ආර්ථික දියුණුව

ලංකාව දුප්පත් රටක් නෑ නෑ දියුණු වෙමින් පවතින රටක්. අනේ මන්දන් නෑ කොහොම වුනත් ලංකාව ආර්ථික වශයිනේ දියුණු රටක් නෙමෙයි. මේකට ‍රට අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති ව‍ල හා රජයේ වගකීමක් තියෙන්න පුළුවන් ඒත් මම දැන් කථා කරන්න ය‍න්නේ ඒ ගැන නෙමෙයි.

මෙතනදී තනි තනි වශයෙන් පුරවැසියෙකුටත් යම් වගකීමක් තියෙනවා. මම දැකල තියෙනවා සමහරු ඉතාමත් කැපවීමෙන් උත්සහ ගන්නවා ආර්ථික දියුණුවක් ලඟා කරගන්න. සමහරු සාර්ථක වෙනවා ඒත් කොච්චර උත්සහ කළත් අසාර්ථක වෙන අයත් ඉන්නවා. ‍කෙටි උත්සාහයකින් විශාල සාර්තක්වයක් ඉක්මනින් ලඟා කරගත් අයත් ඉන්නවා.

මම ඔබ සැමදෙනාටම ආරාධනා කරනවා ආර්ථික දියුණුවක් කරා ලඟාවිමට හැකියැයි ඔබ සිතන දේවල් සිංහල බ්ලොග් අවකාශය නිදහස් කරන ලෙස.

මේ සඳහා ඔබගේ අදහස් ඉතාමත් වටිනවා. මිනිස්සු සක්විති ව‍ගේ වංචා කාරයන්ට යටකරන සල්ලි තමන්ගේම යමකින් විශ්වාසනීය ලෙස ආර්ථික වාසියක් ලබාගන්න යොදව ගන්න යොමු කරවන්න මේක උදව් වෙන්න පුළුවන්. මේ සඳහා ඔබට දායක විය හැකි ආකාර කිපයක් මගේ සිහියට එනවා. අඩු පාඩු තියෙනව නම් කියන්න.

  • ඔබ අතරින් ‍සමහරෙක් ඉතාමත් කුඩාවට පටන් ගත් ව්‍යාපාරයක් සාර්ථකවූ අන්දම අපට විස්තර කරන්න. ඔබේ අත් දැකීම් ඒ අයට ශක්තියක් වේවි.
  • ආර්ථික විද්‍යාව, කළමණාකරනය, බදු ,ණය වගේ විෂයානු බද්ධ දැනුම ලභා දීම මගින් දැනුවත් කිරීම. ප්‍රයොගිකව බදු , ණය, කල් බදු, කොටස් වෙළඳ පොල වගේ අංශයන් ගෙන් අතපුළුස්සා නොගන වැඩ ගන්න අන්දම ගැන දැනුවත් කිරීමත් මීට ඇතුලත්.
  • ශ්‍රී ලංකාව තුල සාර්තකව ආරම්භ කළ හැකි ව්‍යාපාර සවයං රැකියා පිළිබඳ ඔබේ දැනුම බ්ලොග් සටහන් මගින් පල කිරීම.
  • පුද්ගලයන් සතු විවිධ හැකියා හා දැනුම නිවැරදිව මුල්‍යමය වටිනාකමක් ‍ලැබෙන ලෙස වර්ධනය කිරීම හෝ පරිවර්තනය කිරීම ගැන සටහන් කරනය. උදාහරණයක්‍ ලෙස බ්ලොග් කරනයේ යෙදන්නෙකුට දැන්වීම් ප්‍රචාරය මගින් ආයම් ලබාගන්නා ආකාරය දැක්විය හැකියි.

Comments

Anonymous said…
පත්තර වල නම් මෙවැනි විස්තර අඩංගු වුනාට අපේ අවකාශය තුල ඒ දැනුම බෙදා හරින පුද්ගලයො තවම නැහැ. ඇත්තටම ඔයා මේ මතු කරන අදහස සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය හැටියට තරමක් අසාර්ථක වුන අවස්ථාවකට උදාහරණයක්. මොකද අපිට තවම බැරි වුනා මේකට ඇදී එන අය මිස වෙනත් විෂයන් (විශ්ව විද්‍යාල, ගුරු වෘත්තිකයන් ඇතුලු )වල අත්දැකීම් ඇති අයට බ්ලොග් කරණය පතුරවන්න. ඒක නිසයි තාම ඔයා අදහස් කරන ජාතියෙ ලිපි අවකාශයට ගලා ගෙන එන්නෙ නැත්තෙ. ඉතා හොඳ කාරණයක් මතු කරල තියෙනවා.

Popular Posts