ග්‍රහයන්ට මිනිසුන්ට බලපෑමක් ඇති කළ හැකිද?

පෙර සටහනකදී දැක්වූ උදිත ගේ ‍ප්‍රතිචාරය නිසා මෙම සටහන ලියන්නට සිතුනා. මෙහි සඳහන් කරුණු මගේ පුද්ගලික අදහස් බැවින් ඒවා සාවද්‍ය වීමට හෝ ශාස්ත්‍රීය මතයට නොගැලපීමට හෝ ඉඩ ඇත.

ගැටළුව
ග්‍රහයන්ට මිනිසුන්ට බලපෑම් කළ හැකිද? මේ සඳහා විද්‍යාත්මක හෝ තාර්කික පිළිතුරක් ඇතිද?
මම මේ පිළිබඳ විද්‍යානු කූල නොවූවත් තර්කානු කූල අදහසක් ඉදිරිපත් කරමි.

මේ ගැන ඔබ බොහෝ දෙනා තුල අංශුමාත්‍ර හෝ සැකයක් කිසියම් දිනක ඇති වී නොතිබිය නොහැක. සාමාන්යෙන් ජ්‍යෝතිෂයේදී ග්‍රහයන් පිළිබඳ ශාස්ත්‍රීය පැහැදිලි කිරීමක් පෙර ලිපිය මගින් ඔබට ලබා ගත හැක.

පිළිතුර කරා ලඟාවීමට ප්‍රථමයෙන් අවධාරණය කළ යුතු කාරණා කිපයක්ම ඇති බැවින් මුල් කොටස් වලින් ඒ ගැන පැහැදිලි කිරීමට බලපොරොත්තු වෙනවා.

පූර්ව කථනයකට අවසර!
මීට වසර 4කට පමණ පෙර මම ජ්‍යෝතිෂය හෝ කිසිදු පාරා විද්‍යාවක් බිඳකුදු පිලිගත්තේ නෑ. මාගේ මිතුරෙකු මගින් දැන හඳුනා ගත් එක්තරා මහත්මයෙකු ඉතා හොඳින් ජ්‍යෝතිෂය දන්නා බවත් ඔහු ඉතා හොඳින් අනාවැකි පවසන බවත් මා මිතුරා පැවසුවා. ඔහු හමුවු දිනයකදී විනෝදයට මෙන් මගේ උපන් වේලාව දුන්නා. පුදුමයකට මෙන් ඔහු මගේ නිවසො සොභාවය සහොදර සහෝදරියන් ගණන ආදී ඇදහිය නොහැකි කාරණා කීපයක්ම ප්‍රකාශ කළා. නමුත් ග්‍රහන්ට මිනිසුන්ට බල පෑමක් කළ හැකිද? යන ගැටළුවට පළිතුරක් ලැබුනේ නෑ. ඉන් පසු ජ්‍යෝතිෂ ග්‍රන්ත කීපයක් මගින් හැදෑරීමට උත්සහ කළද නිසි පිළිතුරක් ලැබුනේ නෑ. පසුව ජ්‍යෝතිෂ මෘදුකාංගය නිර්මාණය කරන කාලය තුල ගුරුවරුන් කීප දෙනුකුගෙන්ම නිරා‍යාසයෙන්ම ජ්‍යෝතිෂ පිළිබඳ න්‍යානු කූල ඉගැන්වීම් ලැබුනා. ඒවා ඉතා හොඳින් ක්‍රියා කරන බව පෙනුනා. නමුත් මෙමගින් අනාවැකි කියුවද ග්‍රහයන් මගින් මිනිසුන්ට බල පෑම් ඇති කරනුයේ කෙසේද යන්න කොතනකදීවත් සඳහනක් නෑ.

කේන්ද්‍ර සටහනක් යනු කුමක්ද?
යම් නිශ්චිත වේලාවකට හා ස්ථානයකට අනුව අහසේ ග්‍රහ පිහිටීම් හා නැගෙන හිර අහසේ පිහිටීම් ආදිය ඇතුලත් සටහනක්.

