බැලුම්ගල කුහක මධ්‍ය කරණය
වසරකට ආසන්න කාලයක් ලිපියක් නොලියූ මට ලිපියක් ලියන්නට ප්‍රස්තුතයක් වූයේ මේ බැලුම්ගල වැඩ සටහන යි. ආරම්භයක් ලෙස එම වැඩසටහනේ සවන්දීමට ආරධනා කරමි.
මම මේ ලිපිය ලියන්නට පටන් ගන්නේම බැලුම්ගල වැඩසටහනේ ඇති ළාබාල අතාර්කික ක්‍රමයකින් විවේචනය කරන ක්‍රමවේදය හෙළා දැකීමට බැවින්, සාධාරණ අපක්ෂපාතී, ලිවීමක් විවරණයක් මා තුළින් බලාපොරොත්තු නොවන්න. භද්‍රජී මහින්ද ජයතිලකගේ Diehard fan කෙනෙක් බැවින් තව දුරටත් එය එසේ නොවෙනු ඇත.
2002 හෝ ඊට ආසන්න කාලයක දිනක් කොළඹ මහජන පුස්තකාලය තුළ අමුතු තාලයේ පොතක් මට හමුවුනා. එහි නම "විශ්ව ශක්තිය හා චක්‍ර" හෝ එයට ආසන්න නමක් ලෙසයි මට මතක. එහි රචකයා වූයේ භද්‍රජී හින්ද ජයතිලයන්ම තමයි. ඒ වන විට ලංකාව තුළ විශ්ව ශක්තිය නමින් හෝ රේඛී නමින් හෝ කිසිවක් විද්‍යුත් මාධ්‍ය වල පල නොවුනු කාලයක්. භද්‍රජී ගැන මම ඒවන විට 70 ගීත ගායකයෙක් සහ ගීතරචකයෙක් ලෙස දැන සිටියත් ඔහු ගැන පුද්ගලිකව සෙයාබැලීමට උනන්දු වූයේ ඒ පොත කියවීමෙන් පසුවයි.
කාලයත් සමග ලංකාව තුළ විශ්ව ශක්ති හොරුන් ලෙඩ රෝග සුව කරන එලොවින් ආ ජීවිකයන් ගෙන් පිරී ගියේය. ඒ සැවොම මිනිසුන්ගෙන් ලක්ෂ ගණන් මුදල් වංචාකොට අතුරුදහන් විය. විශ්ව ශක්තිය යන්න සත්‍ය ද අසත්‍ය ද යන්න ගැන මම මේ ලිපියේ කතා කිරීමට බලාපොරොත්තු නොවේ. එසේ වුවත් යමෙක් බුදු දහම හෝ වෙනත් ආගමක් යොදාගෙන යම් කිසි වංචාකාරී ක්‍රියාවක් කර පමණින් එම ආගම අසත්‍යක් මිථ්‍යාවක් යැයි පැවසිය නොහැක. විශ්ව ශක්තිය ගැන වුවද කීමට ඇත්තේ ඒ කාරණාවයි. විශ්ව ශක්තිය යන නම භාවිතා කොට ව්‍යාපාර කරන හොරුන් තක්කඩියන් සිටිය පමණින් එම විෂය ගැන උනන්දුවක් දක්වන සියල්ලෝම වංචාකාරයන් හෝ මානසික රෝගීන් ලෙස සැලකිය නොහැකි යි.
උදාහරණයක් ලෙස බැලුම් ගල විසින් ඉතිහාසය ගැන විකල්ප මතදරන සියල්ලන් පිස්සන් සහ වෙනත් වාසි නිසා ඒ මතය පතුරන අය ලෙස පවසමින් කරන ලද ගුවන් විදුලි වැඩසටහන දැක්විය හැකියි. ඒ වැඩසටහනට අමතන ළද මා හඳුනන පුද්ගලයෙකුගේ හඬපටයෙන් ඔවුනට වාසිදායක කොටස් පමණක් දෙවන ගුවන් විදුලි වැඩසටහන තුළ ධාවනය කරමින් ඉතාමත් පහත් ලෙස මාධ්‍ය හසුරවනු අපිට දක්නට ලැබුණා. තායිලන්තය වැනි රටවල බෞද්ධයන් බුදුන් ඉපදුණේ තමන්ගේ රටේ යැයි පැවසූවට එය ගැන සටහන් කිරීම හෝ ඔවුන් උනන්දු වන්නේ නෑ.
