හොරා

මෑතකදී සිදුවුනු සිද්දීන් දාමයක් නිසා මේ කතාව ලියන්න හිතුනා.

මේ සිද්ධිය වෙනකොට මම හිටියේ ඉසිපතන විද්‍යාලයේ 10 ව‍සරේ. මම පාසලේ බ්‍රයිට් පොරක් නම් නෙවෙයි. යන්තන් වාර විභාගේ ගොඩ යනව විතරයි. කවර දාවත්ම ගෙදරදි පාඩම් වැඩැක් කියල දෙයක් කරන්නේ නෑ. ඕලෙවෙල් ලඟ වුනත් ඒක එච්චර ලොකුවට හිතුවෙ නෑ. කොහොම හරි ඒලෙවල් කරන්න ගොඩ ගියොත් ඇති කියලා තමයි හිතන් හටියේ. එකදු උපකාර පංතියකට වත් ගියේ නෑ. ඕන කමක් තිබුනෙත් නෑ. 10 ශ්‍රේණියේ මැදක ඉඳන් ගණිතයට තියන ආසවට හා දහම් පාසලේ යළුවො සෙට්එක කියපු නිසා උපකාරක පංතියට ගියා.

‍කුඩා කාලේ ඉඳන් මගේ ප්‍රියතමත විෂය තමයි විද්‍යාව සහ ගණිතය. විද්‍යාවට කොච්චර ආසද කියනවනම්. 11 වසර දක්වා විද්‍යාව සඳහා ලැබන මුද්‍රිත පොත් සියල්ල 8 වසරේදිම කියවල හමාරයි. ඒත් ඉතින් පංතියේ විද්‍යාව පාඩම යනකොට මම දන්න දේවල්ම කියවන නිසා පො‍රක් වෙන්න කියලා මම උත්ත‍ර දෙන්න යන්නේ නෑ. කරබාගෙන ඉන්නවා. සාමන්යෙන් විද්‍යාවට වුනත් මම වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්න කෙනක් නෙමෙයි. මොකද විභාගෙට කියලා ලොකුවට හිතන්නේ නැති නිසා ඔහේ විභාගෙට ගිහින් ලියල එනවා. සමහර දවස්වලට විභගෙ ඉක්මනට ලියපු අයට කලින් ගෙදර යන්නත් දෙනවා. විභාගය කියලා නෑ පට පට ගාල මොනවහරි ලියලා ගෙදර දුවනවා. ඒක නිසා කොහොමටත් මාව පංතිය තුල වැඩි කැපී පෙනීමකට ලක්වුනේ නෑ. මට එහම කරන්න ඕන කමක් තිබුනෙත් නෑ.

ඔන්න ඉතින් 10 වසර අවසාන වාර පරීක්ෂණය දවස් අවා. විද්‍යාව පේපර් එකත් අවා. ඒකටත් දන්න දන්න විදයට උත්තර ලීවා. එච්චරයි. පංතියේ හැම ළමයෙක්ම වගේ මේ පාර විද්‍යාව පේපර් එක අමාරුයි කියනවා. මටනම් ඉතින් එච්චර ගානක් නෑ. විභාගෙ ඉවර වෙලා වුනත් කොයි වෙලාවෙත් බලන්නේ ගයාන් එක්ක(පංතියේ සිටි මිතුරෙක්ක) චෙස් ගේමක් ගහන්න. කොහොමටත් මට ගයාන්ව පරද්දන්න හම්බු වෙන්නේ ඉඳල හිටල තමයි.

දැන් විභාහගයත් ඉවරයි. පංති වල ඉගැන්වීම් කටයුතු කලේ නැතත් ඉස්කෝලේ එනවා. මොකද ගෙදර හිටියා කියලා තනියෙන් චෙස් ගේමක් වත් ගහන්න පුළුවනෑ. දැන් ඉතින් ගුරුවරු උත්තර පත්ත්‍ර බලනවා. අපිට ආරංචියක් ආව විද්‍යාව බාර සිල්වියා ගුරුතුමියත් ඔන්න දැන් උත්තර බලනවා කියලා. කට්ටි කියනවා මේපාර විද්‍යාවටනම් ලකුණු ‍අඩු ඇති කියලා. මම ගයාන්ට කිව්වා මට නම් අඩුම තරමේ ලකුණු 80ක් වත් ඇති කියලා. මිනිහත් එච්චරම ගණන් ගත්තේ නෑ. පංතියේ සෙට් එකම ගියා ඔන්න ලකුණු බලා ගන්න.