ජ්‍යෝතිෂයේ අනාවැකි කියන්නේ කෙසේද?
සාමාන්‍ය ප්‍රසිද්ධම ක්‍රමය යම් පුද්ගලෙයකු උපන් වේලාව හා ස්ථානය අනුව කේන්ද්‍ර සටහනක් සකස් කර ඒ මත අනාවැකි ප්‍රකාෂ කිරීමයි. අතීතයේ ප්‍රතිසන්ධි කේද්‍රය නම් කේන්ද්‍ර සටහනක් භාවිතා වුනා. ඒ දරුවා කුස තුල පිළිසිඳ ගත් අවස්තාවට සකස් කරන ලද කේන්ද්‍ර සටහනක්. එසේම ගැහැනු දරුවෙකුනම් වැඩිවියට පත් අවස්තාවේද කේන්ද්‍ර සටහනක් ද මරණය සිදුවූ වේලාව හා ස්ථානයට ආධාන කේන්ද්‍ර සටහනක් ද නිර්මාණය කල හැකි අතර ඒමගින් ඊලඟ භාවයේ සොබාවය ගැන තීරණය කරනවා.එසේම කාලයත් සමග ග්‍රහයන්ගේ උපන් කේන්ද්‍ර සටහනට සාපේක්ෂව සිදුවන වෙනසඅනුව යම් බලපෑමක් වන බවද විශ්වාස කෙරෙනවා.

නමුත් උපන්‍ වේලාව දිනය භාවිතයෙන් තොරව යම් කිසි විශේෂ සංසිද්ධියක් අළලා කේන්ද්‍ර සටහනක් නිර්මාණය කල හැකියි. උදාහරණයක් ලෙස නිදහස් ගිවිසුම තැබු ස්තානය හා දිනය මගින් සාදාගත් කේන්ද්‍ර සටහනක් මගින් ලංකාවේ දේශපාලනය සම්බන්ද අනාවැකි ප්‍රකාෂයට යොදා ගත හැකියි. එසේම යම් අයෙකු ජ්‍යෝතිෂ වේදියෙකු හමුවට පැමිණෙන වේලාවට නිර්මාණය කරන කේන්ද්‍ර සටහන අනුව ඒ පුද්ගලයා පැමිණි කාරණාව එහි ඉෂ්ඨ සිද්ධ භාවය ගැන පූර්ව කථනයක් කළ හැකිය.

ග්‍රහයන්ට මිනිසුන්ට බලපෑම් කළ හැකිද?
ඒ ප්‍රශ්ණය වැරදි බවයි මගේ අදහසයි. මන්ද අපි ග්‍රහයන් මෙහෙදී යොදා ගනුයේ සංකේතයක් ලෙස පමණයි. ඔවුන් යම් යම් කරුණු නිවේදනය කරයි. ඒ පිළිබඳ තවදුරටත් පැහිදිලි කරන්නේ නම්.

සමනළ ආචරණය(Butterfly effect)
වර්තමානයේ යම් සිදුවීමක් සිදුවීමට අතීතයේ සිද්ධීන් මාලාවකගේ දායක්ත්වය ලැබේ. උදාහරණයක් ලෙස වර්තමාන ඇමෙරිකාණු ජන පති ඔබාමා ගේ පියා කුඩා කල සමනළයෙකු පිටුපස දුව යාම නිසා යම් අනතුරකට මුහන මුහන දුන්නා කියලා. ඒ අනතුර නිසා ඔබාමා ගේ පියා කුඩා කලම මිය ගියා කියලා. දැන් මොහෙතකට හිතන්න එය සත්‍ය නම් සමන‍ළයෙකුට මුළු අනාගයම වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා කියල ඔබට වැටහේවී. මේ සිද්ධිය පරණ චිද්‍යා ප්‍රබන්දයක සමනළ ආචරණය(Butterfly effect) ලෙස අර්ත දක්වා තිබුනා.

