූ මහා බොරුව - Free Energy Debunk



විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න නම් විස්මිත නිපැයුම් කරුවෙක් ගැන ප්‍රවෘතියක් Facebook සමාජ මාධ්‍ය ජලාවල පැතිරෙමින් යයි. මේ ලිපිය ලියන විට එම වීඩියෝව නැරඹූ ගණන ලක්ෂය අභිබවා ඇත.

Facebook Video


මුලින්ම කියන්නට ඕනෑ. ඔහු සැබවින්ම දක්ෂයෙක් බව පෙනෙන්නට ඇති බවයි. නමුත් හරි හතරැස් බොරු නොකියා රටට වැදගත් යමක් කරන්නට කියා ඔහුට ආරාධනා කරනවා. ඔහු මේ වීඩියෝව පුරා කියන ලද තහවුරු කරග හැකි කරුණු ගැන පමණයි මම මෙතනදී කතා කරන්නේ.

ඔහු වීඩියෝවේ තැන තැන නිතරම කියන කුණු අඹරන (crush) කරන යන්ත්‍රය ගැන ලොකු ගැටලුවක් නෑ. කුණු නිසි ලෙස වෙන් කරගන්නා ආකාරය ගැන පැහැදිලි අදහසක් ඔහු කියන්නේ නැති මුත් එය කළ නොහැකි අභව්‍ය දෙයක් නොවේ. සැබවින්ම ඔහු එවැනි යන්ත්‍රයක් හදනවාද විය හැක. එවන් දෙයක් ඔහු කරනවානම් එයට සුබ පතන බව මුලින්ම කින්නට ඕනේ.

"රසදිය ඉන්ජිමට එන වසරේ නොබෙල් ත්‍යාගය සඳහා ඉදිරිපත් කරන්න බලාපොරාත්තු වෙනවා"

නොබෙල් ත්‍යාගය සඳහා නිල වෙබ් අඩවිය (https://www.nobelprize.org/) සඳහන් කරන ආකාරයට මේක පට්ට පල් බොරුවක්.

පහත කොටස නොබෙල් ත්‍යාගයේ නිල වෙකබ් පිටුවේන උපුටා ගන්නා ලද්දක්.

"No person can nominate herself/himself for a Nobel Prize."
සරල අදහස: කිසිදු පුද්ගලයෙකුට තමාවම නොබෙල් ත්‍යාගය සඳහා සලකා බ ලන ලෙස ඉල්ලීම් කළ නොහැකියි.


ඔව්, රසදිය එන්ජින් එක ඔහු අපිට පෙන්නේ නෑ. ඒත් ඒක එයාගේ නොබෙල් ත්‍යාගයටත් ඉදිරිපත් කරන්න ඉන්නේ. ශක්ති සංස්ථිති නියමය වගේ බරපතල වචන අමතක කරමු. ඔහු කියනවානේ වසර 100ක් විතර දුවන්න පුළුව්න කියලා. කවුද දන්නේ රසදිය න්‍යෂ්ටියේ තියෙන බලයවත් ඔහු භාවිතා කරනවා ද කියලා? ඒක නිසයි මම ඒ වගේ වෙන්න පුළුවන් දේවල් ගැන කතා නොකර, ලොකුවට විද්‍යාත්මක දැනීමක් නැතුව අපිට කතා කරන්න පුළුවන් දේවල් ගැන විතරක් කතා කරන්නේ. ලෝක බලශක්ති අර්බුදයට ඔහු විසඳුමක් සොයාගෙන, ලෝකයේ ධනවත්ම පුද්ගලයා වීමේ හැකියාව තියෙද්දී ඔහු එසේ නොකිරීම ගැන අපි කතා නොකර ඉමු. සමහර විට ඔහු අල්පේච්ඡ ජීවිතයට කැමති ඇති. කවුද දන්නේ?

