Tuesday, January 22, 2008

නිර්නාමික මඩ

මෙතෙක් කල් මඩ කෑ මක් නැතුව හිටියට වේක්ට්‍රොනික්ස් කාර්‍ය මන්ඩලය නමින්(නිර්නාමිකව) මට මඩ පහරක් වැදිලා තියෙනවා දැක්කම ටිකක් විතර කලබල වුනා. මොකද මඩ කාලම නෑනේ. ඒකෙත් ගතියක් තියෙනවා. කියවනවාට වඩා වැ‍ඩ කරලාම පිලිතුරු දෙන්නයි බලාපොරොත්තුව. :)

‍‍ජාලය තුල අදහස් දැක්වීමේදී (නාමිකව හෝ නිර්නාමිව) code of conduct සහ ethic ගැන සැලකිලිමත් විය යුතු බව ‍මගේ අදහසයි. නිදහස් අදහස් කියා තමන්ගේ ඊනියා මතවාද එලි දැක්වීමට හෝපුද්ගලික කෝන්තර විසඳා ගැනීමට දරන උත්සාහ ඉතාමත් ලැජ්ජා සහගතයි. උදාහරණයක් ලෙස ඔබ වෛද්‍ය ව‍රයෙකු නම් ඔබ වෙත එනරෝගියා සමග පුද්ගලික තරහක් ඇතිවුවහොත් ඔබට ඔහු හෝ ඇය හෝ සඳහා අනිසි ලෙස ඔබබේ වෛද්‍ය විද්‍යා දැනු භාවිතා කිරීම දැක්විය හැකියි.

Call for a Blogger's Code of Conduct(http://radar.oreilly.com/archives/2007/03/call_for_a_blog_1.html) මේලිපියත් බලන්න.

http://webalochana.blogspot.com/2007/05/ray-digital-magazine.html

Monday, January 21, 2008

෴සිංහල බ්ලොග් අවාරෙද මේ෴

මම සිංහල බ්ලොග් කියවන්නේ හරිම ආසාවෙන්. කව්රු මොනවා ලිව්වත් කියවනවා.ඒ වගේමයි ලියන්නත්. මට හිතෙන්නේ මම අබ්බැහි වෙලා. ඒත් මට පෙනෙන විදිහට ලඟදී ඉඳන් අලුතින් සිංහළ ලියවෙනවා අඩුයි. එක සිංහල බ්ලොග් එකකින් මාසයකට ලියන සාමාන්‍ය අගය(average)2 ක් තමරම් පහල අගයක්. ඒ ගැන හරිම දුකින් ඉන්නේ. අනිත් එක අපි කොච්චර ලිව්වත් බැනලා හරි comment එකක් නොදානකොට පාළුගෙදර වළං බිඳිනවා වැනි හැඟීමක් එනවා. කොහොම වුනත් දවසකට අඩුම තරමේ 10ක්වත් වැරදීමකින් හරි මගේ බ්ලොග් සටහන් නැරඹීමට ඇවිත් තිබුනා. ඒක තමයි ටිකටවත් සැනසිල්ල. අද වන විට සිංහල ගීත සඳහා email කියන වචන පවා යොදාගන්න තරමට අන්තර්ජලය email සමාජගත වෙලා. කවදා හෝ සිංහල සිංදුවක අපිට මෙහෙම අහන්න ලැබේවී. සිතේ දුකට එතකොට බ්ලොග් ලියවෙනවා. :)

Wednesday, January 16, 2008

ආසන්න විනාඩියට අනාවැකි කියූ කේ.එස්. ක්‍රිෂ්ණ මූර්ති තුමා.