පැහැදිලි කිරීම
එසේ නම් වර්තමාන සිද්ධියක වග කියන අතීතයකට අපි හිමිකම් කියනවා. ‍ජ්‍යෝතිෂ විද්‍යාවේදී අප කරනුයේ වර්තමාන යම් සංසිද්ධියකට අදාලව අහස් සිතයමක්(space snapshot) ලබා ගෙන ඒ මත ඉදිරියට විය හැකි දෙය පිළිබඳ පූර්ව නිගමනයකට එළබීමයි. මෙය සෑම විටම 100% නිවැරදි ප්‍රතිඵල ලබා නොදීමට පුළුවන්. ‍අප ජ්‍යෝතිෂයෙදී ලබාගනුයේ වර්තමාන යම් සංසිද්ධියකි. සමනල ආචරණයේ යම් කොටසකි. එය සත්‍ය ලොකය හා බැඳී පවතී. එය ‍ජීවියෙකුගේ උපතක් නව ර‍ජයක ආරම්භයක් නව ව්‍යාපායක ආර්ම්භයක් වැනි පැහැදිලි දැකිය හැකි ප්‍රතිඵලයක්(deliverable) මත ලබා ගන්නා ලද යම් නිමිත්තකි.

ජ්‍යෝතිෂය අපට කළු පෙට්ටියක්(black box) ලෙස අර්ත දැක්විය හැක. එහිදී අපට එය තුල ඇති සමහර කාරණා සිදුවන ආකාර සියල්ල අවබොධ කර ගත නොහැකි විය හැක. නමුත් එමගින් ලැබෙන ප්‍රතිඵලය පමණක් ලබාගන්නා බවයි. සිතන්න අපට වාහනයක් පැදවීමට එහි එන්‍‍ජිමේ ක්‍රියා කාරීත්වය දැන සිටීම අනිවාර්ය නෙවේ. එනමුදු අපට සුක්කානම ‍ජියර් පද්ධතිය ආදීය පිළිබඳ අවබෝදය මාර්ගයක අනතුරු නොවී ගමන් කිරීමට ප්‍රමාණවත්ය.

මා බුද්ධ ධර්මය පිළිගන්නා අයෙකු ලෙස ජ්‍යෝතිෂය මා අර්ත දක්වනුයේ කේන්ද්‍ර සටහනක ග්‍රහයන් කර්මයන්ගේ ක්‍රියාකාරීත්වය දැනට සැකසී ඇති තත්වය ගැන නිවේදය කරන බවයි. එය වර්තමාන නියාම ධර්මයන් මගින් වෙනස් කළ හැකි බවයි. නමුත් විශ්වය සමබර තාවය රැකගනීමේ උත්සාහයක නිරතවේ. ඒ විශ්වයේ පැවැත්ම සඳහා සෑම විටම යම් යම් කරුණු ගොනුවිය හැකි ආකාරයට සියල්ල ඒක් කිරීමටයි. නැතිනම් විශ්වය සෑම විටම තුලනය වීමට උත්සහ කරන බවයි.

Comments

Wiz Kun said…
ඔබ සමනල ආචරනය ලෙස හඳුන්වන කාරනයම Chaos Theory නමින්ද හැඳින්වෙනවා.

ජ්යෝතිශ්ෂාස්ත්‍රය පදනම් වන්නේ ග්‍රහයන්ගේ ගමන් කිරීමේ රටාවට අනුකූලවයි. ග්‍රහයින්ගේ ගමන් කිරීම සිදු වන්නේ ඒවායේ පථය තුලයි. මෙය 99% නිවැරදිව වර්ශ ගනනාවක් (සිය ගනනක් වුවද) ඉදිරියට ගනනය කිරීම මගින් කිව හැකියි. එයින් අදහස් වන්නේ වසර සිය ගනනක් වුවද ඉදිරියට ඇති දෑ මේ මොහොතේ සිටම නියත වශයෙන්ම තීරනය වී ඇති බවද... (මා සිතේ ඇති දේ ඒ ලෙසම මේ වෙලාවේ වචන වලින් ලිවිය නොහැකියි.)

