PIDGIN Facebook plugin

සීමාසහිත භාගත කිරීමක් සහිත අන්තර්ජාල පහසුකම් ඇති අයගේ දැන ගැනීම පිනිස.

ළඟදි මම චැටි කරන්න pidgin භාගත කළා. ‍ඒකේ ෆේස්බුක් චැට් එක නැති නිසා ඒකටත් ඔන්න ගූගල් කොඩ් වල තිබුනු ‍ඕපන් සෝස් ප්ලගින් එකක් දාගත්තා. ඊට පස්සේ කාලිංග ගේ බ්ලොග් එකේ තිබුනු විදියට යුනිකෝඩ් ප්‍රශ්න ටිකත් විසඳ ගත්තා. අවුලක්නෑ. ගින්දර වගේ වැඩ. ඕන්න අද උදේ වෙනකොට මම මේ මාසෙටම ඩවුන්ලෝඩ් කරල තිබ්බේ 1.45GB හවස බලනකොට 2.5GB වෙලා. ඔන්න එතකොටයි තුරු පෙනුනේ. මම භාවිතා කරන්නේ නිතර ලෙඩ දෙන ඩයලොග් HSDPA කනෙක්ෂන් එකක්. ‍මාසේ ඇතුලත කොහොම හරි 5GB වලින් ෂේප් වෙනවා. බැලින්නම් අර pidgin-facebookchat එක තමයි ඔය වැඩේ කරල තියෙන්නේ. දැනට pidgin හා සීමාසහිත භාගත කිරීමක් සහිත අය http://code.google.com/p/pidgin-facebookchat/downloads/list කියන ප්ලගින් එකෙන් ප්‍රා‍වේසම් වුනොත් හොඳා.

Comments

Facebook plugin එකනම් Trojan කෙන්ක් වගේ, මොකද මට මතකයි, ඕක කලින් දාන්න ගිහින් Kespersky මැරෙන්න ගියා, Virus Virus කියලා
දැන ගන්න ලැබුනු ආකාරයට මේක ‍Facebook එකේ IM එකේ තියෙන දුරුවල තාවක්. මොකද FB එකක හදල තියෙන්නේ සාමාන්ය IM එකක් විදියට නෙමෙයි. ඒකේ api නැති නිසා ‍FB plugin එක නිතරම ස්ටේටස් එක චෙක්කරන්නවා. ඒනිසා තමයි ඩවුන්ලොඩ් භාවිතය ඉහලයන්නේ. ඒත් හරියටම ඒකද හේතුව කියල දන්නේ නෑ.

Popular Posts