වැල්දොඩම් වැල්

අපි හැමෝම ආසයි තමන් කරපු හපන්කම් ජයග්‍රහණ ගැන කතා කරන්න , හිතන්න කැමතියි. නමුත් අපි හැමෝගෙම ජීවිත ගොන්කම්, පරාජය වීම්, මතක් කළ විට ලැජ්ජා හිතෙන දේවල් වලින් පිරිලා.

අද මට ලියන්න හිතු‍නේ ඒවගේ කරපු ගොන් කමක් ගැනයි. මේ සිද්දිය මතක්වෙන කොටත් මට ලොකු කනගාටුවක් දැනෙනවා. සම්පූර්ණයෙන් කළු හෝ සම්පූර්ණයෙන් සුදු කිසිම කෙනෙක් මේලෝකේ නෑ. ඒ වගේම අංග සම්පුර්ණත් නෑ. අපි කෙනෙක්ට ආදර කරනකොට ඒ කෙනාගේ හොඳ ගුණාන්ග විතරයි දකින්නේ. ඒ අයගේ කොච්චර වැරදි තිබුනත් එපි ඒවා ගණන් ගන්නේනෑ. යම් දිනක ඒ පුද්ගලයා කරදයක් වුනොත්, ඒවගේම එපා වුනොත්, තමන්ගේ ජීවිතයෙන් ඈත් කරන්න ඕනා වුනොත්, එ දිනට ඒ කෙනාගේ වැරදි දකින්න පටන්ගන්නවා. නිවැරදි කරගන්න කොච්චර අවස්තා තිබ්බත් ඒවා අපිට දැකින්න ඕන වෙන්නේ නෑ. මට මතක්වෙන්නේ තායිචී වල භාවිතා කරන යින් යැන්ග් සලකුණ.( - taoist Taijitu) සම්පූර්ණයෙන් කළු හෝ සම්පූරණයෙන් සුදු කිසිවෙක් නෑ. කාර්‍ය බහුල දවසක වුනත් මේක ලියලාම ඉවරයක් කරන්න හිතුනේ තවදුරටත් හිත තුල හිර කරගෙන ඉන්න බැරි නිසා.

මේ සිද්ධිය වෙනකොට මට වයස අවු. 9ක් පමණ වන්නට ඇති. ඒ දවස්වල මගේ පුරුද්දක් තිබ්බා කෑමට ලැබෙන ඔනෑම බීජ සහිත පළතුරක ඉතුරු ‍වෙන ඇට පැළ කිරීමේ. ඒ වුනාට ඒ‍වා බොහෝමයක් පැළුවුනේ නෑ. සමහරක් ඒවා කුඩා කාලයේම මිය ගියා. මට මතකයි ඒදවස්වල ඇපල් ඇටත් පැළ කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒත් ඒ දවස් වල අපි හිටයේ කුලී නිවසක. ඒත් ඒ පුරුද්ද අත හැරියේ නෑ.

දවසක් මේ විදියට බීමට ලැබුනු වැල්දොඩම් වීදුරුවක අඩියේ ඉතුරු වුන ඇට කීපයක් පැල කළා. මෙයින් වැල් දොඩම් වැල් දෙකක් හට ගත්තා. නිවසේ දෙර කඩ අයිනේන් ඉනි වැටක් තිබ්බා. මේ දොඩම් වැල ඒ වැට අල්ලාගෙන වැට දිගේ ඉදිරිට කෙමෙන් කෙමෙන් වැඩුනා. ගෙවත්තේ ඉනි වැටට ආසන්නයේ කසිදා ඵල හට‍නොගත් මහා අඹ ගසක් තිබුනා. මාමා කෙනෙකුගේ උපදෙස් අනුව ඵල හට ගනී යන බලාපොරොත්තුවෙන් බඳවටේ පැල්මක් යෙදා වයර් එකක් බැඳ දැමුවද කිසිදා ඒ අඹ ගසේ අඹයක් හටගත්තේ නෑ.