ජ්යෝතිශ්ෂාස්ත්‍රය නිවැරදිව භාවිතා කලහොත් බොහෝ ප්‍රයෝජන ලැබිය හැකි "උපකරනයක්"

අනාවැකි ප්‍රකාශ කිරීමේ ෂාස්ත්‍ර බොහෝමයක් භාවිතා කරන්නේ අහඹු ලෙස ගන්නා නියැඳියක් නිරීක්ශනය කිරීමයි. පලමු පියවර ලෙස නියැඳිය ගැනීමත්, දෙවනුව එය නිරීක්ශනය කිරීමත්, අවසානයේ එය මත පිහිටා නිගමනයකට එලඹේ.

ජ්යෝතිශ්ෂාස්ත්‍රයේදී ගන්නා නියැඳිය ග්‍රහ වස්තූන් ය. අහඹු ලෙස ගැනීම වන්නේ ග්‍රහයන්ගේ පිහිටීම නොව උපන් වෙලාව බව මගේ හැඟීමයි. පුද්ගලයෙක් උපන් වෙලාව... ඒ පුද්ගලයා එම වේලාවේම උපන්නේ කුමන හේතුවක් නිසාද?

ගිය සතියේ මා ගෙන්වූ Tarot Cards කුට්ටම ලැබුනා. මේ දවස් වල එය අධ්‍යයනය කරනවා. එහිදී එකම ප්‍රශ්නය සඳහා දෙවරක් කාඩ් ඇදීමේදී ලැබෙන්නේ මදක් වෙනස් පිලිතුරු. මෙයට හේතුව ලෙස පොත් වල සඳහන් වන්නේ දෙවන වර කාඩ් ඇදීමේදී ප්‍රථම වර කාඩ් ඇදි අවස්ථාවට වඩා තත්වය වෙනස් වී තිබිය හැකි බවයි. නමුත් කොපමන Shuffle කලත් නැවත නැවත ඉහලට පැමිනෙන කාඩ් ද තිබෙනවා.
Chas Theory ගැන පැහැදිලි කිරීමටද ඔබේ ප්‍රතාචාරයට බොහෝමත්ම ස්තූතියි!

>ජ්යෝතිශ්ෂාස්ත්‍රයේදී ගන්නා නියැඳිය ග්‍රහ වස්තූන්
>ය. අහඹු ලෙස ගැනීම වන්නේ ග්‍රහයන්ගේ
>පිහිටීම නොව උපන් වෙලාව බව මගේ හැඟීමයි.
ඉතාමත් නිවැ‍රදියි. ග්‍රහයන් අපි ගන්නේ ඒ සඳහා ඇති නිම්තක් ලෙස පමණයි.
Anonymous said…
මම නම්.. නක්‍ෂත්‍ර.. ජ්‍යෝතීෂ්‍යය කිසිම දෙයක් පිලිගන්න කෙනෙක් නෙමෙයි. මොකද.. අපි සෞරග්‍රහ මණ්ඩලයේ වහලුන් නොවිය යුතුයි. අපේ රටට දියුණුවෙන් ඉදිරියට යාමට නොහැකි කාරනා අතුරින් මෙයද ප්‍රධාන එකක් වනවා.

නක්‍ෂත්‍ර.. ජ්‍යෝතීෂ්‍යය මගින් මිනිසුන්ව යම් ආකාරයක ග්‍රහනයකට හසුකරගෙන තිබෙන බවක් තමයි මටනම් පෙනෙන්නට තිබෙන්නේ..දියුණු රටවල් එකක්වත් මේවා විශ්වාස කරන්නේ නැහැ..

