Tuesday, February 5, 2008
අද ආරම්භ කරන ලද නව අඩවිය
http://astrology.sigma.lk/
Monday, February 4, 2008
60වන නිදහස
ඔන්න ඉතින් සුද්දා අපේ රටදාල ගිහින් අදට අවුරුදු 60කුත් වුනා. දැනට වෙනත් රටකට පැනලා යන්න තරම් දෙයක් වෙලා නැතිනිසා මැරෙනකම් මෙහෙම ඉන්න තමයි හිතාන ඉන්නේ. මොනා කරන්නත් අපට තියෙන්නේ මේ රට විතරයි.
අවුරුදු ගණනක් එක එක නම්තියෙන සුදු හම තියෙන එවුන් ටිකක් අපේ රටට අරක්ගෙන උන්නානේ. ඒ සුද්දො අපේ රටේ දිගටම හිටියනම් අපිට මීට වඩා නිදහසේ ඉන්න තිබ්බා. ඔය අපේ රටේ ඉන්න කට්ටියක් නිතර කියන කාතාවක්නේ. පර සුද්දනේ ඇයි තොපි මේ කළු සුද්දෝ ටිකත් උඹේ රටට ඇන්න නොගියේ. පර කියනනේ නරක වචනයක් නම් නෙමෙයි ඕන්. හැම සුද්දාටම පරයෝ කියන්න බෑ. ඕල්කට් තුමාගේ හම සුදු වුනත් පරයෙක් කියා කියන්ට පුළුවනෑ. ඒත් ඉතින් මේ රටේම උපන් අම්මෙකුට යි තාත්තෙකුට යි දාව වුනත් පරයෙක් උපදිනට පුළුවන්. නිදහස් අධ්‍යාපනයට පිං සිදුවන්ට නිදහසේ සහ නොමිලේ පාසල් ගිහින් ඊටත් පස්සේ විශ්ව විද්‍යාලයකටත් ගොහින් නිකන් ලැබෙන මහපොළත් අරං (ඒ මදිවට එකත් මදියි කියනවා) උපන් රටට බායි කියා පිට රට පනින එවුන්ටත් පරයෝ කියන්න පුළුවන්. ඒකා ඒ තත්වෙට ගේන්ට මේරටේ ඉන්න හැම මිනිහෙක්ම දායකවෙලා කියලා උන්ට අමතක වෙනවා(අමතක කරනවා). මේක කියවන ඔය වැඩේ කරන්ට හිතාන ඉන්න එවුන්ටයි මේ කියනනේ. උඹට ඕන රටකට පලයං. තමන් උපන් රටේ මිනිසුන්ට තියෙන ණය ගෙවන්න යමක් ඒ රටට කරපං. එදාට උඹලටත් නිදහසක් දැනේවී තමන් උපන් රටට ණය නෑ කියලා.
අපේ රටේ සිංහළ දෙමළ මුස්ලිම් හැම ජාතියක්ම සාමයෙන් සතුටින් එකමුතුව මේ නිදහස සමරමු. සාදූ.. සාදූ.. ඕකත් ඉතින් තමන්ගේ ඊනියා මානව හිතවාදය එලියට දාන කරමයක් තමා. සාගතෙන් පෙලෙන උන් දැන් ඉතින් නැගිටියව්... ඔය ගීතය තමන්ගේ ආදර්ශ පාටය කර ගත් අපේ සහොදරයෝ පිරිසක් නිතරම කියන කාවක් තමා ඕක. තව මනාප ගන්ට හිතන් ඉන්ට නෝනලා මහත්තයලා ත් ඔවා නිතරම කියනවා. අපට සාමයෙන් ඉන්ට කියන්ට උන්දැලා අපේ බාප්පලානේ. දැන් අපි එක එකාව මරා ගන්ටවානේ. අපෙ මලයන්ඩියි මමයි කුඩා සංදියේ නිතරම සන්ඩු කරනවා. අපේ අම්මා නිතරම කියන්නේ උඹලා දෙන්නට උඹලා දෙන්නා විතරයි ඉන්නේ සාමයෙන් හිටපන් කියලා. ඒකනම් ඉතින් හරි මොකො අපිදෙන්ටා අතර සාමයක් සතුටක් තිබ්බේම නෑනේ.
කොහොම කොහෙම වුනත් නිදහස තියන්නේ හිතේ. ධනාත්මක චින්තන මාමලා නිතර කියන කතාවක් වුනත් ඒ කතාවේ නැත්තක් කුත් නෑ෴