කවුද සමීර කියන්නේ. මිස් මම දසුන් සමීර. ආ ඔයාද? ඔයා විද්‍යාවට ක්ලාස් යනව ද? නෑ මිස්. ඔයාගේ කවුරු හරි නැදෑයෙක් ඉන්නවද විද්‍යාව උගන්නවන? නෑ මිස් එහම කෙනෙක් නෑ. ඔයාට කොහොම හරි විභාගෙට කලින් උත්තර පත්තරේ ලැබිල තියෙනවා. ඔයා ගේ උත්තර හරියටම උත්තර පත්තරේ උත්තර වලට සමානයි. මේ බලන්න උතතර පත්තරේ ලියල තියනවා B හී දීප්තිය වැඩියි. ඔයාගේ උත්තරේ B හී දීප්තිය වැඩියි. මේවගේ සමාන ඒවා ‍ගොඩක් ඔයාගේ උත්තර වල තියනවා. අනිත් එක මේ පාඩම අපි කරලත් නෑ. ඔයා ක්ලාස් යන්නේ නැතිනම් කියල දුන්නේ නැති දේවල් දන්නේ කො‍හොමද? අනිත් එක මේ සෙක්ෂන් එකේම දක්ෂම ළමයි පවා මේ ප්‍රශ්ණ පත්තරේට අඩු ලකුණු අරන් තියන්නේ. ඔයාට ලකුණු 84ක් තියනවා. මේ වෙනකොට ඇය පංතියක උගන්වමින් හිටියේ ඒ 8 වසර හෝ 7 වසර මල්ලිලා කට්ටියකට. ළමයි මේ බලන්න මේ අයියා හොරෙක්. එයාට විභාගෙට කලින් පිළිතුරු පත්තරේ ලැබිලා. ඔ‍යගෙල්ලෝ මේ වැගේ වැඩ කරන්න ‍එපා. වරදක් කලොත් කවද හරි අහුවෙනවා.

මට කිසිවක් සිතා ගත නොහැකි විය. මම නිරුත්තර විමි. මගේ මුවින් කිසිදු වචනයක් පිට කල නොහැකි තත්වයකයි මම හිටියේ. උ‍ගුරේ යමක් හිර වලො වගේ කියලා මට දැනුනා. මට ඔයාට මීට වඩා දෙයක් කරන්න පුළුවන් ඒත් මම එහෙම කරන්නේ නෑ. මම ඔයාට ගත්ත ලකුණු ඒ විදයටම දෙනවා. ඊට පස්සේ මොනව වුනාද කිලා මට තාම මතක නෑ. ඇයි මම කට වහන් හිටියේ මට තිබුනේ එවෙලෙම අහන ඕන ප්‍රශ්ණයක්ට උත්තර දෙනවා කියලා කියන්න. නැතිනම් මුළු පේපර් එකම අයිත් එතන ඉඳන් කරල දීල එන්න. ඔය වගේ ගොඩක් දේවල් මගේ ඔළුවට ආවා. කොහොම වුනත් ගයාන් සහ මම ලඟින් ඇසුරු කරපු ළමයි කීපදෙනක් මගේ පැත්තේ හිටියා. එත් මුළු සෙක්ෂන් එකේම වගේ මේ ආරංචිය පැතිර ගිහින් තිබුනා. සමහර අය මගෙන් ඇවිත් අහනවා උඹ කොපි කරන්න ගිහින් මාට්ටු වුනා නේද කියලා. මම හිනා වෙනවා. වෙන මොනව කියන්නද?

