බුදුන්ට නිගා කරන - මහාවංශය (Mahawanshaya)

නොදන්නා දේ කතා නොකර සිටිය යුතුයි. කෙසේ වුවත් දන්නා ටිකෙන් හරි යමක් වැරිදයයි හැඟේනම් ඒ පිලිබඳ ව අදහස් දැක්වීමේ නිදහස බුක්ති විඳිමට කැමැත්තෙන් මේ ලිපිය ලියමි.

මාගේ පාලි භාෂා ඥානය මද බැවින් මේ ලිපිය සඳහා මම යොදගන්නට අදහස් කරන්නේ සිංහල මහාවංශයි. බහුතරයක්දෙනා හිස් මුදුනින් පිලිගත්තද, මහාවංශයට අනුව අපි(සිංහළයන්) සිංහයන්ගෙන් පැවත එන බව කියවන බව ඔබ කවුරුත් දන්නවා යැයි සිතමි. කථා ප්‍රස්තුතයට අදාල නොවන බැවින් ඒ ගජබින්නය ගැන මෙතන කතා කරන්න නොයමි.

මහාවංශයට අනුව බුදුන් ලංකාවට ප්‍රතම වරට වැඩම කරන්නේ අති උතුම්වූ බුද්ධත්වයට පත්වී නව මසකට පසුව දුරු වෙසක් පොහෝ දිනකයි.(මහාවංශය පළමුවෙනි පරිච්ඡේදය 17 සිට 32 දක්වා බලනු.)

සංක්ෂිප්ත අදහස
බුදුන් ලංකාද්වීපයට වැඩම කිරීමට අදහස් කරනුයේ ලංකා ද්වීපය ශුද්ධ කරනු පිණිසය. යකුන් විසින් පිරිණු ලක්දිව යක්ෂයන් බැහැර කටයුතු යයි උන්වහන්සේ දක්නා ලදහ. ලංකාද්වීපයේ මනෝරම්‍ය නම් ගං ඉවුරේ වූ උයනක යක්ෂ සමාගමයට පැමිණි සර්වඥතෙම අහසේ වැඩසිටිහය. ඒ යක්ෂයන් බයවන වර්ෂාවාතන්ධකාරාධිය මැවූ සේක. මෙයින් බියට පත් ඒ යක්ෂයෝ බුදුන්ගෙන් අභය ධානය ඉල් වූහ. තථාගතයන් වහනස්සේ යක්ෂ්‍යන්අමතා මෙසේකීහ. "යක්ෂයෙනි තොප මේ භය හා දුක් මම පහ කරන්නෙමි. තොපි සමගිව මට මෙහි මට හිඳිනා තැනක් දෙන්නහුද? නොම දෙන්නෙහුද?" (සිංහලෙන් කියනවනම් මට මෙතන ඉන්න දෙනවද නැත්ද කියල බුදු හාමුදුරුවෝ ඇහුවලූ) මෙවිට "නිදුකානෙනි, නුඹ වහන්ස්ට මේ සියලු ලක්දිව දෙම්හ අපට අභය දුන මැනවැ" යි සියලුම යක්ෂයෝ බුදුන්ට පැවසුහ. ඉන්පසු තථාගතයන් මැවු වර්ෂාවාතන්ධකාරාධිය පහ කොට පත්කඩක් අතුරා එහැ වැඩ උන්හ. පසුව ඒ පත්කඩ ගිණිගෙන දිලිසෙන ආකාරකොට හාත්පසින් විශාල කළ සේක. ග්‍රීෂ්මායෙන් පීඩිත වූ ඒ යකෂයෝ බයට පත්ව ලක්දිව අන්තයෙහි හාත්පස සිටියෝය.

