සිංහලෙන් ටයිප් කරන්න keyTouch IME නව නිකුතුව (යුනිකේත නොවන සිංහල අක්ෂර සහයද සමග)

keyTouch Sinhala IME
keyTouch යතුරුලියන මෘදුකාංගය නිකුත් කරල දැනට වසරකටත් වැඩියි. මෙහි නව නිකුතුව (version 1.1) දැන් අන්තරජාලයට මුදාහැරියා. http://cplus.lk/downloads/keytouch-ime/ හරහා දැන් ඔබට බාගත කළ හැකියි.

සිංහල යුනිකේතයට අමතරව පැරණි FM මාදිලියේ ෆොන්ට් වල ඇති layout එකට සකසා ඇති සිංහල සඳහාද මෙය භාවිතා කරන්න පුලුවන්. ඔබට අවශ්‍ය FM මාදිලියේ ෆොන්ට් එකක් විජේසේකර ක්‍රමයෙන් ටයිප් කරන්න මේ මෘදුකාංගය භාවිතා කරන්න පුලුවන්. නමුත් මෙහිදී මම යුනිකොඩ් සම්මත යතුරුපොවරුවේ භාවිතා කරන ආකරයේ සමග යම් වෙනස්කම් කිහිපයක් කරා, ඒ අනුව සඤ්ඤක අකුරු සඳහා Alt-gr(දකුණු පස ALT යතුර) භාවිතා කරන්න පුලුවන්. ඒ වගේම මේ මෘදුකාංගය භාවිතා කිරීමේදි දෝෂයක් මතුවුනොත් ඒ ගැන අපට දන්වන්න අමතක කරන්න එපා.

මෙම මෘදුකාංගයේ මූලක කේතයන්(source code) ලඟදීම GPL යටතේ නිකුත් කරන්නට අදහස් කර සිටිනවා.

Comments

Thusitha said…
ස්තුතියි...
jhothishalanka said…
හිතවත් සොයුර පිටරට ඉන්න සොයුරෙක් අවුරුදු නැකැත් ගැනීමට ක්‍රමයක් අසා මගේ බ්ලොගයට කමෙන්ටුවක් එවා තිබෙනවා. මම එයාට මෙම බ්ලොගයේ ලිපිනය දුන්නා .ඔහුගේ පැනයට පිළිතුරු දීමට ප්‍රමාණවත් දැනුමක් මට නැහැ.ඔබට පුළුවන්නම් ඔහුට උදවු කරන්න.ඔහඑ ඉනාන රට ඔබට කියාවි.
පිටරටකට නැකැත් සෑදන්නේනම් එක් එක් රටට වෙන වෙනම අවුරුදු නැකැත් සෑදිය යුතුයි. හැකි උදව්වක් කිරීමට උත්සාහ කරන්නම්.
මෙන්න මේකයි කාරනය...අපේ සි0හල අවුරුදු නැකැත් JHOTHISHALANKA බ්ලොග් එකේ දාල තිබුන මට දැනගන්න ඕන උනේ මේ නැකැත් ල0කාවෙන් බැහැරව ඉන්න අයට කොහොමද අදාල කරගන්නෙ කියන කාරනය..(යුරෝපා රටවල්වලට අදාලව ල0කාවට වඩා පැය 3.5ක අඩු පරතරයක් මෙහේ තියෙන්නෙ.ඒ ග්‍රීස්ම කාලයේ වෙනස )ස්තුතියි.
නැහැ එසේ කළ නොහැකියි. රටින් රටට ඉර උදාව ඉර බැසීම වෙනස් වන බැවින්. හෝරාවෙහි වෙනසක් සිදුවෙයි. ශ‍්‍රී ලංකාව කුඩා රටක් බැවින්, මුලු රටටම අදාල ලෙස නැකැත් දීමට හැකියාවක් ඇති වුනත් විශාල රටවලට එසේ නැකැත් සෑදීම අපහසුයි. රටින් රට වෙන වෙනම නැකැත් සෑදිය යුතුයි. එසේ වුවත්. අවුරුදු උදාව සිදුවන්නේ මුලු ප්‍රථිවියටම එකම වෙලාවකයි. ඒ අනුව අලුත් අවුරුදු උදාව වේලා වෙනසින් සකස් කර සාදගතහොත් එය නිවැරදි වේ :)
ඇත්තෙන්ම ඔබගේ ප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි..
jhothishalanka said…
https://docs.google.com/viewer?a=v&pid=explorer&chrome=true&srcid=0BxtKAGAT2kbKNjBlNDBiNTYtZWU4Ni00YmIyLWEzMGItMzZjMWMyM2RkNDgz&hl=en&authkey=CLrcjqIF&pli=1

Popular Posts