නව ජ්‍යෝතිෂ ‍ක්‍රමවේදයක් සොයා ගනිමින් ඉන්දියව පුරා ප්‍රසිද්ධියට පත්‍ කේ.එස්. ක්‍රිෂ්ණ මූර්ති තුමා එක වරක් ශ්‍රි ලංකාවට පැමිණියේය. මෙතුමා ලංකාවට පැමිණීමටත් ප්‍රතමයෙන්ම ලාංකික ජ්‍යෝතිෂ වේදීන්ගේ අභියෝගයකට මුහුන දීමට සිදුවිය. ඔහු පැමිණිමට නිමිතව පැවතියේ අහස් යානවකිනි. අභියෝගය වූයේ එය ලංකාවට පැමිණෙන වේලාව නිවැරදිව කීම. සාමන්‍යයෙන් ගුවන් ගමන් කාල සටහනකට අනුව සිදුවන බැවින් මෙය එතරම් අපහසු අභියෝගයක් නොවේ. නමුත් මෙතුමන් ලබා දීතිබූ වෙලාව කාල සටහනේ නියමිත වේලාවට විනාඩි 7ක් වැඩි විතිබින. පුදුමයකට මෙන් එදින ගුවන් ගමන අවස්න් වූයේ සත්‍යලෙසම විනාඩි 7ක් පසූවීය. දිනක් ලංකාවට පැමිණ සිටි කාලයේ ලාංකික ජ්‍යෝතිෂ පිරිසක් සමග නුවර ගොස් කොළඹට ඒමට යොදාගේන තිබුනේ දුම්රියෙනි. ‍මවරද ලාංකික ජ්‍යෝතිෂ වේදී පිරිස හැකිනම් දුම්රි‍ය කොළඹට ගඟාවෙන වේලාව කියන ලෙස අභියෝග කලේය. අපේ රටේ දුම්රිය ගමන ගැන කවුරුත් දන්නා නිසා මේකට යුත්ත නම් ලෙහෙසි පහසු එකක්නෙමෙයි. නුවර සිට කොළඹ බලා ගමන් ගන්නා දුම්රිය නවත්වන සියළුම නැතුම් පොළවල් වලට යාමට ගතවෙන වේලාව නිවැරදිව කීමට මොහු සමත්විය.

Thursday, January 10, 2008

Tsunami will not strike again...

Ref:2011 දී සුනාමියක් ඒවිද?

ජාලය තුල සැර සැරීමේ දී මේ අඩවිය දුටුවා. බලන්න. එකමදේ ගැන දෙතනක සමගාමීව අදහස් පලවීම පුදුමාකාරය. http://astrology.indiainfo.com/astrologers/gopalakrishnan/articles/tsunami-130106.html ‍මෙම ලිපිය ලියූ ගෝපාල් ක්‍රිශ්ණ(Gopalkrishnan) කියන පරිදි 2011 දී සුනාමියක් ආවත් එය ඉන්දියාවට බල නොපාන බවකි.

Thursday, January 3, 2008

තරු කිරණ ජ්‍යෝතිෂ මෘදුකාංගය ලඟදීම නිකුත්වේ.


මා විසින් දැනට වසර දෙකක් පමණ කාලයක් තිස්සේ නිර්මණය කරන ලද මෙම මෘදුකාංගය ලඟදීම නිකුත් වන බව සතුටින් දන්වා සිටිමි. මා ගේ දැනීම අනුව මේ මෘදුකාංගය සිංහල මාධ්ය යෙන් ශ්රීය ලංකාව තුලදී නිර්මාණය කරන ලද සාර්තකම හා වඩාත් නිවැරදිම ජ්යො තිෂ මෘදුකාංගය වනු ඇත. ජ්යෝ‍තිෂ මෘදුකාංගයක් නිර්මාණයේ දී අසාර්තක වීමේ ප්රඩධානතම හේතුව වන්නේ ජ්යොාතිෂ වේදීන් හා කේත රචකයා අතර පවතින පරතරය පි‍රවීමට ඇති අපහසුව යි. ප්ර්වීන ජ්‍යෝතිෂ වේදීන්ගේ(විශේෂයෙන් නුමින්ද සාන්ත සිරි ද සිල්වා මහතා) මග පෙන්වීම හා බ්රිහහත් පරාශර හෝරා සාශ්ත්‍රය වැනි මූලික ජ්යෝපතිෂ ග්‍රන්ත ආශ්‍රයෙන් විශේෂයෙන් ජ්යෝපතිෂ ගණන කිරීම් සම්බන්ධ නිවැරදි ක්රාමවේද අනුගමනය කරමින් මෙය නිපදවා ඇත.

මෙම මෘදුකාංගය මගින් ලබා දෙන මුද්‍රිත පිටපත් වල PDF ගෙන්නුවක් : http://www.sigma.lk/files/tk.pdf

Tuesday, January 1, 2008

රිදී රැයක් යනු කුමක්ද?

අහෝ කේදයකි මම බලාපොරොත්තු වූයේ නවකයන්ගේ හැකියාව බලා සතුටුවන ප්රනවීනයක් පිරිසකි. නමුත් දුටුවේ ප්රවීනයන් යැයි කියනා ආන්ටිලා අංකල් ලා පිරිසක් විසින් රඟදක්වනු ලබන විකට ඇඳුම් තරඟයකි.