ඇඩ්මින් බලය නැති පරිගණකයක සිංහල යුනිකේත කියවන හැටි.

සමහර විට සේවා ස්ථානයේදී නැතිනම් internet cafe එකකදී ලැබෙන පරිගණකයක සිංහල ස්ථාපනය කරන්න ඇඩ්මින් බලතල ලබා ගැනීම ගැටළුවක් වෙන්න පුළුවන් ඒ වගේ වෙලාවකට කියවීමේ පහසුකම විතරක් හදාගන්න පුළුවන් පොඩි උප්පර වැට්ටියක් මේ. නමුත් font එකක් පිටපත් කිරීමේ හැකියාව තිබිය යුතුයි. වින්ඩොස් xp මෙ‍හෙයුම් පද්ධතියේ තමා අත්හදා බැලුවේ.

පොර්ටබල් FireFox සඳහා
http://portableapps.com/apps/internet/firefox_portable

මුලින්ම පොර්ටබල් firefox එක නිවැරදිව පෙන්ඩරයිවර් එකට ස්ථාපනය කරන්න. ඉන්පසු
දැනට නිවැරදිව සිංහල දර්ශණය වන පරිගණකයක C:\WINDOWS\system32\usp10.dll කියන dll ගොනුව පොර්ටබල් FireFox ස්ථාපනය කරනු ලැබූ ඩිරෙක්ටරිය තුල ඇති FirefoxPortable\App\firefox\ යන ‍ඩිරෙක්ටරිය තුලට පිටපත් කරන්න.
එසේම ඔබ කැමති සිංහල යුනිකේත ෆොන්ට් ගොනුවක්(*.ttf) පෙන් ඩරයිවරය තුලට පිටපත් කරන්න.
දැන් දැනට යුනිකේත නැති පරිගණකයට පෙන්ඩරයිවරය ඇතුලත් කර ෆොන්ට් ගොනුව ස්ථාපනය කරන්න(%systemroot%‍\fonts\ ‍ඩිරෙක්ටරිය). ඉන්පසු පොර්ටබල් FireFox වලින් නිවැරදිව සිංහල දිස්වෙනු ඇත.


නිවැරදිව සිංහල පෙන්වන පොර්ටබල් firefox සහ ෆොන්ට් ගොනුව පමනක් ස්ථාපනය කල විට IE වල දිස්වෙන ආකාරය.


IE
සඳහා

දැනට නිවැරදිව සිංහල දර්ශණය වන පරිගණකයක C:\WINDOWS\system32\usp10.dll කියන dll ගොනුවක් පෙන් ඩරයිවරය තුලට පිටපත් කරන්න.
එසේම ඔබ කැමති සිංහල යුනිකේත ෆොන්ට් ගොනුවක්(*.ttf) පෙන් ඩරයිවරය තුලට පිටපත් කරන්න.

දැන් දැනට යුනිකේත නැති පරිගණකයට පෙන්ඩරයිවරය ඇතුලත් කර ෆොන්ට් ගොනුව ස්ථාපනය කරන්න. ඉන්පසු usp10.dll එක %programfiles%\Internet Explorer\ කියන ඩිරෙක්ටරියට පිටපත් කරන්න. දැන් IE වල නිවැරදිව සිංහල දිස්වෙනු ඇත.

Comments

noname said…
font ස්ථාපනය සඳහා admin බලය ඕනෙ නම්????
Aravinda said…
ඒ පරිගණකයට Pen Drive සවි කළ නොහැකි නම්.
cd driver එකක් තියෙනවා නම් cd rom එකකට හරි කොපි කරන්න.

අන්තර් ජාල පහසුකම ඇතිනම් අන්තර් ජාලය හරහා ‍portable firefox භාගත කළ හැකියි. කලින්ම තමන්ගේම ඊමෙයිල් එකකට usp10.dll(1.601.5022.8 හෝ නව සංස්කරණයක්) පොස්ට් කරලා තිබ්බා නම් එක. අර කලින් කියපු විදියට ගන්න පුළුවන්. ‍

අන්තර් ජාලය මගින් හෝ Pen Drive ‍හෝ cd rom එකක් මගින් හෝ ‍මොන ක්‍රමයෙන් හරි ගෙනියන්න තමා ඕනා.
ඇඩ්මින් බලය නැති පරිගනකයක fonts දානහැටි - පහන්
http://pahanucsc.blogspot.com/2009/01/fonts.html
Gayan Tharaka said…
elakiri wage weda. XP sp1 walath akuru hariyata pennanawa.
Anonymous said…
ඇඩිමින් නැතිව සිංහල යුනිකෝඩ් කියවන්න portable Firefox version එකක් මා විසින් නිර්මාණය කලා.
http://bit.ly/qqc2t
අද 3.5 සඳහා හදපු එක දාන්නයි ඉන්නේ. :)
ස්තුතියි. දසුන්. spam වගේ පේනව නං මකල දාන්න :)
ස්පෑම් වගේ කොහෙද? ස්පෑම් තමයි. හික්. කමක් නෑ ඔන්න ඔහේ තිබුනාවේ. ;)

Popular Posts