භද්‍රජී මහින්ද ජයතිලක යනු ගායකයෙකු නොවෙයි. ඔහුගේ හැකියාවන් සමූහයක් අතරින් එක හැකියාවක් පමණයි. චිත්‍ර ඇඳීම, නවකථා, කෙටි කථා, ඉතිහාස කථා පොත්ලිවීම ආදී නොයෙක් ක්ෂේත්රයන් කෙරේ ඔහුගේ හැකියාවන් පෙන්වා ඇති ඉතා ශ්‍රේෂ්ඨ චරිතයකි. බැලුම්ගල කරන මාධ්‍ය පඟර නැට්ටාට ඔහුට සිංදුවක් කියාගෙන හිටියනම් හොඳයි කියලා අවවාද දෙන්න ඌ භද්‍රජී මහින්ද ජයතිලකගේ බාප්පා ද යැයි මට සිතේ. ජයතිලක මහතාගේ ජීව දත්ත සටහනක් මෙතැනින් ඔබට බලා ගැනීමට හැකි යි. http://bhadrajijayatilaka.com/bud/biography/
කෙනෙක් කරන දෙයක් විවේචනය කිරීමේ අයිතිය ඕනෑම කෙනෙකුට තිබිය යුතුයි. ඔබට ඇති තරම් ඕනෑම අයෙකු විවේචනය කරන්න. නමුත් මාධ්‍ය වේදියෙකු ලෙස ක්‍රියා කරන විට එය වැදගත් ලෙස කිරීම ඒ මාධ්‍ය වේදියාගේ පරිණතභාවය ගැන හොඳ සාධකය කි. වැඩසටහන හොඳින් සවන් දෙන්නේ නම් ඔබට ඇසෙනු ඇත අවංකව තමන් විසින් කරන ලද නිර්මාණ ආදිය ගැන කියද්දී නිවේදකයා අවඥා සහගත ලෙස එයට ප්‍රතිචාර දක්වන ආකාරය.
මීට වසර 2කට පමණ පෙර ජයතිලක මහතා සිරස රූපවාහිනියේ මුහුණට මුහුණ වැඩසටහන පෙනී සිටියා. එහිදි ඔහු සමග සංවාද කළ කිංස්ලි රත්නායක නම් නිවේදකයා හා ඉතා වැදගත් සංවාදයක් කළා. එහිදී කිංස්ලි භද්‍රජීගේ විශ්ව ශක්ති සංකල්පයට සියුම් ලෙස පහර ගැසීමට අමතක කළේ නෑ. නමුත් ඔහු මාධ්‍ය අනිසි ලෙස භාවිතා කරමින් ජයතිලක මහතාගේ පෞර්ෂ්‍යයට පහර ගසන්න ඉදිරි පත්වුණේ නෑ. ඔහුට කළ යුත්ත කියා දෙන්න හදන බාප්පා කෙනෙකු වීමට උත්සාහ කළේ නෑ.
