සුනාමි පශ්චාත් ‍ජ්‍යෝතිෂ පරික්ෂණය

සුනාමි නම ඇසූ පමණින් බියට පත්වන වචනයකි. පූරුවේ පිනක් නිසා 2004 සුනාමියෙන් මාද බේරුනේ 99නි. අද දින විකි පීඩියාවේ
http://en.wikipedia.org/wiki/Historic_tsunami පිටුව දුටුවිට කලින් සුනාමි සිදුවීම් දින සටහන් තබා තිබින. මේ දුටු මා වහා ඒ ඒ දිනයන් සඳහා කේද්‍රයන් පිහිටවා පරීක්ෂා කර බැලීමි. මේ සුනාමි සිද්දීන් සලකා බැලීමේදී මට පෙනීගිය කරුනක් නම් එවා මනා ලෙස ඒ ‍කේන්ද්‍ර පරීක්ෂා කර බැලීමේදී ඒවා අතර දැඩි සම්භන්දයක් ඇතිබවයි. ඒ පිළිබඳ සටහනකි මේ. මෙහි දක්වා ඇති සියළු කේනද්‍ර මේෂ ලග්නයට ගෙන සකස් කර ඇතිබව සලකන්න.

කටක, වෘශභ හා මීන රාශි ජලරාශීන් වේ. එය ජ්‍යෝතිෂ මූල ධර්මයකි. මේෂ ලග්නය ලෙස ගත් කල එය පහත පරිදිවේ

ඉහල 'ගු' සහ 'යු' අකුරු ඇති කො‍ටු වේ සිට වාමාවර්තව මේෂ සිට මීන දක්වා සියළු රාශීන් දැක්ව්. රතුපැහැති ‍භාවයන්ගේන් දක්වනුයේ ජල රාශි ය (කටක, වෘශභ හා මීන)
සුනාමියක් ඇතිවූ සෑම අවස්ථවකදීම වාගේ

1.නෛසර්ගික පාපයන් වන කුජ හා සෙනසුරු(ශනි) අඩුම තරමින් ජල රාශි දෙකක්වත් දකිමින් හෝ ඒ ජල රාශියක් මත සිටින ලදී.

2. එසේ ම සියළු අවස්ථාවන්හී සිකුරු බුද හා ගුරු පාප පීඩිත වී තිබින. ඊට අමතරව බොහෝවිට සඳ හා රවිද පාප පීඩිත වී තිබින.

3. a.කුජ හා ශනි එකිනෙකා කෙරෙහි දෘෂ්ටි හෙමින් හො යෝගව සිටීම හෝ 3. b. කුජ හා රාහු වෙත කෙරෙහි දෘෂ්ටි හෙමින් හො යෝගව සිටීම

යන කරුණු පැහැදිලිව දකින ලදී.

684 නොවැ 29 දින හටගත් සුනාමියේ කේද්‍රසටහන

මේ සටහනේ කුජ 9 වන රාශිය වන ධනුවේ වන අතර එය ග්‍රහ දෘෂ්ටියෙන් මීන කටක යන රාශි දකී ‍‍එසේම සෙනසුරු සප්තම දෘෂ්ටියෙන් මීන රාශිය දකීන අතර සෙනසුරු තුන්වැන්න දකින බැවින් වෘශ්චික රාශියද දකී. මා මුලින් කී පරිදි මේ අවස්තාවේදී සුනාමියක් ඇතිවීම සඳහා මුලික සදුසුකම වන ‘කුජ හා සෙනසුරු(ශනි) අඩුම තරමින් ජල රාශි දෙකක්වත් දැකීම’ සපුරා ඇත. එනම් මීන හා කටක රාශි සෙනසුරු හා කුජ ග්‍රහයන් ග්‍රහ දෘෂ්ටියෙන් දැකීම මගිනි. බුද සෙනසුරු ගෙන් තුන්වැන්නේ සිටින බැවින් ‍ද සිකුරු කුජ ග්‍රහයා සමග සිටිමින් ද කුජ ගුරු ග්‍රහයා සප්තම දෘෂ්‍ටියේන් දකිමින්ද පාප පීඩිතව ඇත. කුජ හා සෙනසුරු රාශි දෘෂ්ටියේන් එකිනෙකා දකීමින් 3 a වැන්න හා කුජ රාහු ග්‍රහ දෘෂටියෙන් දකිමන් 3 b වැන්න යන දෙකම සපුරා තිබින. ඉහත දැක් වූ සියළු කරණු මෙහි දී සපුරා තිබීම ‍පුදුම එලවන සුළු කාරනයකි. මෙහිදී සෙනසුරු හා කුජ විසින් සියළුම ජල රාශීන් දැකීමත් විමසා බලන්න.

