වසර 2061

මිනිස්සු අනාගත ලෝකය මොන වගේ වේවිද කියලා හැමදාම උපකල්පනය කළා. මෙ අනාගතය දෙස බැලීමට මම ගත්ත උත්සාහයක්.

රැකී රක්ෂා

මේ වන විට ගොඩක් දෙනා ශරීරය වෙහසවන රැකියා කරන්නේ නෑ. ඉතිරි වෙලා තියනවානම් ඒ බොහෝම ටිකයි. වාහන අළුත් වැඩියාව, නිවාස ඉදි කිරීම වගේ දේවල් වල දී පවා මිනිස් ශ්‍රමය ඉතා අවම වශයෙනුයි උවමනා වන්නේ. ඉතින් බොහෝමයක් මිනිසුන්ට රැකියා සඳහා ඉතිරි වන්නේ අනෙත් ප්‍රධාන අංශ දෙකෙන් විතරයි. ඒ කිව්වේ නිර්මාණශීලි හැකියාව (උදා: කලාව, නව නිපැයුම්, දාර්ශනික)ප්‍රයෝජනයට ගන්නා රැකියා ක්ෂේත්‍ර සහ තාර්කික විශේෂඥ දැනුම අවශ්‍යය රැකියා ක්ෂේත්‍ර.

ඇයි මෙහෙම වෙන්නේ?

දැනට අපි දන්නා කියනා බොහෝ රැකියා පරිගණක හෝ යන්ත්‍ර මගින් සම්පූර්ණයෙන්ම වාගේ ස්වයංක්‍රීයව සිදු කරනවා. මෙයින් අදහස් කරන්නේ මෙම රැකියා ⁣ලොකයෙන් තුරන් වී යනවා කියන දේ නෙමෙයි. නමුත් මේ ක්ෂේත්‍රයන්ගේ අද දකින්න ලැබෙන ප්‍රමාණායේ මිනිස් ශ්‍රමයක් ඉදිරියට අවශ්‍ය වෙන්නේ නැති වීමයි.
උදාහරණයක් ලෙස ගිණුම් තැබීමේ සිට වසර අවසාන ගිණුම් වාර්ථා සකස් කිරීම, ගිණුම් කරණය සඳහා අදාල ගොඩක් නීතිමය උපදෙස් පරිගණකයෙන්ම පමණක් සිදු කර ගත හැකියි. දැණටමත් මේක ආරම්භ වෙලා ඉවරයි. කුඩා පරිමාණයේ සිට ලොව විශාලතම ආයතන සඳහා ගිණුම් කරණ කටයුතු දැන් දැන් මෘදුකාංග තම අතට අරගනිමිනුයි ඉන්නේ. ගිණුම් කරණ කෘතිම බුද්ධි වැඩසටහන් සහ ඒවායේ නීතිමය ගැටළු සඳහා අවශ්‍ය විශේෂඥ සහය සඳහා ඉහල මට්ටමේ රැකියා තව දුරටත් පවතීවි. මේ තත්වයම අනෙකුත් ක්⁣ශේත්‍ර සඳහා ද ඒ ඒ ක්ශේත්‍රයේ සොභාවය අනුව අඩු වැඩි වශයෙන් බලපානු ඇත.