තවත් විස්තර ඕනෑ නම් කියවලම බලන්න. පේන හැටියට බුදුන් යකුන් සිටි මේ ලක්දිව හයිකාර කමක් කොට මෙ ලක්දිවෙන් පිටුවහල් කර ඇත. නමුත් දෙකොණින් සිනා නැගෙන කාරනාව එළියට එන්නේ 6 වන පරිච්ඡේදයේ අවසානය හා 7 වන පරිච්ඡේදයේ මුල කොටසිනුයි. ඒ අනුව සිංහයා සමග සංවාසයේ යෙදීම නිසා උපන් සිංහභා කුමාරයා තම සිංහ පියා මරා තෑගි ලෙස රජවුනි. පසුව තම නැගනිය වන සිංහ සීවලී හා සංවාසයේ යෙදීම නිසා ඕතොමෝ නිවුන්නුම 16ක්(දරුවන් 32) වැදූහ. මෙයින් දෙටු පුත් විජය නම් කුමරු විසමාචාර ඇති බැවින් නැවක් තනවා රටින් පිටුවල් කරාලූ. ඔන්න මේ වෙලාවේ බුදුන් පිරිණිවන් මඤ්චකේ, සිට ලක්දිවට දිවසින් දැකල තියනවා. අර හොර පැටිය ගොඩ බැහැපු බව. ඉදින් තථාගතයන් වහන්ස ලක්දිව සුරැකීමේ ජොබ් එක ශක්‍රයාට පිරිණිවන් මඤ්චකේ සිටම පැවරුවේලූ.

නමුත් තම කතාව තුළම මහාවංශය අතරමන් වන්නට පටංගන්නේ පසුවයි. විජය ලංකාවට ගොඩ බහින තැන යකින්නක් බැලි රුවක් මවාගෙන පිරිවර මනුශ්‍යවාසයක් ඇති බවට රවටා රට තුලට වද්දවා ගනී. මේ වනවිට ඔය කපු කටිනා තවුසු වෙස්ගත් කුවේණී නම් යක්ෂණිය මුන ගැසෙයි. (ඔහොහොම කතාව ඉස්සරහට ගියා කියමුකෝ) නමුත් තථාගතයක් බුද්ධත්වයෙන් නවමසකට පසුව ලක්දිවට වැඩම කර එලවා දැමූ යකුන් තමවත් මේ දිවයිනේ සිටී.

ඔබම සිතන්න, ශ්‍රමණ බගවත් ගෞතම බුදු රදුන් යකුන් බය කර මේ රට හොරෙකුට නවාතැන් දෙන්නට උඩ ගෙඩි දුන්නාද?

Comments

Wiz Kun said…
It's all a big lie.

When we were small, in sunday school and also at school we were taught that ancient people in Sri Lanka used to worship mountains and trees because they were afraid. That was Paganism, what the ancient people used to believe.

To me, it looks like the Burning Times of Sri Lanka as if the pagans were forced to believe a mainstream organized religion. But, Buddhism as I have understood is not a such religion. It just can't be. Either Buddhism or Mahavansha..

I think the history has been overly deformed for some kind of personnal gain. People at those time used to believe what they have been told, because they didn't had much brain to think for themselves. Your article is wonderful to step out of the well.
Kanishka said…
මහාවංශ‍යේ කොහොමත් අතිශයෝක්තිය තියේනේ.. මේකත් ඒවගේ වෙන්න බැරිද?
අතිශයෝක්තිය නම් නෙමෙයි ඉතිහාසය විකෘති කිරීමක් විදියටයි මම දකින්නේ.
Anu said…
ඔය ටික ලිව්වෙ කවුද දන්නෑ. කාගෙන්හරි පගාවක් ගැහුවද දන්නෑ. මහාවංශෙ අන්තර්ජාතිකව පිළිගන්න ඓතිහාසික කරුණු තියනව කිව්වට මේ වගේ සීන් හින්ද එකත් විස්වාස කරන්න බෑ වගේ.
මහාවංශය වීර කාව්‍ය සම්ප්‍රදාය අනුගමනය කරපු එකක් නේ. හලපුවාත් තියෙනවා අතින් දාපුවාත් තියෙනවා.

අන්තර්ජාතිකව මහාවංශේ වටිනාකම පෙනුනේ ඉන්දියාවේ සිටි ධර්මාශෝක අධිරාජ්‍යා හඳුනා ගන්න උදව් වුණේ මහාවංශය නිසායි.

