මස් කාපං පුතේ උඹට පවු නෑ!

(මෙහිදී මස් යන පදය භාවිතයේදී මාළු යන සත්වයාද අඩංගු බව සලකනු මැනවි.)

මේ ලිපිය ලියන්නේ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ නිරිමාංශ ප්‍රශ්නය නම් ග්‍රන්ථය පිලිබඳ මගේ පුද්ගලික අදහස දැක්වීමට. මේ ග්‍රන්ථය ලියා ඇත්තෙ යමෙකු උන් වහන්සේගෙන් ප්‍රශ්න අසා උන් වහන්සේ ඒවාට දෙන පිළිතුරු ආකාරයටයි.

මුලින්ම පෙරවදනේ කියවෙන ආකාරයට උන්වහන්සේ වදාරන්නේ මෙය මාංශ භක්ෂකයන් නිර්මාණයට හෝ නිර්මාංශී අයට ගැරහීමටවත් නොවන බවයි. නමුත් මට හැඟෙන ලෙස මුලු ග්‍රන්ථය පුරාම උන්වහන්සේ පැහැදිලිවම කියන්නේ මස්කෑම මගින් ප්‍රණඝාත අකුසලයක් නොවන බවයි. විනය පිටකයේ භික්ෂූන් සඳහා වැළඳීම තහනම් කරණ ලද මාංශ හැර අනික්වා ගැනීමේ වරදක් නැති බවය. මෙහිදී අතීතයට බලපාන ලෙස කර්ම රැස්වීමක් සිදුනොවන බවක් දක්වා සිටිනවා.

දැන් අපි ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය ගැන සලකා බලමු
න භික්ඛවේ ජානං උද්දිස්ස කතං මංසං පරිභුංජිතබ්බං යො පරිභුඤ්ජිතබ, බං ආපත්ති දුක්කටස්සාතී අනුජානාමි භික්ඛවේ තිකෝටි පාරිශුද්ධ මච්ඡ මංසං අදිට්ඨං අසුතං අපරිසඛිතංති

තමන් වෙනුවෙන් මැරූ බව,
නොදුටු (අදිට්ඨං)
නොඇසූ (අසූතං)
සැකයක් නොමැති (අපරිසංඛිතං)

මේ ආකාරයේ මාශයක් වැළඳීමට පැහැදිලිවම බාධාවක් නොමැත. එය අවිවාදය, නමුත් ගැටලුව ඇත්තේ මේ ආකාරයේ මංශයක් වැළඳිමේන් අපට පවක් සිදුනොවේ, අකුසලයක් සිදු නොවේ කියා මස් කන එකට දිරිදීමය. එසේනම් මාංශ බක්ෂණයට දිරිගන්වමින් පොත් පත්, සහ ලිපි ලියමින් වෙහෙසීමය. මෙය එක් අන්තයකි අනෙක් අන්තය එකල සිටි දේව දත්තයන් කළේය, නමුත් මේ කාරණාවත් තමංගේ මස්කෑමේ කෑදර කමට වාසියට හරවාගැනීමට බොහෝ දෙනා උත්සාහ දරනවා.

මේ දෙව්දත් තෙර බුදු රජාණන් වහන්සේගෙන් ඉල්ලූ ඉල්ලීම් 5යි.

1. දිවි ඇති තෙක් භික්ෂූන් වහන්සේ ආරණ්‍යක ම විය යුතුයි.
2. දිවි ඇති තෙක් භික්ෂූන් වහන්සේ පිණ්ඩපාතික ම විය යුතුයි.
3. දිවි ඇති තෙක් භික්ෂූන් වහන්සේ පාංශුකූලික ම විය යුතුයි.
4. දිවි ඇති තෙක් භික්ෂූන් වහන්සේ වෘක්ෂ මූලික ම විය යුතුයි.
5. දිවි ඇති තෙක් භික්ෂූන් වහන්සේ නිර්මාංශික ම විය යුතුයි.