මාධ්‍ය කරුවන් මේ තත්වයට වැටෙන්නේ air time ෆිල් කිරීමට කිසිම කුණු ගොඩක් හොයාගැනීමට නොහැකි වූ විටයි. තව ඉතා වැදගත් කාරණාවක් මම මෙතනදී ඔබට නිරාවරණය කරන්නම්. මගේ මිත්‍රයෙක් සිටිනවා ඔහු බණ්ඩාර නම් කපු මහතෙකු වේ. ඔහු නෙත් FM නාලිකාවේ වසර ගණනාවක් වැඩසටහක් මෙහෙයවූ අයෙකි. ඔබ ඔහුගේ නිවසට ගියහොත් Neth FM නාලිකාව විසින් ඔහුට දෙන ලද සම්මාන බලාගැනීමට හැකිවෙනු ඇත. ඔහුත් විශ්ව ශක්තිය යොදා තමන් වෙන එන අයට සහනය ලබා දීම කරනු ලබයි. ඔබට මේ ක්‍රියාව බොරුවක් යැයි තර්ක කළ හැකියි. එසේනම් නෙත් FM එක මුලින්ම කළ යුතුව තිබුණේ තමන්ගේ මාධ්‍ය හරහා ලොවට ප්‍රසිද්ධ කරපු ඒ කපුමහතා ගැනද එවන් වැඩසටහනක් කිරීමයි. ඔවුන්ගේ මාධ්‍ය කුහකත්වය ගැන තවත් උදාහරණ කුමකට ද?

Comments
මණ්ඩාවල හාමුදුරුවෝ
හාමුදුරුවො කියලා තියෙනවා බොහෝ රට වල රෙයිකී මගින් ලෙඩ සුව කරනවාය කියලා.. ලංකාවෙත් බොහෝ තැන් වල ජේසු ජීවමානයි වැඩසටහන් වලිනුත් ලෙඩ සුව කළා නේ.. එය බොහෝ විට මානසික විශ්වාස වල තත්වයන් වෙනස් වීම නිසා ඇතිවන සුවයක් මිසක.. සත්‍යය නොවන බවයි මගේ වැටහීම..
වැටහීම කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්.. මෙය සත්‍යයක් හෝ අසත්‍යයක් ද යන්න පිළිබඳ පැහැදිලි විග්‍රහයක් කරන්නට නම් මේ පිළිබඳව මා දන්නා කරුණු ප්‍රමාණවත් නෑ..
කොහොම වෙතත් බැලුම්ගල තුළින්.. මීට වඩා සමාජයට හානි සිදුකරණ අය ගැන අවධානය යොමු කරන්නේ නම් වඩාත් සුදුසු බව සිතමි..
දසුන් ගේ මේ බ්ලොගයට ආවේ අදම ද කොහේද?
ඔබේ ලියමන තුළ ඇති කරුණු වලට මා ප්රතිපක්ෂ වුවත්.. ඉදිරිපත් කර ඇති ආකාරය සිත් ගත් බව කිව යුතුයි.. ජය පතමි දසුන්..
හැමදාම උදේට උන්ගේ උපදෙස් අසා සිටින මෝඩයන්ද මේ රටේ නැතුවා නොවේ. නමුත් මොලයක් ලැබී ඇත්තේ සිතන්නටය. හිතන්න බැරි නම් අඩුම ගණනේ බුදුදහමවත් විශ්වාස කරගෙන ජීවත්වන්න.
නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
බැලුම් ගල හොඳ දේවල් සිදු කරලා තියෙනව වෙන්න පුලුවන්. ඒත් එයින් ඔවුන් කරන වැරදි දේවල් නිවැරදි වන්නේ නෑ. මාධ්‍ය කරුවන්ලෙස තමංගේ මතය මතයක් ලෙස මිස එය පරම සත්‍ය ලෙස දක්වා කටයුතු කිරීම අනුමත කරන්න බෑ. මේ සිද්ධිය හරියට චාල්ස් ඩාවින්චි ගේ පිංතූර ඇඳීම විතරක් බලා ඔබ තුමා චිත්‍ර විතරක් ඇඳ ඇඳ හිටියනම් හොඳයි දන්නේ නැති අනෙක් විශ්යන්ට අත ගහ්නනේ නැතුව කියලා කිව්ව වගේ කතාවක්. මම මෙහිදී බැලුම් ගල විසින් කරන ලද සියලු වැඩසටහන් කුහක බවක් හැඟවීමට උත්සාහ කර නැත. මා විසින් ප්‍රධාන වශයෙන් සලකා බැලුවේ ඉහත සඳහන් වැඩ සටහන පමණයි.