කොහොම නමුත් ඔයා උසස් පෙළ ඉතිහාසය කරපු කෙනෙක් ගෙන් හරි ඉතිහාස ගුරුවරයෙක්ගෙන් අහලා බලන්න මහාවංශේ හලපු ඒවා කොච්චර තියෙනවාද කියලා. ඒ හලපුවා අතර වැදගත් කරුණු කාරණාත් තියෙනවා :)
මහාවංශය ලියනකොට ඊට පෙර තිබුනු සිංහල මහාවංශ ආදී උපග්‍රන්ත බොහෝමයක් භාවිතා කරල තියෙනබව මහාවංශය ආරම්භයේම කියවෙනවා. හැම එකක්ම අන්තිම කර්‍තෘට දාන්න බැරිවුනත් බොහෝමයක් කාරනා හිතාමතාම වෙස් කර ඇති බව පේනවා. කොහොම වුනත් මහාවංශයේ තියෙන හැම දෙයක්ම බොරු කියල කියන්න බෑ. මේ වගේ ජිමික් අයින්කරග්නන ඕන.
අඛණ්ඩව ඉතිහාසය වාර්තා කර ඇති ග්‍රන්ථයක් විදිහට [අඩුපාඩු ඇතිව හරි] මහාවංශයේ වටිනාකම ඉහළයි
ඇත්තෙන්ම් මහා වංශයෙ ගන්න දෙයක් තිබෙනව. නමුත් එහි හුඟක් දේවල් විකෘතියට ලක් කරල තිබෙනව කියන එක හරියටමහරි, හුඟක් දේවල් හලල තියෙනව, සඟවල තියෙනව කියන එකත් හරියටම හරි. ඒ කාලයේ ඒක ලියනකොට ඒ දේවල් ඉවත් කරන්න මොකක්හරි බලපෑමක් තිබෙන්න ඇති. ලංකාවෙ ප්‍රෞඩ ඉතිහාසයේ තියෙන ශක්තීන් මහා වංශ කතුවරයා ගොඩක් ඉවත් කරල තියෙනව. ඒක දුකට කරණාවක්.
Chinthaka said…
බලිතරු රාවණ වගේ අපේ ශෛ්්‍රෂ්ඨ රජවරු ගැන විස්තර නොකරන මේ මහා පොත අපිට දාන පොත ගැන නොදන්නවාට නිහඩව ඉන්නවා නොවෙයි උඩ බලාගෙන කෙල ගැහුවාම මූනටම වැටෙන නිසා මිසක අනිත් එක මෑතකදි කාබන් 14 පරීක්ෂණයෙන් වසර 6000 කට වඩා පැරණි යයි තහවුරු වුන අනුරද නම් සිංහල අකුරු ඇතුලත් වලං කැබැල්ලෙන් හෙලිවන සත්‍යට කිසිම ආලෝකයක් මහාවංශයෙන් ලැඛෙන්නෙ නෑ ඒකෙ කියවෙන ශිෂ්ඨාචාරයේ කතාව ආරම්භවෙන්නෙම බුද්ධ පරිනිරිවානයත් එක්ක ඒකිවිවෙ අවුරුද් 2500 ක කතාවක් ඒත් ඒවගේ දෙගුනෙකටත් වඩා දීර්ග ඉතිහාසයක් අපි සතු බව ඔප්පු වෙලා ඉවරයි ඉතිං මෙවා ගැන කතාකරන්න ඉතිහාසෙ පොල්ම:කාර ජකාලට බාරදීලා අපි අපේ වැඩක් බලාගමු
මද්දු said…
ඔය මහාවංශය ලියවුනු කාලයෙදි ලංකාව ඉන්දියාවත් එක්ක සම්බන්දකම් ගොඩ නගා ගන්න බොහොම උත්සාහ දැරූ කාලයක්.අපිට එල්ලවුනු විදෙශ ආක්‍රමන වලදි අපිත් එක්ක ඉන්දියාව තියාගන්න ඒ කාලයෙදි හිටපු රජවරු යොදපු උපක්‍රමයක් තම්යි මහානාම හාමුදුරුවො ලවා මහාවංසයෙන් ඉන්දියාවට ලේ නෑකමක් ඇති කර ගැනීම.ප්‍රශ්නෙ තියෙන්නනෙ අපෙ බුද්දිමතුන් තාමත් මේක කරේ තියාගෙන මොන්ටිසොරියෙ ඉදන්ම ලමයින්ට ඉගැන්වීමට කටයුතු යෙදීම.
Siduhath said…
It's like musterbating....... trying to convince yourself buddha is a perfect person. Which is totally wrong and buddhism is based on exaggerated fictions just like any other Indian literature.

