Skip to main content

ඩයලොග් ඊසීජී

මේතියෙන්නේ ඊසීජී වාරතාවක් නම් නෙමෙයි. වැටි වැටි නැගිටින ඩයලොග් HSDPA අනත්රජාල සේවාවේ භාගත වේග සටහනකු යි.

මේ තමයි වැඩියෙන්ම හොඳට සිග්නල් ලැබුනු වේලාව. ඒත් ඩවුන්ලෝඩ් වේගය බිංදුවයි.

Comments

har said…
ඕව ඔහොම තමයි, කියනව විතරයි වැඩ නෑ. කෙලින්ම කිවුවොත් බයිල තමා ඩයලොග් එක ගහන්නෙ.
ඊයෙ හවසයි රෑයි නම් Dialog ගන්නම දෙයක් නෑ. නන්නත්තාරයි. මගේ කාලයෙන් විනාඩි 15ක් නාස්ති වුණා community web site එකකට event එකක් post කරන්න විතරක්. 200 KB ෆයිල් එකක් Gtalk හරහා යවා ගන්න පැය බාගයක් ගිහිල්ලත් බැරි වුණා. මීට කලිනුත් ඔහොම වෙලා තිබුණා. දැන් නම් ඉවසුවා ඇති. SLTnet Dial Up මීට වඩා හොඳා.
Chanuka said…
BizFirst this week will focus on LIRNEasia's Broadband benchmarking research. This will be broadcast over MTV and Shakthi TV simultaneously, on December 19, at 9.30 pm.

Apart from me, R. Tirumurthy of IIT Madras – the thought leadership of the team that developed the test software package will participate in this program. We talk about the Broadband scenario in Sri Lanka, with the issues and how we propose to approach the Quality of Service issues.

The same program will be repeated on Sunday Dec 21, 2008 at 12 noon over the same channels.

More information about LIRNEasia's Broadband Benchmarking work is available at:

http://www.broadbandasia.info

http://lirneasia.net/projects/2008-2010/broadband-benchmarking-qos-20

http://lirneasia.net/projects/2006-07/bbqos
Chanuka said…
ඩයලොග් සහ අනෙකුත් පුළුල් පරාස සේවා සපයන්නන්ගේ වඩා විස්තරාත්මක තත්ත්ව වාර්තා සඳහා පහත ලිපිනයේ Broadband Benchmarks යටතේ බලන්න.

http://lirneasia.net/projects/benchmarks
අයියෝ මම මේ රීප්ලයි එක දාන්නේ 9.00pm ඉඳන් දැන්වත් පෝසට් වෙයිද? මගදි connection ‍fail කියල වැටෙනවා.
අද වේග වලින් ලංකාවේ කිසිම අන්තර්ජාල සේවාවක් මනින්න එපා. මට දැනගන්න ලැබුණු ආරංචි වලට අනුව ලංකා‍ව ඇතුලු දකුණු ආසියානු රටවල් කිහිපයකම ප්‍රධාන අන්තර්ජාල සම්බන්ධතාව වන SEA-ME-WE 4 මධ්‍යධරණී මුහුදෙන් කැඩිලා ගිහින්. SLT ADSL උනත් ගන්න‍ දෙයක් නෑ. මේක හදන්න නම් ටික දවසක් යාවි. :(

Popular posts from this blog

බැලුම්ගල කුහක මධ්‍ය කරණය

වසරකට ආසන්න කාලයක් ලිපියක් නොලියූ මට ලිපියක් ලියන්නට ප්‍රස්තුතයක් වූයේ මේ බැලුම්ගල වැඩ සටහන යි. ආරම්භයක් ලෙස එම වැඩසටහනේ සවන්දීමට ආරධනා කරමි.



මම මේ ලිපිය ලියන්නට පටන් ගන්නේම බැලුම්ගල වැඩසටහනේ ඇති ළාබාල අතාර්කික ක්‍රමයකින් විවේචනය කරන ක්‍රමවේදය හෙළා දැකීමට බැවින්, සාධාරණ අපක්ෂපාතී, ලිවීමක් විවරණයක් මා තුළින් බලාපොරොත්තු නොවන්න. භද්‍රජී මහින්ද ජයතිලකගේ Diehard fan කෙනෙක් බැවින් තව දුරටත් එය එසේ නොවෙනු ඇත.

2002 හෝ ඊට ආසන්න කාලයක දිනක් කොළඹ මහජන පුස්තකාලය තුළ අමුතු තාලයේ පොතක් මට හමුවුනා. එහි නම "විශ්ව ශක්තිය හා චක්‍ර" හෝ එයට ආසන්න නමක් ලෙසයි මට මතක. එහි රචකයා වූයේ භද්‍රජී හින්ද ජයතිලයන්ම තමයි. ඒ වන විට ලංකාව තුළ විශ්ව ශක්තිය නමින් හෝ රේඛී නමින් හෝ කිසිවක් විද්‍යුත් මාධ්‍ය වල පල නොවුනු කාලයක්. භද්‍රජී ගැන මම ඒවන විට 70 ගීත ගායකයෙක් සහ ගීතරචකයෙක් ලෙස දැන සිටියත් ඔහු ගැන පුද්ගලිකව සෙයාබැලීමට උනන්දු වූයේ ඒ පොත කියවීමෙන් පසුවයි.

