Skip to main content

Posts

Showing posts from October, 2009

Kaputa Sinhala Unicode (Adobe friendly beta version)

දැනට මුදා හැරීමට අවසර ලබාගැනීමට හැකිවූයේ කපුටා‍ ෆොන්ටය සඳහා පමණයි. කැන්ඩි ෆොන්ටයත් ලඟදීම මුදා හරින්නට හැකිවේවී. මෙහි වැරදි ඇති තැන් දැනුම් දෙන්න. බාගත කිරීම සඳහා මෙතනට(http://dasun.me/kaputa-adobe-friendly/kaputa_af.zip) යන්න.

Sinhala Unicode in Apple

මේ දැන් සහතික කරගත් ආකාරයට නැවත සකස් කරන ලඳ ඔපන්ටයිප් ෆොන්ටය ඇපල් පරිගණකවලද ක්‍රිය කරනවා. පොඩි පොඩි අඩුපාඩුකම් කීපයක් තියනවා. ඒවා සකස් කළ හැකි තත්වයන්. මේ සඳහා ඇපල් පරිගණකයේ පරීක්ෂා කිරීමට සහය දුන් චින්තක අබේරත්න මහත්මයාට මගේ ස්තූතිය.

Graphic Designing සඳහා සිංහල යුනිකේත නිර්මාණය සාර්ථකයි

ඇති යන්තම් මෙන්න වැඩේ ඉවර කළා.. මේ සඳහා යොදාගත්තේ ඉස්කෝල‍ පොත ෆොන්ට යයි. නීතිමය පසුබිම විමසා බලා ලඟදීම ඔබට ලබාදෙන්න බලාපොරොත්තුවෙනවා.

Sinhala Unicode වල අල වලට විසඳුම්

බොහෝමයක් බ්ලොග් සටහන්වල යුනිකේත වලට විවේචන, ඒවයේ තියෙන අඩුපාඩුකම් කතා වෙනව නිතරම. බ්ලොග් සටහනක් ලියන්න තරම් ඉස්පාසුවක් නැති වුනත්, මේක ‍නොලියා ඉන්න එක නොකර බැරි නිසා අත්‍යාවශ්‍ය කරුණු කෙටියෙන් සටහන් කරන්නම්.

මුලින්ම කියන්නට ඕනා සිංහල යුනිකේත වල කිසිම ආකාරයක වරදක් නැති බව. වරදක් තියේනම් ඒ සිංහල යුනිකේත භාවිතා කරන මෘදුකාංගයේ හෝ භාවිතා කරන පුද්ගලයාගේ යි. යුනිකේත ගැන අදහසක් නැතිනම් සිංහල යුනිකේත සැකසී ඇති ආකාරය ගැන ලියැවුනු මේ ලිපිය කියවන්න කියලා ආරධනා කරනවා. නමුත් වැඩැක් කරන්න ගියාම ඒක කරන්න බැරිනම් සිංහල යුනිකේත වල වරදක් නෑ කියන කතාවේ තේරුමක් තියනවද? දැනට මූලික ව‍ශයෙන් පවතින ගැටලු ටික මතක් වෙන හැටියට කෙටියෙන් කියනවනම්,

1. යතුරු ලියනයේ ගැටලු
මැසිවිලි,
විජේසේකර යතුරු පොවරුව පුහුණු වීම අපහසුයි. අකුරු හරියට යතුරු කරන්න බෑ එහාට මෙහාට පනිනවා.XP SP3 වල යතුරු පොවරුව ස්ථාපනය ගැටලු පැන නැගීම.වින්ඩොස් සෙවන්/විස්ටා වල යතුරු ලියන ගැටලු.2. වෙබ් අඩවි වලට සිංහල යුනිකේත භාවිතා කළ විට යුනිකේත ස්ථාපනය නොකරන ලද පරිගණකවල දී සිංහල නිවැරදිව නොපෙනීම හෝ කොටු පමණක් පෙනීම.

3. ෆොටෝෂොප්/ඉලස්ට්‍රේටර්කොර්ල්ඩ්‍රෝ ආදි ග්‍…