Thursday, January 29, 2009

ඇසට හසු නොවන කැමරා ඇසට හසුවන ආලෝක ලප

කාලෙක ඉඳන් ලියන්න හිතේ තිබ්බ දෙයක්. නමුත් ලියන්න බැරිවුනා. කොහොම හරි අද ලියන්න පටන් ගත්තා. බොහෝමයක් භෟතික වාදීන් මේක පිලිගන්න එකක් නෑ. ඒත් පුද්ගලිකව මගේ මතය ඉදිරි පත් කිරීමට අවසර.

මුලින්ම මම මේ ගැන දැක්කේ ඩිස්කවරි නාලිකාවේ ගිය වැඩ සටහනක. ඒක භූතයන් ගැන කරපු වැඩ සටහනක්. භූතයන් ඉන්නවා කියන ස්ථාන වල ගත්ත ඡායාරූප වල තියෙන කුඩා ආලෝක ලප වගයක්. අන්ත ගාමීනොවී සකස් කළ එම වැඩසටහනේ එම ආලෝක ලප භූතයන්ගේ වන බවට හා එසේ ‍නොවන බවට අදහස් ඉදිරිපත් වෙලා තිබුනා. සමහර අය කිව්වේ ක්ෂණික ආලෝකය(‍ෆ්ලෑෂ් ලයිට්) දූවිලි අංශුමත වැටීමෙන් ඇතිවන දිලිසීමක් විය හැකි බවයි. කොහොම වුනත් ඒවා අරන් තිබුනේ ඩිජිටල් කැමරා වලින්. ඒ රූප වල පෙන්වපු ආලෝක ලප තරමින් බොහෝමයක් කුඩායි. නමුත් දූවිලි අංශුවකට වඩා බොහෝ සේ විශාලයි.

මාගේ මිත්‍ර කපු මහතෙකු(බන්ඩාර) විසින් මට ඔහු විසින් කරන ලද බහිරව පූජාවක දී ගන්නා ලද ඡායා රූප වගයක් මට‍ පෙන්වූවා. ඒකෙත් මම අර කලින් කියූ ඩිස්කවරි වැඩසටහනේ තිබූ පරිදි ආලෝක ලප වගයක් සටහන් වෙලා තිබුනා. ඔහු විසින් තවත් පුවත් පතක පලවීතිබූ පංසලක බෝගසක් අසල මෙවන් ආලෝක ලප කීපයක් ඇති ගත් ඡායරූප කීපයක් පෙන්වූවා.(ඒ ලිපියේ ගැන ලියූ හිමිනම ගැන නම් මතකයක් නෑ) මෙම ඡායාරූපද රැගෙන තිබුනේ ඩිජිටල් කැමරාවකින්(මෙගාපික්සල් 7ක පමණ). අර ලිපිය ලියූ හිමිනමගේ මතය වූවේ මේවා දෙවි වරුන්ගේ හෝ අමනුශ්‍යයන්ගේ බව යි.

පහත දැක්වෙන්නේ බන්ඩාර කපු මහතා විසින් කරනු ලැබූ බහිරව පූජාවේ ගත් ඡායාරූප කීපයක්.(පැහැදිලිව නොපෙනේ නම් පිංතූරය මත ක්ලික් කරන්න.)


1 රූපය


2 රූපය


3 රූපය


4 රූපය


5 රූපය

1 සහ 2 රූප වලින් දැක්වෙනුයේ බහිරව පූජාව ආරම්භයට පෙර ගත්ත ඡායාරූප කීපයක්. 3 රූපය එය ආරම්භ කරන ලද අවස්ථා‍වේ ගත් ඡායාරූපයක්. 4 සහ 5 රූප 3වන රූපයෙන් කපාගත් කොටස් දෙකක්.

