2011 දී සුනාමියක් ඒවිද?

සුනාමි ඇතිවීම ගැන විපරමක් “සුනාමි පශ්චාත් ‍ජ්‍යෝතිෂ පරික්ෂණය” මැයෙන් අපි කලින් සාකච්ඡා ‍කල බව මතක ඇති. මෙහි සඳහන් කරුණූ බොහෝමයක් ඒහා බැ‍‍‍‍‍ඳේ. සුනාමි කේන්ද්‍ර සටහන් බැලීමෙන් පසුව එවැනි තත්වයක් ඉදිරියේදී ඇතිවිය හැකි දැයි බලනුරිසියෙන් කල සොදිසියකදී මට පෙනී ගිය කරුනක් වූයේ 2011දී එය නැවතත් සුනාමියක් ‍හෝ භූමි කම්පා තත්වයක් ඇතිවිය හැකිබවයි. කෙසේ නමුදු මෙය කුමන රටකට බල පාවිදැයි යන්න තීරණය කිරීමට තවම හැකිවූයේ නෑ. සුනාමි කේන්ද්‍ර පරීක්ෂාකිරීමේ දි මා දුටු තවත්දෙයක් නම් සමහර අවස්ථාවලදී සුනාමි සිදුවී අල්ප වශයෙන් බලපෑමක් ඇතිකලද විශාල ප්‍රමාණයේ භූමි කම්පා සිදුවූ බවකි. මා සිතන පරිදි 2011 ජන. 2 සිට 8 දක්වා කාලයේ සුනාමියක් සිදු‍වීමේ අවදානම පවතී. ඉහත දක්වනුයේ 2011 ජන. 2 වන දිනට සකසන ලද විශ්ව කේන්ද්‍ර සටහනකි. මෙහි සෙනසුරු ග්‍රහයාගේ ග්‍රහ දෘෂටියට වෘෂචික හා මීන යන ජල රාශි දෙක ලක්වෙන අතර කුජගේ ග්‍රහ දෘෂ්ටියට මීන හා කටක රාශි නතුවේ. මෙවැනි තත්වයකදී පෘතුවියේ ජල තත්වය අසමමිතික වීම සොවාභාවිකය. ‍2011 ජන 2 සහ 8 දින අතරතුර සිකුරු හා බුද වෘශ්චික රාශියේ සිටිමින් සෙනසුරුගේ ග්‍රහ දෘශ්ටියට ලක්වේ. ගුරු ග්‍රහයාද මීන රාශිගතව කුජ දෘශ්ටියෙන් පීඩාවිඳියි. එයින් කියවෙන්නේ ඒකාලය තුල භූමි කම්පා තත්වයන් සිදුවීමේ අවදානම ඇති බවයි. තවද සඳු ජන 2 හා 4 දින අතර වෘශ්චික රාශි ගතව ශනිගේ න් පීඩා විඳිමින්ද 4 හා 5 දියනයන් ධනු රාශියේ සිටිමින් කුජගේ ග්‍රහනයට හසුවෙමින්ද ජන 2 හා 5 කාලය වඩාත් අවදානම් ක්රයි. කෙසේ වුවත් ජනවාරි 9 වන විට කුජ ‍මකර රාශියට ගමන්කරන නිසා ඒ කාලය ආසන්නයේ අනතුරු තත්වයක් නොපෙන්වයි.‍ ‍ග්‍රහයන් කුමක් පෙන්වුවද උත්සාහය හා පෙර සූදානම කොකටත් සුභය. අපටද වැරදීම් සිදුවිය හැකිය. ‍2011ට පෙර කිසිදු ආකාරයකින් සුනාමියක් හො ප්‍රභල භූමි කම්පායක් සිදුවන බව මම නොකියමි. නමුත් 2011 ජන. 2 -8 කාලය වඩාත් අවදානයෙන් සිටින්න. ‍එසේ නූන හොත් මට සිනාසෙන්න‍. :D

Comments

පෙබරවාරි 15 පමණ වනතෙක් කුජ මකර රාශියේ සිටිමින් කටක රාශිය දකින නිසා ජනවාරි 2 සිට පෙබරවාරි 15 දක්වා කාලය තවදුරටත් අනතුරුදායකය.

Popular Posts