වැට‍දිගේ ඉහල ඇදුනු දොඩම් වැල් දෙක එකිනෙක හා වෙලෙමින් අඹ ගසට ගොඩ වැදුනා. අවසානයේ අඹ ගස සම්පූර්ණයෙන්ම දොඩම් වැල ආක්‍රමණය කළා. දොඩම් ඒක ලිංගික ශාකයක්. ඒ කියන්නේ ගැහැණු දොඩම් වැල් සහ පිරිමි දොඩම් වැල් ගස් වෙන විදියට වෙනම වර්ග කරන්න පුළුවන්. ඵල හට ගැනීමට නම් පිරිමි ගසක හටගන්නා මල්වල පරාග ගැහැණු ගසක මල්වට යෘමට අවශ්‍ය නිසා සාමාන්යෙන් වැල්දොඩම් වලින් හොඳ ඵලදාවක් ලබාගන්න පරාගනය කෘතිමව කරනන සිදුවෙනවා.

වාසනාවකට මේ දොඩම් වැල්දෙක ගැහැණු සහ පිරිමි ගස් දෙකක්. ඒ ගස් දෙක එකිනෙක හා ‍බැ‍ඳෙමින් ආසන්යෙන් වැඩීතිබුනු නිසා පරාගනයද කිසිදු අපහසු තාවයකින් තොරව සිද්ද වෙලා තිබ්බා. දැන් අඹ ගස පූරා වැල් දොඩම් ගෙඩි. සාමාන්යෙන් බාල්දි දෙක තුනක් පිරෙන්න ගෙඩි හට ගන්නවා. කාටද ආඩම්බර!

මම කලින් කිව්වා වගේ අපි හිටියේ කුලී ගේක. ඒනිසා අපිට මේගෙදර දාලයන්න සිද්ද වුනා අළුතින් මිලදී ගත් නිවසකට. ඒ නිවසට යෑමට දින ආසාන්න වෙත්ම මම අම්මාගෙන් ගිහින් අහුවා. අම්මේ අපි ගියාම මේ ‍ෆ්‍රැෂන් ෆෘට් ගහට මොකක්ද වේන්නේ කියලා. මේ ගෙදර අපේ‍ නෙමෙයිනේ. ඒක මෙහේ තියේවි කියලා. එතකොට මම හිටවපු පැලෙන් වෙනින් අයනේ ප්‍රයෝජන ගන්නේ. ඔව් ඉතින් මොකද අම්මා ඇහුවා. අම්මා නම් කියයි. මටනේ දුක.

මට මේ ගහගැන තියෙන තන්හාව තවත් වැඩිවුනේ මට ඒ වැල නැතිවෙනවාට වාඩා වෙනින් අය ඒ ගහෙන් ගෙඩි කඩාගෙන කාවිය කියන එක නිසා වෙන්න ඇති. ඒක කොච්චර අප්පිරිය කැත අදහසක්ද කියලා එදා මට ‍නොවැහිටුනා ද කියලා කියන්න දන්නේ නෑ. අවු 9ක් වුනත් සිතීමේ හැකියාවක් තිබුනේ නෑ කියන්නත් බෑනේ.

ඔන්න දැන් නිවසෙන් පිටවෙන්නට තව ඇත්තේ එක දිනයි හෝ දෙකයි. කරන්නට දෙයක් නැ. ගත්තා පිහියක් හිමින් සීරුවේ වැල්දොඩම් වැල්දෙකෙන් එක වැලක මුලින් තියලා පිහිය දෙපැත්තට ඇදලා ඇදලා කඩලා දැන්මා. මේ කාරනාව කාටවත් නොකියන්න මම වග බලාගත්තා.

වසරකට පමණ පසු ඒ නිවසට යෑමට අවස්තාවක් ලැබුනා. ඒ විට වැල්දෙඩම් වැලක් තිබුනු බවට සලකුණක්වත් තිබුනේ නෑ. මා විසින් මාරා දැමූ වැල මුලිනුත් ඊට ටික කලකට පසු අනිත් වැලත් මිය ගිය බව ඒ අවට දන්නා හඳුනන අසල් වැසියන්ගෙන් දැන ගත්තා. පළමු වැල මිය යෑමේ දුක නිසා අතිවූ වියෝ දුකින් අනිත් වැලත් මිය යන්නට ඇති.