මොහොතක් හිතන්න? වනගතව වාසය කිරීම භික්ෂුවකට අකැපැ ද? එය වැරදි ද? භාවනායෝගි භික්ෂුවකට වඩාත් යෝග්‍යම වන්නේ ආරණ්‍යක සිටීම නොවේ ද? පිණ්ඩපාතය වැඩීම වැරදි ද ? පාංශුකූලික වීම වැරදි ද? වෘක්ෂ මූලික වීම වැරදි ද? නිර්මාංශී වීම වැරදි ද?

බුදුන් මේවාට එකඟ නොවුනේ ඒවා අනිවාර්යවශයෙන් විනිය නීතියක් කළයුතු දේවල් නොවන බැවිනි.

තව දුරටත් විමසා බලමු, බෞද්ධයාගේ නිත්‍ය පංච සීලයේ තුන්වන සිල්පදය ඔබ තවදරුටත් විමසා බැලුවහොත් අවිවාහක ස්ත්‍රියක් සහ අවිවාහක පුරුෂයෙකු ලිංගිකව හැසිරීම තුන්වන සිල්පදය කැඩීමක් නොවන බව ඔබට වැටහේවී, (http://dahamsewana.blogspot.com/2009/04/blog-post_7962.html) නමුත් එයින් අදහස් වන්නේ, එය කළ යුතු බවද ?

මගේ පුද්ගලික මතය, ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයක් අනුභව කිරීමට බෞද්ධයාට බාධාවක් නැත, නමුත් මස් කෑමේන් මට අකුසලයක් සිදුනොවේ, ඒවා මරණ අයට අකුසලයක් සිදුවූවාට මට අකුසලයක් සිදුනොවේ, කියා සිතමින් මස් කෑමට ඇති ආශාව (කෑදරකම) ට හේතු දක්වමින් කෙනෙක් මාංශ අනුභව කරයිනම්, ඔහුට ප්‍රාණඝාත අකුසල කර්මයක් නොවූවත් සිදුවන්නේ අකුසල කර්මයක්මය. තවදුරටත් බුදුන් මස්කෑම තහනම් නොකරන ලද්දේ බොහෝදුරට එය වෘතයකට සමාන විය හැකි නිසාය. යම් අයෙන් නිර්මාංශී වන්නේ එයින් සත්ව ඝාතනයක් නවතින්නේය යන උතුම් චේතනාවකින් නම් එය කුසල කර්මයක් වන්නේමය.

මේ මොහොතේ තවත් පුංචි කතාවක් හිතට ආවා. බුදුන් භික්ෂුන් අමතා පැන් පානයේදී රෙදි කඩකින් පෙරා පානය කරයුතු බව සැල කරා. භික්ෂුවක් විමසා සිටියා එසේ කරන්නේ කුඩා ජීවීන් සිටින නිසා ද කියා, එසේය ඇවත්නී කුඩාජීවින් සිටින නිසා අපි පැන් පෙරා පානය කරමු කිය, එවිට ඍධිමත් භික්ෂුවක් තම ඍධිය භාවිතා කොට ජලය තුල තවමත් පෙරූපසුවත් කුඩා ජීවින් සිටින බවක් සැල කර සිටියා. මෙවිට බුදුන් වදාරේ මම කිව්වේ පෙරා පැන් පානය කිරීමට මිස ඍධියෙන් කුඩා ජීවීන් සිටීදැයි බලන්නට නොවන බවයි.

෴පසු සටහන෴

ඉහත සටහනෙහි සමහරක් කොටස් මා විසින් පසුව වෙනස් කරන ලද බව කරුණාවෙන් සලකන්න, එයට හේතුව ඤාණානන්ද හිමියන්ට අපහාස වන ආකාරයේ වචන සටහන් ව ඇති බව, සමහරෙකුන් විසින් පෙන්වා දුන් නිසාය. එවැනි අදහසක් මගේ සිතේ නොතිබුනත් වචන භාවිතා කොට තිබු ආකරය අනුව එවැන්නක් කෙනෙකුට සිතිය හැක. අනෙක් කාරනාවනම් බෞද්ධායා මස්කෑම හරිද වැරදිද කියා කියා තරක් කර සිටිනවාට වඩා කළයුතු දේවල් ඇත. මේ කාරනාව මත මට පුද්ගලිකව ලැබෙන හෝ ලබාගන්නා වාසියක් නැත. භව අන්තරාව ගැන නියමව වැටෙහේනම් හිස ගිනිගත්තත් ඒ ගැන නොතැවී නිර්වාණයට යොමුවිය යුතුබව දක්වා ඇති බැවින් මෙවන් කාරනා සම්බන්ධව තර්ක විතර්ක කිරීමට කාලය නාස්ති කිරීමද අනුවන කමකි.