1 සහ 2 රූප හොඳින් පරික්ෂා කර බැලුවහොත් විවිද ආලොක ලප බොහෝ ගණනක් ඔබට සොයා ගත හැකි වේවි. වඩාත් වැදගත්ම ඡායා රූපය 3වන ඡායාරූපය යි. එහි තට්ටුව මත ඇති විශාල ආලෝක ලපය බලන්න. එය හරියටම තට්ටුව මැද්දේම ඇත. එහි කපා මෘදුකාංගයක් මගින් ලෙවල් සකස් කර පැහැදිලි කරන ලද ඡායාරූපයක් 4වන රූපයේ දැක්වේ. ඒ අතරම 3වන ඡායාරූප‍යේ තවත් විවිද ප්‍රමානයේ ආලෝක ලප තැන තැන විසිරී ඇති ආකාරය පරීක්ෂා කර බලන්න. වඩා වැදගත්ම කාරනාව ඇත්තේ 5වන රූපයේ ය. ඒ බන්ඩාර කපුමහතාගේ කය මැඇති විශාල ආලෝක ලපය යි.

මට පුද්ගලිකව අන්තර්ජාලයේ පළ කිරීමට අවසර ගැනීමට නොහැකිවූ තවත් මෙවැනි ආලෝක ලප ඇති ඡායාරූප ගණනාවක්ම මා සතුව සහ මා දැක තිබෙනවා. ඒවායින් කීපයක් රුවන්වැලිසෑය අසල කරන ලද පිච්ච මල් පූජාවේදී ගත් ඡායරූපයි. මා දැක ඇති වඩාත් ලස්සනම ආලෝක ලප දුටුවේ එම ඡායාරූප වල යි. ඒවා විවිද ‍වර්ණයන් ගෙන්(නිල්,කහ,රතු ආදී) යුක්ත යි. එසේම තවත් මගේ මිතුරෙකු විසින් බෝදි පූජාවක් කරන අවස්ථාවක දීද මෙවන් ආලෝක ලප විශාල ගණනක් තිබුනා. ඉදිරීයේදී ඒවායින් කීපයක් පලකිරිමට අවසර ගත හැකි වේවි. තවත් එකක් රැගෙන තිබුනේ දෙහිවල ඇන්ඩෙන්සන් කෝවිලේය. ඒවාගේද මෙවන් ආලෝක ලප ගණනාවක් තිබුනා.

අනෙත් කාරනාව මේ සියළු කැමරා හොඳ ක්‍රියා කාරීත්වයකින් යුක්ත ඒවා. ඒවා මගින් වෙනත් ස්ථාන වල ගත් ඡායාරූප වල මෙවන් ආලෝක ලප සටහන් වෙලා නෑ.
දැනටමත් හිතුවාට වඩා මේ ලිපිය දිගින් වැඩි වූනිසා මේ ආලෝක ලප පිලිබඳ මගේ පුද්ගලික මතය වෙනත් ලිපියකදී ඉදිරි පත් කරන්නම්. එසේම ඔබටම ඒවා අත්හදා බැලිය හැකි ආකාරයක් ද කියා දෙමි.

Note: The photographs and articles in this section are copyrighted material and cannot be used, copied or inserted in another website(or in any media) without the written permission from copyright holder. I (Dasun Sameera Weerasighe) only have right to publish those pictures in this site. Text Content Copyright belong to me.

21 comments:

Tyronne W said...

well, unfortunately.. i do *not* believe in these. this is one of the major barriers we have .. as sri lankans to move forward..

pardon me for the term, but as per my vocabulary.. i call these horseshit/nonsense.. i have same feelings over horoscopes .. ++ all crap!

i can't understand why people have become slaves to stars/sun/moon... time has come for us to get rid of these nonsense (pardon me Dasun) and move forward ...

we .. the sri lankans follow all these nonsense .. but take a look at the HDI.. and where we're rated in reality :http://en.wikipedia.org/wiki/List_of_countries_by_Human_Development_Index

since the war is coming to an end.. time has come for us to get rid of these nonsense and move forward as a nation .. creating sri lankan mindset towards the right direction is going to be tougher than winning the war in north for sure..

just my 0.02cts + 10% gst :P

pardon me for the terms , i have used .. couldn't resist myself.

-TW

Dasun Sameera - දසුන් සමීර said...