කාලයත් සමග ලංකාව තුළ විශ්ව ශක්ති හොරුන් ලෙඩ රෝග සුව කරන එලොවින් ආ ජීවිකයන් ගෙන් පිරී ගියේය. ඒ සැවොම මිනිසුන්ගෙන් ලක්ෂ ගණන් මුදල් වංචාකොට අතුරුදහන් විය. විශ්…

ලංකාවෙන් පිට රටට යන සල්ලි නවත්තන්න එටිසෙලාට් සිම් එක කැඩුව නේ ද?

කමක් නෑ ඊට කලින් කරන්න තව වැඩ ටිකක් තියෙනවා. කැඩුවත් නැතත් මේ ටිකත් කරන්න පුළුවන් නම් අපේ රට ගොඩ දාගන්න පුළුවන්.

1. දුරකථන අංකයක් ව්‍යාපාරිකයන් වෙනස් කරන්න කැමති වෙන්නේ නෑ. ඔවුනට අදාල අංකය මිස ආයතනය මොකක්ද කියන එක නෙමෙයි. ඒක නිසා TRC එකට බල කරන්න ඕන Number Portability පහසු කම පාරිභෝගියන්ට ලබා දෙන්න කියලා. ඒ කිව්වෙ. අංකය වෙනස් නොකර ඩයලොග් වලින් මොබිටෙල් වලට හරි, එටිසෙලාට් වලින් ඩයලොග් වලට හරි මාරුවෙන්න තියෙන පොරිභෝගික අයිතිය නිත්‍යානු කූල කරන්න කියලා රජයට බල කරන එක. දැනට මේ නීතිය ක්‍රියාත්මක නොකරන්න් Etisalat සහ Dialog කියන කම්පැනි දෙක කඩා වැටේවි කියන බයට. රජය ඉන්න ඕන මිනිස්සුන්ගේ පැත්තේ මිස ආයතනවල පැත්තේ නෙමෙයි. ඒ ආයතන වල රැකියා කරන අයත් ආරකෂා කරගත යුතුයි. නමුත් පාරිභෝගික අයිතියට සෑම විට මුල් තැන ලබා දීම රජයක් සතු වගකීමක්.

2. පැට්‍රල් වලින් ඩීසල් වලින් දුවන වාහන Electic වාහන වලට මාරු වෙමු ද? අඩුම තරමේ Hybrid එකකටවත්. වාහන වල ටැක්ස් වැඩියිනම් ඒකටත් රජයට බල කරමු ටැක්ස් අඩු කරලා පරිසර හිතකාමී වාහන දිරිගන්වන්න කියලා. ඒ වගේම සූර්‍ය පැනලයක් ගෙදර හයි කරගෙන පුද්ගලික දැවිතෙල් භාවිතය ශූන්‍යය කර…

Apple Mac පරිගණක සඳහා සිංහල යතුරු ලියන පහසුකම (Wijesekara Keylayout))

වසර ගනණක කඩවුනු පොරොන්දුවක් ඉටු කරන්නයි යන්නේ. මේ ඇපල් පරිගණක සඳහා සිංහල යතුරු පොවරුව නිර්මාණයකරලා වසරක් පමණ ගත වුවත් අද තමයි නිලවශයෙන් නිකුත් කරන්නේ. පහුගිය බ්ලොග් කරුවන්ගේ සංසදයේ හමුවේදීත් මෙය ලබාදෙන බවට මම පොරොන්දු වුනත් නිකුත් කරගන්නට හැකියාවක් ලැබුනේ නෑ. පරිගණකයට ස්ථාපනය කරගන්නා ආකාරය හා බාගත කිරීමේ යොමු පහත දක්වා ඇත.

පළමුව sinhala-wije.keylayout ගොනුව මේ යොමුවෙන් බාගත(download) කරන්න. (download නොවේනම් right click කර save link as යන්න තෝරන්න.)

ඉන් පසු ඔබගේ මැකින්ටෝෂ් පරිගණකයේ Finder වැඩසටහනට පිවිසී Go > Computer වෙතට යන්න. මේ මගින් ඔබගේ account එකට අදාල Folder එක විවෘතවේ.එහි Machintosh HD තුල පිවසී Library & Keyboard layouts යන ෆොල්ඩරයට පිවිසෙන්න.දැන් බාගත කරන ලද sinhala-wije.keylayout ගොනුව එම ෆොල්ඩරය(Library>Keyboard Layouts) වෙතට කොපි කරගන්න.දැන් පරිගනකයෙන් Log offවෙන්න නැතිනම් පරිගණකය Restart කරන්න.ඉන් පසු System Preferences > Language & Text වෙත පිවිස Input Sources ටැබ් එක විවෘත කරන්න. එහි sinhala-wije යන්න තෝරාන්න (checkbox එක ‍select කරන්න)අවශ්‍යනම් keboar…