මම මේ ගැන ඉලෙක්ට්‍රොන්කි පංතියේ ගුරුවරයාට දැන්වුවා. මමත් ඔහුට කිව්වේ කොහොමද මගේ උත්තර උතත්ර පත්‍රයේ උත්තර වලට සමාන වුනේ කියලා මටත් හිතා ගන්න බැහැ කියලා. ඔහු දුන් උත්තරය මට ඉතා සැනසිලි දායක එකක් විය. ඔයා ගිහින් කියන්න මිස්ට අපි යමක් හරියට ඉගන ගත්තානම් තියන්න පුළුවන් එක උත්තරය යි. එක නිසා උත්තර පත්‍රය වෙනින් උත්තරයක් තිබුනොත් තමා ගැටළුව කියලා. අනිත් එක මම සාමාන්‍ය යෙන් උත්තර ලියනකොට මට පුළුවන් ආකාරයෙන් ඒක කියන්න තියන කෙටිම සහ හොඳම ක්‍රයට තමයි ලියන්නේ. ඉතින් උත්තර පත්‍රයත් එහෙම එකක් වෙන්න එපෑයි. මටම හිතුනා.

ඊලඟ දවසේ මම විවේක කාලයේ පිට්ටනියේ තනිව ඇවිදමින් සිටියා. විවේක කා‍ලයේ පිට්ටනියේ තනිව ඇවි‍දීමේ පුරුද්දක් මට 3 ව‍සරේ ඉඳන් තිබුනා. ඔන්න එතකොටම මල්ලි කෙනෙක් ඇවිත් තවත් මල්ලි කෙනක්ව පෙන්නමින් “අයියේ මෙන්න මෙයා ඔයාටත් වඩා ‍‍ලොකු හොරෙක්” කියලා මට පෙන්නුවා. මා මුව කොනින් සිනා සී ඔහු දෙන බලුවා. එදා ගුරුතුමිය උග්නවමින් සිටි පංතියේ සිසුවෙකු විය යුතුයි.

ඊලඟ වාරය උදාවිය. දැන් මට අභියෝගයක් ඇත. ඒ මම නිකමෙකු නොවන බව සිල්වියා මිස්ට ඒත්තු ගැන්වීමයි. ඊට ඇති ‍හොඳම අවස්තාව ඊලඟ වාර විභාගය බව මම හොඳටම දනී. ගැටළුව විසඳුම හා මාර්ගය සියල් පැහැදිලිය. දැන් ඇත්තේ ක්‍රියාත්මක වීම පමණයි. එදා සිට මට විද්‍යාව පොතේ පිටුවක් නෑර මතකය. මූද්‍රණ දෝෂ පවා මතකය. පිටුව අංකය පවා ‍හොඳින් මතකය. නමුත් පංතියේ දී සාමාන්‍ය ලෙස හැසිරෙමින් අන්තිමට ගේම ගහන්න හිතා ගත්තා. කොහොමින් කොහොම හරි කාලයත් ගෙවී ගියා. වසර මැද වාර විභාගය පත්‍රිකාව සාදන්නේ එම ගුරුතුමිය මයි. නියමයි. ‍මේ වතාවේ ‍උත්තර පත්‍රය ගන්නවනම් ඉතින් සිල්වියා මිස් ගෙන්ම ගන්න එපැයි. ;)

විභාග දිනයද ලඟාවිය. මට ෆුල් හැපි. පිළිතුරුද ලියා ලකුණුද ලැබෙන දින ලඟාවිය. ඔන්න දැන් සිල්වියා ගුරුතුමිය නම සහ ලකුණු කියමින් පිළිතුර පත්‍ර ලබ‍ දෙනවා. ඒ අතර පංතියේ ලමයෙකුගේ නමක් කියා ඔහුට ලකුණු 94ක් ලැබී ඇති බව පැවසුවා. ඔයාට තමයිස්ට් මාර්ක් තියෙන්නේ. අයියෝ මගේ සිහිනය කඩා වැටුනා. දැන්නම් ඉතින් ඉඳල හමාරයි ලකුණු කීයක් ගත්තත් වැඩැක් නෑ. ඔය අතරේ දසුන් සමීර කියන නමද ඇසුනා. මමත් ගියා, ලකුණු ගැන සඳහනක් නොකර ඇය ‍මගේ අතට පළිතුරු පත්‍රය ලබා දුන්නා. ලකුණු 94යි . අහ් මම හයස්ට්‍ නෙමෙයි වුනාට හයස්ට් ගත්ත එක්කෙනාට සමාන ලකුණු අරන් තියෙනවා.

