බැලුම්ගල කුහක මධ්‍ය කරණය

වසරකට ආසන්න කාලයක් ලිපියක් නොලියූ මට ලිපියක් ලියන්නට ප්‍රස්තුතයක් වූයේ මේ බැලුම්ගල වැඩ සටහන යි. ආරම්භයක් ලෙස එම වැඩසටහනේ සවන්දීමට ආරධනා කරමි.



මම මේ ලිපිය ලියන්නට පටන් ගන්නේම බැලුම්ගල වැඩසටහනේ ඇති ළාබාල අතාර්කික ක්‍රමයකින් විවේචනය කරන ක්‍රමවේදය හෙළා දැකීමට බැවින්, සාධාරණ අපක්ෂපාතී, ලිවීමක් විවරණයක් මා තුළින් බලාපොරොත්තු නොවන්න. භද්‍රජී මහින්ද ජයතිලකගේ Diehard fan කෙනෙක් බැවින් තව දුරටත් එය එසේ නොවෙනු ඇත.

2002 හෝ ඊට ආසන්න කාලයක දිනක් කොළඹ මහජන පුස්තකාලය තුළ අමුතු තාලයේ පොතක් මට හමුවුනා. එහි නම "විශ්ව ශක්තිය හා චක්‍ර" හෝ එයට ආසන්න නමක් ලෙසයි මට මතක. එහි රචකයා වූයේ භද්‍රජී හින්ද ජයතිලයන්ම තමයි. ඒ වන විට ලංකාව තුළ විශ්ව ශක්තිය නමින් හෝ රේඛී නමින් හෝ කිසිවක් විද්‍යුත් මාධ්‍ය වල පල නොවුනු කාලයක්. භද්‍රජී ගැන මම ඒවන විට 70 ගීත ගායකයෙක් සහ ගීතරචකයෙක් ලෙස දැන සිටියත් ඔහු ගැන පුද්ගලිකව සෙයාබැලීමට උනන්දු වූයේ ඒ පොත කියවීමෙන් පසුවයි.

කාලයත් සමග ලංකාව තුළ විශ්ව ශක්ති හොරුන් ලෙඩ රෝග සුව කරන එලොවින් ආ ජීවිකයන් ගෙන් පිරී ගියේය. ඒ සැවොම මිනිසුන්ගෙන් ලක්ෂ ගණන් මුදල් වංචාකොට අතුරුදහන් විය. විශ්ව ශක්තිය යන්න සත්‍ය ද අසත්‍ය ද යන්න ගැන මම මේ ලිපියේ කතා කිරීමට බලාපොරොත්තු නොවේ. එසේ වුවත් යමෙක් බුදු දහම හෝ වෙනත් ආගමක් යොදාගෙන යම් කිසි වංචාකාරී ක්‍රියාවක් කර පමණින් එම ආගම අසත්‍යක් මිථ්‍යාවක් යැයි පැවසිය නොහැක. විශ්ව ශක්තිය ගැන වුවද කීමට ඇත්තේ ඒ කාරණාවයි. විශ්ව ශක්තිය යන නම භාවිතා කොට ව්‍යාපාර කරන හොරුන් තක්කඩියන් සිටිය පමණින් එම විෂය ගැන උනන්දුවක් දක්වන සියල්ලෝම වංචාකාරයන් හෝ මානසික රෝගීන් ලෙස සැලකිය නොහැකි යි.

උදාහරණයක් ලෙස බැලුම් ගල විසින් ඉතිහාසය ගැන විකල්ප මතදරන සියල්ලන් පිස්සන් සහ වෙනත් වාසි නිසා ඒ මතය පතුරන අය ලෙස පවසමින් කරන ලද ගුවන් විදුලි වැඩසටහන දැක්විය හැකියි. ඒ වැඩසටහනට අමතන ළද මා හඳුනන පුද්ගලයෙකුගේ හඬපටයෙන් ඔවුනට වාසිදායක කොටස් පමණක් දෙවන ගුවන් විදුලි වැඩසටහන තුළ ධාවනය කරමින් ඉතාමත් පහත් ලෙස මාධ්‍ය හසුරවනු අපිට දක්නට ලැබුණා. තායිලන්තය වැනි රටවල බෞද්ධයන් බුදුන් ඉපදුණේ තමන්ගේ රටේ යැයි පැවසූවට එය ගැන සටහන් කිරීම හෝ ඔවුන් උනන්දු වන්නේ නෑ.