බලන්න මිනිස්සූ කීදෙනෙක් ඔය නක්‍ෂත්‍ර.. ජ්‍යෝතීෂ්‍යය කරුවන් පිටුපස වල්මත් වෙලා ඉබාගාතෙ යනවද කියලා ...
"මම නම්.. නක්‍ෂත්‍ර.. ජ්‍යෝතීෂ්‍යය කිසිම දෙයක් පිලිගන්න කෙනෙක් නෙමෙයි. මොකද.. අපි සෞරග්‍රහ මණ්ඩලයේ වහලුන් නොවිය යුතුයි."

ඒය ඔබේ අදහස ඊට මා ගරු කරනවා.

"අපේ රටට දියුණුවෙන් ඉදිරියට යාමට නොහැකි කාරනා අතුරින් මෙයද ප්‍රධාන එකක් වනවා.

නක්‍ෂත්‍ර.. ජ්‍යෝතීෂ්‍යය මගින් මිනිසුන්ව යම් ආකාරයක ග්‍රහනයකට හසුකරගෙන තිබෙන බවක් තමයි මටනම් පෙනෙන්නට තිබෙන්නේ.."

ඔබේ අදහසට මම එකඟයි. නමුත් මෙතන වරද තියෙන්නේ ජ්‍යෝතිෂයේ නෙමෙයි. ඒක භාවිතා කරන ආකාරයෙ යි ජ්‍යොතිෂය උපකරණයක් එයින් වැඩ ගනීම පමණයි කළයුතතේ එහි වලුන් නොවිය යුතුයි.

