Friday, October 31, 2008

බෝනික්කාගේ අවතාරය!

ඔබ අතරින් බොහෝ දෙනා අවතාර භූතයන් පිලිබඳ විශ්වාස නොකරනවා විය හැකියි. ඒ හා සමානම පිරිසක් එවා පිළිගන්නවාද විය හැකියි. ‍මේ මාගේ පුද්ගලික අත්දැකීමක්. ‍මෙය භූතයෙක් ද? අවතාරයක් ද? හොල්මනක් ද? නැතිනම් මනෝ විකාරයක් ද? යන්න ඔබම තීරණය කරන්න.

සාමාන්යෙන් බොහෝ දෙනාට කුඩා ව‍යෙසේ සිද්ධීන් මතකයේ නැති වුනත් මට අවු. 2 ‍හෝ ඊට මදක් වැඩි වයසක වූ සිද්ධීන් පවා අදවගේ මතකයි.‍ බෙ‍හෝ අවස්ථාවල ඒ මතකයන් බොහෝම පැහැදිලියි. නමුත් වර්තමායේ දීනම් තත්වය බොහෝමයක් වෙනස්. කෙසේ වුවත් මේ මා හට අවුරුදු 3.5ක් හෝ 4ක් පමණ වයසේදී ලැබුනු අත් දැකීමක්. ඒ වයසේ‍දී භූතයන් අවතාර හෝ හොල්මන් ගැන මා දැන නොසිටයා යැයි මට සහතික විය නොහැකිවුවත් එය එසේ බව මාගේ මතකය යි. මගේ මව සහ පියා අසල මා නිදාගෙන සිටි අතර වෙනදාට වඩා විශේෂත්වයක් එදින නොවුනි. ඒ මගේ කුඩා සොයුරා මවගේ කුස තුල පිළිසිඳගෙන ඇති මුල්කාලයේ ය. එදා මා දුටුවේ සිහිනයක් ඒ අනෙකක් නොව මා නිදාසිටින කාමරයම විය. සිහිනයේදීද මා සාමාන්‍ය පරිදි ඇඳ මත වැතිර සිටි අතර මා බලා සිටියේ කාමරයේ ඇති ඇඳුම් රාක්කය දිහාය. ඒ රාක්කයට ඉදිරියෙන් අඩි 3.5ක පමණ විශාල ප්‍රමානයේ රොදිවලින් සාදන ලද බොනික්කෙකු පඹයෙකුමෙන් දෑත්විහිදා සිටියා. ඒත් එහෙම එකක් අපේ ගෙදර තිබුනේ නෑනේ. මට ‍සිතෙයි. හම් ඊයේ රෑ තාත්තා ගොනවා වත්ද?. නෑ වෙන්න බෑ බෝනික්න් ගන්නේ ගෑනු ළමයිටනේ. දැන්ම තාත්තාගෙන් අහල බලන්න ඕනා. මම පියා දෙසට හැරෙන්නට උත්සහ කලෙමි. මගේ අතපය සොලවන්නට බැරිය. මට මොකක්ද මේ වෙලා තියෙන්නේ. මම කෑගසන්ට උත්සහ කලෙමි. නොහැකිය. නැවතත් වැරෙන් කෑගෙසුවෙමි. යන්තම් මෙන් හඬක් පිටවෙන්නට ඇත. නැවතත් මුලුවීරිය යොදා කෑ ගැසූවෙමි. හරි ඇහැරුනා! මේවන විටත් මගේ මව සහා පියා දෙදනාම ඇහරගෙන සිටියේ ය. සමහර විට. මා කලින් කළ කෑසීම ඇසීම නිසා වන්නට ඇත. අම්මේ අර ‍බෝනික්කා. මොන බෝනික්ද? අර තියෙන්නේ! තාත්තේ අර. නෑ එතෙන බොනික්කෙක් නෑනේ! ඒ පියා ය. අනේ ඇයි ඔය ගොල්ලන්ට පේන්නේ නැත්ද අර තියෙන්නේ අත්දෙක දෙපැත්තට දාලා ගෑනුබොනික්කෙක්. හරි හරි කමක් නෑ දැන් අපි ලඟන් නිදා ගන්න. 'හීනෙන් බයවෙලාද කොහෙද' මට යන්තමින් ඇසුනි. මම මුනින් අතරට හැරී කොට්ටය මත මහුණ ඔබා දෙඅත්ලෙන් දෑස් දෙපසද වසා නිදා ගත්තෙමි.

Tuesday, October 28, 2008

සිංහල වෙබ් ඩිරෙක්ටරිය නැවතත් .....

මතක ඇති සිංහල වෙබ් ඩිරෙක්ටරිය ගැන. මීට වසරකට පමණ පෙර මාවිසින් පිහිටවනු ලැබූ වෙබ් අඩවියක්.. ඒත් මා විසින් භාවිතා කරන ලද්‍ද වෙබ් ඉඩ සපයන්න අන්තරජාතික පොල්ලක්තබා තවත් වසරකට මුදලුත් ගෙන අතුරු දහන් විය. මොනව කරන්නද?. සිංහල වෙබ් ඩිරෙක්ටරිය, පුද්ගලික වෙබ් අඩිවි, සිංහල බ්ලොග්ස්, ලිරික්සිLK.com ආදී සියළුම ‍අඩිව හා එවායේ තිබුනු දත්ත සියල්ල අතුරු දහන් විය. ‍කෙසේ වුවද කාලිංග මහතා විසින් මාහට නෙමිලේ වෙබ් ඉඩ ලබා දීමට තරම් කාරුණික වීම නිසා නැවතත් සිංහල වෙබ් ඩිරෙක්ටරිය අද නැවතත් පිහිටවනු ලැබූවා. ඔබ විසින් කලින් අතුලත් කරන ලද දත්තයන් සියල්ල උපස්ත කර නොතබීම නිසා ඒ සියල්ල මට අහිමිවී ඇත. වරද‍ මගේ සමාවන්න. කරුණාකර නැවතත් ඔබේ සිංහල වෙබ් අඩවි ගැන දත්ත එයට අතුලත් කරන මෙන් ඉල්ලා සිටිමි.

LINK : http://www.sinhalawebdirectory.com/