පොලීසිය සඳහා නිර්මාණය කරණ ලද "හෙළි කොප්ටරය"


පටන් අරන් වැඩේ නවත්වා ඇත. නැවුත්තුවේ ඇයි කියලා හරියටම කියන්නේ නෑ. Test drive එකක පිංතූරයක්වත් නැති එක ගැන නම් පුදුමයි. ඒත් කමක් නෑ කියමු,

ලක්ෂ 10ක පිරිවැයකින් හෙලිකොප්ටරයක් හදනවා
Robinson R44 එකේ බර 1,089 kg = 235 Hp (horsepower) තියෙනවා.  ඔහු විඩියෝවේ කියනවා ඔහු Helicopter යක් ලෙස හඳන්වන යකඩ ගොඩ සාදා නිම කරාම 1100kg විතර බරයි කියලා. අපි උප කල්පනය කරමු ඒ අනුව අඩුම තරමේ මෙ වගේ engine එකක් මේ helicopter එකට ඕන කියලා.

මේවගේ බලයක් තියෙන එන්ජින් එකක් පොළවේ යන වාහන වලින් SUV වර්ගයේ රථ වලට තියෙනවා. Helicopter එකක් නෙමෙයි hatchback පුංචි කාර් එකක් හරි ඒ ගානට හදන්න පුළුවන්නම් වටිනවා. පළමු ඇණැවුම මගෙන් ;)

පයින් ගසෙන් ඉන්ධන සොයාගෙන.

ඇත්තටම මේක අලුත් දෙයක් නෙමෙයි. මේක ගොඩක් අය දැනටත් කරන දෙයක්. ඔබට මේ පහත සඳහන් කර ඇති යොමු හරහා ඒ ගැන බලන්න පුළුවන්. මේවා ජීව ඉන්ධනයක් ලෙස සැකිය හැකියි. මෙම ජීව ඉන්ධන සාමාන්‍ය ඉන්ධනය ලෙස පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියක් ඇති බවත් සත්‍යක්. නමුත් මෙම ඉන්ධන ලාභදායි ලෙස ඩීසල්/පැට්‍රල් ආදී ඉන්ධනයක් බවට පත් කරලා ප්‍රයෝගිකව යොදා ගැනීම විද්‍යාඥයන් තවමත් කරගන්න බැරි වෙලා තියෙන දෙයක්. නමුත්,  ඔහු කියනවා ඔහු කරලා තියෙනවා කියලා. සාමාන්යෙන් biomass පදනම් කරගත්ත ඉන්දන පරිවර්තනය කරන්න පුළුවන් ඩීසල් වලට. පැට්‍රල් වලට පරිවර්තනය කරණ ක්‍රමයක් තවම සොයාගෙන නෑ, සමහර විට ඔහු සොයාගෙන ඇති? ඒ සැකයේ වාසිය අපි ඔහුට දෙමු.හැබැයි මෙච්චර ලෙකු වැඩක් කරලා ඔහු පැට්‍රල් ලීටරය රු 60 ගානේ විකුණලාත් ඉවර වුනාට ඒ යන්ත්‍රය ක්‍රියා කරන ආකාරය ගැන විඩියෝ එකක්වත් අරන් නෑ. මේවා පිටතට දෙන්න කැමතිත් නෑලු. ඔහුට ඔහුගේ ක්‍රම වේදය පිළිබඳව අයිතිය 100% තබාගෙන ලොව ධනවත්ම පුද්ගලයන් අතරට බවට පත්වීමට තරම් හැකියාවක් ඇති මේ සෙයා ගැනීම  භාවිතා නොකරන්න තරම් ඔහු අහින්සකයි.

https://www.zdnet.com/article/turning-pine-trees-into-jet-fuel/
https://www.youtube.com/watch?v=jGZMm4-rIfk
https://www.youtube.com/watch?v=xQXRFGu4JXA


--Update--

patrol සඳහා ආදේශකයක් ලෙස, bioethanol භාවිතා කළ හැක.

Comments

Popular Posts