අර ඩිස්කවරි වැඩසටහන් ‍කලේ ඔය හඳට ගියාය කියන ජාතියේ අයගේන් කට්ටියක් තාමා. හඳට යෑම සහ මේ අතර කිසිදු සම්බන්ධ තාවක් මා නොදකී. මේ පිලිබඳ තාර්කික පිලිතුරක් බලා පොරොත්තු වෙමි.

කෙසේ වුවත් අමනුශ්‍ය වන්දනාව හෝ දේව වන්දනාවට හෝ එවන් කාරනයන් අනුමත කරන බවක් මා කිමට මා අදහස් කලේ නෑ. ඒ පිලිබඳ ඊලඟ ලිපියේ දී මගේ මතය සටහන් කරන්නම්. මෙහිදි මගේ මතයට වඩා වාර්තා කරනයක සොරූපයෙන් ලීමටයි මා අදහස කලේ.

don't worry about the terms your responds(good or bad) are thousand dollars to me

Chanaka Aruna Munasinghe said...
This comment has been removed by the author.
Chanaka Aruna Munasinghe said...

See this

http://www.facebook.com/photo.php?pid=1611516&l=43c23&id=685407931

චන්දිම said...

සමීර, මෙහිදී මම ඔබේ මතයට ගරු කරන අතර කැමරාකරණය සම්බන්ධව මගේ අත් දැකීම අනුව (මම කැමරාකරණයේ ප්‍රවීණයෙක් නම් නොවෙයි ඔන්න ) මේ ගැන මට සිතෙන දේ මේ;

මම නම් හිතන්නෙ මේ කැමරා කාචයේ මතුපිට තැන්පත් වුණු සියුම් දූවිළි අන්ශු මතට ආලෝකය වැටුනාම (විශේශයෙන්ම කැමරාවෙම ෆ්ලැශ් එකේ ) වෙන දෙයක් කියායි. මේකට කියන්නෙ orb backscatter or near-camera reflection කියලා. මෙන්න Wikipedia ලිපිය. පොඩ්ඩක් බලන්න- ඔබ දැක්වූ හැම ඡායාරූපයකම කැමරාවෙ ෆ්ලෑශ් එක හා පැත්තකින් එන පිටස්තර ආලෝක ප්‍රභවයන් (පන්දම් එළි, පහන් ආලෝකය ) තියෙනවා. ඉතින් මම නම් මේ සිද්දිය දැකල තියෙන්නෙ කැමරාවෙ කාචයෙ හෝ එය ආරක්ෂා කරන්න පිටතින් සවි කරණ UV ෆිල්ටෙරයෙ දූවිලි හෝ දිලීර ආසාදණ තිබුනොත් පමණයි.

දූවිළි අන්ශු වලින් ආලෝකය පරාවර්ථනය වෙනනිසා මෙය ඇතිවෙනවා කියල තමයි බොහෝ ඡායාරූපශිල්පීන් පිළිගන්නෙ.

Dasun Sameera - දසුන් සමීර said...

@චන්දිම
ඔබ ප්‍රතිචාරය ඉතාමත් වටිනවා. ඇතත්ටම ‍විකිපීඩියාවේ සටහන් ව තිබූ සටහන මම කලින් දැක්කේ නෑ. එය‍ යොමු කිරීම වෙනුවෙන් ස්තූතියි. ඔබ කියන පැහැදිලි කිරීමම තමා අර ඩිස්කවරි වැඩසටහනෙත් තිබුනේ. එය මා මුලින්ම සඳහන් කර තියෙනවා. එය එක් පැහැදිලි කිරීමක් පමණයි නේද? විකිපීඩියාවේම Paranormal interpretation කොටසේ සහ එහිම සඳහන් වුන භාහිර යොමුවක් වුන http://www.theorbzone.com/ අඩවි ‍යේ වෙනත් අදහස් පලවෙලා තියෙනවා දුටුවා. කෙසේ වුවත් මෙහිදී ලිපියේ සඳහන් පරිදි 4 සහ 5 රූප වල ඇති විශාලම ආ‍ලෝක ලප කපු මහතාගේ හා තට්ටුව මත පිහිටීම අහඹ සිදුවීමක් ලෙස සලකා ඉවත දැමිය හැකි ද? පුද්ගලිකව විවිද ආගමික ස්ථානවල ගන්නා ලද චායා රූප විශාල ගණනක මෙවන් ආලෝක ලප දැක තියෙනවා. තව මම නම සඳහන් කිරීමට අකමැති(අවශ්‍ය නම් පුද්ගලිකව කියන්නම්) පුද්ගලයෙකු විසින් නිතිපතා උදේ 4ට කරන ලද දේව පූජාවක ගන්නා ලද ඡායාරූප එකතුවකත් සෑම දාම ගන්නා ලද ඡායාරූපයකම එකම තැන(තට්ටුව මත) මේ ආකාරයේ විශාල එක් ආලෝක ලපයක් පමණක් දක්නට ලැබුනා. සෑම දාම විශේෂ කාරනාව එක විශාල ලපයක් පමණක් දක්නට ලැබීම. එවන්කාරණ සමූහයක් නිසා මගේ සිත තුල මෙහි ‍Paranormal interpretation තුලට වැඩි නැඹුරුවක් දක්වනවා.

