Skip to main content

60වන නිදහස

ඔන්න ඉතින් සුද්දා අපේ රටදාල ගිහින් අදට අවුරුදු 60කුත් වුනා. දැනට වෙනත් රටකට පැනලා යන්න තරම් දෙයක් වෙලා නැතිනිසා‍ මැරෙනකම් මෙහෙම ඉන්න තමයි හිතාන ඉන්නේ. මොනා කරන්නත් අපට තියෙන්නේ මේ රට විතරයි.

අවුරුදු ගණනක් එක එක නම්‍තියෙන සුදු හම තියෙන එවුන් ටිකක් අපේ රටට අරක්ගෙන උන්නානේ. ඒ සුද්දො අපේ රටේ දිගටම හිටියනම් අපිට මීට වඩා නිදහසේ ඉන්න තිබ්බා. ඔය අපේ රටේ ඉන්න කට්ටියක් නිතර කියන කාතාවක්නේ. පර සුද්දනේ ඇයි තොපි මේ කළු සුද්දෝ ටිකත් උඹේ රටට ඇන්න නොගියේ. පර කියනනේ නරක වචනයක් නම් නෙමෙයි ඕන්. හැම සුද්දාටම පරයෝ කියන්න බෑ. ඕල්කට් තුමාගේ හම සුදු වුනත් පරයෙක් කියා කියන්ට පුළුවනෑ. ඒත් ඉතින් මේ රටේම උපන් අම්මෙකුට යි තාත්තෙකුට යි දාව වුනත් පරයෙක් උපදිනට පුළුවන්. නිදහස් අධ්‍යාපනයට පිං සිදුවන්ට නිදහසේ සහ නොමිලේ පාසල් ගිහින් ඊටත් පස්සේ විශ්ව විද්‍යාලයකටත් ගොහින් නිකන් ලැබෙන මහපොළත් අරං (ඒ මදිවට එකත් මදියි කියනවා) උපන් රටට බායි කියා පිට රට පනින එවුන්ටත් පරයෝ කියන්න පුළුවන්. ඒකා ඒ තත්වෙට ගේන්ට මේරටේ ඉන්න හැම මිනිහෙක්ම දායකවෙලා කියලා උන්ට අමතක වෙනවා(අමතක කරනවා). මේක කියවන ඔය වැඩේ කරන්ට හිතාන ඉන්න එවුන්ටයි මේ කියනනේ. උඹට ඕන රටකට පලයං. තමන් උපන් රටේ මිනිසු‍න්ට තියෙන ණය ගෙවන්න යමක් ඒ රටට කරපං. එදාට උඹලටත් නිදහසක් දැනේවී තමන් උපන් රටට ණය නෑ කියලා.

අපේ රටේ සිංහළ දෙමළ මුස්ලිම් හැම ජාතියක්ම සාමයෙන් සතුටින් එකමුතුව මේ නිදහස සමරමු. සාදූ.. සාදූ.. ඕකත් ඉතින් තමන්ගේ ඊනියා මානව හිතවාදය එලියට දාන කරමයක් තමා. සාගතෙන් පෙලෙන උන් දැන් ඉතින් නැගිටියව්... ඔය ගීතය තමන්ගේ ආදර්ශ පාටය කර ගත් අපේ සහොදරයෝ පිරිසක් නිතරම කියන කාවක් තමා ඕක. තව ‍මනාප ගන්ට හිතන් ඉන්ට නෝනලා මහත්තයලා ත් ඔවා නිතරම කියනවා. අපට සාමයෙන් ඉන්ට කියන්ට උන්දැලා අපේ බාප්පලානේ. දැන් අපි එක එකාව මරා ගන්ටවානේ. අපෙ මලයන්ඩියි මමයි කුඩා සංදියේ නිතරම සන්ඩු කරනවා. අපේ අම්මා නිතරම කියන්නේ උඹලා දෙන්නට උඹලා දෙන්නා විතරයි‍ ඉන්නේ සාමයෙන් හිටපන් කියලා. ඒකනම් ඉතින් හරි මොකො අපිදෙන්ටා අතර සාමයක් සතුටක් තිබ්බේම නෑනේ.