මම හොරෙක්ය කියන ප්‍රවෘතිය තරම් මේ ප්‍රවෘතිය ජනප්‍රිය වුනේ නෑ. කොහොම වුනත් මේ සිද්ධිය නිසා කිසිදු අරමුනකින් තොරව සිටිමට අරමුනක් ලැබුනා. සමහර විට මේ සිද්ධිය නොවන්නට මගේ ජීවිත කථාව මීට ගොඩක් වෙනස් වෙනන් තිබුනා. ඒ වෙලාවේ කොච්චර දුක හිතුනත් ඒ සිද්ධි ‍මගේ මුළු ජී‍වතේටම ආශිර්වාදයක් වුනා.

ඔන්න දැන් අවසාන වාර විභාගයත් අවසන්ව O/L සඳහා මුහුන දීමට පෙර පාසල් යන අවසන් දියනද උදා වුනා. විෂය භාර ගුරුවරු ගාවට එක්කගෙන යන්න ඕනා. විද්‍යාව භාර ගුරුතුමිය ගාවටත් ‍ඔන්න මං අපේ තාත්තාව එක්කරගෙන ගියා. ඈතදීම මා සහ පියා දුටු ඈ. ෂුවර් ඒකටම A එකක්. කථා කරන්න දෙයක් නෑ මට හොඳටම ෂුවර් මෙයා A එකක් ගන්නවා කියලා.

Comments

ඒ මිස් හොරා කිව්වට පස්සෙ තේරෙන්න ඇති හොරෙක් නෙවෙයි කියල. ඒ වුනාට එයාට ඒක පිලිගන්න තරම් අපහසුහාවයකට පත්වෙන්න ඇති එයා 'ටීචර්' නිසා. නමුත් එයාගෙ හිතෙන් පිලිගත්ත, ඔයාත් දක්ෂ පුද්ගලයෙක් කියල. ඒකයි ඈත් දුර ඉඳලම සත්තකින්ම ඒ එකක් කියල පරාජය පිලිගත්තෙ.

බුදු සරණයි
Anonymous said…
Please help me to add my blog to the syndicator.
http://mahazonianzone.blogspot.com/
It will be a great help.
@සරත් ගුණතුංග
ප්‍රතිචාරයට සතූතියි. ඔව් ඒ ගුරුතුමිය මට ‍ඊට පස්සෙපවා ගෙඩක් උදවු කළා.

@මහසෝනා
නිසිබලදරියන්ට ඔබේ බ්ලොග් අඩවිය ගැන දැන්වූවා. සිනඩියට අතුලත් කරයි.
malee_msg said…
ගුරුවරිය කරලා තියන වැඩේ වැරදියි. නමුත් ඒකෙන් ඔයාට අරමුණක් ලැබිලා නේ ඒ ගැන සතුටුයි. හැබැයි ඇත්ත.. අපි කට්ට කාගෙන වැඩක් කලාට පස්සේ ඒකේ ක්‍රෙඩිට් එක දාගන්න ගුරුවරු තරම් දකෂ වෙන පිරිසක් ඉන්නවාද මන්දා.. අර සරත් මහත්මයා කියලා‍ තියන දේ තමයි වෙන්න ඇත්තේ...ගුරුවරියට වැරැද්ද වැටහුනත් ඒ ගැන පිළිගන්න එක මදි පුංචි කමක් කියලා හිතුනා වෙන්න ඇති‍‍‍
Danishka said…
ජිවිතේ ගොඩක් අවස්තාවල එහෙම වෙනවා. ගොඩක් අය තමන්ගේ වැරද්ද පිලිගන්නේ නැ.
අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පමණක් නොවේ.

අනික මේ වගේ වෙලාවක සමහරු නිහඩව ඉන්න එක වාසියක්කර ගනන්නවා.

