FOSS වලින් වෛරස්

FOSS මෘදුකංග සමග ඔබ ‍පරිගණකයට වෛරස.


Ref:
http://ethalaya.com/slt.html
සයිබර් සොරුන්ගෙන් ආරක්ෂා වෙමු කියන අනු මාතෘකාව යටතේ
උපුටා දැකවීම.
-----------------------------------
ඔහු තවදුරටත් පැවසුවේ, නොමිලේ ඉන්ටර්නෙට් තුළින් ලබාගත හැකි මෘදුකාංග (free and open source software) බා ගැනීමේදී ප්‍රවේශම් විය යුතු බවය. එසේ ලබාගත හැකි ඇතැම් මෘදුකාංග සමග අනවශ්‍ය හා හානිකර දෑ තම පරිගණකයට ඇතුළු වීමේ අවස්ථාවක් ද ඇත.
-----------------------------------
උපුටා දැක්වීම අවසන්.

මේක දැක්කම මට හිතා ගන්න බැරුව ගියා මොනාද මේ කියන්නේ කියලා. නිකමට වගේ අන්තර්ජාලයේ සිංහලයා(www.ethalaya.com) අඩවියේ සැරි සරන විට දුවුව කරුණක්. බොහෝ දුරට මේක පරිවර්තන දොෂයක් විය හැකියි. නමුත් නම ගිය මාධ්‍ය ආයතනයක් ලෙස මීට වඩා වගකීමකින් කටයුතු කරන්න ඕන කියල තමයි කියන්න තියෙන්නේ. කොහොම වුනත් මේ ආයතනය නමගිය ග්රේට් මිස්ටේක් ගණනාවකටම වැරදිකාරයෝ වෙලා තියෙන බව තතු දත්තෝ දනිති.

කොහෙම වුනත් ජෙෆ් ෆොක්ස් ඇත්තටම මේවගේ දෙයක් කිව්වද කියලා මටත් ෂුවර් නෑ. හරියටම දන්න කේනෙක් ඉන්නවනම් දන්වන්න.

Comments

Anonymous said…
But I have to agree with this.

"මීට පිළියම් ලෙස ෆොක්ස් උපදෙස් දෙන්නේ, හොඳින් දන්නා විශ්වාසවන්ත වෙබ් අඩවි හරහා පමණක් නොමිලේ ලබාගත හැකි මෘදුකාංග බා ගන්නා(download) ලෙසටයි."
දනූ
ඕනෑම මෘදුකාංගයක් භාගත කිරීමේදී මේ අවධානම තියෙනවා. ඒත් මෙතන FOSS විශ්ෂයක් කර දැක්විය යතු නැහැ. ‍එසේනම් මීට වඩා shareware freeware ගණයේ මෘදුකාංග මේ ‍වැඩේ(spyware, malware and virus) අඩුවක් නොකරන බව සෑම දෙනාම දන්න කාරනයක්. විශිෂයෙන් සඳහන් කරනවා නම් කළ යතුව තිබුනේ ඒවායි.
"නොමිලේ ඉන්ටර්නෙට් තුළින් ලබාගත හැකි මෘදුකාංග (free and open source software) "

මම මෙතනදී අවධානය යොමුකරන්නට අදහස් කලේ ‍මේ නොමිලේ ලභාගත හැකි සියළුම මෘදුකාංග FOSS නොවන නිසායි. මෙය පරිවර්තන දොෂයක් විය හැකි බව පැවසුවේ ඒ නිසායි.
Anonymous said…
I think the translators have confused Free Software with Freeware!

Popular Posts