ලංකාවෙන් පිට රටට යන සල්ලි නවත්තන්න එටිසෙලාට් සිම් එක කැඩුව නේ ද?

කමක් නෑ ඊට කලින් කරන්න තව වැඩ ටිකක් තියෙනවා. කැඩුවත් නැතත් මේ ටිකත් කරන්න පුළුවන් නම් අපේ රට ගොඩ දාගන්න පුළුවන්.

1. දුරකථන අංකයක් ව්‍යාපාරිකයන් වෙනස් කරන්න කැමති වෙන්නේ නෑ. ඔවුනට අදාල අංකය මිස ආයතනය මොකක්ද කියන එක නෙමෙයි. ඒක නිසා TRC එකට බල කරන්න ඕන Number Portability පහසු කම පාරිභෝගියන්ට ලබා දෙන්න කියලා. ඒ කිව්වෙ. අංකය වෙනස් නොකර ඩයලොග් වලින් මොබිටෙල් වලට හරි, එටිසෙලාට් වලින් ඩයලොග් වලට හරි මාරුවෙන්න තියෙන පොරිභෝගික අයිතිය නිත්‍යානු කූල කරන්න කියලා රජයට බල කරන එක. දැනට මේ නීතිය ක්‍රියාත්මක නොකරන්න් Etisalat සහ Dialog කියන කම්පැනි දෙක කඩා වැටේවි කියන බයට. රජය ඉන්න ඕන මිනිස්සුන්ගේ පැත්තේ මිස ආයතනවල පැත්තේ නෙමෙයි. ඒ ආයතන වල රැකියා කරන අයත් ආරකෂා කරගත යුතුයි. නමුත් පාරිභෝගික අයිතියට සෑම විට මුල් තැන ලබා දීම රජයක් සතු වගකීමක්.

2. පැට්‍රල් වලින් ඩීසල් වලින් දුවන වාහන Electic වාහන වලට මාරු වෙමු ද? අඩුම තරමේ Hybrid එකකටවත්. වාහන වල ටැක්ස් වැඩියිනම් ඒකටත් රජයට බල කරමු ටැක්ස් අඩු කරලා පරිසර හිතකාමී වාහන දිරිගන්වන්න කියලා. ඒ වගේම සූර්‍ය පැනලයක් ගෙදර හයි කරගෙන පුද්ගලික දැවිතෙල් භාවිතය ශූන්‍යය කරලා ආදර්ශමත් වන්න. අපේ රටේ මුදල් පිටට යන ප්‍රධානතම ක්‍රමය වන්නේ ඉන්දන සඳහා වැය කරන මුදල යි. අපි හැමෝම එකතු වුනොත් මේක 0 කරන්න පුළුවන්. පූර්ණ වශයෙන් අපේ රට කනිජතෙල් වලින් නිදහස් කරගන්න හිතට ගමු.

3. ETCA ගැහුවොත් ඉතින් මොන සිම් එක දාලවත් මේ ලංකා භූමියේ රැඳිලා ඉන්න එකේ තේරුමක් නෑ. අන්තිමේ දී ඉතිරිවෙලා ඉන්න සිංහළයෝ ටිකත් රට දාල යනවා. ඉතුරු වෙන්නේ මුකුත් වැඩක් පලක් කරගන්න බැරි මිනිස්සු ටිකකුයි. නොකා නොබී මැරුනත් රට දාල යන්නෑ කියලා හිතන මිනිස්සු ටිකකුයි විතරයි. අවසානයේ ඉන්දියානුවන් ගේ කොලිනයක් වෙලා නවතීවි. ඒක නිසා ETCA ගිවිසුමට විරුද්ධව පූර්ණ වශයෙන් පෙනී සිටින්න. බැරිම අවස්ථාවක් ආවොත් පාරට බැහැලා පාලකයන්ට ETCA ගහන එක අත අරින්න වෙන තැනට වැඩ සලස්වන්න හිතට ගන්න.

4. රටේ සිදුවන වන විනාශයට එකමුතුවක් නෑ. තියෙන්නේ දේශපාලනික මුහුනුවරක් ගත්ත විරෝධයක් විතරයි. සිරිපාදේ වේවා, විල්පත්තු වේවා, සිංහරාජයේ වේවා. ඒ විනාසය කරන පුද්ගලයා සිංහල වේවා මුස්ලිම් වේවා දෙමළ වේවා. හැම තැනදීම එක වගේ විරුද්ධ වන්න.
මේ හැම දෙයක්ම එද දවසක් 10000ක් වත් සෙනගන් ඔය තැන් වලට එකතු වෙලා විරෝධතාවය දැක්වූවා නම් එතනින්ම මේවා නවත්තන්න පුළුවන්. අවශ්‍යය එකමුතු කමයි. පාලකයා මහින්ද වේවා මෛත්‍රී වේවා රනිල් වේවා. කවුරුත් තේරී පත්වෙලා ඉන්නේ මහජනතාව වෙනුවෙන් සේවය කරන්නයි. ඔවුන් මහජන සේවකයන් මිස අප ඔවුන්ගේ සේවකයන් නොවන බව හිතට ගන්න. දෙකට තුනට නැවී මෝඩ හයිකාර ඇමති වරුන් ඉදිරියට ජෙබ් එකක් ඉල්ලා නොයන්න. රැකියාවක් නැතිනම් තමාට ලැබුනු බුද්ධියෙන් තමාට ලැබුන ශක්තියෙන් ව්‍යවසායකයෙක් ලෙස දියුණු වන්න.

Comments

Popular Posts