හොඳ පිළිතුරු දීමක්!
බල්ලෝ බිරුවට කදු කඩා පාත්වේනනේ නැනේ..
Pahan said…
මටත් ඔය වගේම සිද්ධියක් උනා මම 4වසරේදි ඒත් මල්ලි කල වැඩේ අනිත් පැත්ත තමයි මම කලේ . මම වැඩ නොකළට මට ‍ළකුණු තිබුණ . අවසානයට මම ශිෂ්ෂත්වය පාස් උනත් මම තාමත් ඒ ගුරුවරියට වෛර කරනවා.(මමත් පෘථංකජන මනුස්සයෙක්නේ). ඒත් 11 වසරට විතර ආවම තමයි ඒ පසුබැස්ම හදාගන්න පුළුවන් උනේ. ඊට පස්සේ 11 දී ගුරුවරයෙක් මම නොකළ වැරැද්දකට මට හොඳටම ගැහුව. එත් මම OL හොඳට පාස් උනා. ඒ ගුරුවරුන‍්ගේ මූණ වත් බලන්න මට හිතෙන්නේ නෑ. අවසානයට AL පාස්වෙලා කැම්පසුත් එන්න අවස්තාව ලැබුණ.
ජීවිතේ හැටි ඔහොම තමයි මල්ලි. බාධක ජය ගෙන ඉදිරියට යන්න ඕන. නැත්නම් අපි පරාදයි.
සටහන් හා අවවාද දුන් සැමට තුති

@පහන්
කරුණු සොයා නොබලා ඳඬුවම් කරන ගුරුවරුන්ට මාත් තදින්ම විරුද්ධයි. මගේ සිදධියේදී මට ඒ ගුරුවරිය පිළිබඳ වෛරයක් ඇති වුනේ නෑ. මොකද ඒ ගුරුවරියට ඒ විදියට සැක කරන්න ‍හොඳටම හේතු තුබුනා. සාමාන්යෙන් උත්තර පත්‍රයට සමානම භාශා විලාසයකින් උත්තර ලියා තිබීම නිසා ඒ බව ඇයට තවදුරටත් සහතික වන්නට ඇති. ‍ඒත් ගුරුවරියක්/‍ගුරුව‍රයෙක් මීට වඩා වගකීමෙන් කටයුතු කරන්න ඕන තමයි. ඒ අතින් නම් ඇය වැරදියි.

මල්ලී මම ඔයාගේ ප්‍රෝ‍ෆයිල් එක බැලුවා. ඒක අනුවනම් ඔයා ඉපදිලා තියෙන්න ඕනා 1986 September 23 සිට October 23 දක්වා කාලය ඇතුලත. මම ඉපදුනේ 1986 ජනවාරි 14. එතකොට මම තමයි අයියා. ;)
Pahan said…
අනේ සමාවෙන්න ඕනේ ලොකු අයියා
Bo said…
මෙහෙම ගුරුවරු මටත් මුණගැසී තිබෙනවා. සමහරුන් සිසුන්ගෙන් තෑගි බෝග අරන් ලකුනු දාන සිරිතකුත් තිබුනා. එහෙම ගුරුතුමියට පන්දම අල්ලගෙන ඉන්න කට්ටිය විභාගෙ වෙලාවට කොපි කරනවා, ටීචර් දැක්කෙ නෑ වගේ ඉන්නවා, ඕවට විරුද්ධව කතා කරන්න ගිහින්, එක ගුරුවරියක් මා එක්ක හොඳටම තරහෙන් හිටියෙ, අන්තිමට මගෙ පේපර් එකෙන් ලකුණු කැපුවා, ඒත් ඕ ලෙවල් වල මට ඩී අර පන්දමාලට සී. ඔහොම තමයි ඉතින් සමහරු ගුරුවරු හරි පෘතග්ජනයි.නමුත් සමහර ගුරුවරු දෙවිවරු වගේ අප යන මග සකස් කරන්න උදව් වෙනවා.
twimalasuriya said…
හරිම කනගාටුදායක දෙයක්. එක පාරක් මගෙත් විද්‍යා ගුරුතුමිය මට චෝදනා කලා ලොකු පන්තිවල උගන්වන ඒවා එයාගෙන් අහනවා, එයා දන්නවද බලන්න කියලා.

Popular Posts