භද්‍රජී මහින්ද ජයතිලක යනු ගායකයෙකු නොවෙයි. ඔහුගේ හැකියාවන් සමූහයක් අතරින් එක හැකියාවක් පමණයි. චිත්‍ර ඇඳීම, නවකථා, කෙටි කථා, ඉතිහාස කථා පොත්ලිවීම ආදී නොයෙක් ක්ෂේත්‍රයන් කෙරේ ඔහුගේ හැකියාවන් පෙන්වා ඇති ඉතා ශ්‍රේෂ්ඨ චරිතයකි. බැලුම්ගල කරන මාධ්‍ය පඟර නැට්ටාට ඔහුට සිංදුවක් කියාගෙන හිටියනම් හොඳයි කියලා අවවාද දෙන්න ඌ භද්‍රජී මහින්ද ජයතිලකගේ බාප්පා ද යැයි මට සිතේ. ජයතිලක මහතාගේ ජීව දත්ත සටහනක් මෙතැනින් ඔබට බලා ගැනීමට හැකි යි. http://bhadrajijayatilaka.com/bud/biography/


කෙනෙක් කරන දෙයක් විවේචනය කිරීමේ අයිතිය ඕනෑම කෙනෙකුට තිබිය යුතුයි. ඔබට ඇති තරම් ඕනෑම අයෙකු විවේචනය කරන්න. නමුත් මාධ්‍ය වේදියෙකු ලෙස ක්‍රියා කරන විට එය වැදගත් ලෙස කිරීම ඒ මාධ්‍ය වේදියාගේ පරිණතභාවය ගැන හොඳ සාධකය කි. වැඩසටහන හොඳින් සවන් දෙන්නේ නම් ඔබට ඇසෙනු ඇත අවංකව තමන් විසින් කරන ලද නිර්මාණ ආදිය ගැන කියද්දී නිවේදකයා අවඥා සහගත ලෙස එයට ප්‍රතිචාර දක්වන ආකාරය.

මීට වසර 2කට පමණ පෙර ජයතිලක මහතා සිරස රූපවාහිනියේ මුහුණට මුහුණ වැඩසටහන පෙනී සිටියා. එහිදි ඔහු සමග සංවාද කළ කිංස්ලි රත්නායක නම් නිවේදකයා හා ඉතා වැදගත් සංවාදයක් කළා. එහිදී කිංස්ලි භද්‍රජීගේ විශ්ව ශක්ති සංකල්පයට සියුම් ලෙස පහර ගැසීමට අමතක කළේ නෑ. නමුත් ඔහු මාධ්‍ය අනිසි ලෙස භාවිතා කරමින් ජයතිලක මහතාගේ පෞර්ෂ්‍යයට පහර ගසන්න ඉදිරි පත්වුණේ නෑ. ඔහුට කළ යුත්ත කියා දෙන්න හදන බාප්පා කෙනෙකු වීමට උත්සාහ කළේ නෑ. ‍

මාධ්‍ය කරුවන් මේ තත්වයට වැටෙන්නේ air time ෆිල් කිරීමට කිසිම කුණු ගොඩක් හොයාගැනීමට නොහැකි වූ විටයි. තව ඉතා වැදගත් කාරණාවක් මම මෙතනදී ඔබට නිරාවරණය කරන්නම්. මගේ මිත්‍රයෙක් සිටිනවා ඔහු බණ්ඩාර නම් කපු මහතෙකු වේ. ඔහු නෙත් FM නාලිකාවේ වසර ගණනාවක් වැඩසටහක් මෙහෙයවූ අයෙකි. ඔබ ඔහුගේ නිවසට ගියහොත් Neth FM නාලිකාව විසින් ඔහුට දෙන ලද සම්මාන බලාගැනීමට හැකිවෙනු ඇත. ඔහුත් විශ්ව ශක්තිය යොදා තමන් වෙන එන අයට සහනය ලබා දීම කරනු ලබයි. ඔබට මේ ක්‍රියාව බොරුවක් යැයි තර්ක කළ හැකියි. එසේනම් නෙත් FM එක මුලින්ම කළ යුතුව තිබුණේ තමන්ගේ මාධ්‍ය හරහා ලොවට ප්‍රසිද්ධ කරපු ඒ කපුමහතා ගැනද එවන් වැඩසටහනක් කිරීමයි. ඔවුන්ගේ මාධ්‍ය කුහකත්වය ගැන තවත් උදාහරණ කුමකට ද?

