විදෙස්ගත සිංහලයන්ට සිංහල අවුරුද්ද සමරන්න වේලාවන්

ග්‍රිනිච් වේලාවෙන් 2009 අප්‍රේල් 13 වන දින පැය 19 මිනිත්තු 17 දී අවුරුදු උදාව සිදුවේ.

ශ්‍රී ලංකාවට,ඉන්දියාවට 14 දින පාන්දර 00 47ට ද,

එංගලන්තයට 13 දින රාත්‍රී 8:17ට ද,

ඇමෙරිකාවට මධ්‍යම වේලා කලාපයෙන් 13 දින දවල් 2:17ට ද,
ඇමෙරිකාවට කඳුකර වේලා කලාපයෙන් 13 දින දවල් 1:17ට ද,
ඇමෙරිකාවට කඳුකර වේලා කලාපයෙන් 13 දින දවල් 1:17ට ද,
ඇමෙරිකාවට පැසිපික් වේලා කලාපයෙන් 13 දින දවල් 12:17ට ද,

කැනඩාවට නිව් ෆවුන්ලනජ් වේලා කලාපයෙන් 13 දින සවස 4:47ට ද,
කැනඩාවට අත්ලාන්තික් වේලා කලාපයෙන් 13 දින සවස 4:17ට ද,

ඉතාලියට 13 දින රාත්‍රී 9:17ට ද,
කුවේට්/රියාද්/සෞදි අරාබියට 13 දින රාත්‍රී 10:17 ට ද,
අබුඩාබි/දහරාන් 13 දින රාත්‍රී 11:17 ට ද,
ටෙහෙරාන්/ඕමාන් 13 දින රාත්‍රී 10:47 ට ද,

ජපානයට 14 දින උදේ 4:17ට ද,

ඔස්ට්‍රේලියාවට 14 වන දින උදේ 5:17 ට ද,
දකුණු ඕස්ට්‍රෙලියාවට 14 වන දින උදේ 4:47 ට ද,
බටහිර ඕස්ට්‍රෙලියාවට 14 වන දින උදේ 3:17 ට ද,

අවුරුදු උදාව සිදුවේ.

ඉහත වේලාවන්ට දිවා ආලෝක සුරැකුම්(Daylight Saving Time) කාලය සහිත රටවල් සඳහා එය ඇතුලත්ව නිවැරදි වේලාව සටහන් කර ඇත.

විදෙස් ගතව සිටියද අවුරුදු චාරිත්‍ර ඉටු කරනු කැමති අය ඉහත ‍දක්වා ඇති වේලාවන්ගෙන් පැය 6යි මිනිත්තු 24ට පෙර සිට පුන්‍ය කාලය එලබෙන බව දත යුතුය. ඒ කාලයට පෙර කාබී සියලු වැඩ අත හැර පුන්‍ය කාලයේදී ආගමික වතාවත් හී නිරතවීම මැනවී. අවුරුදු උදාවෙන් පසුව එළබෙන පැය 6යි මිනිත්තු 24 දී ළිප ගිනි මොළවා අහාර පිසීම, ගනුදෙනු කිරීම ආදී චාරිත්‍ර ඉටුකිරීම මැනවී.

ලොව කොතැන සිටියත් ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

Comments

Mandy said…
බොහොම ස්තුතීයි මල්ලියා..!
Unknown said…
ස්තූතියි මල්ලි, සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබටත්

Popular Posts