Skip to main content

Posts

Showing posts from March, 2011

කෑලි කෑලි එකතු කරනකොට හැලෙන කෑලි වලට මොකද කරන්නේ?

එකිනෙක වෙන්ව, තැන තැන විසිරී ඇති සාධක එකතු කරලා මුලින් තිබුනා කියලා හිතන්න පුලුවන් දේ නැවතත් ගොඩ නගන්න කොච්චර අමාරුද? මෙහෙම අමාරුවෙන් එකතු හොයාගත්ත කෑලි එකතු කරලා බැලුවම පේන දේට අදාල නොවන කෑලි වලට මොකද කරනනේ? ගොඩක් වෙලාවට ගොඩක් දෙනා කරන්නේ ඒව දැක්කේ නෑ වගේ ඉන්න එක මොකද මෙච්චර අමාරවෙන් ගොඩන නගපු තර්කයට, උපකල්පනයට නැත්තම් ප්‍රවාදය විනාස කරගන්න බැරි නිසා. අද ඒ ගැන පොඩි සටහනක් ලියන්න හිතුවා.

මේ කියන දේ පැහැදිලි නැත්තන් ආයෙමත් මුලටම යමු. මං කිව්වේ මුලටම? මුලක් තියෙන්න පුළුවන්ද? හැම දේටම මුලක් තියෙන්න ඕන? ආරම්භයක් තියෙන්න කවුරු හරි ඒකට මුල පුරන්න ඕන? ඒ වගේම අවාසානයකුත් ඇති නේද? ඔන්න කෑලි එකතු කරන්න පටංගන්න හොඳ තැනක්. දැන් කට්ටියක් එහෙන් මෙහෙන් කෑලි ටිකක් එකතු කරගන්නවා. ඒ අය හිතන ආරම්භයක් ඇත්නම් අවසානයකුත් ඇති කියලා. ඒ වගේම ආර්ම්භ කරපු කෙනෙකුත් ඇති කියලා. තව කෙනෙක් ටිකක් වෙනස් විදියට කියනව නෑ එහෙම ආරම්භයක් නෑ මේව ඔක්කොම ඉබේටම වෙන්න ඇති. එයත් ඉතින් කෑලි එකතු කරනවා. අර කලින් හදාගත්ත ප්‍රවාදය ශක්තිමත් කරන්න. මෙහෙම කාලයක් කරගෙන යනකොට එකතු කරගත්ත කෑලි ටික දිහා බලල හිතනවා අනේ මම හරි. මම විශිෂ්ට සොය…