Comments

භද්‍රජි මහින්ද ජයතිලක මහතා ගැන එසේ කීවානම් එය ඉතා කණගාටුදායකය! එතුමා සැබවින් ම ඒ ශක්තියෙන් බොහෝ අය සුවකර තිබෙන බව ඉතා ප්‍රකට කාරණයක්. අපේ ෆ්එම් මහත්තුරු හිතනව ඇති සේරම දන්නව කියල. බොහෝ රටවල රෙයිකි මගින් ලෙඩ සුවකරන බව ඒ අය දන්නෙ නෑ! අවිද්‍යාව!

මණ්ඩාවල හාමුදුරුවෝ
මෙහිදී ඔබ කියා ඇති පරිදි බැලුම්ගල මෙය කුහක කමකින් කළා යැයි යන මතයට මම එකඟ නොවෙමි.. ඔවුහූ අතගැසීමට අසීරු ඇතැම් තැන් වලට සාර්ථකව අතගැසූ පිරිසකි.. ඇතැම් විට මෙය වැරදි තේරීමක් විය හැක..

හාමුදුරුවො කියලා තියෙනවා බොහෝ රට වල රෙයිකී මගින් ලෙඩ සුව කරනවාය කියලා.. ලංකාවෙත් බොහෝ තැන් වල ජේසු ජීවමානයි වැඩසටහන් වලිනුත් ලෙඩ සුව කළා නේ.. එය බොහෝ විට මානසික විශ්වාස වල තත්වයන් වෙනස් වීම නිසා ඇතිවන සුවයක් මිසක.. සත්‍යය නොවන බවයි මගේ වැටහීම..

වැටහීම කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්.. මෙය සත්‍යයක් හෝ අසත්‍යයක් ද යන්න පිළිබඳ පැහැදිලි විග්‍රහයක් කරන්නට නම් මේ පිළිබඳව මා දන්නා කරුණු ප්‍රමාණවත් නෑ..

කොහොම වෙතත් බැලුම්ගල තුළින්.. මීට වඩා සමාජයට හානි සිදුකරණ අය ගැන අවධානය යොමු කරන්නේ නම් වඩාත් සුදුසු බව සිතමි..

දසුන් ගේ මේ බ්ලොගයට ආවේ අදම ද කොහේද?
ඔබේ ලියමන තුළ ඇති කරුණු වලට මා ප්‍රතිපක්ෂ වුවත්.. ඉදිරිපත් කර ඇති ආකාරය සිත් ගත් බව කිව යුතුයි.. ජය පතමි දසුන්..
නූතන මාධ්‍යවේදීන් යනු තමන්ට කිසිදු සුදුසුකමක් නොමැති අංශ පිලිබඳ පොර ටෝක් දෙන පිරිසකි. දින කිහිපයක් වැඩසටහන මෙහෙයවන මොවුන් ඉන්පසුව සිතන්නේ එම ක්ෂේත්‍රයේ බුද්ධිමත්ම අය තමන් බවයි. නමුත් අද මාධ්‍යකරණයට යොමුවන බහුතරය රස්තියාදුකාරයන් හෝ රැකියා නොමැති කලා උපාධිධාරීන් හෝ මේ දෙකටම නැති හිට්වූවන්ය.
හැමදාම උදේට උන්ගේ උපදෙස් අසා සිටින මෝඩයන්ද මේ රටේ නැතුවා නොවේ. නමුත් මොලයක් ලැබී ඇත්තේ සිතන්නටය. හිතන්න බැරි නම් අඩුම ගණනේ බුදුදහමවත් විශ්වාස කරගෙන ජීවත්වන්න.
මිනිහෙක් අමාරුවෙ වැටුනාම හූරාකන පොරවල් නැතුව නොවෙයි. ඒත් මේ ගොඩක් දේවල්වල ඇත්තක් තියනවා. මාත් එක්ක රැදිලා ඉන්න. පුදුම කතා තොඟයක් තියනවා.
සටහනක් තබපු හැමට ස්තූතියි. මට විශ්ව ශක්තිය ගැන සාධාරනීය කරනය කරන්න ඕන කමක් නෑ, නමුත් තමන් පිලි නොගන්නා සෑම දේම අසත්‍ය ලෙස හුවාදක්වමී ප්‍රතික්ෂේප කළ යුතුයි.
@පුරවැසි, ලිපියේ කියන්න හදපු කතාවට අදාලනැති නිසා නොකියා සිටියට. මට කිවයුතුව තිබූ කොටසක් ඔබ සම්පූර්ණ කළා
මමත් හිතන්නේ හැංගිලා හිටපු රටේ අපරාධ ඇතුලු විවිද වංචාවන් එලියට අරන් හෙලි කිරිමට මාධයයක් නොතිබු කාලේ බැලුම්ගල කරපු මේ දේයින් රටට සුගතියක් වුනා මිසක් නරකක් වුනේ නැ කියලයි.


නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
Anonymous said…
ඇත්තටම විශ්ව ශක්තිය මොකද්ද ..එකෙන් ලෙඩ සුව කරන්න පුලුවන්ද කියන එක ගැන මට අදහසක් නෑ...නිවේදකයන් සන්නිවේදකයන් හෝ වැඩසටහනක් මෙහෙයවන ඕනෑම කෙනෙක් ඊට සරිලන දැනුමකින් ,,ඥානයකින් ,සන්නද්ධ විය යුතුයි ,යමෙක්ට චෝදනා කරන කොට ඒ තැනැත්තාගේ හඬ පටියක් ප්‍රචාරය කරන කොට තමන්ගේ වැඩ සටහනට උවමනා විදිහට ඒ හඬ පටිය කපල කොටලා අදහස් විකුර්ති කිරීම සහ මේ අය මේ වැඩසටහන් ඉදිරිපත් කරන පහත විලාසය බැලුවහම නෙත් එෆ් එම් එකේ ගමන ගැන යමක් හිතා ගන්න පුළුවන් ...මාද්‍ය ගමේ ගොඩේ ඕප දුප අම්මණ්ඩිලා එහෙමත් නැත්තම් කැලා පත්තර ගානට නොවැටිය යුතුයි ,,,අනික වැඩසටහනක් මෙහෙයවනකොට එම අදාළ මාතෘකාව පිළිබඳව අඩුම ගානේ යම් මට්ටමක අද්‍යන්යයක් කල යුතුයි ,,එක වැඩසටහනක මේ පණ්ඩිතයන් මහාවංශය පිළිබඳව කියන්නේ "ඇයි දෙවියනේ මහාවංශය බොරු කියලා කියන්න පුලුවන්ද" කියලා සමහරවිට මොවුන් මහාවංශය දැකලා වත් නැතිව ඇති ,,අනික මහාවංශයේ තියෙන හැම දෙයක්ම සත්‍ය නොවන බව දැන් ඉතා සරල සත්‍යයක් ..කුණු රසයට කැමති සමාජයේ මේ වගේ කඳ පනුවනට තැනක් තියෙනවා ඔබේ පොස්ට් එක දැක්කට පස්සේ තමයි බැලුම් ගල මම ඇහුවේ නැත්තම් මේ වගේ දෙකයි පනහේ වැඩ සටහන් අහන්නේ නැත ,,,මෙච්චර ලොකු මාද්‍ය සංදර්ශන තියන උන් ඇත්තටම මේ රටේ නියම හොරු ගැන කතා කරොත් හෙට ඔවුන් දෙන්නගේ කෑලිත් නැති විය හැක
@රතී,
බැලුම් ගල හොඳ දේවල් සිදු කරලා තියෙනව වෙන්න පුලුවන්. ඒත් එයින් ඔවුන් කරන වැරදි දේවල් නිවැරදි වන්නේ නෑ. මාධ්‍ය කරුවන්ලෙස තමංගේ මතය මතයක් ලෙස මිස එය පරම සත්‍ය ලෙස දක්වා කටයුතු කිරීම අනුමත කරන්න බෑ. මේ සිද්ධිය හරියට චාල්ස් ඩාවින්චි ගේ පිංතූර ඇඳීම විතරක් බලා ඔබ තුමා චිත්‍ර විතරක් ඇඳ ඇඳ හිටියනම් හොඳයි දන්නේ නැති අනෙක් විශ්‍යන්ට අත ගහ්නනේ නැතුව කියලා කිව්ව වගේ කතාවක්. මම මෙහිදී බැලුම් ගල විසින් කරන ලද සියලු වැඩසටහන් කුහක බවක් හැඟවීමට උත්සාහ කර නැත. මා විසින් ප්‍රධාන වශයෙන් සලකා බැලුවේ ඉහත සඳහන් වැඩ සටහන පමණයි.

Popular Posts