X-File වල The Truth මතකද? - 2012 Doomsday ගැන සටහන

බොහෝදෙනෙක් ආසාවෙන් නරඹපු රූපවාහිනී වැඩසටහනක්. මේක අන්තිම වෙනකන්ම බැලුව වුනත් මට හොඳටම විශ්වාසයි බොහෝදෙනෙක්ට අන්තිමටම Mulder හොයාගත්ත ඇත්ත මොකක්ද කියලා මතක නැතුව ඇති කියලා. පොඩ්ඩක් ආයෙමත් season 9 එකේ අන්තිම ෂොඑක (19th) The Truth බලන්න. මේ තියෙන්නේ වයිස් මෑන් එහෙමත් නැත්තන් දුම්බොන්නා විසින් Scully ට කියපු ඇත්ත.

It's a scary story. You want to come sit on my lap?
You don't scare me. My story's scared every president since Truman in '47.

You don't have to hear this.

No, I want to hear it, Mulder.

Ten centuries ago... the Mayans were so afraid
that their calendar stopped... on the exact date
that my story begins. December 22, the year 2012.

The date of the final alien invasion.

Mulder can confirm... the date.

He saw it at Mount Weather...

where our own secret government will be hiding...

when it all comes down.
පොඩ්ඩක් වෙනස් විදියේ අදහසක් මේකේ තියෙනවා. නමුත් 2012 ලොක විනාශයක් සිදුවීමේ හැකියාවක් කොහෙත්ම තියෙන්න විදියක් නෑ. ක්ෂීරපතයේ කේන්ද්‍රයට සූර්යා හා පෘථිවිය සමපාත වෙනව කියන කතාවත් 100%ක් ඇත්ත නෙමෙයි. මේ තියෙන්නේ මේ ගැන මම cPlus එකට ලියපු ආටිකල් එකක්. (http://cplus.lk/2010/05/2012-doomsday-සහ-නොස්ත්‍රදාමුස්/)

Comments

ηiRσ said…
ඇත්තටම x-files වලට තදින් පිස්සුවක් තිබුනත් එකේ අවසානයට මම කැමති නෑ. දුම් බොන්නා සමහර දේ පැහැදිලි කරත් ගොඩක් දේ අච්චාරුවක් - කථාව දියාරු උනා වගේ. :(
දුකා said…
මුල් කාලේ කතාවලින් පස්සේ මට නම් බලන්නම බැරි උනා
niroshinie
ඇත්තට කතාවට හරියට තේරුම්ගන්න නම් වට පිටාවේ දේවල් හොයල බලන්න වෙනවා. කතාවේ සමහරක් දේවල් හොඩුවාවක් විතරයිදෙන්නේ. මම හිතනව ඒකම තමයි x-file වල විශේෂ තාවය.

@දුකා
මාත් ටිවිකේ මග ඇරිච්ච ඒවා අන්තර්ජාලයෙන් බාගත කරල තමයි බැලුවේ. :)
Anu said…
x files මම ආසම දේ හැම දේම විද්‍යාත්මකව පැහැදිලි කරන්න උත්සාහ කරන එක. බොරුව උනත් ඇත්ත වගේ පෙන්නනවනෙ. මේකෙ ස්ක්‍රිප්ට් එක ලියන අය කතාවට අවශ්‍ය දේවල් ගැන ‍හොඳට හොයනව. එක්ස් ෆයිල්ස් එකේ ලාංකාවේ වර්ෂන් එක 2006දී නිශ්පාදනය වුනා. හැබැයි එක කොටසයි හැදුනේ. බජට් ප්‍රශ්ණයක්.
@Anu
ඇත්තටම ඒකතමයි කතාවේ සාර්තකත්වය. ලංකාවේ වර්ෂන් එකක් ගැන මම දැනගෙන හිටියේනෑ. ලංකාවේ පසුබිමට මේ කතාව ගලපන්න ගියොත් ඒක සාර්ථක වේවි කියල මම හිතන්නෑ. අපේ රටේ පසුබිමට ගැලපෙන විදියේ නිර්මාණය නොවුනොත් ඒක විහිලු කතාවක් බවට නිකම්ම පත්වෙනව. මට මතකයි ලංකාවේ සුපර් මෑන්ට සමාන කතාවක් කරලා තිබ්බා. දැක්කම වමනෙට යන්නඑනවා :D. ලංකාවේ හොඳ තිරරචකයන් සිටියත් කිව්වවගේ බජට් එකතමයි ගැටලුව.

බලලා නැතිනම් x-file නැතිඑකේ පාඩුවට fringe බලන්න කියල යෝජනා කරනවා. x-file එකටත් වඩා විද්‍යාත්මක මූලදර්ම pseudoscience භාවිතා කරල තියෙන විශිෂ්ඨ නිර්මාණයක්. දැනට සීසන් 2ක් ඉවරයි.
Anonymous said…
I don't know how to type in Sinhala... Just wanted to tell you, unlike the Cancer Man told Scully, Mayans didn't actually believe the world would end in 2012. It's true that their calendar ends at 2012. But this was only because they believed, after that, there'd be a new era, a new age, new time... The X-Files began to suck right after the 5th season. In the 6th season, they'll killed all, except the smoking man, of the original consortium and in the 8th season introduced a new one run directly by aliens. That sucked. Besides, David Duchovny left after the 7th Season. It really killed the show.
yes I agreed with you. season 7 and 8 was totally sucks, but I think season 9 is somehow watchable :D
Indranama said…
PSI Factor ත් බලන්න. ඒකත් හොඳ විද්‍යාත්මක පැහැදිලි කිරීම් තියෙන scifi එකක්.
PSI Factor
මං නම් හිතන්නේ x-file/fringe වගේ ඒවත් එක්ක තරඟ කරන්න පුලුවන් මට්ටමේ කතාවක් නෙමෙයි. මම බලල තිබ්බේ රූපවාහිනියේ ගිය කොටස් ටික විතරයි. මේදවස්වල මුකුත් නැති එකේ බලන්න හොඳයි වගේ :D
Anu said…
PSI factor ලෝ බජට් වැඩක් නිසා ටිකක් ගොං. ඒකෙ අඑ පොළව යට සත්තු වගයක් ඉන්න කතාවෙන් පස්සෙ මට එපාම වෙලා ගියා.

Popular Posts