මම Airtel වලට මාරුවුනා!!!

ඩයලොග් එකට පයින් ගහලා ගත්තා Airtel එකක්. FUP අරව මේව්වා. සිග්නල් ප්‍රශ්ණ එකක්වත් නෑ. ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද. :D හරි ඔව් ඉතින් අද Airtel එකට කඩේයනව තමා. ඉතින් මොකෝ. :P

මුල සිට කතාව කියන්නම්. ඔන්න ඩයලොග් එකේ මාස 6 ඉවර වෙන දවට කලින් දවසේ ගියා කොල්ලුපිටියේ Airtel එකට. රැ 500ට වඩා සතයක්වත් ගත්තේ නෑ. සල්ලි දුන්නා සිම්එක ගත්තා. කලින්ම ගයන්ත ගේ බ්ලොග් එකේ තිබුනු විදියට Huawei මොඩම් එක අන්ලොක් කරලා තිබ්බේ. (ගොඩක් අය මේකට ඩොන්ගල් එක කියලා කියනවා හැබැයි මම දන්න විදියටනම් මොඩම් එකක්. මටත් පුරුද්දට වගේ ඕක කියවෙනවා ඒ වුනාට.) එතන තවත් එ‍ක් අයෙක් ඇවිත් හිටියා broadband කනෙක්ෂන් එකක් ගන්න. හික්! මිනිහත් අපි වගේ ඩයලොග්වලින් Airtel වලට මාරු වෙන්න ආපු කෙනෙක්, අන්ලොක් කරගෙනම ඇවිත් තිබ්බා. ගෙදර ගෙනල්ලා බැලුවා වේගය එහෙම කොහෙමද කියලා 512kbps වඩා එහා යන්න අමාරු වුනා. එත් ඉතින් අන් ලිමිටඩ්නේ කියලා හිත හදාගත්තා. වටිනම සිද්දිය ගේ ඇතුලටත් ෆුල් HSDPA සිග්නල් තිබිමයි. තව දුරටත් මොඩම් එක ජනේලේ එලියට දැමීමට අවශ්‍ය නෑ.

ඊල‍ඟ දවසේ ගියා dialog එක සිම් එක රිටන් කරන්න. මම ගියේ මැයි 18 වෙනිදා. හරියටම මාස 6 ඉව‍ර වෙන දවසේ. හපොයි ඩයලොග් එකට ගිය කළ. මම HSDPA connection එක ගන්න ගියපු දවසේ මට පැයක් පමණ ඉන්න වුනා. අද එතන හිටපු එකම පාරි‍භෝගිකයා මම. මට ඩයලොග් ගැන සංවේග‍යකුත් ආවා. මොනා කරන්නද. (ඩයලොග් කාරයට ඒරාශ්ඨකයක්ද කොහෙද :D ). ගියපු ගමන් ටයි පොල්ලක් දාගත්ත හයේ හ‍තරේ තරුණයෙක් හිටියා. මිනිහා ආපු ගමන් අත්දෙක එකට තියලා ආයිබෝවන් කිව්වා නේ. මට හිතුනා වැරදි තැනකටවත් ආවද කියලා. මම මෑන්ට කිව්වා අපේ ගෙවල් පැත්තේ සිග්නල් නෑ. මේ මාස හය ඉවරවෙනකන් හිටියේ කියලා මේක ඩිස්කනෙක්ට් කරන්න කියලා.( Airtel ගැන කියලා හිත තලන්න හිතුනේ නෑ. පව්නේ!!!) මෑන් කියපි මේකේ මාස 6ක කමිට්මන්ට් එක තිබ්බාට ඊට කලින් කැමතිනම් විසන්දි කරන්න පුළුවන් කියලා. මම ඇහුවා එතකොට කමිට්මන්ට් එක මොකටද තියෙන්නේ කියලා. මැන් කියපි මේක තියෙන්නේ පැකේජ් එක වෙනස් කරන්න බැරි එක (ඩයලොග්හී වෙනින් HSPDA පැකේජ් එකකට මාරු වෙන්න බැරි එක) කියලා. නැතුව ඩිස්කනෙක්ට් කරන්න පුළුවන් කියලා. මම දෙපාරක්ම ඇහුවා. ඕකම තමා කිව්වේ. අනේ මන්දා ඇත්ත නැත්ත එහෙම තමා කිව්වේ. යුනි පැකේජ් එක තියෙන ඕන කෙනෙක් ඉන්වනම් හොයල බලන්න.

