Apple Mac පරිගණක සඳහා සිංහල යතුරු ලියන පහසුකම (Wijesekara Keylayout))

වසර ගනණක කඩවුනු පොරොන්දුවක් ඉටු කරන්නයි යන්නේ. මේ ඇපල් පරිගණක සඳහා සිංහල යතුරු පොවරුව නිර්මාණයකරලා වසරක් පමණ ගත වුවත් අද තමයි නිලවශයෙන් නිකුත් කරන්නේ. පහුගිය බ්ලොග් කරුවන්ගේ සංසදයේ හමුවේදීත් මෙය ලබාදෙන බවට මම පොරොන්දු වුනත් නිකුත් කරගන්නට හැකියාවක් ලැබුනේ නෑ. පරිගණකයට ස්ථාපනය කරගන්නා ආකාරය හා බාගත කිරීමේ යොමු පහත දක්වා ඇත.

පළමුව sinhala-wije.keylayout ගොනුව මේ යොමුවෙන් බාගත(download) කරන්න.

  1. ඉන් පසු ඔබගේ මැකින්ටෝෂ් පරිගණකයේ Finder වැඩසටහනට පිවිසී Go > Computer වෙතට යන්න. මේ මගින් ඔබගේ account එකට අදාල Folder එක විවෘතවේ.
  2. එහි Machintosh HD තුල පිවසී Library & Keyboard layouts යන ෆොල්ඩරයට පිවිසෙන්න.
  3. දැන් බාගත කරන ලද sinhala-wije.keylayout ගොනුව එම ෆොල්ඩරය(Library>Keyboard Layouts) වෙතට කොපි කරගන්න.
  4. දැන් පරිගනකයෙන් Log offවෙන්න නැතිනම් පරිගණකය Restart කරන්න.
  5. ඉන් පසු System Preferences > Language & Text වෙත පිවිස Input Sources ටැබ් එක විවෘත කරන්න.
  6. එහි sinhala-wije යන්න තෝරාන්න (checkbox එක ‍select කරන්න)
  7. අවශ්‍යනම් keboard shortcut එකක් තෝරාගන්න.

නිවැරදිව ස්ථාපනය කලේනම් ඉහත රුපයේ පරිදි තෝරාගැනීමෙන් හෝ shortcut එක මගින් ඔබට කැමති විටක සිංහල වලට මාරුවිය හැක. සාමාන්‍ය සිංහල යුනිකේත විජේසේකර යතුරු පොවරුවට සමානව මෙය ක්‍රියා කරනමුත් Alt Gr(දකුණු පස ඇති Alt යතුර) වෙනුවට Mac යතුරු පොවරුවේ Option යතුර භාවිතා වන බව සලකන්න. (උදාහරණ, සංඥක “ඳ“ සඳහා Option + ද යතුර යොදාගන්න)

Note:
මෙම keylayout එකේ සමහර සිංහල අකුරු යතුරු ලියනකිරීමේ දෝෂ තිබිය හැක. ප්‍රධාන වශයෙන් කොම්බුව සහ රකාරාංෂය දෙකම යෙදන අක්ෂර යතුරු ලියන අපහසුය. ඉදිරියේ දී එය නිවැරදි කර නැවත ලබාදීමට බලපොරොත්තුවේ.

Comments

hss said…
දසුන් දක්ෂයා :-D
jnuwan said…
ශා මේක මරු. ගොඩ කාලයක් බලාගෙන හිටියා
Unknown said…
විජේසේකර කී බෝඩ් එකේ W වට අ යන්න තියෙන්නේ කියලා විතරයි දන්නේ....

Popular Posts