මේ කරුණ පිලිබඳ ලියවුනු වැදගත් ලිපි මෙම අඩවියේ ඇත.
http://www.dhammikaweb.com/?p=11628 [මාංශ ආහාරය ගැන බෞද්ධ විග්‍රහයක්]
http://www.dhammikaweb.com/?p=4617 [පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි - ධර්ම දේශනාව]

Comments

Anonymous said…
////බුදුන් මස්කෑම තහනම් නොකරන ලද්දේ බොහෝදුරට එය වෘතයකට සමාන විය හැකි නිසාය. යම් අයෙන් නිර්මාංශී වන්නේ එයින් සත්ව ඝාතනයක් නවතින්නේය යන උතුම් චේතනාවකින් නම් එය කුසල කර්මයක් වන්නේමය./////

true...........
Angel said…
I can't help but agree with your post... the Lord Buddha never banned the eating of flesh, because that too is a form of extremism. He greatly praised loving kindness towards all beings. I am not a vegetarian, but I have great respect for them... to think that there is no consequence of eating flesh is delusional (mohaya).

Sorry, I'm not able to comment in Sinhala.
ලිපියේ සඳහන් කිරීමට මගහැරී ගිය කරුණක් සඳහ් කරමි,

මස් මාංශ වෙළඳාම බුදු දහමට අනුව ගිහියෙකු විසින් නොකළ යුතු ව්‍යාපාරයකි. තව දුරටත් හිතන්න!

මිතුරෙකු විසින් ලබා දුන් යොමුවක්. පිටිදුවේ සිරිධම්ම හිමියන්ගේ මස් ආහාරයට ගැනීම පිලිබඳ කරන ලද දේසුමක සටහනක් අනිවාර්යෙන් කියවන්න. Eating_Meat_-_Pitiduwe_Siridhamma_Himi .pdf
Anonymous said…
This comment is not relate to this blog post..I know you and me are strangers.But i saw some comments you written on TBW 's buzz.So I thought to convey this message to you as if i am not aware of your mail address.Its unpleasent to see his replies on your comment.But i would like to say that guy has some sort of problem within though he achieved high in his proficiency.He thinks he knows everything and he may be a christ beliver too..But i dont think he is a real christ follower / God believer .Christ taught to control the word/tongue where sin could be originated.He is a sinner (that Guy) who is waiting for forgiveness directly from God for his sins rather than attemting to avoid of doing such over again and again.So no point of arguing with him.Let him to happy like that way.He needs slim figures to have just sex which lead to nowhere.But he talk like a philosopher on that matter.Truth is bitter.Read and delete this comment.Thanks.
Anonymous said…
I saw that earlier.And I also guessed that was him.And nice part was i read your comment similar to "antharjalayata muwawi wanana ballakuge nakuta wani " .That is very true. :D .If you got to know what he do in real life then you will be surprised. But sad part is such people are publicly exhibiting lack of respect to Lord Buddha and to his own mother's womb as well.
මටනම් ඔයාගෙ ලිපිය හරියට වැදිබණක් වගේ පේන්නෙ.
උන්වහන්සේ ගේ එම පොත කියවලා ඔබට ඇතිඋනේ ඔය අදහස නම් එය ඔබගේ තියන දුර්වලකමක් ලෙස පිලිගන්න. මොකද ඒකෙ කොහෙවත් මස් කෑමට අනුබල දීමක් වෙලා නෑ. ඇත්ත ඇති සැටියෙන් තිබෙනවා මිසක්(මම ඔබගෙන් ඉල්ලා සිටිනව මස් කෑමට අනුබල දීපු තැනක් තියනවනම් කරුණු සහිතව පෙන්වන්න කියල).