අනිත් කාරණය මේක ඩිස්කනෙක්ට් කරන්න ගියේ 18 වෙනිදා නේ. මේ කොළුවා කියපි මේ මාසයටම මුදල් අයකරනවා කියලා. මම කිව්වා. ඉතින් මම මේ මාසෙට දවස් තුනයි නේ තාම ගිහින් තියෙන්නේ කියලා(ඩයලොග් බිල් කරන්නේ සෑම 15 දවල් 12 සිට). ඒ වුනාට ඩිස්‍කනෙක්ට් කරන කොට එහෙමයි ගනන් ගන්නේ කිව්වා. මම නිකමට වගේ ඇග්රිමන්ට් එක දිග ඇරලා බැලුවා. හපොයි මේ තියෙන්නේ. කව්ද ඔව කියවන්නේ. :( ඕන නම් මේ මාසේ පාවිච්චි කරලම disconnect කරන්න කිව්වා. මම කිව්වා ඉතින් වැඩැක් නෑනේ මේක සිග්නල් නැතුව. ඕන නෑ කියලා. අපරාදේ නිකන් මාසෙටකම ගෙවන්න වුනා. ඒත් ඉතින් අපි වැඩිපුරු මාසෙකට ගෙවල තියන නිසයි. ඩිපොසිට් එකයි තියන නිසා ඒ දෙක චෙක් එකකින් ගෙදරට එවනවා කිව්වා. එහෙම බැලුවම. Dialog සිට Airtel වලට මාරු‍වෙනකොට වාසියි. ඩයලොග් එකෙන් රු. 3000ක් පමණ නැවතත් අපිටම ලැබෙනනවනේ. ඒකෙන් Airtel sim එකට යන රු. 500 අඩු කළාම අන්තිමට රු. 2500 කුයි Airtel සම්බන්ධ තාවයකුයි ලැබිලා වගේ. :)



අද උදේ බලද්දී පොඩි අමුතු සීන් එකක් වෙලා තියනවා. මොකද මන්දා. දැන්මේක 1600kbps වලටත් වඩා යනවා සමහර වෙලාවට. හිටපුගමන් 2400kbps දක්වාත් යනවා. ඉරිදා නිසාද දන්නෑ. බලමු හෙට කොහොමද කියලා. මම Fedora-10-x86_64-DVD ටොරන්ට් එකක් භාන්න දැන්මා. මේ වෙනකොට පැය 5ක් ඇතුලත 2.77GB භාලා තියනවා. :) දළ භාගත කිරීමේ වේගය. 1176 kbps ට වැඩියි.

Comments

ඩයලොග් මුලාව නිසා ඊයෙ රෑ උපරිමයෙන් මගේ කෝපය ඇවිස්සුණා කිව්වොත් නිවැරදියි. මම 700 MB file එකක් upload කරමින් හිටියේ... 70% දී සම්බන්ධතාවය බිඳී ගියා... ඒ 70%ට මම පැය හතරක් පරිගණකය ක්‍රියාත්මක කරල තියාගෙන හිටියා...

ඉතින් ළඟදීම මගෙනුත් මේ ව‍ගේම සටහනක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.
හික්. ඔව් මම දැක්කා තවත් තැනක ඔය ගැන‍ බොහෝම වර්ණනා කරලා තියනවා. :D හැබැයි 700MB වගේ එකක් අප්ලෝඩ් කරනවනම් වැඩියන්ම හොඳ winRar හරි 7zip හරි වගේ එකකින් 100MB කෑලි වලට කඩලා දැන්මනම් ගොඩ. ‍මමනම් කරන්නේ එහෙමයි. වැඩිම වුනොත් 100MB නේ අපතේ යන්නේ.

හැ‍බැයි මෙහෙම කේස් එකක් තියනවා. සා‍මාන්යෙන් E220 එක එකදිගට පැය 2ක් 3ක් තිබ්බම ඉබේටම ඩස්කනෙක්ට් වෙනවා. මේක මොඩම් එකේ අව්ලක් මගේ හිතේ. Airtel වලත් මෙහෙ මමයි. :( නැත්තම් ලංකාවේ නෙට්ව‍ර්ක් ඔක්කොම අල වෙන්න ඇති. :)
Anonymous said…
මමත් දැන් ටික කාලෙකට කළින් Airtel HSPA වලට මාරු වෙච්ච කෙනෙක්නෙ, දැන්නම් Dialog එකට නරක කාලයක් වගේ :)
E220 එක එකදිගට පැය 2ක් 3ක් තිබ්බම ඉබේටම Disconnect වෙන එකට පිළියමක් හොයාගන්න වෙයි.
Anonymous said…
එළ! එච්චරයි මට කියන්න තියෙන්නේ.
Anonymous said…
අපිට කොහෙන්ද රොස් පාන් . අපි ඉතින් ADSL ලානේ මගේ ජිවිතේට මෙකේ වෙගය 512 ට ගිහින් නැ ඉයේ මම 1 GB file එකක් torrent වලින් බැවා පැය 9යි විනාඩි 20 විතර ගියා
රුක්ෂාන්ගේ@
ඒකනම් ඇත්ත.

දිසා@
අපෝ ADSL හොඳයි. ගෙද‍ර දෙරේ භාවිතයට. මොනාවුනත් ෂුවර්නේ(stable). ‍Mobile Brodband කොච්චර කළත්. Unstable නේ :(.
Anonymous said…
අම්මපා මගෙ E160 modem මෙ unlock කරා නම් මමත් Airtel තමයි මොබ්ටෙලුත් නරකම නැ 2GB තමයි ප්ශ්නෙ
E220 හදිසියෙම ඇණහිටින්නෙ අධික රත්වීම නිසා නෙවෙයි ද?
බොහෝ දුරට වෙන්න පුළුවන්. කාලිංග අයියත් කිව්වේ ඕකම තමයි. මම නම් පරණ හීටිසිංක් එකක් ඒක උඩින් තියන් ඉන්නේ. දැන්නම් ඇන හිටින එක අඩුයි වගේ. ඒත් නැත්තේම නෑ. :)

Popular Posts