අපිනොදන්න ගණිතය

මම පොඩිකාලේ ඉක්මනට ගණන් හදන්න හොයාගත්ත ක්‍රමයක් දාන්න ‍හිතුනා.
1. ඕනෑම සංඛ්‍යාවක(දහයේපාදයේ) එකස්තානයේ අගය 5 වන විට, එම සංඛ්‍යාවේ වර්ගය සොයන ක්‍රමය.
15 x 15 = 225
25 x 25 = 625
35 x 35 = 1225
45 x 45 = 2025
55 x 55 = 3025
65 x65 = 4225
75 x 75 = 5625
85 x 85 = 7225
95 x95 =9025
105 x105 = 11025 .
ඕනෑම සංඛ්‍යාවක(දහයේපාදයේ) එකස්තානයේ අගය 5 වන විට, එම සංඛ්‍යාවේ අනෙක් කොටසේ (උදා 15 නම් 1, 245 නම් 24 ) අගය හා එම අගයට එකක් එකතු කලවිට ලැබෙන අගයන්ගේ ගුණිතය ගන්න. එම අගයේ අවසානයට 25 එකතු කරන්න. එවිට එම සංඛ්‍යාවේ වර්ගය ලැබේ.

උදා
1) දි ඇති සංඛ්‍යාව 35 නම් 3 යන අග පමණක් මුලින් ගන්න.
2) 3 x (3+1) = 12
3) ලැබුණු පිලිතුර අගට 25 එතුකිරීම
4) පිලිතුර 1225.

2. ඔනෑම ගණනක් 11 ගුණ කිරීම
1234 x 11 = 13574
මෙය ඉතාමත් පහසු දෙයකි
උදාහරණයම‍ගෙන බලමු මුලින්ම අගසංක්‍යව ලියන්න(එකස්ථානය). දෙවනුව අග සංක්‍යව හා ඊටපෙරසංක්‍යාවේ එකතුව ලියන්න(එකස්ථානය හා දසස්ථානය) . දෙවනුව දසස්ථානය හා සියස්ථානයයේ එකතුව ලියන්න. එසේ අවසාය තෙක් දිගටම කරන්න.

උදා 1234 x 11

1) පළමුව 4(අග ඉලක්කම/එකස්ථානය) ලියන්න
2) දෙවනුව 3+4 අගය ලයන්න = 74
3) තෙවනුව 2+3 අගය ලයන්න = 574
3) ඉන් පසු 1+2 අගය ලයන්න = 3574
5) අවසානයේ 1 ලයන්න= 13574
පදනම
මෙය සුදුවන අකාරය ගැන වටහා ගැනීමට Y*11 යන්න Y*(10+1) ආකාරයට ප්‍රසාරණය කර සිතා බලන්න.

තව 5 න් ගුන කරනවිට 2න්බේදා 10 ගුනකිරීම කෙලින්ම 5 ගුණකරනවට වඩා පහසුයි.
මේආකාරයටම 5න් බෙදන්න කීවි‍ට 2න් ගුණකර 10න් බෙදීම පහසුයි.

මේ අකාරයටම ආසන්න වශයෙන් වර්ගමූලය සෙවීම සඳහාත් ක්‍රමයක් බාවිතා කරා දැන් මතක නෑ. මතක්වුණාම දැන්නම්.

Comments

Anonymous said…
what do you do for a living?
අපි සමග එක්වෙන්න
www.ganithaya.org
ලිපි ඇතුලු ගණිතමය ඕනැම දෙයක් පල කරන්න

Popular Posts