Comments

Anonymous said…
වැල තමා වැල! එව්වා කොහොමත් තියෙන්නෙ ප්‍රයොජනයට අරන් විනස කරලා දාන්න තමඉ.
ඔහොම තමයි බොස්. අපි හැමෝම එක එක වැරදි කරලා තියෙනවා. වැරදි නොකරපු කෙනෙක් මේ ලෝකේ නෑ නේ.
හොඳම වැඩේ වැරැද්ද මතක් කර කර පසුතැවෙන එක නෙවෙයි. ඒකෙන් පාඩමක් ඉගෙන ගෙන එකම වැරැද්ද දෙපාරක් නොකරන එකයි
එක්කෙනෙක්වත් ඒක තේරුම් ගත්ත එක ලෙකු සහනයක්... මොකද මේක කියවපු සමහර යාලුවන් දැන් මාත් එක්ක කතා කරන්නේවත් නෑ. :D
Bo said…
මල්ලි, නොදන්න නොතේරුම් කාලයේ සිද්ධ වුන දෙයක්නේ,පොඩි ළමා වියේ හරියට නොවැටහෙන නිසා මෙවැනි වැරදි සිදුවෙනවා ඇති.

මොනවද මුත්තෙ මොකද කරන්නනේ,
මොකටද ඔබ ඔය බිම හාරන්නේ,
ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි.

කියලා නිතර ඇසුන සිංදුව මතක් වෙනවා, දැන් මේ අඹ ගහ හිටෙව්වට මුත්තට ඒවා කන්න වෙන්නේ නෑනේ ඇයි එහෙනම් හිටවන්නේ කියලා පොඩි ළමයෙක් අහනවා, ඒ ළමා මනසේ හැටි. නමුත් මුත්තා පැහැදිලි කරලා දෙනවා, මේවා අනාගතයට කියලා.
මෙවැනි පෝස්ට් එකක් නිසා ඔයා එක්ක කතානොකරන යාලුවෝ මම හිතන්නේ ඔයාගේ සැබෑ යහළුවන් නොවේ කියලා.
Narada said…
"සම්පූර්ණයෙන් කළු හෝ සම්පූර්ණයෙන් සුදු කිසිම කෙනෙක් මේලෝකේ නෑ. ඒ වගේම අංග සම්පුර්ණත් නෑ."
"මට මතක්වෙන්නේ තායිචී වල භාවිතා කරන යින් යැන්ග් සලකුණ.( - taoist Taijitu) සම්පූර්ණයෙන් කළු හෝ සම්පූරණයෙන් සුදු කිසිවෙක් නෑ. "

මේ අදහස ගොඩාක් වටිනවා අයියා!. මම දැන හිටියේ නෑ තේරුම. මම පොඩි කාලේ සිටම සිතුවේ ධර්ම චර්ක්‍රය වගේ එකක් කියලායේ. මොකද ඒ මාළුවෙක් වගේ පෙනෙන රූපයේ අවසානයක් නැති නිසා.
බිනකු මල්ලී හිටන් හිටපු හැටිත් වැරදි නෑ. ‍එකම සළකුණ ගැන විවිද මත තියෙනවානේ. ‍යින් සහ යැන්ග් එකිනෙකා පසුපස දුවනවා ඒවගේම යින් තුල යැන්ග් තිතක් තියෙනවා එසේම යැන්ග් තුල යින් ස්වල්පයක් ද තියෙනවා.

විකියේ ගොඩක්‍ හොඳ පැහැදිලි කිරීමක් තියෙනවා.

http://en.wikipedia.org/wiki/Yin_and_yang

http://en.wikipedia.org/wiki/Taijitu
සු said…
ඔයාට අර වැල්දොඩම් වැල කපන කාලෙ තරම්වත් සිතීමේ හැකියාවක් නැතිව ඇති තරහාවුණ යාලුවන්ට.. පොඩි කාලේ ඔයිට වඩා මරුමුස් වැඩ ක‍‍ළ අය අද බොහොම හොඳ අය වෙලා ඉන්නවා.. ඒත් වැලේ කතාව අහද්දිනම් දුකක් හිතුණා.. අපරාදෙ..නේද ? මෙහෙම ඒක කියපු එකත් කොයි තරම් දෙයක්ද ?

Popular Posts