ප්‍රවාහණ

ඔබ හිතනවා ද? මේ වාහන සහ ජනගහනය වැඩි වෙන වේගයට අනාගතයේ දී ලොකු ප්‍රවාහණ අර්බුධයක් හට ගනීවි කියලා? මහා මාර්ග ප්‍රමාණය මදි වේවි කියලා? නෑ. එහෙම වෙන්නේ නම් නෑ. මේ ප්‍රශ්නය තව දශක දෙකක් පමණ තියේවි. එම දශක දෙකක කාලයට පසුව එන දශක දෙකේ දී ක්‍රමයෙන් මේ ගැටළුව පහව යාවි. ඒ කිවවේ 2061 වෙනකොට ගොඩක් දුරට මහා මාර්ග භාවිතා කරන්න මිනිස්සුන්ට ඕන වෙන එකක් නෑ. ඇයි මම එහෙම කියන්නේ. ඒ කාලය වන විට දැනට වඩා ගොඩක් ප්‍රවාහණ ක්‍රම දියුණු වෙලා තියේවි. තව පුද්ගලික (මිනිසුන් ප්‍රවාහණය කරන) Drone භාවිතය ඉහළ යාවි. ඔය ඔක්කෝටමත් වඩා මිනස්සුන්ට ප්‍රවාහණ අවශ්‍යතා ගොඩක් දුරට නැති වේවි. ගොඩක් දේවල් ගෙදර ඉඳන්ම කරගන්න නිසා. එදිනෙදා අවශ්‍යය තාවයන්ට මාර්ග භාවිතා කරමින් පාරේ රස්තියාදු වෙන මිනිස්සු අනාගතයේ ඉන්න එකක් නෑ. සංචාරයට, හදිසි අවශ්‍යයතාවයන්ට වගේ සීමා සහිත අවශ්‍යතාවයන්ට මිනිස්සු ප්‍රවාහණ සේවා භාවිතා කරාවි.

ඔය කියන විදියට මිනිස්සුනට කරන්න රස්සා නෑනේ?

නෑ සහ ඔව්. මීට වසර 30කට පෙර (1980–1990)අද බහුතරයක් දෙනා කරන රැකියා ගැන මිනිසුන් අහලාවත් තිබුනේ නෑ. ඒ වගේ නව රැකියා අවශ්‍යයතා බිහිවෙනවා. ඒත් මේ අලුතින් බිහිවෙන හැම රැකියාවක්ම වගේ යන්ත්‍ර හෝ පරිගණක මෘදුකාංග මගින් සිදු කළ නොහැකි නිර්මාණාත්ම සහ තාර්කික චින්තනයට සම්බන්ධ රැකියාවන් ඉතිරිවේ. මිනිස් ශ්‍රමය ඇති රැකියා නම් ඉතාමත් අඩු වේවි. මේ හේතුව නිසාම විරැකියාව වැඩි වීමක් අනිවාර්යෙන්ම සිදුවේවි.

විරැකියාව වැඩි වුනොත් සමාජය පවතින්නේ කොහොම ද?

මේකට තියෙන එක විසඳුමක් තමයි රජය විසින් පුරවැසියන්ට වියදමට සල්ලි ලබා දෙන ක්‍රමයක් සකස් කරන එක. ඒ හැර විකල්පයක් දැනට නම් සොයාගෙන නෑ සමහර විට තව අවුරුදු 30ක් 40ක් තියෙන නිසා වෙනත් විකල්පයක් හොයාගන්නත් බැරි නෑ. නමුත් දැනට ලොව ප්‍රභලතම බලපෑමක් සිදු කරන නව නිපැයුම් කරුවෙක් වෙන Tesla Electric Vehicle, PayPal, SpaceX ආ දී වැඩ සටහන් වල පුරෝගාමියෙක් වුන Elon Musk සඳහන් කරන්නේත් රජය විසින් පුරවැසියන්ට මුදලක් ගෙවීමට සුදුවිය හැකි බවයි.

බලශක්තිය

අභ්‍යාවකාෂ ගමන් වලට ගුවන් යානාවලටත් සම්පූර්ණයෙන්ම විදුලිය මත හෝ හයිඩ්‍රිජන් එන්ජින් ආදෙශ කළ නොහැකි විශාල යන්ත්‍ර සූත්‍ර පමණක් පොසිල ඉන්දන භාවිතා කරන්නේ. බලශක්තිය තව දුරටත් සාමාන්‍ය ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් තව දුරටත් අභවකාෂ ගමන්, ගවේශණ කටයුතු යුධමය කටයුතු අාදිය සඳහා බලක්ශතිය කාර්‍යක්ෂමව ලබා ගැනීමේ ක්‍රම සොයා යෑම නවතින්නේ නම් නෑ. මිනිසුන් මේ විශ්වයේ කොතැනක සිටියත් බලශක්තිය පසුපස්සේ යාවි…

