සිංහල බෞද්ධයන්ට හින්දු දෙයියෝ

බෞද්ධයන්ට කිසිසේත් අදාල නැති හින්දු දෙවිවරු ඉතා සූක්ෂම ලෙස බෞද්ධ වතාවත් සහ නූගත් නාමික බෞද්ධයන්ගේ ඔළුගෙඩි ඇතුලට රිංගාගෙන හමාරයි. වෙනත් ආගම්වලින් භෞතික මට්ටමෙන් බෞද්ධයන්ව හරවාගැනීමට ගන්නා උත්සාහයන්ට වඩා භයානක වන්නේ මෙයින් බෞද්ධ ධර්මය පිලිබඳ වැරදි මතයක් සමාජගත වීමයි. මේ වාසියද අවසානයේ අනෙක් ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ආගමිකයන් බෞද්ධ ධර්මයේ වැරදි ලෙස පෙන්වා දී බෞද්ධයන්ට පහර ගැසීමට පවා උපයෝගි කරගනිමින් ඉන්නව. මේ ඉන් එක් අවස්ථාවක්.




(මෙම වීඩියෝව මේ වන විට අන්තර්ජාලයෙන් ඉවත් කරගෙන ඇත. මගේ මතකයේ හැටියට මේ වීඩියෝවේ මුස්ලිම් ජාතිකයෙක් (හෝ එසේ පෙනී සිටින අයෙක්) විසින්බෞද්ධ ධර්මයේ හින්දු දෙවියන් ගැන කියවෙන බවට වැරදියට වටහාගෙන "කතරගම දෙවියන් යනු එකල සිටි හොඳ මනුස්සයෙක් බවත්, පසුව ඔහුව දේවත්වයෙන් ඇදහීමටත් යොමුවූ බවත් "ඔහු මෙහිදී සඳහන් කරන්නට යෙදුනා.)

ඕනෑම පුද්ගලයෙක් දර්ශනයෙක් හෝ ආගමක් විවේචනය කිරීමේ අයිතියක් තිබිය යුතුයි. එය පුද්ගලික මට්ටමේ වෛරයක් නොව බුද්ධිමය වශයෙන් සංවාදයක් පමණක් විය යුතුය. එසේම තමං කතා කරන්නට යන දේ ගැන පැහැදිලි අවබෝධයක් නැතිව යමක් කතා කරනවානම් එයින් පෙන්වන්නේ ඔහුගේ මෝඩකමයි. ඔවුන්ට අපගේ අනුකම්පාව හිමිවිය යුතුය. එසේත් නැතහොත් පැහැදිලිවම තමං කියනා දේ අසත්‍ය බව දැන දැන එය වසං කොට වෙනකක් කියා පායිනම් එයින් කියා පාන්නේ තමාගේ අලුගුත්තේරු කමයි. එවැන්නක් නිරුවත් කිරීමද අපගේ වගකීමකි.

මේ විඩියෝවේ සිටින ඉස්ලාම් භක්තිකයාට බෞද්ධයන් ගැන ඇති අමාරුව මේ දෙකෙන් කොයිකට අයිතිදැයි මම නොදනිමි. නමුත් සමහර ඔළුගෙඩි බෞද්ධයන් පවා බෞද්ධ ධර්මයට හින්දු ආගම පටලවාගෙන ඇති නිසා මෙවැනි දේ කීමේ අවස්ථාව ඔවුන්ට දී ඇත්තේද අපමයි. ඉස්ලාම් ආගමේ ඇති නියම ත්‍රස්ථවාදී ස්වරූපය එළිකිරීම පෙරමුනේ රාල සහ අනෙකුත් අය විසින් ඉතා හොඳින් කරගෙන යන බැවින් ඒ දේවල් ඒ අයටම කරගෙන යන්නට ඉඩ හරිමින් ඔළුගෙඩි බෞද්ධන් හින්දු ආගමෙන් බේරාගැනීමේ අරමුනෙන් ඉතිරි කොටස ලියමි. (එසේම මේ ලිපියේ මගේ පුද්ගලික අදහස්ද ඇතුලත්වී තිබිය හැකි බව සලකන්න.)

ඉතා පැරණි ආගමක් වන හින්දු ආගම කාලයත් එක්ක විවිධ වෙනස්කම් ඇතිවෙලා තියෙනව, මේ නිසාම මෙහි ඇදැහිලි හා විශ්වාස වල විශාල වශයෙන් වෙනස් කම් දැකිය හැකියි. එක් එක් දෙවිවරුන්ගේ උත්පත්ති කතාද එක් එක් ප්‍රදේශන් අනුව වෙනස් වේ.