ඒ පොත ලියන්න හේතුවෙච්ච පසුබිම ගැන ඔබ සඳහන් කරලා නෑ. එනම් බොහෝ බෞද්ධයන්ගෙ තියන මිත්‍ය දෘෂ්ඨියක් තමයි මස් කෑමෙන් පව් සිද්ධවෙනවා වගේ අදහස්.

උන්වහන්සේ කරලා තිබෙන්නෙ ධර්මයට අනුකූලව පිළිතුරු දීමක්. ඕක නිතර නිතර අහන ප්‍රශ්නයක්. ඉතින් ඕකට ඔය විදියට නැතුව කොහොමද උත්තර දෙන්න ඕන. ඔබ කොහොමද ඕකට උත්තර දෙන්නෙ කියල කියන්න බලන්න.

ඔබගේ රාමුව තුල එය දේවදත්තගේ අන්තය මෙන් සැලකීම හාස්‍ය ජනකයි. පුදුමෙ කියන්නෙ මට නම් ඔය පොත කියෙව්වම ඔබට වගේ අන්තගාමී අදහසක් ඇතිවුනේ නෑ. මසක් ලැබුනොත් කනවා නැත්නම් නොකා ඉන්නව මොකටද ඕව පස්සෙ දුවන්නෙ.
ඔබගේ ලිපිය වැදි බණක් වගේ කියල කිව්වෙ ඔබ තිරස්චීන විද්‍යා පස්සෙ දුවන ගමන් බුද්ධ පුත්‍රයන් හට ඇඟිල්ල දිගුකරන නිසයි.
Quote "මම ඔබගෙන් ඉල්ලා සිටිනව මස් කෑමට අනුබල දීපු තැනක් තියනවනම් කරුණු සහිතව පෙන්වන්න කියල

1. මෙම පොතේ සඳහන් වෙනවා උන්වහන්සේ කලින් මස්නොකා සිටියා මස් කන අයව පිලිකුළ් කරා. ඒත් දැන් එහෙම කරන්නෑ. දැන් මස් වලඳනවා කියා. ඉතින් දැනටත් මස්නොකා සිටින කෙනෙක් මෙම පොත කියවූ විට. උන්වහන්සේ වලඳනවානම්. අපිට පව් නැත්තන්. අපි මස් කෑව කියලා අදසක් එන්නේ නැතැයි කිව හැකිද? මෙවැනි ගැටළුවකට වගකීමක් අති ස්වාමීන්වහන්සේ නමක් විදියට පිලිතුරු දිය යුතු ආකාරය පිටිදූවේ සිරි ධම්ම හිමි නමගේ පිළිතුර බලූවිට ඔබට වටහා ගත හැකියි. මෙත පවක් වුනත් නැතත්, අහින්සක සතෙක් මගේ ආහාරය වෙන නිසා උගේ ජීවිතය නැතිවෙනවා. උන් වහන්සේ වදාරන ලෙස අතීතයට බලපාන ලෙස කර්මය රැස්වෙන්නේ නැහැයි කියමුකෝ, ඒත් සත්ව කරුණාව ඇති සිතකට තමංගේ පිං පව් ගැන විතරක් හිතලා මස්කන්න පුලවන්ද?


Qutoe "මසක් ලැබුනොත් කනවා නැත්නම් නොකා ඉන්නව මොකටද ඕව පස්සෙ දුවන්නෙ."