"බලන්න මිනිස්සූ කීදෙනෙක් ඔය නක්‍ෂත්‍ර.. ජ්‍යෝතීෂ්‍යය කරුවන් පිටුපස වල්මත් වෙලා ඉබාගාතෙ යනවද කියලා ..."
මූලික සත්‍යක්! සත්‍ය වශයෙන්ම හොර දෙස්තරලා පාවා ඉන්න රටක මුදල්මත යැපුනු ජ්‍යෝතිෂ වේදීන් ජ්‍යෝතෂයටද කරන නිග්‍රහයක්. විනාඩි 15කට රුපියල් 3000ක් පමණ අයකරන ජ්‍යොතිෂ වේදීන් යැයි කියාගනන්නා නන් දොඩවන්නන්ද ලංකාවේ සිටිනවා. ඔවුන් ‍රූපවාහිණී වැඩසටහනකට වසරකට මිලියන 5ක් පමණ ලභාගන්නවා. මිනිසුන් හිතන්නේ මේක තමයි ජෙයාතිෂ
Robert said…
මේ 2024, මේක අවුරුදු 16ක් පැරණි පෝස්ට් එකක්, ඒත් ඉදිරියෙත් මේක තියෙනවනම් වැරදි කාරණයක් සමාජගත වෙනවා. ජෝතිෂය කියන්නෙ ලංකාවෙ මිනිස්සු සම්පූර්ණයෙන්ම විකෘති කරපු විෂයක්, සමහරු කියනවා ජෝතිෂය විද්‍යාවක් කියලා, සමහරුන්ට මිථ්‍යාවක්, හැබැයි මේ දෙකම වැරදියි. විද්‍යාවක් වෙන්න නම් පරීක්ෂණ, නිරීක්ෂණ කරලා නිගමන වෙන්න ඕනෙ. ඒත් ජෝතිෂය කියන්නෙ පංචේන්ද්‍රියට අහුවෙන පරීක්ෂණ ක්‍රමයක් නෙවෙයි, ඒ නිසා ජෝතිෂය විද්‍යාත්මක ක්‍රමවේදයක් නෙවෙයි.
මේක පැහැදිලි කරන්න නම්, සත්වයා සහ කර්මය කියන දැනුම අවශ්‍යයි. ඔබ බෞද්ධ හෝ හින්දු කෙනෙක්නම්, කර්මය කියන්නෙ මොකක්ද කියලා දන්නවා, හැබැයි වෙනත් ආගමක කෙනෙක්නම් කර්මය දන්නෙ නෑ. සත්වයා සංසාර චක්කරේ සැරිසරන්නෙ කර්ම නියාමනය අනුවයි, ඒක ආගමකට සම්බන්ධ නැති විශ්වීය සත්‍යක්. කර්මය කියන්නෙ තමන් කරන හොඳ නරක, ආපසු තමන් කරා පැමිණීම, මේ කර්මය අදාල වෙන්නෙ සත්වයන්ට පමණයි, අජීවී වස්තු මේකට අදාල නෑ. එතකොට කෙනෙක් ඉපදුනාට පස්සෙ, තමන්ගෙ පෙර කර්ම, තමන් කරා පැමිණෙන ක්‍රමයක් තියෙනවා, ඒවා සමහර වෙලාවට හොඳ සහ සමහර වෙලාවට නරක, සහ සමහර වෙලාවට බලපෑමක් නැතිව ගත වෙනවා. කර්ම විෂය කියන්නෙ, සාමාන්‍ය පංචේන්ද්‍රියට ගෝචර නොවන, සංකීර්ණ විෂයක්. මේ නිසා කර්ම විෂය තේරුම් ගන්න පුළුවන්, මනස දියුණු කරපු ඉර්දි වඩපු සෘෂිවරයෙක්ට පමණයි. මෙහෙම අය අතීතෙ හිටියා, දැනුත් ඉන්න පුළුවන්, එහෙම හිටපු සෘෂිවරු දෙන්නෙක් තමයි පරාශර සහ ලක්මිණ කියන්නෙ.
මේගොල්ලන්ට පුළුවන් මිනිස්සු දිහා බලලා, ඔවුන්ගෙ කර්මය ඔවුන් කරා පැමිණෙන අකාරය පුරෝකථනය කරන්න. කලින් මේ ගැන දැනුමක් තිබුණොත්, මේ සමහර කර්මවල විපාක අඩු කර ගන්න පුළුවන්, සමහර ඒවා කල්දා ගන්න පුළුවන්, සමහර ඒවානම් එහෙමම එනවා, මුකුත් කරන්න බෑ. ඉතින් මෙයාලට මේවා පුළුවන් වුණාට, සාමාන්‍ය මිනිස්සුන්ට, මනස දියුණු කරලා, ඉර්දි වඩලා මේවා කරන්න බැරි නිසා, මේගොල්ලො බැලුවා, මේ සංකීර්ණ විෂය Mathematical Model එකකට දාලා, සාමන්‍ය මිනිස්සුන්ට ගණනය කරන්න පුළුවන් ක්‍රමයක් හදන්න. එතකොට ඒගොල්ලො දැක්කා, ජීවීන් අයිති වෙන්නෙ මේ විශ්වයට නිසා, මේ විශ්වයේ තියෙන දේවල් යම් සංකීර්න රටාවකට සිදුවෙන නිසා ඒ ඔස්සේ කර්ම විෂය යම් සම්භාවිතාවකට පුරෝකථනය කරන්න, විශ්වයේම පවතින වස්තුවලින් පුළුවන් කියලා. ඔවුන්ට ඕනෙ වුණේ, අවුරුදු දහස් ගනනක් නොවනස්වන හෝ ඉතා කුඩා වෙනසකට ලක්වෙන විශ්වීය වස්තුවලින් මේ දේ කරන්න.
