ශ්‍රී ලංකාවේ commercial Advertisements, උමාරියා සහ තවත් දේ..

Genius Facebook සමාජයේ ගියපු කතාබහක දී සටහන් කරපු මගේ අදහස් කිහිපයක් එකතු කරලා සටහන් කරන්න හිතුනා.


ලංකාවේ වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රය සෑහෙන දුරට ඉදිරියෙන් ඉන්නවා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් සමහර අන්තර්ජාතික ඉන්දියානු Advertisement එක්ක අපේ ලංකාවේ ඒවා එතරම් නිර්මාණාත්මක නෑ කියලා. එහෙමත් නැත්නම් සිත්ගන්නා සුලු නෑ කියලා. ඒත් ඇත්ත තත්වය ඊට වෙනස්.

ගොඩක් වෙලාවට චාටර් වගේ පේන ඇඩ් පවා එහෙම කරලා තියෙන්නේ යම් අරමුණක් ඇතුව. උදාහරණ යකට “හාක්‍රෝස් පටාස්”, “දුන්න සිද්ධාලේප අසමෝදගම්” වගේ බැලූ බැල්මට මෝඩයි වගේ පේන ඒවා පවා.
වෙළඳ දැන්වීමක ප්‍රධානම පරමාර්තය උසස් කලා නිමාණයකට වඩා අදාල සන්නාමය මිනිස්සුන්ගේ හිත් ඇතුලේ පැල කිරීමයි. වෙළඳ දැන්වීමක සාර්ථකත්වය මනින්න ඕන එහෙමයි.

ශ්‍රී ලංකාව තුල වෙළඳ දැන්වීම් නිසාම ඉහල තැන්වලට ගියපු සන්නාමයන් බොහෝමයක් තියෙනවා. S-lon, Anchor, EGB වගේ දැන්වීම් නම් කියනකොටම ඔබට මතක්වෙනවා ඇති.

Anchor කිරි වලට එරෙහිව තහනම් නියෝග වැටිලා නඩු වැටිලා ඔවුන්ගේ සන්නාමය මිනිසුන් අතර ජනප්‍රියත්වයෙන් අඩුවෙලා ගියා මතක ද?

අමතක නම් මතක් කරගන්න මේවා ටිකක් කියවලාබලන්න.

ඒත් තවමත් බහුතරයක් දෙනා මිලදී ගන්නේ Anchor කිරිම තමයි. කොහොමද මේ අය මේක කළේ?
ඔබට මතකද ඉස්සර ඇන්කර් එකේ ටැග් ලයින් එක?

“නවසිලන්තයේ පිරිසිදු දෙනුන්ගෙන දොවාගත් නැවුම් එළ කිරි”

මතක් කරගමු එකක් බලලාම. :)


It’s New Zealand, Where the best quality milk is made

තහනම් නියෝග ආදියෙන් සන්නාමය ගැන තිබ්බ විශ්වාස පලුදුවුනාට පස්සේ ඔවුන් මාස 6ක්විතර Advertisement කරේම නෑ. හිමීට අමතක වෙන්න ඇරියා(හිතා මතා හෝ ඒ අවස්තාවේ වෙන කරන්න දෙයක් තිබුනේ නැති කමට වෙන්න ඇති) . නමුත් පස්සෙ ආව හිමීට ඇන්කර් යෝගට් වලින්. දැන් වැඩි පුර මාකට් කරන්නේ යෝගට් එක. මොකද යෝගට්? යෝගට් හදන්නේ අපේ රටේ කිරිවලින්. දැන් උජාරුවට කියනවා මේ අපේ රටේ කිරි කියලා. මෙච්චර කල් නවසීලන්තය උඩ දාපු සමාගමතමයි. මේ දැන්වීම් අතර කියවුනු වචන “අම්ම දන්නවා ද? මේ අපේ…ම කිරි”, “අපේම රටේ… නැවුම් එළකිරි”.
දැන් ඇන්කර් කිරිඇඩ් එකක වුනත් නවසීලන්තය කියන වචනය ඇහෙන්න තියෙනවා ද?
පොඩ්ඩක් මතක් කරගන්නත් එක්ක බලමු මේ දැන්වීම.


