Skip to main content

Posts

Showing posts from June, 2010

මස් කාපං පුතේ උඹට පවු නෑ!

(මෙහිදී මස් යන පදය භාවිතයේදී මාළු යන සත්වයාද අඩංගු බව සලකනු මැනවි.)
මේ ලිපිය ලියන්නේ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ නිරිමාංශ ප්‍රශ්නය නම් ග්‍රන්ථය පිලිබඳ මගේ පුද්ගලික අදහස දැක්වීමට. මේ ග්‍රන්ථය ලියා ඇත්තෙ යමෙකු උන් වහන්සේගෙන් ප්‍රශ්න අසා උන් වහන්සේ ඒවාට දෙන පිළිතුරු ආකාරයටයි.
මුලින්ම පෙරවදනේ කියවෙන ආකාරයට උන්වහන්සේ වදාරන්නේ මෙය මාංශ භක්ෂකයන් නිර්මාණයට හෝ නිර්මාංශී අයට ගැරහීමටවත් නොවන බවයි. නමුත් මට හැඟෙන ලෙස මුලු ග්‍රන්ථය පුරාම උන්වහන්සේ පැහැදිලිවම කියන්නේ මස්කෑම මගින් ප්‍රණඝාත අකුසලයක් නොවන බවයි. විනය පිටකයේ භික්ෂූන් සඳහා වැළඳීම තහනම් කරණ ලද මාංශ හැර අනික්වා ගැනීමේ වරදක් නැති බවය. මෙහිදී අතීතයට බලපාන ලෙස කර්ම රැස්වීමක් සිදුනොවන බවක් දක්වා සිටිනවා.
දැන් අපි ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය ගැන සලකා බලමු න භික්ඛවේ ජානං උද්දිස්ස කතං මංසං පරිභුංජිතබ්බං යො පරිභුඤ්ජිතබ, බං ආපත්ති දුක්කටස්සාතී අනුජානාමි භික්ඛවේ තිකෝටි පාරිශුද්ධ මච්ඡ මංසං අදිට්ඨං අසුතං අපරිසඛිතංති
තමන් වෙනුවෙන් මැරූ බව, නොදුටු (අදිට්ඨං) නොඇසූ (අසූතං) සැකයක් නොමැති (අපරිසංඛිතං)
මේ ආකාරයේ මාශයක් වැළඳීමට පැහැදිලිවම බාධාවක් නොමැත. එය අවි…

ඇපල් මැක් සඳහා නව සිංහල අකුරු - Sinhala Unicode Font for Apple Mac

ICTA ආයතනය විසින් ඇපල් මැක් සඳහා අලුත් අකුරක් නිර්මාණයක කරල තියෙනවා. මාසතුව ඇපල් මැක් පරිගණකයක් නැති නිසා මම හිතනවා ඇපල් පරිගණක තියෙන අය මේක ස්ථාපනය කර ගුණදොස් කියාවි කියලා. ඔබට ඔබගේ පරිගණකයේ දිස්වීමේදී ඇති වන දෝෂ තිරසටහන් ලබාදිය හැකිනම් වඩාත් පහසු වේවි.
නව ෆොන්ටය http://www.siyabas.lk/files/macbashitha.ttf

X-File වල The Truth මතකද? - 2012 Doomsday ගැන සටහන

බොහෝදෙනෙක් ආසාවෙන් නරඹපු රූපවාහිනී වැඩසටහනක්. මේක අන්තිම වෙනකන්ම බැලුව වුනත් මට හොඳටම විශ්වාසයි බොහෝදෙනෙක්ට අන්තිමටම Mulder හොයාගත්ත ඇත්ත මොකක්ද කියලා මතක නැතුව ඇති කියලා. පොඩ්ඩක් ආයෙමත් season 9 එකේ අන්තිම ෂොඑක (19th) The Truth බලන්න. මේ තියෙන්නේ වයිස් මෑන් එහෙමත් නැත්තන් දුම්බොන්නා විසින් Scully ට කියපු ඇත්ත.
It's a scary story. You want to come sit on my lap? You don't scare me. My story's scared every president since Truman in '47.
You don't have to hear this.
No, I want to hear it, Mulder.
Ten centuries ago... the Mayans were so afraid that their calendar stopped... on the exact date that my story begins. December 22, the year 2012.
The date of the final alien invasion.
Mulder can confirm... the date.
He saw it at Mount Weather...
where our own secret government will be hiding...
when it all comes down. පොඩ්ඩක් වෙනස් විදියේ අදහසක් මේකේ තියෙනවා. නමුත් 2012 ලොක විනාශයක් සිදුවීමේ හැකියාවක් කොහෙත්ම තියෙන්න විදියක් නෑ. ක්ෂීරපතයේ කේන්ද්‍රයට සූර්යා හා පෘථිවිය සමපාත වෙනව කියන ක…

බුදුන්ට නිගා කරන - මහාවංශය (Mahawanshaya)

නොදන්නා දේ කතා නොකර සිටිය යුතුයි. කෙසේ වුවත් දන්නා ටිකෙන් හරි යමක් වැරිදයයි හැඟේනම් ඒ පිලිබඳ ව අදහස් දැක්වීමේ නිදහස බුක්ති විඳිමට කැමැත්තෙන් මේ ලිපිය ලියමි.

මාගේ පාලි භාෂා ඥානය මද බැවින් මේ ලිපිය සඳහා මම යොදගන්නට අදහස් කරන්නේ සිංහල මහාවංශයි. බහුතරයක්දෙනා හිස් මුදුනින් පිලිගත්තද, මහාවංශයට අනුව අපි(සිංහළයන්) සිංහයන්ගෙන් පැවත එන බව කියවන බව ඔබ කවුරුත් දන්නවා යැයි සිතමි. කථා ප්‍රස්තුතයට අදාල නොවන බැවින් ඒ ගජබින්නය ගැන මෙතන කතා කරන්න නොයමි.
මහාවංශයට අනුව බුදුන් ලංකාවට ප්‍රතම වරට වැඩම කරන්නේ අති උතුම්වූ බුද්ධත්වයට පත්වී නව මසකට පසුව දුරු වෙසක් පොහෝ දිනකයි.(මහාවංශය පළමුවෙනි පරිච්ඡේදය 17 සිට 32 දක්වා බලනු.)
සංක්ෂිප්ත අදහස බුදුන් ලංකාද්වීපයට වැඩම කිරීමට අදහස් කරනුයේ ලංකා ද්වීපය ශුද්ධ කරනු පිණිසය. යකුන් විසින් පිරිණු ලක්දිව යක්ෂයන් බැහැර කටයුතු යයි උන්වහන්සේ දක්නා ලදහ. ලංකාද්වීපයේ මනෝරම්‍ය නම් ගං ඉවුරේ වූ උයනක යක්ෂ සමාගමයට පැමිණි සර්වඥතෙම අහසේ වැඩසිටිහය. ඒ යක්ෂයන් බයවන වර්ෂාවාතන්ධකාරාධිය මැවූ සේක. මෙයින් බියට පත් ඒ යක්ෂයෝ බුදුන්ගෙන් අභය ධානය ඉල් වූහ. තථාගතයන් වහනස්සේ යක්ෂ්‍යන්අමතා මෙසේකීහ. &qu…