Wednesday, May 19, 2010

නව Sinhala Web Directory

සමහර අයට මතක ඇති. මීට අවුරුදු කීපයකට කලින් ආරම්භ කරපු sinhalawebdirectory.com වෙබ් අඩවිය. කලින් මේ අඩවිය සඳහා විවෘතකේත cms එකක් භාවිතා කරත් දැන් නව ආරකින් එය යලිත් අරඹා තියනව. මෙහිදී කලින් තිබූ යුනිකේත පමණක් අඩංගු වෙබ් අඩවි ඇතුලත් කිරීමේ සීමාව ඉවත් කෙරෙනවා. ශ්‍රී ලංකාවට අදාල ඕනෑම වෙබ් අඩවියක් ඇතුලත් කළ හැකිය. එසේම youtube video, audio files, downloads (software, ebooks) සහ ලංකාවට අදාල ලිපි සඳහා ද වෙන වෙනම යොමුවන් ඇතුලත් කරන්න පුලුවන්. එකම සීමාව ලංකාවට අදාල වීම පමණයි.

ඔබ විසින් ඇතුලත් කරනු ලබන යොමුව ඒ අවස්තාවේම අඩවියේ දර්ශණය වේ. spams හො නොගැලපෙන ඒවා ඇතුලත්ව ඇතිනම් ඒවා ඔබට report කිරීමේ පහසුකම ඇත. ඒවා පසුව පාලක වරුවිසන් පරීක්ෂා කර ඉවත් කරනු ඇත.

'----------------- upated
සමහර විට තවමත් DNS update වී නොමැති නිසා ඔබට පැරණි වෙබ් අඩවියම පෙනෙන්නට පුලුවන්. ඒ පිලිබඳ පැමිණිලි කීපයක් ලැබුනා. පැය 24කින් පසුව ගැටලුව විසඳේවි.