මේ නිසා ඔවුන් තෝර ගත්තෙ ග්‍රහ තාරකා. මේ ග්‍රහ තාරකා වස්තු කියන්නෙ දර්ශක පමණයි, මේවා අපිට බලපෑමක් නෑ, අපිට බලපාන්නෙ අපේ කර්ම ශක්තිය සහ යම් ආකාරයකට අපි ජීවත්වෙන අනිත් මිස්සුන්ගෙ කර්ම ශක්ති සහ ඔවුන් කරන දේවල්. එතකොට මේ ජෝතිෂ ක්‍රමය තුළ සමාන්‍යයෙන්, චාට් 200ක් විතර අඳින්න පුලුවන්, මෙවලම් 1000කට වැඩිය තියෙන ඉතාම සංකීර්ණ ගණිත ක්‍රමයක්. මේක අවුරුදු ගණනාවක් ඉගෙන ගන්න ඕනෙ, හොඳ පලපුරුද්දක් ඇති කර ගත්ත කෙනෙක්ට, පැය ගණනාවක ගණන් බැලීමෙන්, කෙනෙක්ට පලාපල කියන්න පුළුවන් වැඩි සම්භාවිතාවකින්.මේකත් හරියට විශේෂඥ් වෛද්‍යවරයෙක් ළඟට රිපෝට්ස් අරගෙන එන රෝගියෙක්ට, රෝග නිශ්චය කරනදේ වගේ එකක්, වෛද්‍යවරයට දැනුම සහ පලපුරුද්ද අඩුනම්, රෝග නිශ්චය වරදිනවා. එතකොට, ජෝතිෂය බාගෙට ඉගෙන ගත්ත කෙනෙක්, විනාඩි ගනනකින් කේන්දරේ බලලා, පලාපල කියනවා කියන්නෙ, තමන්ගෙ රෝගයකට හොර දොස්තර කෙනෙක්ගෙන් බේත් ගන්නවා වගේ වැඩක්, එයා තමන්ගෙ සීමිත දැනුම අනුව අනුමානෙට බේත් දෙයි, සමහරවිට ඒක වැඩ කරන්න පුළුවන්, සමහරවිට වරදින්න පුළුවන්. අනික ජෝතිෂය හරියට උගන්වලා, සහතික දෙන ක්‍රමවේදයක් නෑ, ඒ නිසා ගොඩක් ඉන්නෙ බාගෙට ඉගෙන ගත්ත අය. ගොඩක් ජෝතිෂඥයො කියන අය හිතන් ඉන්නෙ, මේ බලපෑම් කරන්නෙ ග්‍රහයො කියලා, අඩුම ගානෙ කේන්දරේ කියන්නෙ තමන් සංසාරෙ අරන් එන කර්ම යාන්ත්‍රණය හොයා ගන්න ක්‍රමයක් කියලවත් ඔවුන් දන්නෙ නෑ, ඒ තරමට මේක විකුනගෙන කන උන් ඉන්නෙ. අනික තමන්ගෙ නරක කාලවලදි, තමන්ට එන උපද්‍රව නැති කර ගන්න, පූජාවල් තියලා, සුරදාලා, මැණික් පලඳලා නවත්වන්න බෑ. මම දැකල තියෙනවා TV එකේ මේ වගේ හොර ජෝතිෂකාරයො ඇවිල්ලා, එක එක මැණික් පෙන්නලා කියනවා මේකෙන් සෙනසුරුගෙ කිරණ අදින්න පුළුවන්, එතකොට බලපෑම අඩු වෙනවා කියලා. මේවා තනිකරම බොරුකාරයන්ගෙ කතා. බලපෑම් අඩු කරන්න, පුළුවන් වෙන්නෙ භාවනා කිරීමෙන්, ධර්මයෙ හැසිරීමෙන්, පිංකම් කිරීමෙන් පමණයි. මේ සියල්ලටම හේතුව තමන්ගෙ හිත. ගොඩක් අයගෙ කේන්දරේ උපන් වෙලාවත් වැරදියි, එතකොට කොච්චර දක්ෂ ජෝතිෂඥයෙක් ගාවට ගියත් වැරදි දේවල් තමයි කියවෙන්නෙ. එතකොට දක්ෂ ජෝතිෂඥයෙක්ට පුළුවන්, ඒ කෙනාගෙ ජීවිතෙ ප්‍රධාන දේවල් වෙච්ච වෙලාවල්, කේන්දරේ එක්ක බලලා වෙලාව වෙනස් කරලා අලුත් කේන්දරයක් හදන්න.