KeyTouch නමින් අලුත් IME (Input Method Editor - යතුරුලියන සංස්කරණ මෘදුකාංගය)ක් නිකුත් වුනා. මූලික වශයෙන් විජේසේකර සහ Transliteration ක්රමයට සකස්කරන ලද යතුරුපුවරු දෙකක් පෙරනිමියෙන් අන්තරගත කරල තියනවා. තමන්ට කැමති අයුරින් XML ගොනුවක් මගින් යතුරු පොවරුවේ අකුරු ඕනෑම භාෂාවකට හෝ ඕනෑම Layout එකකට(Typing schema) අනුව වෙනස් කරගත හැකියි. එය සිදුකරන ආකාරය පිලිබඳ සවිස්තර සටහනක් ඉදිරියේදී ඇතුලත් වෙනු ඇති.
මෘදුකාංගය බාගත කිරිම සඳහා Download මත click කරන්න.
බීටා නිර්මාණයක් බැවින් දෝෂ තිබිය හැක. ගැටලු ඇති තැන් දන්වන්න. Phonetic ආකාරයේ යතුරු ලියනයක්ද ඉදිරියේදී ඇතුලත් කෙරෙනු ඇති. ඔබටත් Keyboard Layout නිර්මාණය කළ හැකි බැවින් ඔබ විසින් අලුතින් සකස් කරනලද Keyboard Layout අපට එවන්න. එවා මෘදුකාංගයට ඇතුලත් කිරීමට පියවර ගනු ඇති.