887 අගෝ 26 දින හටගත් සුනාමියේ කේද්‍රසටහන

මෙහිදී කුජ 12 වැනි රාශිය වන මීන රාශිය සප්තම දෘෂ්ටියෙන් දකින අතර සෙන සුරු 4වන රාශිය වන කටකයේ ය. සෙනසුරු කටකයේ සිටිමින් රාශි දෘෂ්ටියෙන් වෘශ්චිකය දකී. මේ වනවීට 1වන කොටස සම්පූර්ණ වීඇත. රවි බුද සිකුරු සඳු යන සියළුම සුබයන් සෙනසුරු හා කුජට මැදි වී පාප පීඩිත වී ඇත. ගුරුද සෙනසුරු සමගින් යෝගව ඇත. දැන් 2 වන කොටසද සපුරා ඇත. සෙනසුරු ගෙන් තුන්වැන්නේ සිටිමින් කුජ සෙනසුරුගේ ග්‍රහ දෘෂ්ටිය හසුවී සටීමෙන් 3 a වන කොටස සපුරා ඇත. ඊට අමතරව රාහු කුජගෙන් 8 වැන‍්නේ සිටමින් 3 b වැන්නද සපුරයි.

1096 දී හා 1099 දී සුනාමි දෙකක් ඇතිවිය එවා හී සටහන් පහත දක්වා ඇත.


1096 දෙසැ 17 දින හටගත් සුනාමියේ කේද්‍රසටහන

සෙනසුරු කන්‍යා රාශි ගතවී මීන හා වෘශ්චික රාශිය ග්‍රහ දෘෂ්ටියක් දැක ඇත.කුජ සප්තම දෘෂ්ටියෙන් කටකය දකී. වක්‍රවූ බුද හා සිකුරු සෙනසුරුගේන් තුන් වැන්නේ ඇති වෘශ්චික රාශියේ සිටිමන් සෙනසුරුගේ දෘෂ්‍ටියට හසු වේ. ගුරුගේ දොලොස් වැන්නේ කුජ සිටින අතර දෙවැන්න සෙනසුරු දකීන බැවින් ගුරුද පාප කර්තරී වී ඇත. කුජ හා රාහු යොගව එකට සිටීමෙන් 3 b කොටස සපුරයි.






1099 පෙබ 22 දින හටගත් සුනාමියේ කේද්‍රසටහන

වක්‍ර සෙනසුරු ග්‍රහ දෘෂ්ටියෙන් කටකය දකී කුජ ‍මීනයේ ය. නමුත් ග්‍රහ දෘෂ්ටියෙන් හෝ රාශිදෘෂ්ටියෙන් ශනි‍ හෝ කුජ වෘෂ්චිකය නොදකි. සිකුරු කුජ සමග සිටමින්ද වක්‍ර බුද සෙනසුරුගේ රාශි දෘෂ්ටියට ලග්වෙමින්ද ගුරු සප්තමව සෙනසු‍රුගේ දාෂ්ටි ‍ලැබීමෙන්ද පාප පීඩිත වීඇත සඳුද රාහු සමගය.

සැ.යු.

http://www.ngdc.noaa.gov/ හී දක්වා ඇති පරිදි 1099 දී සුනාමියක් ගැන කිසිදු සඳහනක් නොමැති අතර ‍භූමි කම්පාවක් සිදුවී ඇති බවදක්වා ඇත. වෘෂ්චිජ රාශිය සෙනසුරු හෝ කුජ නොදැකීම මීට හේ තුවිය හැක.

සුනාමි සිද්දීන් ගණනාවක් සිදුවී ඇති බැවින් එකිනෙක නොගෙන අපි කවුරුත් දන්නා 2004 සුනාමිය ගැන දැන් බලමු.

2004 දෙසැ 26 දින හටගත් සුනාමියේ කේද්‍රසටහන

වක්‍ර සෙනසුරු සෙනසුරු කටකයේය කුජ වෘශ්චික යේය. පලමුකොටස සපුරා ඇත බුද හා සිකුරු කුජ සමගින් සිටිමන් ද ගුරු‍ සෙනසුරුගෙන් තුනේ සිටිමින්ද සඳු කුජගෙන් 8 සිටිමින් කුජට හසුවෙමින් දෙවැනි කොටස සපුරා ඇත. ශනි රාහුව ග්‍රහ දෘෂ්ටි යෙන් දකින අතර කුජ රාහු හා සෙනසුරු රාශි දෘෂ්ටියෙන් ද දකිමින් 3 a හා 3 b කොටස් සම්පූර්ණ කරයි.






මෙහි දක්වා නැති මට මගහරුනු කරුණුද‍ මේ සඳහා හේතුවිය හැක. එ සඳහා තවතවත් සුක්ෂම ලෙස පරීක්ෂාකරීම නිවැරදි වේලාවට කේන්ද්‍ර සටහන් නිර්මාණය කර අධ්‍යායනයද කරයුතු වෙනවා. විද්වතුන් ඒගැන තම සිත වෙහෙසත්වා! අනාගත්යේ දී ඇතිවන සුනාමි තත්වයන් කලින්ම හඳුනා ගන්න අපට හැකිනම් කොතරම් වටිනවාද? ඒ සඳහා නුවනැස සියළු ජ්‍යෝතිෂ වේදීන්ට පහල වේවා!

Comments

Popular Posts