කොහොම කොහෙම වුනත් නිදහස තියන්නේ හි‍තේ. ධනාත්මක චින්තන මාමලා නිතර කියන කතාවක් වුනත් ඒ කතාවේ නැත්තක් කුත් නෑ෴

Comments

Bo said…
ලියා තිබෙන දේ නම් සහතික ඇත්ත මල්ලී, නොමිලේ ලැබෙන ඉගෙනීම ඉවර වෙලා, පිට රට පැනලා රස්සා කරන අය ඕනෙ තරම් අද, එහෙත් ඒ අතරෙම ඉන්නවා මෙරට විශ්ව විද්යාල වරම් අහිමිව පිටරට ගොස් ඉගෙන ගෙන පැමින සිය රටට සේවය කරන්නන්, අපේ රටේ ක්රමයක් හදන්න ඕනේ සැබෑ දේශ හිතෛශී පිරිස් මව් බිමේ රන්ධවා ගන්ට, සුද්ද්දගෙන් නිදහස ලබලා අවුරුදු 60 පිරෙන මේ මොහොතේ, ත්රස්තවාදී කරදර වලින් තොර දේශයක සිට ලබන වසරේ නිදහස සමරන්නට හැකි වේවායි පතමි
"ලියා තිබෙන දේ නම් සහතික ඇත්ත මල්ලී, නොමිලේ ලැබෙන ඉගෙනීම ඉවර වෙලා, පිට රට පැනලා රස්සා කරන අය ඕනෙ තරම් අද, එහෙත් ඒ අතරෙම ඉන්නවා මෙරට විශ්ව විද්යාල වරම් අහිමිව පිටරට ගොස් ඉගෙන ගෙන පැමින සිය රටට සේවය කරන්නන්, අපේ රටේ ක්රමයක් හදන්න ඕනේ සැබෑ දේශ හිතෛශී පිරිස් මව් බිමේ රන්ධවා ගන්ට"

100% ඇත්ත. එවන් උතුම් මිනිසුන්ට මාගේ ප්‍රණාමය. මේලිපිය කියවා මා රැඩිකල් මතධාරියෙක් කියලා වරදවා වටහාගන්න නම් එපා.

"සුද්ද්දගෙන් නිදහස ලබලා අවුරුදු 60 පිරෙන මේ මොහොතේ, ත්රස්තවාදී කරදර වලින් තොර දේශයක සිට ලබන වසරේ නිදහස සමරන්නට හැකි වේවායි පතමි"

අපකාගේත් පැතුම එයයි.

Popular posts from this blog

බැලුම්ගල කුහක මධ්‍ය කරණය

වසරකට ආසන්න කාලයක් ලිපියක් නොලියූ මට ලිපියක් ලියන්නට ප්‍රස්තුතයක් වූයේ මේ බැලුම්ගල වැඩ සටහන යි. ආරම්භයක් ලෙස එම වැඩසටහනේ සවන්දීමට ආරධනා කරමි.



මම මේ ලිපිය ලියන්නට පටන් ගන්නේම බැලුම්ගල වැඩසටහනේ ඇති ළාබාල අතාර්කික ක්‍රමයකින් විවේචනය කරන ක්‍රමවේදය හෙළා දැකීමට බැවින්, සාධාරණ අපක්ෂපාතී, ලිවීමක් විවරණයක් මා තුළින් බලාපොරොත්තු නොවන්න. භද්‍රජී මහින්ද ජයතිලකගේ Diehard fan කෙනෙක් බැවින් තව දුරටත් එය එසේ නොවෙනු ඇත.

2002 හෝ ඊට ආසන්න කාලයක දිනක් කොළඹ මහජන පුස්තකාලය තුළ අමුතු තාලයේ පොතක් මට හමුවුනා. එහි නම "විශ්ව ශක්තිය හා චක්‍ර" හෝ එයට ආසන්න නමක් ලෙසයි මට මතක. එහි රචකයා වූයේ භද්‍රජී හින්ද ජයතිලයන්ම තමයි. ඒ වන විට ලංකාව තුළ විශ්ව ශක්තිය නමින් හෝ රේඛී නමින් හෝ කිසිවක් විද්‍යුත් මාධ්‍ය වල පල නොවුනු කාලයක්. භද්‍රජී ගැන මම ඒවන විට 70 ගීත ගායකයෙක් සහ ගීතරචකයෙක් ලෙස දැන සිටියත් ඔහු ගැන පුද්ගලිකව සෙයාබැලීමට උනන්දු වූයේ ඒ පොත කියවීමෙන් පසුවයි.