2.ත්‍රිකොටි පාරිශද්ධ මාංශයක් වැළඳීම කිසි ගැටලුවක් නෑ. ඔබ කියන දේ තමයි මාත් කියන්නේ? ඇයි මේ පොත් ලිය ලිය මස්කෑවට පව් නෑ කියල කියන්නේ? ඇයි ඕව පස්සේ දුවන්නේ?
පොත ලිවීමට හේතුවූ පසුබිම ගැන ඔබට අවබෝධයක් තිබෙනවා නම් ඔබ ඔය විධියට කතා කරන්නෙ නෑ. ගොඩක් දෙනා වාද විවාද කරන, පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් නිතර නිතර විමසන දෙයක් තමයි ඔය නිර්මාංශ ප්‍රශ්නය.පූජනීය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ එම පොත ලිවීමෙන් අදහස් කලේ මෙම ගැටලු වල අර්ථ විරහිතව එල්ලී සිටින අයට ධර්මය තුලින් පිලිතුරක් දීමටයි. ධර්මයට පරිබාහිරව මෙම පොතේ කරුණු ගෙනහැරපෑමක් කර නෑ.

ඉදින් කිසියම් කෙනෙක් වෘතයක් සමාදන් වෙලා හිටියනම් එමගින් නිවැරදි අවබෝධය ලැබිල එම තැනැත්තාට නිවැරදි මගට පිවිසීමට පවා එම ලබාදී ඇති අවබෝධය හේතුවන්නට පුලුවන්. එම නිසා එය ධර්ම දානයක්.

