සිංහල යුනිකේත සහ InDesign

සිංහල යුනිකේත ග්‍රැෆික් සඳහා දක්වන සහය ඉතාමත් අල්පයි. ඒ සඳහා ෆොන්ට් වෙනස් කිරීම මගින් යම් විකල්ප කීපයක් කලින් හඳුන්වා දුන්නා. නමුත් එම විසඳුම Adobe InDesign සහ CorelDraw වැනි මෘදුකාංග සඳහා නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේනෑ. නමුත් Adobe InDesign සඳහා යුනිකේත භාවිතා කළ හැකි විකල්පක්‍රමයක් අද සටහනෙන් ලියන්න හිතුවා. මා මේ අත්හදා බැලීම සිදුකරන්න යොදාගත්තේ InDesign CS4 සංස්කරණයි.

මේ සඳහා ඔබට Windows 7 පද්ධතියක් අවශ්‍යයි. අත්හදා බලා නොමැති වුනත් බොහෝ විට Windows Vista පද්ධතියේද නිවැරදිව ක්‍රියාත්මක විය හැකියි. Windows 7 පද්ධතිය මත පිහිටුවා ඇති Adobe InDesign මගින් නිවැරදිව සියලුම සිංහල යුනිකේත ෆොන්ටයන් දර්ශනය කළ හැකියි. නමුත් එක් දෝශයක් නිසා මෙය භාවිතා කළ නොහැකි වෙලා තියනවා. උදාහරනයක් ලෙස "වන්නේ" යන වදන දිස්වන්නේ "වනේන්"ලෙසයි. මෙය අභ්‍යන්තර රෙන්ඩරින් දෝශයක්. නමුත් මෙය අපිට සුළු සැකසීමකින් නිවැරදි කළ හැකියි. නිවැරදි ක්‍රමයක් නොවුනත් වැඩේ කරගන්න ඇති.

මේ රෙන්ඩරින් දෝෂයට ප්‍රධානතම හේතුව හල් කිරීමට පසුව එන කොම්බුව එක් අක්ෂරයකින් වම්පසට තල්ලු කිරීමයි. අපිට මෙම දෝශය මගහැරවා ගැනීම සඳහා කළ යතුතේ හල් කිරීම(halant) සහ කොම්බුව අතර මැද්දට නොපෙනෙන් අක්ෂරයක් ඇතුලු කිරීමයි. මේ සඳහා වඩාත් යෝග්‍යම අක්ෂරය වන්නේ Zero width non-joiner අක්ෂරයයි.

මේ සඳහා සිංහල අකුරු සහිත InDesign ගොනුවක් විවෘත කරන්න. එහි Edit>Find/Change තෝරන්න. ලැබෙන Dialog Box එකේ Find What කොටසට "‌‍<0DCA>" යන්න යොදන්න යොදන්න Change to යන්නට "‌‍<0DCA>‌‍<200C>" යන්න යොදන්න. ඉන් පසු Change All යන බොත්තම තදකරන්න. ලැබෙන Message Box එක OK කරන්න. නැවතත් Find What කොටසට "<200C><200D>" යන්න යොදන්න යොදන්න Change to යන්නට "‌‍‌‍<200D>" යන්න යොදන්න. ඉන් පසු Change All යන බොත්තම තදකරන්න. ලැබෙන Message Box එක OK කරන්න. දැන් සියලුම අක්ෂර නිවැරදිව දර්ශනය විය යුතුයි.

ඉහත දැක්වූ ක්‍රමය ගොනුව සකසා අවසානෙයේ එක වරක් පමණක් යොදන එක වඩාත් යෝග්‍යයි. එකම ගොනුවට කීපවරක් මේ ආකරයට අක්ෂර මාරුවක් කලොහොත් අනවශ්‍ය Zero Width Non-Joiner ගොඩ ගැසෙනවා. මෙය නැවත්වාගැනීමට අවසානයේ නැවතත් Find/Change Dialog box එක විවෘත කර එහි Find What කොටසට "‌‍<200C><200C>" යන්න යොදන්න යොදන්න Change to යන්නට "‌‍‌‍<200C>" යන්න යොදන්න. ඉන් පසු Change All යන බොත්තම තදකරන්න. ලැබෙන Message Box එක OK කරන්න. Search is completed. 0 replacement(s) made. යන්න ලැබෙන තුරු කීපවරක් Change All බොත්තම තද කරන්න.

පසු සටහන

සිංහල,හින්දි ආදී සියලුම බ්‍රහ්ක්මීය භාෂා සඳහා යොදාගෙන තියෙන්නේ එකම ආකාරයක යුනිකේත සැකසුමකක්. ඒ වගේම මේ හැම භාෂාවකටම අපට සිංහල යුනිකේත සඳහා තියෙන ආකාරයේ ගැටලු මාලවක් තියෙන්නෙ. සෑම දෙනාටම ඇති තාක්ෂණික ගැටලු විසඳුම් සහ ඒ සඳහා යොදාගන්නා තාක්ෂණයන් අතුලත් කර වෙබ් අඩවියක් නිර්මාණය කරන්න අදහස් කර සිටිනවා. http://indicscripts.com/ සඳහා තාක්ෂණික ලිපි වලින් දායකත්වය ලබා දිය හැකි අය මේ සඳහා සහය දෙයි කියල බලාපොරොත්තු වෙනවා.

Comments

Narada said…
Indic Scripts එකේ வாங்க යන්න வண்ககம் (ආයුබෝවන්) ලෙස නිවැරදි විය යුතුයි.

வாங்க යනු එන්න කිය තේරුම.ආයුබෝවන් යන්නෙහි වාචික ක්‍රමයක් විදිහටත් භාවිතා කරනවා හරියට අපේ හා...මචං! කියනවා වගේ තමා.
This comment has been removed by a blog administrator.
බොහොම ස්තූතියි! නිවැරදි කරන්නම්. මං මේ වෙබඩ් අඩවියකින් බලල දැම්මේ :D

Popular Posts