මියන්මාරයේ (බුරුම‍යේ) සුළිසුළඟ

පෙර දින මියන්මාරයේ ඇතිවූ සුළිසුළඟ සඳහා ජ්‍යෝතිෂමය වශයෙන් බලපෑ හේතු කාරණා පරීක්ෂා කිරීමට එදින මියන්මාරයේ සූර්‍ය උදාවට සාදන ලද කේද්‍ර සටහනක් පහත දැක්වේ.


මිථුන තුලා හා කුම්භ යන වායූ රාශී පිඩා විය යුතුය. පෙර සුනාමි සඳහා ලිපියේ දැක්වෙන ආකාරයෙන්ම අනෙක් සියළු කාරණා බලපාන අතර වෙනස්වනුයේ සුනාමිය සඳහා කටක වෘශ්චික හා මීන යන ජල රාශීන් පීඩාවීමත් සුළිසුළං(හෝ වායු තත්වයේ පීඩාවක්) සඳහා මිථුන තුලා හා කුම්භ යන රාශීන් පීඩාවීමත් පමණි.

විශේෂයෙන් නෛසර්ගික පාපීන් වන ශනි හා කුජ ගෙන් මෙම වායුරාශි පීඩාවීම අනිවාර්ය කාරනය කි. ඉහත රූප සටහනේ දැක්වෙන පරිදි මුඨ ශනි සිංහ රාශියේ සිටීන අතර ශනි වායු රාශියක් වන තුලා රාශිය දකී. නීච කුජ කටක රාශියේ සිටින අතර වායු රාශික්ව කුම්භය දකී. එසේම ශනිගේ 10 වන දෘෂ්ඨියෙන් වෘෂභ රාශිය දකීන අතර කුජ කටකයේ සිටිමින් අනෙක් වායු රාශිය වන මිථුනය පාප කර්තරී කරයි.

මෙම පිහිටීම 1/5/2008 - 21/6/2008 සිට දක්වා පවතී. කෙසේ වෙතත් මෙහි සඳහන් කළයුතු තවත් විශේෂ කාරණා කීපයක් ඇත. මෙදින අඟහරුවාදා දිනයක් නිසා දිනාධිපති ද කුජය. ඒසේම සඳු කුජගේ රාශියක් වන මේෂයේ නිසා කුජ හා සඳු අතර පරිවර්තන යොගයකි.

කුජ 1/5/2008 - 21/6/2008 සිට දක්වා කාලය තුල කටකයේ සිටින නිසාත් ඒ කාලය තුලදීම සෙනසුරුත් සිංහයේ ම සිටින නිසාත් මේකාලය තුල සුළිසුළං ටොර්නඩෝ ආදී වායු කැළඹීම් ඇති‍වීමේ අවදානමක් ඇත. විශේෂයෙන් 16/6/2008 - 18/6/2008, 31/5/2008 - 2/6/2008 හා 16/6/2008 - 18/6/2008 යන කාල පරාස තුල කුජ හා සඳු අතර පරිවර්තන යෝගය කියාත්මක වන නිසා ඒ දිනවල අවදානම තවත් වැඩිය.

ඉහත දැක්වෙනුයේ මියන්මාරයේ සිළිසුළඟ ඇතිවූ දිනයේ එහි සුර්‍ය උදා‍ව මොහොතේ ග්‍රහයන්‍‍ගේ තත්වයන් දැක්වෙන සිටහනකි. මෙහි දක්වා ඇති සියළුම ගණනය කිරීම් සඳහා භාවිතා කරන ලද්දේ තරු කිරණ මෘදුකාං‍ගය යි.

Comments

Anonymous said…
obage blog satahana kiyewwemi....

ane yako tho oka sulisulaga enna kalin kiwwanam oken wadak thiyanawa. dan tho oka kiyanne tho danna bawa kiyannada?

haraka.....

wadak palak naththan kala budiyaganin

pulauan nam issarahata wena deyak kiyapan.

kala kanniya
moosalaya
mookan bassa
halapaya

budu saranai....!
Wiz Kun said…
ඕවා ගනං ගන්න එපා. Astrology Research කියන්නේ මේවාට තමයි. මේ ලිපිය ඉංග්‍රීසි බසිනුත් තිබුනානම් ලෝකයේ බොහෝ දෙනාට තේරුම් ගන්න පුලුවන් වෙනවා.

Popular Posts