අම්ම දන්නවා ද? මේ අපේ…ම කිරි


ඊට පස්සේ මෙයාලා ලංකාවේ Iconic කෙනෙක් ගන්නවා සන්නාමය ඉස්සරහට ගෙනියන්න. එයා තමයි උමාරියා. උමාරියා වැදගත් වෙන්නේ එයා අමරදේව එක්කත් සිංදු කියපු (https://youtu.be/fuJRbIFjWfY), නව පරපුර හිත් දිනාගත්ත කෙනෙක් නිසා. ඔන්න අමරදේව ඔළුවේ උඩම තියන් ඉන්න මනුස්සයෙක් වුනත් හිතනවා අමරදේව සිංදුවක් කියන්නෑ එසේ මෙසේ කෙනෙක් එක්ක හොඳට හිතලා තමයි කියන්නේ කියලා. ඉතින් ඒ අතිනුත් උමාරුයා තමාගේ ප්‍රොෆයිල් එක හදාගෙන ඉවරයි.
උමාරියාගේ මියුරු හඬින් ඇසෙන Anchor ගීතය මෙන්න… රස විඳලාම ඉතිරිටික කියවමු.



නිල් තළබිමේ, ලා හිරු එළියේ…

ඔය Anchor උදාහරණය ලංකාවතුල සිදුවෙච්ච ඉතාමත් සාර්ථකම Advertisement campaign එකක් ගැන පෙන්වලා දෙන්නයි.
ඒ වගේම Fail වෙච්ච තැන් නැත්තේම නෑ. මේ මෑත කාලයේ මට මතක්වෙච්ච උදාහරණයක්.
Melwa තද කැම්පේන් එකක් කරනවා මේ දවස්වල. ඇත්තටම මෙල්වා සන්නාමය හඳුන්වලා දීලා වැඩි කාලයක් නැති වුනත් ඒ සන්නාමය දන්නෙ නැති කෙනෙක් නැති තරම් දැන්. ඒ අතින් ඉතාම සාර්ථකයි ඔවුන්ගේ දැන්වීම් මගින් සිදු කරන්න හදපු දේ. ඒක කෙහොම වුනත් ඔවුන්ට වැරදුන තැනක් තිබ්බා.
ඊට කලින් මේ සුන්දර Melwa තේමා ගීතය අහලා (නරඹලා) ඉමු නේ ද?

දැන් Melwa දැන්වීම් දරුණුවටම යන අස්සේ දාන්න ගත්තා අයියෝ වැරදි එකක් අරන් තියෙන්නේ කියලා කනගාටුවෙලා ඒක මේ අකුරුතුනේ පටැලැවිල්ලක් කියලා පෙන්වාල දීලා “M E L W A නම බලලම ගන්න” කියලා කියන. ඉතින් මාත් හෙව්වා මොකක්ද මේ අකුරු තුනේ පටලැවිල්ල කියලා. බැලින්නම් Melbourne දැන් මොකක්ද Fail එක? Fail එක තමයි Melwa නොමිලේ Melbourne මාකට් කරලා දීම Melwa දැන්වීම ඇතුලේම.

මේ සමාගම් දෙකෙන් මුලින් පටංගත්තේ මොකක්ද කියලා මම හරියට දන්නෑ. නමුත් පැහැදිලිවම Melwa දැන්වීම් තුලින් නොමිලේම Melbourne Market වෙනවා දකින්න පුළුවන්. Melwa එකේ අකුරුතුනේ පටලැවීම ගැන කියන්න ගත්තාට පසුව Melbourne එකෙන් යාන්තමට තමාගේ සන්නාමය ගැන හඳුන්වා දීමක් කරනවා. හරියට අර අකුරු තුන අපේ කියනවා වගේ එකක්. පැහැදිලිවම Melbourne එකෙන් Melwa තරම් ලොකු බජට් එකක් නැතුව ඔවුන්ගේ Campaign එක Hijack කෙරුවා කියන්න පුළුවන්.


Melbourne ගැන නොදැන සිටි මමත් ඒක ගැන හොයන්න ගත්තේ Melwa එකෙන් දාපු දැන්වීම නිසාම තමයි.
මේ සටහන මාගේ පුද්ගලික අදහස්ය. වැරදීම් තිබෙන්නට හැක. මම කිසිදු සන්නාමයක් අපහසුතාවයට පත්කිරීමට මෙයින් අදහස් නොකරමි. වෙළඳ දැන්වීම් කලාවේ මා දකින ආකර්ෂණීය දේවල් ටිකක් ඔබ සමග බෙදා ගත්තා පමණි. වෙළඳ දැන්වීම් වල මොනවා තිබුනත්, විචාර බුද්ධියෙන් යුතුව තමා මිලදී ගන්නාදේ මිල දී ගැනීමට අපි පරිස්සම් විය යුතු බවත් මතක් කරමි.

Comments

Kanishka said…
ඒ අතින් නම් අපේ රටේ මිිනිස්සු මහ මෝඩයි. කොහොමත් දේසපාලුවොන්ටත් රටට හොඳක් කරන්න උවමනාවක් නෑනෙ.
Anonymous said…
ඇත්තටම මොකද්ද මේ melbourne කතාව? මටනම් පැහැදිලි වුනේ නෑ..

Popular Posts