දරුවන් වැදීම

60–70% අතර දරු උපත් තෝරාගත් ජාන සංයුතියක් තුල දී සිදු කෙරෙනු ඇත. මෙහෙදී ප්‍රවේනියෙන් ඇති විය හැකි රෝඝාබාද අවම කිරීම මූලික අරමුණ වෙයි. ඊලඟට දරුවන්ගේ සහජ දක්ෂතා සඳහා දෙමාපියන්ගේ කැමැත්ත ද සලකා බැලෙනු ඇත. තව දුරටත් සාමාන්‍යය ක්‍රමයට දරුවන් ගැබ් ගන්නා අවස්තා ඇති වුවත් ඉදිරි වසර 100 ඇතුලත මේ ප්‍රතිෂතය ඉහළ යනු විනා පහල යාමක් බලා පොරොත්තු විය නොහැක.

වෛද්‍ය විද්‍යාව

නැනෝ තාක්ෂණයේ ද කෘතිම බුද්ධියේ ද සහය ඇති නිසා මිනිසුන්ගේ සෞඛ්‍ය තත්වය ඉහලට යනවා. ඒ වගේම වයසට යාමේ වේගය අඩු කිරීමේ ක්‍රම නිසා මිනාසාගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව වසර 100ට ආසන්න වේවි. තව දුරටත් මිනිසුන් තමංගේ සන්නිවේදන ඉන්ද්‍රියන්ගේ සීමාවන් ශරීරය තුලට ඇතුලු කරණ නැනෝ උපාංග හරහා දියුණු කිරීමට පෙලබෙනවා. කෙසේ වෙතත් සමහර දියුණු කිරීම් සඳහා රජයන් විසින් සීමා ඇති කෙරෙනු අතර ඒවා භාවිතා කිරීම රාජ්‍ය ආරක්ෂක අංශයන්ට පමණක් සීමා වෙනු ඇත.
බොහෝමයක් අවයව වෛද්‍යාගාර තුල නිපදවිය හැකි වේ. කෙසේ වෙතත් මේ සඳහා වැය වෙන වියදම තවමත් අදික නිසා, ආදායම් අඩු පුද්ගලයන් තවමත් පැරණි ක්‍රම භාවිතා කරනු ඇත.
අතක් පයක් අනතුරකින් නැති වුවහොත් නැවත එය ශිරීරය තුලින්ම වර්ධනය කරගැනීමේ ක්‍රමය බොහෝ දුරට මේ කාලය වෙන විට සම්පූර්ණ වී ඇති. එහෙත් තවමත් ඒ සඳා සැලකිය යුතු කාලයක් ද වේදනාවක් ද විඳීමට සිදුවීමට විකල්පයක් සොයන්න තව කල් යාවි.

දේශපාලනය

දේශපාලනිකව රජයන්ට වඩා ආයතන බලවත් බවක් පෙන්වාවි. මේ හේතුව නිසා මේකට විරුද්ධව හඬ නගන පිරිසක් ඇති වේවි. ඔවුන්ට අපි resistance ලෙස නම් කරමු. කොහොම වුනත් අති මහත් බහුතරය නව ක්‍රමයට අනුගත වී ඇති බැවින් resistance ලා ගේ මතවාදය ජයග්‍රහණය කරන්නේ නම් නෑ. නමුත් ඔවුන් සෑහෙන දුරට නව තාක්ෂණික යුගය මගින් ඇති කරන ජීවන රටා වෙනුවට සොභාවික ජීවන රටාවක් අනුගමණය කරන වෙනමම Cult එකක් ලෙස සාමකාමීව සමාජය තුල ජීවත් වෙනු ඇති.

Comments

Popular Posts