කොහොම වුනත් ක්ෂනික ආලෝකය‍(ෆ්ලෑෂ් ලයිට්) නොදල්වා ද්වාරය විශාල කර ද්වාර වේගය අඩු නිරාවන වේගය වැඩිකර රාත්‍රී කාලයේ ‍අත්හදා බලන්න මටත් හිතයි. එවිට ඔය ෆ්ලෑෂ් ලයිට් එකනිසා ඇතිවන දුරුවිපාක මග හැරෙනවා නේ.

සරත් ගුණතුංග said...

දසුන් සමීර මහත්මයා, පියවි ඇසට නොපෙනෙන සියලුම දේවල් නැති බවට පිලිගැනීමට තරම් මිනිසා බොලඳ වී ඇත. විද්‍යාත්මකව පවා අපි Spectrum යනුවෙන් ඉතා විශාල පථයක් දෙස බලන බව අපි දනිමු. විද්‍යුත් මාධ්‍යයක සටහන් වී ඇති ඒ සාක්ෂි කවුරුන් නොපිලිගත්තත්, එවැනි දේවල් ලොවේ නැති බව කාට කිව හැකිද? ලොව ඇති සියලු දේ අපේ පියවි ඇසට පෙනෙයිද? අපේ ර්‍ Retinaවට සටහන් වන්නේ සීමාසහිත Spectrum එකක් බව දනිමු.

BeyondFrame said...

Do not talk stupid things. Support NGOs to save Sri Lanka.
Help LTTE, Help Sirasa, Help Maha Bharatha to rebuild sorry lanka.
LTTE is the best, Sirasa [email protected]

Tyronne W said...

@Dasun
[quote]
අර ඩිස්කවරි වැඩසටහන් ‍කලේ ඔය හඳට ගියාය කියන ජාතියේ අයගේන් කට්ටියක් තාමා. හඳට යෑම සහ මේ අතර කිසිදු සම්බන්ධ තාවක් මා නොදකී. මේ පිලිබඳ තාර්කික පිලිතුරක් බලා පොරොත්තු වෙමි.
[/quote]

lol.. i wasn't talking about that.. i was referring to 'astrology'.. for it's interrelated with these nonsense .. :P

-TW

rahoocent said...

meka thama lokuma boruva mokada

Dasun Sameera - දසුන් සමීර said...

Sorry sir. I got it latterly. Any how I will reply it by another post.

said...

මමනම් මේවා කොහෙත්ම විස්වාස කරන්නේ නැහැ. මන් ගාවත් තියෙන්වා එහෙම Photo වගයක් හැබැයි එවායෙ තියෙන ලප හැදුනේ මිදුම වගෙ වැටෙන පොඩි වතුර මිංදු නිසා මෙවත් එහෙම වෙන්න පුළුවන් .මොකො රෑට පිනි බාන්වනේ. මන් ගැන දන්නේම නැති නිසා මොකුත් කියන්න බැහැ.

කපු මහත්තුරු කියන්නේ නම් ලෝක හොරු ඒයාලගෙ පැවතම තියෙන්නේ මේ වගෙ ඒවට මිනීස්සු රැවටෙන තරමටනේ එක නිසා එයාලගෙ කතා නම් පිළිගන්න බැහැ

said...

