KeyTouch IME - KeyTouch යතුරුලියන සංස්කරණ මෘදුකාංගය


KeyTouch නමින් අලුත් IME (Input Method Editor - යතුරුලියන සංස්කරණ මෘදුකාංගය)ක් නිකුත් වුනා. මූලික වශයෙන් විජේසේකර සහ Transliteration ක්‍රමයට සකස්කරන ලද යතුරුපුවරු දෙකක් පෙරනිමියෙන් අන්තරගත කරල තියනවා. ‍තමන්ට කැමති අයුරින් XML ගොනුවක් මගින් යතුරු පොවරුවේ අකුරු ඕනෑම භාෂාවකට හෝ ඕනෑම Layout එකකට(Typing schema) අනුව වෙනස් කරගත හැකියි. එය සිදුකරන ආකාරය පිලිබඳ සවිස්තර සටහනක් ඉදිරියේදී ඇතුලත් වෙනු ඇති.

මෘදුකාංගය බාගත කිරිම සඳහා Download මත click කරන්න.

බීටා නිර්මාණයක් බැවින් දෝෂ තිබිය හැක. ගැටලු ඇති තැන් දන්වන්න. Phonetic ආකාරයේ යතුරු ලියනයක්ද ඉදිරියේදී ඇතුලත් කෙරෙනු ඇති. ඔබටත් Keyboard Layout නිර්මාණය කළ හැකි බැවින් ඔබ විසින් අලුතින් සකස් කරනලද Keyboard Layout අපට එවන්න. එවා මෘදුකාංගයට ඇතුලත් කිරීමට පියවර ගනු ඇති.

Comments

Anonymous said…
.net framework නැතුව ස්ථාපනය කරන්ට බැරිද
බැහැ. නමුත් ස්වයංක්‍රියව එය ස්ථාපනය වෙනවා අන්තර්ජාලය තියෙනවනම්. .net frameworkd 2 තිබ්බනම් ඇති.
Gayan Tharaka said…
ඒක නම් නියමයි. මේක ලියන්නෙත් KeyTouch IME එකෙන් 64bit එකෙත් වැඩ. අන්තර්ජාලයෙන් ‍framework එක ස්ථාපනය උනේ.
බොහොම ස්තූතියි දසුන්.
ප්‍රතිචාරයට ස්තූතියි.
මේ, බො‍, හො ආදී අක්‍ෂර නිවැරදිව දර්ශණය වෙන්නෑ ඔබේ සටහනේ 64bit වල දෝශයක් තියෙනව වගේ. හැකි ඉක්මනින් නිවැරදි කරන්නම්.
Gayan Tharaka said…
මම පාවිච්චි කරන්නේ වි‍ජේසේකර යතුරු පුවරුව. පරීක්ෂා කරන්න ඕන දේවල් කිවුවොත් කරල කියන්නම්.

මෙය XP 64bit SP1 වල සිට SP2 වෙත යාවත්කාල කල නමුත් සිංහල යුනිකේත ස්ථාපනය කල නොහැක. තිර පිටපතක් ඔබට විද්‍යුත් තැපෑලෙන් එවන්නම්.
මම හිතන්නේ xp 64 bit පරිගණකයක සිට ඩීබග් කරන්න වේවි. තිරසටහනක් එවිය හැකිනම් අගෙයි.

xp 64 bit පරිගණකයක සිංහල නිවැරදිව දර්ශණය කරගැනීමට මේක්‍රමය උත්සාහ කරලබලන්න. http://dasunsameera.blogspot.com/2009/05/windows-xp-x64-edition.html
Gayan Tharaka said…
එයට අනුව තමයි මෙච්චරකල් සිංහල යුනිකේත කියවන්න පුලුවන් උනේ.

මම හිතන්නේ දැන් හරි වගේ. කිසි ගැටළුවක් නැතිව යතුරුලියනය කරන්න පුලුවන්. වැඩසටහන නැවත ආරම්භ කලා එපමණයි.
@ගයාන් තාරක
බොහෝම ස්තූතියි. :)
Gayan Tharaka said…
මෙම මෘදුකාංගය භාවිතා කර ඔන්න පළමුවෙන්ම බ්ලොග් සටහනක් ලිවුවා http://kpgtharaka.blogspot.com/2009/11/windows-xp-64bit.html
සුභ පැතුම්. රටට දැනෙන යමක් ‍ඉදිරියටත් කරන්නට වාසනාව ලැබෙන්න කියලා මම ප්‍රා‍ර්ථනා කරනවා.

ජය හා සතුට
Kanishka said…
ඔන්න මගෙනුත් සුබ පැතුම්.. චැට් කරලම විස්තර අහ ගන්න ඕන.. :)
.NET Framework එක Download ක‍ර ගන්නේ නැතිව Install ක‍ර ගන්න විදියක් නැත්ද
බැහැ. නමුත් ස්වයංක්‍රියව එය ස්ථාපනය වෙනවා අන්තර්ජාලය තියෙනවනම්.

Popular Posts