Buddha is a sinful man just like you and me. He's a father of a son who left his family on his own personal gain.
Anu said…
This comment has been removed by the author.
Anu said…
@the person who is calling himself "Siduhath"
lol.. wth are you some sort of anti Buddhist person? Read the topic this isnt about Buddhism. This is about the history of sri lanka. And "buddhism is based on exaggerated fictions just like any other Indian literature" - what?. Buddhism is not a fiction and its not Indian literature either. oh you poor baby. Have you ever gone to a school?
I can guess who is this person. but he has no gut to come with his real name. (sinful man!)
හසිත කරපු මුල් ප්‍රකාශය හා මම සම්පූර්ණයෙන් එකඟයි..ඉන්දියානු ඉතිහාසය මහා පටළැවිල්ලකින් බේරුව පමණින් මහා වංශය අපෙ එකම සහ අන්තිම(Ultimate) ඉතිහාස කෘතිය විදිහට ඉස්මුදුණින් පිළිඅරන් ඉන්න මහාඇදුරන්ට මේක තේරුම් වෙන්නැත්ද නැත්නම් වෙන එකක්ද කියලා මට තේරෙන්නෑ
@Chinthaka

//අනිත් එක මෑතකදි කාබන් 14 පරීක්ෂණයෙන් වසර 6000 කට වඩා පැරණි යයි තහවුරු වුන අනුරද නම් සිංහල අකුරු ඇතුලත් වලං කැබැල්ලෙන් හෙලිවන සත්‍යට කිසිම ආලෝකයක් මහාවංශයෙන් ලැඛෙන්නෙ නෑ//

මේකනම් කරුණු වශයෙන්ම වෑරදියි කොල්ලො. ඒ මෑටි කෑබලි අයිති ක්‍රි පූ 6 වෙනි සියවසට.
kpsdds said…
Budha is a great person than you me.
buduguna anattai.BS
kpsdds said…
Siduhat said Budha is just like yohau and me.This comment is very wrong.Because Budha is great than you and me.
Buduhamuduruwanta oya samana wenna hadala katath vadiya paw karek wenna
epa. BS
Anonymous said…
මුව හමට තැලීමක් වගේ නෙවෙයි ද මේ?
කවුද මුවා පැහැදිලි කරොත්?
බ්ලොග් සටහනක් තුල හෝ ප්‍රතිචාර මගින් විරෝධ වීම හෝ එකඟවීම කිසිවක් මගෙ පුද්ගලික බැඳීම් සමග සම්බන්ධයක් නැත.
Sanjeewa said…
First I should say that I accidentally found this blog post and I totally agree with the blogger. And secondly I saw the comments and deeply worried about a one who insulted the Buddhism and Lord Buddha in the comments and thought to add few of my thoughts as below.

The person who insulted the Lord Buddha in comments seems to be an anti-Buddhist who may have a small brain, but too small to understand even the very simple concepts in Buddhism.

It's true that Lord Buddha was like us BEFORE he attained Nibbana (Enlightenment). But he searched the truth for years and attained 'Nibbana' and became 'Lord Buddha'. (Before Enlightenment we called him 'Bodhisathwa' NOT 'Lord Buddha'). Lord Buddha was perfect....nothing and nobody in the whole universe can be compared to him (read 'Poojawaliya'). He was the GREATEST of all, in the whole 'Universe'. But 'Bodhisathwa' was not a perfect person (but far more perfect than any person in the whole world). He was an ordinary prince, but with great intelligence (far more intelligent than anyone in the world). That's why he realized the truth about the family, life and left them all for the greater goodness, to find the real TRUTH and to guide other people towards it.

Finally he found the TRUTH in the whole Universe which is what we call today as 'Buddhism'. (the person from sorry.com doesn't even seem to know this simple fact). Yes, any literature has exaggerated material, but it's up to intelligent people to grab the TRUTH and gain Enlightenment. (So, idiots like the one who insulted the Lord Buddha in the comments, won't be able to attain Nibbana....so ultimately it will lead them to 'Hell' indefinitely...that's the ultimate truth. So, as people who respect the pure Buddhism, have to feel sorry for having idiots like these among us...yes, it's true he is really from SORRY.COM)

So, Let's invite these mislead people to realize the real truth in Buddhism before it's too late.
Anonymous said…
budunge guna kiyana 'Mahawanshaya' buduntama negawak wanne keseda ? Parivarthanayedi ho venayam deyakin sulu athapasuweemak venna puluwan.Eyata mahavanshaya pali nathe. Ithihasaya vekurthi kereema varadi thama. Namuth niyama puravidyathmaka sadeka matha ithihasaya wenas karata papayak nove. diyuni thakshanayath samaga inna puravidya departhamenthuva ha buddimathun lankave ithihasaya thavaduratath wenas karavi. Thawath aluth deval soya ganivi.Ithihasaya karunu seeyata seeyakma sathya nove.

Popular Posts