මේ තියෙන්නේ උදහරනයක්. මුහුදු වෙරලක ගත්ත එකක්. මුහුදු හුලන් එක්ක එන වතුර නිසා මේක වෙන්න ඇත්තේ

Anonymous said...

Hi Dasun,

Let us see the photos taken from a DIGITAL SLR mounted on Tripod with SLOW shutter speed.
The reason for Digital SLR is, you can see most of the inner parts of the lens, lens mount and digital sensor.
What my personal opinion is same as Chandima. But I wanted you to discover yourself the fact of what you said (with available technology)
To find out how many dust particles on air (at least to get an idea) during the time you take photos, just use a high powered Photo/Video Lamp. The moment you illuminate it against the air or sky, you'll see dust and other particles.
Ahawala or owun pewasu nisa nowe, thamanma sitha bala nuwanin wataha ganna.
What Mr. Sarath Gunathunga said is true, but what's unfortunate is, many liars who claim that they have some extra ordinary capabilities to earn money for them are benefitted from that argument :D So it will be a difficult path to understand what’s the real truth about those celestial bodies

Dasun Sameera - දසුන් සමීර said...

@Anonymous
නියම ප්‍රතිචාරයක්. නිර්ණාමිකව ලිවීම ගැන තමා කණගාටුව. නාමිකව ලිව්වානම් කොතරතම් අ‍ගනේ ද.

ඔබ කියන කථාව සත්‍යකි. විද්‍යාව මගින් සමහර මත ඔප්පු කරන්න යෑම මාත් අනුමත කරන්නෑ. මෙතනදී මේ අලෝක ලප(Orbs) කුමක්ද පිළිබඳ තාර්කික අදහස ලබාගැනීමයි මගේ අරමුණ වුනේ. මම අමනුශ්‍යයන් සිටීය යන්නන ඔප්පු කිරීමට මේය යොදාගත්තා නොවේ. මේ අමනුශ්‍යයන් ද යන සැකයයි මා මතු කලේ. පැහැදිලි ප්‍රතිචායටක් තවත් ලිපියක්කින් දක්වන්නම්.

Bo said...

මේවා පියවි ඇසට පෙනෙන්නේ නැද්ද ? දේවතා එළි නමින් ප්‍රචලිත රෑ අහසේ පෙනෙන ගමන් කරන එළි ගැන පුරාවෘත වල සඳහන් වෙනවා. මෑත කාලයෙත් දුටු පිරිස් නිතර දකින පිරිස් සිටිනවා. අපි බොහෝම දෙනෙකුත් රත්නපුර ප්‍රදේශයේ මෙවැනි දේවතා එළි යැයි හඳුන්වන එළියක් පියවි ඇසින් දුටුවා. වාතය, , ඔක්සිජන්, අපි හුස්මගන්නවා, දැනෙනවා, නමුත් දකින්න බෑනේ, ගින්නක් ඇවිලෙන්න ඔක්සිජන් ඕනෑ, නමුත් වාතය පෙනෙන්නේ නෑනේ, අණු පරමාණු කිසි දෙයක් පියවි ඇසට පෙනෙන්නේ නෑනේ. මිනිස් සෛලයක්වත් , බැක්ටීරියා සමහරක් හෙම මයික්‍රස්කෝප් එකක් නැතුව පෙනෙන්නේ නෑනේ. ඉතින් මයික්‍රස් කෝප් එකෙන් පමණක් පෙනෙනවා කියලා ඒවා බොරු එහෙම නැත්නම් රැවටිලි කියලා බැහැර කරන්න බෑනේ, ඒවගේ සමහර දේවල් අසු වෙන්නේ වඩා සූක්ශම වූ ඇසකට, කෘතිම ඇසකට නේද?

මම මචන් ගින්දර said...

ප්‍රමා‍ද වෙලා දැක්කත් මේක නම් අපූරු ගවේශනාත්මක ලිපියක් බව නම් කියන්නම ඕන.


