Friday, October 31, 2008

බෝනික්කාගේ අවතාරය!

ඔබ අතරින් බොහෝ දෙනා අවතාර භූතයන් පිලිබඳ විශ්වාස නොකරනවා විය හැකියි. ඒ හා සමානම පිරිසක් එවා පිළිගන්නවාද විය හැකියි. ‍මේ මාගේ පුද්ගලික අත්දැකීමක්. ‍මෙය භූතයෙක් ද? අවතාරයක් ද? හොල්මනක් ද? නැතිනම් මනෝ විකාරයක් ද? යන්න ඔබම තීරණය කරන්න.

සාමාන්යෙන් බොහෝ දෙනාට කුඩා ව‍යෙසේ සිද්ධීන් මතකයේ නැති වුනත් මට අවු. 2 ‍හෝ ඊට මදක් වැඩි වයසක වූ සිද්ධීන් පවා අදවගේ මතකයි.‍ බෙ‍හෝ අවස්ථාවල ඒ මතකයන් බොහෝම පැහැදිලියි. නමුත් වර්තමායේ දීනම් තත්වය බොහෝමයක් වෙනස්. කෙසේ වුවත් මේ මා හට අවුරුදු 3.5ක් හෝ 4ක් පමණ වයසේදී ලැබුනු අත් දැකීමක්. ඒ වයසේ‍දී භූතයන් අවතාර හෝ හොල්මන් ගැන මා දැන නොසිටයා යැයි මට සහතික විය නොහැකිවුවත් එය එසේ බව මාගේ මතකය යි. මගේ මව සහ පියා අසල මා නිදාගෙන සිටි අතර වෙනදාට වඩා විශේෂත්වයක් එදින නොවුනි. ඒ මගේ කුඩා සොයුරා මවගේ කුස තුල පිළිසිඳගෙන ඇති මුල්කාලයේ ය. එදා මා දුටුවේ සිහිනයක් ඒ අනෙකක් නොව මා නිදාසිටින කාමරයම විය. සිහිනයේදීද මා සාමාන්‍ය පරිදි ඇඳ මත වැතිර සිටි අතර මා බලා සිටියේ කාමරයේ ඇති ඇඳුම් රාක්කය දිහාය. ඒ රාක්කයට ඉදිරියෙන් අඩි 3.5ක පමණ විශාල ප්‍රමානයේ රොදිවලින් සාදන ලද බොනික්කෙකු පඹයෙකුමෙන් දෑත්විහිදා සිටියා. ඒත් එහෙම එකක් අපේ ගෙදර තිබුනේ නෑනේ. මට ‍සිතෙයි. හම් ඊයේ රෑ තාත්තා ගොනවා වත්ද?. නෑ වෙන්න බෑ බෝනික්න් ගන්නේ ගෑනු ළමයිටනේ. දැන්ම තාත්තාගෙන් අහල බලන්න ඕනා. මම පියා දෙසට හැරෙන්නට උත්සහ කලෙමි. මගේ අතපය සොලවන්නට බැරිය. මට මොකක්ද මේ වෙලා තියෙන්නේ. මම කෑගසන්ට උත්සහ කලෙමි. නොහැකිය. නැවතත් වැරෙන් කෑගෙසුවෙමි. යන්තම් මෙන් හඬක් පිටවෙන්නට ඇත. නැවතත් මුලුවීරිය යොදා කෑ ගැසූවෙමි. හරි ඇහැරුනා! මේවන විටත් මගේ මව සහා පියා දෙදනාම ඇහරගෙන සිටියේ ය. සමහර විට. මා කලින් කළ කෑසීම ඇසීම නිසා වන්නට ඇත. අම්මේ අර ‍බෝනික්කා. මොන බෝනික්ද? අර තියෙන්නේ! තාත්තේ අර. නෑ එතෙන බොනික්කෙක් නෑනේ! ඒ පියා ය. අනේ ඇයි ඔය ගොල්ලන්ට පේන්නේ නැත්ද අර තියෙන්නේ අත්දෙක දෙපැත්තට දාලා ගෑනුබොනික්කෙක්. හරි හරි කමක් නෑ දැන් අපි ලඟන් නිදා ගන්න. 'හීනෙන් බයවෙලාද කොහෙද' මට යන්තමින් ඇසුනි. මම මුනින් අතරට හැරී කොට්ටය මත මහුණ ඔබා දෙඅත්ලෙන් දෑස් දෙපසද වසා නිදා ගත්තෙමි.

6 comments:

Anonymous said...

mano wikaarayak

ශාකුන්තල said...

විකාරයක් නෙවෙයි. ඔය මුළු ඇඟම ලොක් වෙන එක මටත් වෙලා තියෙනවා. ඒ වෙලාවට අත පය හොලවන්න බෑ. කලබල වෙලා කෑ ගැහුවොත් ශබ්දය පිටවෙන්නෙ නෑ. හැබැයි ආනාපානසති භාවනාව කළොත් ටික වෙලාවකින් unlock වෙයි.

අදටත් මට ඉඳහිට ඔය තත්වය ඇති වෙනවා.

Anonymous said...

ඹය තමා තල තිෙයන බිය තමාව පාලනය කිරිමක්

Dasun Sameera - දසුන් සමීර said...

@අනෝනි
බිය පාලනය කිරීම ගැන ඔය කියන කතාව මට පැහැදිලි නෑ. මොකද මම මේක දිහා ටික වෙලාවක් බලන් හිටියා බියක් ආවේ නෑ. පසුව තවදුරටත් සිතා බැළිමෙන් මෙය මෙතන තිබිය නොහැකි දෙයක් ලෙස වැටහුනු පසුවයි බිය ඇති වුනේ.

@ශාකුන්තල
පසුව මා දැන ගත් පරිදි, ඇඟ ලොක්වීම(තාව කාලික අංශභාගය) සෑම විටම අපි නින්දට යාමේදිවෙනවා. ඒ හිනෙන් කරන කියන දේවල්ට අනුව ශරිරය සෙලවීම වැලැක්වීමට. සමහර අවස්තාවල ඇහැරෙනකොට මේ ලොක් එක ඇරීම සිදු නොවන්න පුළුවන්. ඒකයතා තත්වට පත්වීමට යම් කාලයක් ගත වෙන්න පුළුවන්. ඔබ කියු පරිදි සිත සංසුන් කරන ක්‍රමයක් අනුගමනය කිරිම මගින් මේක යතාත්වට පත්කරගන්න පුළුවන්.

chathura said...

මුළු ඇඟම ලොක් වෙන එක මටත් වෙලා තියෙනවා. මුලින් බයක් හිතෙන්නෙ නෑ. පස්සෙ ලොක් වෙලා කියල දැනෙනකොටයි දාඩිය දාල කෑ ගහන්න හදන්නෙ. කෑ ගහන්න කටවත් හොල්ලන්න බෑනෙ ඇහැරුනාට පස්සෙ ආයෙ එහෙම ලොක් වෙනකල් බලා හිටියට හරියන්නෙම නැනෙ... අන්තිමට මතක අත්දැකීමෙන් පස්සෙ අවුරුදු හතරකින් විතර ලොක් වෙන්න බැරි උනා. පුලුවන්නම් ආයෙ ලොක් වෙන්න විදියක් හොයල කියන්ඩකො

දසුන් සමීර වීරසිංහ said...

lucid dreaming අත්හදා බලන්න. ලුසිඩ් ඩ්‍රිමින් වල නිතර වෙන දෙයක් තමයි පැරලයිස් ස්ටේට් එකට මාරු වීම. lucid dream කියලා සර්ච් කරල බලන්න.