අනික ඔබේ මාතෘකාවේ දක්වා ඇති පරිදි "මස් කාපං පුතේ උඹට පවු නෑ!" යන පණිවුඩය එම පොත මගින් ලබාදෙන්නේ නෑ. ඔබට විතරයි මට පෙනෙන විධියට එලෙස එම පණිවුඩය ගොස් තිබෙන්නේ.
ඔබ මේ කරන්නේ ධර්ම දානයකට ගැරහීමෙන් බලවත් අකුසල් රැස්කරගැනීමක් විනා අන් යමක් නොවෙයි.!
ඉතින් දැනටත් මස්නොකා සිටින කෙනෙක් මෙම පොත කියවූ විට. උන්වහන්සේ වලඳනවානම්. අපිට පව් නැත්තන්. අපි මස් කෑව කියලා අදසක් එන්නේ නැතැයි කිව හැකිද?
මේ පොත ලියල තියෙන්නෙ බුද්ධිමතුන්ට විසඳා ගැනීමට. ඔය කියන විධියට කෙනෙක් හිතනවා නම් ඔහුට විසඳා ගැනීමට ගොඩක් ප්‍රශ්න තියනවා නිර්මාංශ ප්‍රශ්නය විසඳාගන්නවට වඩා!
නින්දෙ සිටින අයෙකු ඇහැරිය හැකි මුත් බොරුවට නින්දේ සිටින අයෙකු ඔබට කවදාවත් ඇහැරිය නොහැක. ඒ වග කෙසේ වෙතත් කෙටියෙන් පවසන්න තියෙන්නේ පිටදූවේ සිරි ධම්ම හිමියන් මේ ප්‍රශ්නයට උත්තර දී ඇති විදියත් කිරිබත්ගොඩ ස්වාමීන්වහන්සේ මේ ප්‍රශ්නයට උත්තර දී ඇති විදියත් බුද්ධිමත්ව බලන කෙනෙක්ට පැහැදිලි නිගමනයකට එන්න පුලුවන් වඩා නිවැරදිව කරුණු පැහැදිලි කරල තියෙන්නෙ කවුරුද, නැති ප්‍රශ්නයක් හදාගෙන ඒක උත්තර හොයන්න දඟලන්නෙ කවුරුද කියන වග. ඔබට තෙරුවන් සරණයි.
Ravi said…
Sameera are you a vegetarian?
Ravi said…
The link to this Eating_Meat_-_Pitiduwe_Siridhamma_Himi .pdf is not working. Can u please provide correct link to this article???
@Ravi
sorry I don't have a copy of pdf myself now. I didn't write this article to show that I'm a vegetation or not, and yes I'm Ovo-lacto vegetarian.
Sanjeewa said…
Sameera you're correct. But sadly today, most of the Buddhists are obsessed with teachings of some Buddhist monks who are very popular but will mislead the ordinary population with some incorrect concepts regarding the Buddhism. You are trying to clarify the danger of one concept of such a monk here, but when someone is obsessed with some teachings of such a Buddhist monk, it's very difficult for him to realize the actual truth. That's what happened with the one who has argued with you regarding your post. Let us hope someday they will realize the real truth and Buddhism.
අතිරේක කියවිමට. http://www.dhammikaweb.com/?p=11628
Anonymous said…
dan sapayida nikan aaryanta nigraha kara kara pitiduwe haamuduruwonta kade giya obathumaata?
karunaakarala modakamak wenam eka thamn gaawa thiyan inna winaashaya aduwewi.
anik ayata bedhanna yanna epaa.
adupaaduwk hoyana adhahasin poth kiyawanna epaa.
පස සිටහන සහ අතිරේක කියවීම ලෙස දක්වා ඇති http://www.dhammikaweb.com/?p=11628 යන්න කියවන්න. මම කාටවත් කඩේ යන්නේ නැත. කවුරුත් වැරදිදේ කරේනම් වැරදි දේ වැරදිමය. හරි දේ හරිමය. පුද්ගල බද්දව කරුණු විමසීමේ ක්‍රමයක් මගේ නැත. පිටුදවේ හාමුදුරුවොනම් කියන්නේ අසත්‍යමය, කිරිබත්ගොඩ හාමුදුරවන් කියන්නේ සත්‍යමයි. එවනි දෘෂ්ඨියකට යටත් නොවී ධර්මය දෙස බැලිය යුතුය. අතිරේක කියවීමයටතේ සඳන් කොට ඇති ලිපියේ අන්තර්ගතයට මම එකඟවෙමි. මම මේ ලිපිය පුරාවට කියන්නට උත්සාහ කළේ මස් අනුබවය වැලකීම වෘතයක් ලෙස නොව සත්ව අවිහින්සාව යන හේතුව පදනම් කර යමෙක් අනුගමනය කරයිනම් කුසලයක් සිදුවන බව ය. ඔබ සිතින් පූර්ව නිගමනයකට නොපැමිණ නැවත ලිපිය කියවන්න.
මස් කන එක පව් නෑ කියන එක කියන්න නෙමේ නම් මේ පොත ලිව්වෙ මොකටද? :P
887654 said…
බොහොම හොද post එකක්. මෙත පවක් වුනත් නැතත්, අහින්සක සතෙක් මගේ ආහාරය වෙන නිසා උගේ ජීවිතය නැතිවෙනවා. උන් වහන්සේ වදාරන ලෙස අතීතයට බලපාන ලෙස කර්මය රැස්වෙන්නේ නැහැයි කියමුකෝ, ඒත් සත්ව කරුණාව ඇති සිතකට තමංගේ පිං පව් ගැන විතරක් හිතලා මස්කන්න පුලවන්ද?

දසුන් සමීර වීරසිංහට ජයවේවා
887654 said…
මේ මුළු ලංකවේම ඉන්න අය කුකුල් මස් කන එක නැවැත්තුවොත් කුකුල්ලෝ මරන්න ඕනද එක එතකොට පිනක් නෙවේද එමනිසා අපි මස් කමෙන් වලකින්න ඕනේ තවත් සතෙකුගේ ජෙවත් වීමේ අයිතිය ලබාදුනි සිතා. එය වක්‍රාකාරයෙන් 5 සිල් පදය සමාදන් වීමකි. ...නමෝ බුද්ධාය!මස් කෑමෙන් වාලකින්න
ඉතා අගනා ලිපියකි.. මගේ අදහසත් මෙයමයි....

මම මැරූ සතෙකු මිළ දී ගන්නා විට.. ඒ සමඟම තවත් සතෙකු මැරීමට අනුබල දුන්නා නොවේද?



Anonymous said…
mas kana aya , mas kama honda yai thamage mathayata anuwa karmaya sakasa gannawa, macho ehanam uba maran kanawa you kamathidha?? anith minissuth gonata andawanna epa hariya....

Popular Posts