මගේ අදහස :- රෑ 12ට විතර පාළු සොහොනක් ලඟට ගිහින් මෙගාපික්සෙල් 12 ක විතර කැමරාවකින් ෆොටෝ එකක් අරං බැළුවනම් මේකෙ ඇත්ත නැත්ත හොයාගත්තෑකි. බය නම් කියන්න මම එන්නම් තනියට දුවන්න... :D

panhida said...

මමත් මේ ආකාරයේ පින්තූර දැක තිබෙනවා. අපිට එපිට නොපෙනෙන බලවේග මෙම විශ්වය තුල තිබිය හැකියි. භොතික විද්‍යාවට අනුව අපි මාන10 වැඩි ගනනක් ඉගන ගන්නවා. අපිට පෙනෙන්නේ 3D පමනයි. ඉතින් ඉන් එහා මාන අපිට දිස් වන්නේ නැ. එක් රටක සොයා ගෙන තිබෙනවා එක් සතුන් වර්ගයක් කෝප්පයකින් වැසු විට ටික වේලාවකින් උන් ඉන් පිටතට පැමිනෙනවා. ඒ උන් සිව්වන් මානයක සිටින නිසයි. ඒ අනුව මෙවැනි දැ වලත් ඇත්තක් තිබිය හැකියි.

Dasun Sameera - දසුන් සමීර said...

මේ තියෙන්නේ 4වෙනි මානය හා සම්බන්ධ කාරනාවක් ගැන මා ලියූ ලිපියක්. http://iknowmagic.blogspot.com/2008/09/criss-angel.htmlහැකිනම් ඔබ විසින් පවසන 4වන මානයේ සැරි සරන සත්වයා ගැන දත්ත මූලයක්(source) ලැබාදිය හැකිනම් අගෙයි. ඒ පිළිබඳ විස්තර දැන ගැනීමට කැමතියි.

කෞශල්‍ය ගුරුදෙනිය said...

මේක නම් එච්චර හොද තත්වයක් නෙවෙයි. මේ වගේ දේවල් වලට දේවතා එලි හරි භූතයෝ කියලා කියන්න කලින් හිතලා බැලුවද වෙන අවස්ථාවකත් මේක ම වෙනවද එහෙම නැත්නම් කැමරා එකේ ප්‍රශ්ණයක් ද එහෙමත් නැත්නම් Environment Light වල ප්‍රශ්නයක්ද කියලා.

මමත් මේ වගේ දේවල් වලට මුහුණ දීලා තියෙනවා. මොකද මගේ පලමුවන විනොදාංශය ඡායාරූප ගැනීම නිසා. මේ වෙන්නේ රාත්‍රී කාලයේදී. එහෙම වෙන්න හේතුව තමයි ඒ අවස්ථාවේ තියෙන Environment Light වල ස්වභාවය සහ අනෙකුත් External Light Sources වලින් එන පරාවර්ථනයන්. ඡායාරූපකරනය ගැන ඉගෙන නොගෙන ඡායාරූප ගැනීම නම් ප්‍රශ්නයක් නොවුනත් එහිදී වෙන අඩුපාඩු වලට දේවත්වයක් හෝ නොපෙනෙන බලවේග ආරූඩ කිරීම නම් නූගත්කමක්. පහුගිය දශක දෙක තුන තුල රටවල් 70 ක ට වැඩි ප්‍රමාණයක් ලංකාව පහුකරගෙන ඉදිරියට යන්න ප්‍රධානම හේතුවක් තමයි මේ අන්ධ විශ්වාස සහ ඔනවට වඩා ආගම් වලට ඇබ්බැහි වී කාලය කා දැමීම.

Dasun Sameera - දසුන් සමීර said...

http://www.ghoststudy.com/main/fakepageorbs.html

අමනුශ්‍යයන් ගැන හෝ දෙවියන් ගැන හෝ මගේ මතයමෙහි කොතනකවත් සඳහනක් නැත. අනෙක් අතට මෙය වාර්තමය සවරූපයකින් ලියනු විනා. ඒ පිලිබඳ නිගමනයකට(conclusion) මේ ලිපිය මගින් පැමිණි නැති බව තේරුම් ගත යුතුය.