සොනාල ගුණවර්ධන සහ බුදු දහම රාජපක්ෂලාට කඩේ යැවීම.

සංවේගයෙන් ලියමි,

"සොනාල ගුණවර්ධන" විසින් බුදු දහම දේශපාලනය වෙනුවෙන් වැරදි අර්ථ කථන දෙමින් භාවිතා කර ඊනියා සිංහල බෞද්ධ ඡන්ද ගැරීමට දරන නින්දිත උත්සාහය නින්දිතය. බෞද්ධයන්ව මේ ආකායෙන් දේශපාලනික හේතු මුල් කර අව භාවිතා කිරීම අතිශය සංවේග දනවන කරුණකි. පහත දක්වා ඇත්තේ ඔහුගේ මුහුණු පොතින් උපුටාගත් කොටසකි.

permanent link: https://www.facebook.com/photo.php?fbid=10156438716485846
මෙම ලිපියේ අඩංගු කරුණු එකකින්වත් සූත්‍ර දේශනාව සමග ගලපා ගත නොහැක. එයා ඉතා නින්දිත ලෙස වෙනස් කර ඇත. සූත්‍ර දේශනාව කොටස් දෙකින් යුක්ත වේ.
සොනාල මුලින් සඳහන් කරණ කරුණ සත්‍යකි එම සූත්‍රයේ වලාකුළු වර්ග හතරකට බෙදා දක්වා ඇත. ඔබගේ පහසුවට එය, එය සොනාල දක්වා ඇති ආකාරයටම දක්වමි.
  • ගොරවන ගමන් වහින වලාකුළ.
  • ගොරවන්නේ නැතිව වහින වලාකුළ.
  • ගොරවනවා ඒත් වහින්නේ නැති වලාකුළ.
  • ගොරවන්නෙත් නැති වහින්නෙත් නැති වලාකුළ.
සූත්‍රය කොටස් දෙකක් ඇත. ප්‍රථම භාගය සහ දෙවන භාගය ලෙස සූත්‍ර දෙකක් ඇත. එහි මුල් භාගයේ ඇත්තේ මෙවන් කරුණකි. සොනාල විකෘති කර ඇත්තේ එහි අදහසයි. නමුත් එහි මුල් අදහස පහත පරිදි වේ.
  • 'කියනවා' ඒ වගේම 'වැඩත් කරන'
  • කියනවා නමුත් වැඩ නොකරන
  • නොකියවා නමුත් වැඩ කරන
  • කියන්නේත් නැති වැඩ කරන්නේ නැති
ලෙස කොටස් හතරකට වැහි වලාකුළු වලට සමානව වෙන් කර ඇති ආකාරයයි.

ඔබගේ පහසුව පිණිස ගොරවන්නේ ද නැති වහින්නේ ද නැති වලාකුළු ගැන කියනා කොටස සූත්‍ර දේශනාවේ ඇති සැටියෙන්ම උපුටා දක්විමි.
"මහණෙනි, කෙසේනම් පුද්ගල තෙම ගර්ජනා නොකරන්නේ වේද, නොවසින්නේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නොකියන්නේත් වේද, නොකරන්නේත් වේද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙම ගර්ජනා නොකරන්නේ වේ. නොවසින්නේ වේ. මහණෙනි, ගර්ජනා නොකරණ, නොවසින ඒ වලාකුල යම් සේද, මහණෙනි, මේ පුද්ගලයා එබඳු යයි කියමි." 
(සම්පූරණ සූත්‍රය කියවීම සඳහා පිවිසෙන්න මෙතැනට https://pitaka.lk/main?n=29201&p=101)
මෙම සූත්‍රයේ දී සොනාල කියන ආකාරයේ අර්ථයක් ඇත්තේ නැත. ඔහු සූත්‍ර දේශනාවේ නැති කරුණු ගණනක් අතින් දමා සංශෝධනය කර ඇත. ඔහු ලොකුම හානි දායක ප්‍රකාශය කරන්නේ අවසානයේ දීය, මම එසේම උපුටා දක්වමි.

"බුදුරජාණන් වහන්සේ මෙම සූත්රයේ දී දේශනාකොට පෙන්වා දුන්නේ මිනිස්සු ගොරවන්නේ නැතිව වහින වලාකුළක් සේ කටයුතු කළ යුතු අතර එසේ වුවහොත් රටක් සංවර්ධනය වනවා සේම තමා ජීවත්වන පවුල් සංස්ථාව ද වේගවත් සංවර්ධනයක් කරා පියනඟනු ඇති බවයි."
(සොනාලගේ සටහනින් උපුටාගත් කොටස) 

මෙහෙම කතාවක් මේ සූත්‍රෙය් නැත. මෙතන සම්පූර්ණයෙන්ම කර ඇත්තේ අතින් දාපු කරුණු වලින් සූත්‍ර දේශනාව විකෘති කිරීමකි.

මෙම සූත්‍ර දේශනාවේ ලෝකෝත්තර හරය ඇත්තේ එහි දෙවන භාගයේ ය.

එම සූත්‍රය දේශනා කොට ඇත්තේ නිර්වාණ ගාමීවයි, එහි වඩා වැදගත් කොට සලකාන කොටස පහතින් උපුටා දක්වමි. අඩුම තරමේ ඔබට මේ ලිපිය නිසා වලාහක සූත්‍රය කියවීමට උනන්දුවක් කිරීමට ලැබුණා යැයි කියා මට සතුටු විය හැක. පහත උපුටා ගැනීම "ගොරවන ගමන් වහින වලාකුළ" ට සමාන පුද්ගලයා ගැනය.
"මහණෙනි, ගර්ජනා කරණලද, වසිනලද, පුද්ගලයා කවරේද?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සූත්‍ර, ගාථා මිශ්‍ර සූත්‍ර, නිර්ගාථක සූත්‍ර, ගාථා, ප්‍රීතිය පෙන්වූ ධර්ම, නිදානය නැති සූත්‍ර, පූර්‍වාපදාන, පුදුමවියයුතු ධර්ම, බලවත් සතුටින් දෙසූ ධර්ම ඉගෙණගනිත්.
හෙතෙම මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක් ඉපදීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක්ඛ නිරෝධය යයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාව යයි තත්වූ පරිද්දෙන් දනීද,
මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම ගර්ජනා කරණ ලද්දේද, වසින ලද්දේද වේ. මහණෙනි, ගර්ජනා කරණ ලද, වසින ලද වලාකුල යම් සේද, මහණෙනි, මේ පුද්ගලයා එබඳුයයි කියමි. මහණෙනි, වලාකුලට උපමා ඇති මේ පුද්ගලයන් සතර දෙනෙක් ලොකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.’’
(සම්පූරණ සූත්‍රය කියවීම සඳහා පිවිසෙන්න මෙතැනට https://pitaka.lk/main?n=29202&p=102)

අවසාන වශයෙන් කියන්නට ඇත්තේ. ඔබ කැමති කෙනෙකුට ඡන්දය දෙන්න, ඔබ කැමති දේශපාලනයක් කරන්න. නමුත් බුදු දහම ඔබගේ දේශපාලන ව්‍යාපාරයට අවභාවිතා නොකරන්න. සියලු උපුටා ගැනීම, විචාරය කිරීමේ අරමුණින් යුතුවය.

Comments

Popular Posts