කාලයත් සමග ලංකාව තුළ විශ්ව ශක්ති හොරුන් ලෙඩ රෝග සුව කරන එලොවින් ආ ජීවිකයන් ගෙන් පිරී ගියේය. ඒ සැවොම මිනිසුන්ගෙන් ලක්ෂ ගණන් මුදල් වංචාකොට අතුරුදහන් විය. විශ්…

Apple Mac පරිගණක සඳහා සිංහල යතුරු ලියන පහසුකම (Wijesekara Keylayout))

වසර ගනණක කඩවුනු පොරොන්දුවක් ඉටු කරන්නයි යන්නේ. මේ ඇපල් පරිගණක සඳහා සිංහල යතුරු පොවරුව නිර්මාණයකරලා වසරක් පමණ ගත වුවත් අද තමයි නිලවශයෙන් නිකුත් කරන්නේ. පහුගිය බ්ලොග් කරුවන්ගේ සංසදයේ හමුවේදීත් මෙය ලබාදෙන බවට මම පොරොන්දු වුනත් නිකුත් කරගන්නට හැකියාවක් ලැබුනේ නෑ. පරිගණකයට ස්ථාපනය කරගන්නා ආකාරය හා බාගත කිරීමේ යොමු පහත දක්වා ඇත.

පළමුව sinhala-wije.keylayout ගොනුව මේ යොමුවෙන් බාගත(download) කරන්න. (download නොවේනම් right click කර save link as යන්න තෝරන්න.)

ඉන් පසු ඔබගේ මැකින්ටෝෂ් පරිගණකයේ Finder වැඩසටහනට පිවිසී Go > Computer වෙතට යන්න. මේ මගින් ඔබගේ account එකට අදාල Folder එක විවෘතවේ.එහි Machintosh HD තුල පිවසී Library & Keyboard layouts යන ෆොල්ඩරයට පිවිසෙන්න.දැන් බාගත කරන ලද sinhala-wije.keylayout ගොනුව එම ෆොල්ඩරය(Library>Keyboard Layouts) වෙතට කොපි කරගන්න.දැන් පරිගනකයෙන් Log offවෙන්න නැතිනම් පරිගණකය Restart කරන්න.ඉන් පසු System Preferences > Language & Text වෙත පිවිස Input Sources ටැබ් එක විවෘත කරන්න. එහි sinhala-wije යන්න තෝරාන්න (checkbox එක ‍select කරන්න)අවශ්‍යනම් keboar…

ලංකාවෙන් පිට රටට යන සල්ලි නවත්තන්න එටිසෙලාට් සිම් එක කැඩුව නේ ද?

කමක් නෑ ඊට කලින් කරන්න තව වැඩ ටිකක් තියෙනවා. කැඩුවත් නැතත් මේ ටිකත් කරන්න පුළුවන් නම් අපේ රට ගොඩ දාගන්න පුළුවන්.

1. දුරකථන අංකයක් ව්‍යාපාරිකයන් වෙනස් කරන්න කැමති වෙන්නේ නෑ. ඔවුනට අදාල අංකය මිස ආයතනය මොකක්ද කියන එක නෙමෙයි. ඒක නිසා TRC එකට බල කරන්න ඕන Number Portability පහසු කම පාරිභෝගියන්ට ලබා දෙන්න කියලා. ඒ කිව්වෙ. අංකය වෙනස් නොකර ඩයලොග් වලින් මොබිටෙල් වලට හරි, එටිසෙලාට් වලින් ඩයලොග් වලට හරි මාරුවෙන්න තියෙන පොරිභෝගික අයිතිය නිත්‍යානු කූල කරන්න කියලා රජයට බල කරන එක. දැනට මේ නීතිය ක්‍රියාත්මක නොකරන්න් Etisalat සහ Dialog කියන කම්පැනි දෙක කඩා වැටේවි කියන බයට. රජය ඉන්න ඕන මිනිස්සුන්ගේ පැත්තේ මිස ආයතනවල පැත්තේ නෙමෙයි. ඒ ආයතන වල රැකියා කරන අයත් ආරකෂා කරගත යුතුයි. නමුත් පාරිභෝගික අයිතියට සෑම විට මුල් තැන ලබා දීම රජයක් සතු වගකීමක්.

2. පැට්‍රල් වලින් ඩීසල් වලින් දුවන වාහන Electic වාහන වලට මාරු වෙමු ද? අඩුම තරමේ Hybrid එකකටවත්. වාහන වල ටැක්ස් වැඩියිනම් ඒකටත් රජයට බල කරමු ටැක්ස් අඩු කරලා පරිසර හිතකාමී වාහන දිරිගන්වන්න කියලා. ඒ වගේම සූර්‍ය පැනලයක් ගෙදර හයි කරගෙන පුද්ගලික දැවිතෙල් භාවිතය ශූන්‍යය කර…