බ්‍රහ්ම , විෂ්ණු සහ ශිව හින්දු ආගමේ‍ දෙවි වරු ‍තිදෙනායි. මූලික හින්දු දර්ශනය තුල මෙසේ හඳුන්වනු ලබන්නේ සංකල්පයක් මිස ලෝක පාලක දෙවියෙක් ගැන නොවෙයි. මෙහි බ්‍රහ්ම නමින් හැ‍ඳින්වෙන්නේ උත්පාදක ශක්තියයි. එනම් යමක් හට ගැනීමට ඇති විභවය යි. විෂ්ණු නමින් හඳුන්වන්නේ පැවැත්මයි. එසේම ශිව නමින් අඳුන්වන්නේ විනාශයයි. ආත්මය හැර ලොව සෑම දෙයක්ම බ්‍රහ්ම විෂ්ණු සහ ශිව යන ධර්මයට හසුවන බව මූලික හින්දු දර්ශනයේ ඉගැන්වීමයි. එසේම මේ සංකල්ප තුනේ අනුරූප ස්ත්‍රී ස්වරූපයන් වන්නේ සරස්වතී, ලක්ෂමී සහ පාර්වතී යන සංකල්පයි. නමුත් පසුකාලීනව මේවාට දේවත් වයක් ආරූඩ වුනා, මූලික හින්දු දර්ශනය පෝෂණයවුනේ විවිධ ඍෂිවරුන්ගේ දේශනා මත වුනත් ඒ මත යැපෙන වෙනම සමාජයක් විසින් තමන්ට අවශය පරිදි ඒවා වෙනස් කරගත්ත නිසයි.

මූලික දේව සංකල්ප එසේ බිහිවුනත් අනෙකුත් හින්දු දෙවි වරු බිහිවීමත් මේ ආකාරයෙන්ම සංකල්පමය වශයෙන් ඇතිවී පසුව දේවත්වයන් ආරූඩ වූ ඒවාය. උදාහරණයක් ලෙස ඝන දෙවියන් ලෙසින් හැඳින්වෙන්නේ නුවනට අධිපති දෙවියන් බව සෑම දෙනාම දන්නා කාරනාවක්, නමුත් මේ දෙවියට ඇත්තේ අලි ඔළුවකි, එක් උත්පත්ති කතාවට අනුව කන්දස්වාමිට(කතරගම දෙවියන්ට) හොර ගෑනියෙකුව යාලු කරගන්නට ගිහින් වැඩ වරද්දාගැනීම නිසා අලි ඔළුවක් ආව බව කියවේ. නුවනට අධිපති දෙයියොත් කරගත්ත ගොන් වැඩක් නේද? නමුත් මූලික හින්දු දර්ශනයේ ඝන දෙවියන් හඳුන්වා දුන්නේ මේ ආකාරයටයි.



ඝන දෙවියන්ට ඇත්තේ තියුණු ඇස්දෙකකි - හොඳින් බලන්න. විශාල කන්දෙකකි - හොඳින් අසන්න. එසේම වඩා වැදගත් වන්නේ වාහනය වන මීයා පයින් පාගා සිටීමයි. මීයා ඉතාමත් කලබල කාරී සතෙක්, මීයා විසින් නිරූපනය කරන්නේ ඒකාග්‍රතාවයක් නැති සිතුවිලි. දුවන සිතුවිල පාලනයක කරගැනීමට අප ඤානවන්ත විය යුතුයි. මේ ආකාරයේ ඝන දෙවියන් යනු නුවන ගැන සංකල්පය රූපමය ආකාරයකින් නිරූපණයක් පමණයි. නැතිව යැදිය යුතු, පූජා කළ යුතු ගණ දෙවියෙකු ගැන මූලික හින්දු දහමේ උගන්වන්නේ නැත.

කෙසේ වුවත් හින්දු ආගම, ආත්ම වාදය පදනම් කරගෙන නිමවූවකි. ඕනෑම පුද්ගලයෙකු තුල නොවෙනස් ආත්මයක් ඇති බවත් එය පිරිසිදු කිරීමෙන් ශුද්ධාත්මයක් විය හැකි බවත් ඒ ආගමේ උගන්වයි. අනෙකුත් ඇදැහිලි හා අනේක විද පුදපුජා පසුකාලිකව බමුණන් විසින් තම වාසියට ගෙඩනගා ගත් ඒවා පමණි.

ලොව කලින් කලට විවිධ දාර්ශනිකයෝ පහල වෙති, විවිධ අදහස් පළ කෙරෙති. සමහර පැරණි දර්ශනික මත නැවත නැතත් විවිධ පුද්ලයන් විසින් දේශනා කරයි. බුදුන්ගේ සමහර සූත්‍රදේශනාවල චක්‍රාවාට, චක්‍රාවාට පොකුරු සහ වෙනත් සක්වල ජීවින් ගැන සඳහන් කෙරුනත් එවැනිම මත සහ සොයාගැනීම් නැවතත් විද්‍යාඥයින් විසින් සොයාගෙන පලකොට ඇත. එකම සත්‍ය විවිධ අය මගින් නැවත නැවත පුණුරුච්චාරණය වීම සොභාවිකය. එවැනි පුණුරුච්චාරණයන් විවිධ ආගමික ග්‍රන්ථ අතරද දැකිය හැක. බෞද්ධයන් නිතර අවිගත්තෝ අවියෙන් නසති කියා පිරුලක් කියයි. කඩු ගත්තො කඩුවෙන්ම නැසෙති කියා බයිබලයේ සඳහන්ව ඇත. බුදුරදුන් විසින් වරෙක මිත්‍යා දෘෂ්ඨිකයෙකු සරණ යන තවත් අයෙකු අන්දයෙක් තවත් අන්දයෙකුට කන වැල අල්ලනවාට සමාන බව දේශනා කොට ඇත., පසුව බිහිවුනත් The blind leading the blind නමින් බයිබලයේ නව තැස්තමේන්තුවේද ප්‍රසිද්ධ පාටයක් සටහන්ව ඇත. (බයිබලය කලින් කලට සංස්කරණය වූ බැවින් යම්කිසි වැදගත් කමක් ඇති යමක් හදිසියෙන් හෝ සොයාගැනීමට හැකිවුවද, ලිවීමට කීයවීමට වත් නොදත් අයෙකු අතින් බිහිවුණා යැයි සැ‍ලකෙන කුරාණය තුලින් එවැන්නක් බලාපොරොත්තු වීමද උගහටය.)

මෙයින් අදහස් වන්නේ මේ සියලුම ආගම් එකක් කියාද? නැත. කිසීසේත්ම නැත. හින්දු හෝ වෙනත් දර්ශනයක බෞද්ධ අදහස්වලට ආසාන්න අදහස් යම් පමණකින් තිබීමෙන් මේ සියල්ල එකම මූලයෙකින් ඇතිවූ බව හෝ එකම බව ඉන් හැඟවෙන්නේ නැත. බෞද්ධ අභිධර්ම පිටකයෙහි එකදු කොටසක් හො වෙන කිසිදු දර්ශනයකින් හෝ ආගමිකින් උපුටා දැක්වීමට නොහැකවීමෙන්ම එහි ඇති ඒකීය භාවය පැහැදිලි වේ. ආත්මවාදය සහ පුනුරුප්පත්තිය ප්‍රතික්ෂේප කරන බෞද්ධ ධර්මයට හැර අනෙක් දර්ශනයන් හෝ දේව වාදී ආගම් වලට නවීන විද්‍යාවට හෝ වෙනත් ඕනෑම පහරකට ඔරොත්තු දෙන පිට කොන්දක් ද නැත. ඒ නිසා ඔවුනට බෞද්ධ අදහස් මතවාද ණයට ගැනීමට සිදුවීම ගැන අනුකම්පා කළ යුතුය.

Comments

හොද ලිපියක්...දිගටම ලියන්න
Reader_1 said…
Nice couple of thoughts and wordings,Keep it up.
සැබැවින්ම අගය කළ යුතු සටහනක් දසුන්.. ඒත් මේ ගැන කතා කරන පිරිස කොතරම් හිටියත්.. තාමත් අපේ අය මේ දේව ඇදහිල්ල නවත්තන්න නම් අදහසක් නෑ..
Naveen said…
හොද ලිපියක් නොදත් බොහෝ දෑ අලුතින් ඉගනගන්නටත් දන්නා බොහෝ දෑ ගැන නැවත සිතන්නටත් මගපෙන්වීමක්. ලිපි පෙළක් ලෙස එලියට එනවනම් වඩා යහපත්.

Popular Posts